පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ජෝතිශ්යයේ තියෙන බොරු මොනවාද කියල ?
ඔබට උපන් වෙලාව සහිත කේන්දරයක් ඇත්තෙම නැද්ද ? කවදාවත්ම කිසිම හේතුවක් නිසා ඔබ කේන්ද්‍රය බලවාගෙන නැද්ද ?(සත්‍යය පවසනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)
උපන් වෙලාව අනුව මිනිහෙක් ගෙ අනාගතේ හරි වෙන්න තියන දෙයක් හරි කියන එකට කිසිම පදනමක් නැහැ
ඔය ලග්න ටික කියන්නෙ තරු රටා මගුලක්නේ, එක රටාවට පෙනනුට ඒ තරු අතර දුරත් ආලෝක වර්ශ ගනන්, සමහර ඒ තරුයි අපියි අතර දුරත් ආලෝක වර්ශ දහස් ගනන්, ඒවයින් මනුස්සයෙක්ගෙ ජීවතේට කිසිම බලපෑමක් කරන්න බැහැ, ග්රහලෝකත් එච්චරම තමයි, ඒක නිසා ඕක කිසිම පදනමක් නැති දෙයක්, ඒක නිසා තමයි බොරුයි කියන්නෙ
මගේ උපන් වෙලාවක් තියනවා කේන්දරයක් තියනවා, ඒව මම කරපුවා නෙමයිනේ, ඒ කාලෙ අම්මලා තාත්තලා බලපුවා, මගේ අවශ්‍යතාවක් කියලා මම කිසි වෙලාවක කේන්දර බලලා නැහැ, බලන්නෙත් නැහැ
පොඩි එකාට කේන්දරයක් මම හදවලත් නැහැ, වයිපරේගෙ අම්මා කේන්දරයක් හදන් ඉන්නවා, ඒවයින් නම් වලට අකුරු, මනම් හදන් ආව, ඒ කිසි එකක් ඒවට හරියන්න කරලා නැහැ, මට හොඳයි කියලා හිතුනු නමක් දැම්මෙ
ගෙයක් හදලා තියනවා, ඒව කිසි දෙයක් වෙලාවල් බලල කරලා නැහැ, පාද අනම් මනම් හුට පට බලලා විකාර කරලත් නැහැ, මට ඇනුවල් ලීව් ගන්න පුලුවන් උනු දවසෙ උදේ පාන්දර ඩෝසර් කාරය ආපු වෙලාවට බේස් වලවල් කපල ගේ හැදුවෙ