කේන්දර

acerBro

Active member
  • Aug 11, 2020
    235
    234
    43
    Machan methana kauda කේන්දර vishvasa karanne? Kendare galapenne nathuwath marry karala hodin inna aya innavada? Kendare galapenne nathnm marry karanna hodama nadda?
    Mokada hithanne meka gena? Eka thanakin galapenne nah kiyala thava thanakin galapenava kiyalath thiyenavada?
     
    Last edited:
    • Like
    Reactions: THE-X and D_Mad

    DreamerFriend

    Junior member
  • Jul 12, 2020
    54
    49
    18
    Machan methana kauda කේන්දර vishvasa karanne? Kendare galapenne nathuwath marry karala hodin inna aya innavada? Kendare galapenne nathnm marry karanna hodama nadda?
    Mokada hithanne meka gena?
    විශ්වාස කරලත් බැරි විශ්වාස නොකරත් බැරි අවස්ථා තියෙනවා.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කේන්දර හා පොරොන්දම් බැලීම බොරුනම් වසර දහස් ගණනක් ඒ දේවල් මේ ලෝකේ භාවිතා වේවිද ? (හිතන්න)

    පොරොන්දම් බැලීමෙන් කරන්නේ දෙදෙනාගේ අඩු පාඩු සොයා බලා ඒවා පැහැදිලි කරදීමයි. ඒ නිසා වරදක් කියන්න බෑ.

    දෙපැත්තටම බඳින්න ඉන්න කෙනාගේ හොඳ හා නරක ගති ගුණ දැනගන්න පුළුවන්. ඉදිරියට වෙන්න තියෙන දේවල් ගැන උනත් දැනගන්න පුළුවන්.

    විශේෂම දේ හොඳ පළපුරුදු කෙනෙකුගෙන් කේන්දර බලව ගන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    අමූලික බොරු බන්, උඹල දෙන්න ගැලෙපෙනවා කියලා හිතනවා නම් බැඳපන්
    දැන් දෙන්න අතර ප්‍රශ්න නම් බැන්දා කියලා ඒව අඩු වෙන්නෙ නැහැ, දැන් ප්‍රශ්න නැත්නම් බැන්දා කියලා මහා ලොකු ප්‍රශ්න අමුතුවෙන් එන්නෙ නැහැ
    උදාහරනෙකට කෙල්ල උඹ කියන දේවල් අහන්නෙ නැත්නම් හරි උඹ කෙල්ල කියන ඒව අහන්නෙ නැත්නම් හරි බැන්දා කියලා ඕව වෙනස් වෙන්නෙ නැහැ

    කේන්දර හා පොරොන්දම් බැලීම බොරුනම් වසර දහස් ගණනක් ඒ දේවල් මේ ලෝකේ භාවිතා වේවිද ? (හිතන්න)
    එහෙනං ඔය එක එක ආගම් වල තියන දෙයියො ලෝකේ මවපුවා, ලෝකෙ පැතලි කතා, ඉපදුනු ගමන් ඇවිදපු කතා, දෙයියො ඇවිත් කියපුවා, සත්තු කතා කරන කතා එහෙම අවුරුදු දාස් ගනන් විස්වාස කරලා තියෙන්නෙ ඇත්ත හින්දා වෙන්න ඇති
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    එහෙනං ඔය එක එක ආගම් වල තියන දෙයියො ලෝකේ මවපුවා, ලෝකෙ පැතලි කතා, ඉපදුනු ගමන් ඇවිදපු කතා, දෙයියො ඇවිත් කියපුවා, සත්තු කතා කරන කතා එහෙම අවුරුදු දාස් ගනන් විස්වාස කරලා තියෙන්නෙ ඇත්ත හින්දා වෙන්න ඇති
    භක්තියෙන් විශ්වාස කරනවානම් ඒක වැරදියි. නමුත් කේන්දර බැලීමේ සත්‍යතාවයක් නැහැ කියන්න ඒක හේතුවක් කරගන්න එපා.

    ඔබේ කේන්ද්‍රය පළපුරුදු කෙනෙක්ට දීල බලන්න. එවිට විශ්වාස කරාවි.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    අමූලික බොරු බන්, උඹල දෙන්න ගැලෙපෙනවා කියලා හිතනවා නම් බැඳපන්
    දැන් දෙන්න අතර ප්‍රශ්න නම් බැන්දා කියලා ඒව අඩු වෙන්නෙ නැහැ, දැන් ප්‍රශ්න නැත්නම් බැන්දා කියලා මහා ලොකු ප්‍රශ්න අමුතුවෙන් එන්නෙ නැහැ
    උදාහරනෙකට කෙල්ල උඹ කියන දේවල් අහන්නෙ නැත්නම් හරි උඹ කෙල්ල කියන ඒව අහන්නෙ නැත්නම් හරි බැන්දා කියලා ඕව වෙනස් වෙන්නෙ නැහැ

    එහෙනං ඔය එක එක ආගම් වල තියන දෙයියො ලෝකේ මවපුවා, ලෝකෙ පැතලි කතා, ඉපදුනු ගමන් ඇවිදපු කතා, දෙයියො ඇවිත් කියපුවා, සත්තු කතා කරන කතා එහෙම අවුරුදු දාස් ගනන් විස්වාස කරලා තියෙන්නෙ ඇත්ත හින්දා වෙන්න ඇති

    කේන්දර ගැන විශ්වාස කරන එකා විශ්වාස කරපුදෙන්... අවිශ්වාස කරන එකා අවිශ්වාස කරපුදෙන්. නමුත් දැනට අවුරුදු දහස් ගණනක් පවතින ශ්‍රාස්ත්‍ර‍ක් හෑල්ලුවට ගන්න එපා....

    මමත් ජෝතිශ්‍ය කියන විෂය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් ඒක ගැන අනවශ්‍ය පරිදි විවේචනය කරන්න යන්නේ නෑ.

    ජෝතිශ්‍ය කියන විෂය හිරු, සදු, තාරකා රටාවන් සහ කාලය කේන්ද්‍ර‍කර ගනිමින් සංකීර්ණ ගණිතමය ක්‍ර‍ම ඔස්සේ ගණනයක් සිදු කර එමගින් ලැබෙන පිලිතුර වසර දහස් ගණනක් මිනිසාගේ පරම්පරාගතව අත්දැකීමේන් ලබා ගත් හේතු ඵල හා සම්බන්ධ කර ඒවා ගැලපීමෙන් ලැබෙන ප්‍ර‍තිඵල මත මිනිසාගේම යහපත උදෙසා සකස්කරගත් සුවිශේෂී උපදේශණ සේවාවක්.

    ඒත් දැන් වෙලා තියෙන්නේ මේක වාණිජකරණය කරගත්ත මුදලාලිලා සෙට් එක නිසා මිනිසුන් සෑහෙන්න නොමග ගිහින් තියන එක.

    විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේක ගැන විවේචනාත්මකව අදහස් දක්වපු තැනැත්තාට මේ විෂය ගැන දැනුවත්භාවයක් නැත්නම් ඒක ගැන විවේචනය කරන්න යන්න එපා. මොකද කිව්වොත් මේ විෂය හරියට කරන අය ගාව ඉතාමත් සුරක්ෂිතව යම් මිනිසෙක් මැරෙන වෙලාව පවා කියන්න පුළුවන් විදියට ලියලා තියන වරා මිහිර වැනි පුස්කොළ පොත් වල මේක බොරුවක් කියන්න බැරි විදියේ සංකීර්ණ කරුණු රාශියක් අන්තර්ගත වෙලා තියනවා.

    වරා මිහිර කියන පුස්කොළ පොත ලිව්වා කියන කොත්මලේ ගණිතයා කියන අපේ මුතුන්මිත්තා කොත්මළේ ජලාශයේ බැම්ම ඉදි වෙන බවට අනාවැකි ඵල කරලා තියෙන්නේ ජලාශය ඉදිවෙන්න වසර 400 කට පමණ පෙර. ඒ බව පැහැදිලිව කොත්මලේ ගණිතයා පිලිබදව ලියවුනු පුස්කොළපොත් වල සදහන් වෙලා තියනවා.

    අපේ පැරණි දේවල් දෙස කවමදාවත් අවඥාවෙන් බලන්න එපා. විවේචනය කරපු කෙනාට මම යෝජනා කරනවා රාජ් සෝමදේවයන් විසින් තර්කාණුකුලව අපේ උරුමය අපිට කියා දෙන පහත විඩියෝව නරඹන්න කියලා. (ඒකේ ජෝතිශ්‍ය ගැන නම් නෑ) ජෝතිශ්‍ය / නක්ෂාස්ත්‍ර‍ තියන්නේත් අපිට අතිතයේ ඉදන් ජන සමාජය හා බැදී පවතින දෙයක් නිසා ඒක ගැන දැනුමක් නැතිව නිකන් බොරුවට සිය‍ළු දේ දත් වගේ විවේචනය කරන්න එපා

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    භක්තියෙන් .......................
    කේන්දර ගැන විශ්වාස කරන..........................
    රිදුනට කරන්න දෙයක් නැහැ, කොයි තරම් සංකීර්ණ විදියට ගනන් හැදුවත් කරන්නෙ බොරුවක් නං ඉතිං බොරු කියලා කියන්නෙ නැතුව පිලිගන්නයැ
    පරණ උනත් අලුත් උනත්, සම්ප්‍රදායෙන් ආවත්, අපේ රටේම දෙයක් උනත් බොරුව නං බොරුව තමයි
    ඕව නිසා තමයි වැඩක් කරන් මිනිහෙක්ට වත් හරියට කරන්න දෙන්නෙ නැත්තෙ,
    වෙන රටවල් වල එවුන් සූර්යග්‍රහ මන්ඩලෙන් එලියට චන්ද්‍රිකා යවනකොට, ග්‍රහලෝක හොයා ගන්නකොට අපේ රටේ එවුන් ඒව අටවලා මොකක් හරි බොරුචක් හදලා මිනිස්සු රවට්ටනවා, තව 2500යෙ අහවල් එක ගැන කියවනවා
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    රිදුනට කරන්න දෙයක් නැහැ, කොයි තරම් සංකීර්ණ විදියට ගනන් හැදුවත් කරන්නෙ බොරුවක් නං ඉතිං බොරු කියලා කියන්නෙ නැතුව පිලිගන්නයැ
    පරණ උනත් අලුත් උනත්, සම්ප්‍රදායෙන් ආවත්, අපේ රටේම දෙයක් උනත් බොරුව නං බොරුව තමයි
    ඕව නිසා තමයි වැඩක් කරන් මිනිහෙක්ට වත් හරියට කරන්න දෙන්නෙ නැත්තෙ,
    වෙන රටවල් වල එවුන් සූර්යග්‍රහ මන්ඩලෙන් එලියට චන්ද්‍රිකා යවනකොට, ග්‍රහලෝක හොයා ගන්නකොට අපේ රටේ එවුන් ඒව අටවලා මොකක් හරි බොරුචක් හදලා මිනිස්සු රවට්ටනවා, තව 2500යෙ අහවල් එක ගැන කියවනවා
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ජෝතිශ්‍යයේ තියෙන බොරු මොනවාද කියල ?

    ඔබට උපන් වෙලාව සහිත කේන්දරයක් ඇත්තෙම නැද්ද ? කවදාවත්ම කිසිම හේතුවක් නිසා ඔබ කේන්ද්‍රය බලවාගෙන නැද්ද ?(සත්‍යය පවසනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ජෝතිශ්‍යයේ තියෙන බොරු මොනවාද කියල ?

    ඔබට උපන් වෙලාව සහිත කේන්දරයක් ඇත්තෙම නැද්ද ? කවදාවත්ම කිසිම හේතුවක් නිසා ඔබ කේන්ද්‍රය බලවාගෙන නැද්ද ?(සත්‍යය පවසනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)

    උපන් වෙලාව අනුව මිනිහෙක් ගෙ අනාගතේ හරි වෙන්න තියන දෙයක් හරි කියන එකට කිසිම පදනමක් නැහැ
    ඔය ලග්න ටික කියන්නෙ තරු රටා මගුලක්නේ, එක රටාවට පෙනනුට ඒ තරු අතර දුරත් ආලෝක වර්ශ ගනන්, සමහර ඒ තරුයි අපියි අතර දුරත් ආලෝක වර්ශ දහස් ගනන්, ඒවයින් මනුස්සයෙක්ගෙ ජීවතේට කිසිම බලපෑමක් කරන්න බැහැ, ග්‍රහලෝකත් එච්චරම තමයි, ඒක නිසා ඕක කිසිම පදනමක් නැති දෙයක්, ඒක නිසා තමයි බොරුයි කියන්නෙ

    මගේ උපන් වෙලාවක් තියනවා කේන්දරයක් තියනවා, ඒව මම කරපුවා නෙමයිනේ, ඒ කාලෙ අම්මලා තාත්තලා බලපුවා, මගේ අවශ්‍යතාවක් කියලා මම කිසි වෙලාවක කේන්දර බලලා නැහැ, බලන්නෙත් නැහැ
    පොඩි එකාට කේන්දරයක් මම හදවලත් නැහැ, වයිපරේගෙ අම්මා කේන්දරයක් හදන් ඉන්නවා, ඒවයින් නම් වලට අකුරු, මනම් හදන් ආව, ඒ කිසි එකක් ඒවට හරියන්න කරලා නැහැ, මට හොඳයි කියලා හිතුනු නමක් දැම්මෙ
    ගෙයක් හදලා තියනවා, ඒව කිසි දෙයක් වෙලාවල් බලල කරලා නැහැ, පාද අනම් මනම් හුට පට බලලා විකාර කරලත් නැහැ, මට ඇනුවල් ලීව් ගන්න පුලුවන් උනු දවසෙ උදේ පාන්දර ඩෝසර් කාරය ආපු වෙලාවට බේස් වලවල් කපල ගේ හැදුවෙ