ඈත කාලෙක එක මෝඩ රජ කෙනෙක් හිටිය. එයාට සියලුම යස ඉසුරැ තිබුණත් එකම එක ප්‍රශ්නයක් හිතට වද දුන්න.ඒ තමයි ඇවිදින කොට එයාගෙ යටි පතුල් කිලිටි වෙන එක.
ඒකට විසඳුමක් විදියට එයා නියෝග කරනව එයාගෙ රාජධානියේ තියෙන සෑම බිම් අඟලක්ම හමින් වසා "කාපට්" කරන්න.
ඉතිං එයාගෙ සේරම ඇමතිවරැයි, රාජ පුරැශයොයි දිවා රෑ නොබලා හම් හොයනවා-එකතු කරනවා-මහනවා-පුරැද්දනවා-අල්ලනව.
ඔන්න ඔය අතරෙ රජතුමා මේ වැඩ පිළිවලේ සාර්ථකත්වය හොයා බලන්න රටේ සංචාරයක් කරනව. තමන්ගෙ කාර්ය කෙහොම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියල රජ්ජුරුවන්ටත් කුකුසක් පැන නගිනව.
එක දවසක් ඔන්න ඔහොම යන රජතුමා ඉස්සරහට පොඩි කොල්ලෙක් දුවගෙන එනවා.
"රජතුමනි...රජතුමනි... මට ඔබතුමාට දෙයක් කියන්න තියෙනව!"
"මොකක්ද බොල?"
"ඔබ වහන්සෙගෙ යටි පතුල් කිලිටි වෙනවට මහපොලොවෙ හම් අතුරනවට වඩා නරකද ඒ හම් වලින් ඔබතුමා ගෙ යටි පතුල් දෙක ආවරණය කර ගත්තොත්!"
පාවහන් කියන ජාතිය මිනිස්සු අතරට ආවෙ ඔහොමලු.
මේ රජතුමාට හිනා වෙන ගමන් අපි ඔහුගේ තීරණය මෝඩ එකක් වෙන්න ඇයි කියල බැලුවොත් වැදගත් හේතු දෙකක් අඳුරගන්න පුළුවන්.
1.පොලවට හම් ඇතිරැවත් කිලිටි දෙපා ඇති කීප දෙනෙක් ඒක උඩ ඇවිද්දම ටික දවසකින් ඒක නැවත කිලිටි වෙනවා.
2. හම් කියන්නෙ සීමිත සම්පතක්. වෙනත් වඩා පලදායී දේකට යොදා ගන්න තිබුණ දෙයක් මේ විදියට යොදා ගැනීම නිසා ඒක ඇත්තටම උවමනා වෙන කොට හොයාගන්න වත් නැතුව යනවා.
***************************************************
පොදු ස්ථාන විෂබීජහරණය කරනවා කියලා ලොකූ ට්‍රක් වලින් ඇවිත් ඇඟම වැහිච්ච ඇඳුම් ඇදගෙත් කට්ටිය විවිධ දියර ඉසින හැටි දකින කොට පොඩි ආරක්ෂාකාරී හැඟීමක් එනව තමයි. මේ වෙලාවෙ සුලබ ප්‍රසිද්ධිය සඳහා තමුන් දෙයක් කළා කියන්න විවිධ පාර්ශව මේ දේ කරන්න කියල දැඩි ලෙස ඉල්ලීම් කරනව. හැබැයි ඒකෙ තියෙන ප්රශ්නය තමයි,
1. මේ වෙලාවෙ යම් පෘෂ්ඨයක පවතින විෂබීජයක් යම් රසායනිකයකින් එම මොහොතේ විනාශ වුනත් ඊලඟ මොහොතේ යම් ආසාදිතයෙක්ගෙන් නිකුත් වෙන එම විෂබීජය නැවත එතන පවතිත වී පවතින්න කිසිම භාධාවක් නැහැ.
2. ලෝකෙම හයිපොක්ලෝරීන් සහ ඇල්කොහොල් වගේ විෂබීජනාශකවල (disinfectants) හිඟයක් පවතින මොහොතක් මේක. ඒව ඇත්තටම අත්‍යවශ්‍ය වන තැන් තියෙනව-රෝහල්, දැඩි සත්කාර ඒකක වගේ තැන්. ඉස්සරහට තව කලයක් මෙම වසංගතය ඇදි ඇදී ගියොත් මෙම රසායනික විශාල වශයෙන් ඕන වෙන එක අවස්ථාවක් එනව. අන්න එදාට ඒව නැති වුනොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා.
ඉතින් අතේ ගෑවිලා මූනෙ ගෑවෙන විෂබීජයකින් බේරෙන්න මුලු මහත් නගර, පාරවල්, බස් හෝල්ට්, බිල්ඩින් හයිපොක්ලෝරීන් වලින් හෝදනවට වඩා හැමෝම අත් දෙක සබන් යොදා හෝද ගන්න එක වඩා ප්‍රඥාවන්තයි කියල අපි තේරැම් ගන්නෙ කවදද?
