කේන්දර

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    නෑ කියලා තමයි ඉතින් අපිත් කියන්නේ. ඒ වුණාට ඔය ජොතිෂ්‍ය ගැන කතා කරණ ඈයෝ හැමදාම බුදු දහම පළිහක් විදිහට පවිච්චි කළා.

    මේ ගැන ලියන්න දෙයක් නෑ.

    ඉන්දියාවෙන් ආවේ නෑ කියලා කියන්න සාධක තියෙනවද? මෑත සියවස් කිහිපය හැරුණාම ජොතිෂ්‍ය ගැන සිංහලෙන් ලියපු පොත් මොනවද? ලංකාවේ ජොතිෂ්‍ය කාරයන්ට පෙන්නන්න තියෙන්නෙත් පොත් අතළොස්සක් විතරයි. ඒවාත් සංස්කෘත පොත්. ඔය අතරින් ලංකාවේ ජෝතිෂ්‍යකාරයන්ට කතා කරන්න පුළුවන් පොතකට කියලා තියෙන්නේ දෛවඥ කාමධේනුව විතරයි. ඒකත් ලංකාවේ ලියැවුණාට සංස්කෘත භාෂාවෙන් ලියලා තියෙන්නේ.

    "හින්දු දහම තුල බොහො විට ජෝතිෂ්‍ය සංකල්ප දක්නට ඇත. බුදු දහමටද ජොතිෂ්‍ය සංකල්ප පැමිණියේ හින්දු දහමින් බව විශ්වාස කෙරේ."

    source- wikipedia https://bit.ly/2XRmGHz



    ඔප්පු කළොත් පිළිගන්නවා. මාගේ මතයම නිවරදියැයි අල්ලාගෙන ඉන්නමට අවශ්‍ය නෑ. ඔබට පුළුවන්නම් ඔප්පු කරන්න.

    ඉහතින් සටහන් කර ඇත.

    ඔය කියන විදිහට බැලුවහම. විෂ්ණු දෙවියෝ අපේ මුත්තෙක්ය. කතරගම දෙවියොත් මුත්තෙක්ය. සරස්වතී ඔය මුත්තෝ දෙන්නගේ කවුරු හරි වෙන්ට ඕනෑ.

    ඔබ අසා ඇති විෂ්ණු කතරගම දේව කතා නොව අපේම මුතුන් මිත්තෝ මේ නමින් හඳුන්වා ඇත. ඔවුන් මේ රටේ ජිවත් වී ඇත. සාක්ෂි බොහෝමයක් සුද්දගේ කාලේ විනාශ කර හෝ රට පටවා ඇත. විෂ්ණු යනු දෙවුන්දර දේවාලයේ සිටින දෙවියන්ය. සතර වරම් දෙවි වරුන්ගෙන් එක් අයෙකි. කතරගම දෙවි ලෙස දැන් හඳුන්වන්නේ ස්කන්ධ කුමාර් වුවත් අපේ කතරගම දෙවි යනු මහාසේන ප්‍රාදේශීය රජතුමාය. ඔහු සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය වෙලාවේ කැපු කෙස් හා මගුල් කඩුව රැගෙනවිත් එය තැන්පත් කර කිහිරි වනයේ කිරිවෙහෙර නිර්මාණය කර ඇත. අදටද කිරිවෙහෙර දෙස බලාගෙන සිටින පිළිමය මහාසේන උත්තමයාගේය. දැන හෝ නොදැන අප අපේ දෙවියන් ලෙස ගරු බුහුමන් කරන්නේ අපේ මුතුන් මිත්තන්ටය. ඒ ගැන සෙවීම හා පිළිගැනීම ඔබ සතු කාර්යයකි.

    කෝවිල් හා දේවාල යැයි දෙකක් ඇති බව සැබෑවක්. නමුත් කොවිල් තුළ දෙමලුන්ද දේවාල තුළ සිංහලයෝ ද එකම දෙවියන්ව අදහන්නේ නැද්ද?
    සිංහල ලේබලය අලවාගත් දෙවියෝ නැතිවා නොවේ. ඔවුන්ගෙන් සාතිශය මෑත කාලයෙහි දේවත්වයට පත් වූවෝය. මින්නේරිය වැව හැදු මහසෙන් රජු ද අපේ එවුන්ට මින්නේරිය දෙවියන් වූහ. මහවිහාරය කඩා දමා, එහි භික්ෂූන්ට දානය දීම නවතා දැමූ රජෙක් දෙවත්වයට පැමිණියේ කෙසෙදැයි අසන්නට එකෙක් නැත.

    මින්නේරිය දෙවි නොහොත් මහසෙන් රජු මුලින් කරපු දේ පමණක් ඔබ සටහන් කර ඇත. මේ සිද්ධියෙන් පසු ඔහුගේම මහා ඇමති ඔහුට විරුද්ධව යුද වැදීමට සුදානම් වූ විට ඇති වූ සාකච්චාවෙන් පසු ඔහුගේ වරද පිළිගෙන නැවත බුදු දහමට කරපු දේ ගැනද සොයාගෙන කියවන්න.




     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ජ්‍යෝතිෂය මෙරටේ බවට එක සාක්ෂියක් ඉදිරිපත් කරමි. ඔබ කේන්දරයක් සෑදීමට උපන් වෙලාව දෙන්නේ ඔරලෝසු වෙලාවයි. කේන්දරය සකස් කරන පුද්ගලයා මේ ඔරලෝසු පැය සිංහල පැයවලට හරවයි. මන්ද කේන්දරයක් සෑදීම කරන්නේ සිංහල පැයවලිනි.
    LOL.. සිංහල පැය යනු අමුතු දෙයක් නොවේ. වර්තමාන පවතින වේලාව ගත්තත් පැරණි සිංහල වේලාව ගත්තත් දෙකම එකකි. වර්තමාන පිළිගැනීම අනුව දිනකට පැය 24කි. සිංහල ක්‍රමයට අනුව දිනකට පැය 60කි.

    කොහොම ගණනය කළත් දවසකට විනාඩි 1440 ක් තිබේ. වර්තමානයේ පවතින ක්‍රමයට අනුව පැයකට විනාඩි 60කි. ඒ අනුව 1440 ÷ 60 = පැය 24 වී ඇත. සිංහල ක්‍රමයට අනුව පැයකට විනාඩි 24කි. ඒ අනුව 1440 ÷ 24 = පැය 60 වී ඇත.

    වර්තමාන සම්මත කාල‍ය මැනීමේ ක්‍රමවේදය පමිණෙන්න පෙර සෑම ජාතියක්ම පාහේ සූර්‍යයා හා චන්ද්‍රයා අනුව කාලය නියම කර ගත්හ. ඒ සෑම ක්‍රම වේදයක්ම පාහේ නිවැරදිය. නමුත් සමස්ත ලෝකයම අද සම්මත කාලය මැනීමේ ක්‍රමවේදයක් භාවිතා කරයි.

    මෙවැනි බොළද කරුණු දිහා බලලා ජෝතිශ්‍ය ලංකාවේ බිහි වූ බව කෙසේ පිළිගන්න ද? වැදගත් සාධක මතුකරන්න. (එවැනි සාධක ඇත්නම් පමණක්.)

    ඔබ අසා ඇති විෂ්ණු කතරගම දේව කතා නොව අපේම මුතුන් මිත්තෝ මේ නමින් හඳුන්වා ඇත. ඔවුන් මේ රටේ ජිවත් වී ඇත. සාක්ෂි බොහෝමයක් සුද්දගේ කාලේ විනාශ කර හෝ රට පටවා ඇත. විෂ්ණු යනු දෙවුන්දර දේවාලයේ සිටින දෙවියන්ය. සතර වරම් දෙවි වරුන්ගෙන් එක් අයෙකි.
    උපුල් වන් දෙවියන් පිළිබද පැරණිතම සාධකය හමුවන්නේ දීපවංශයේ හා මහා වංශයේය. මහා වංශය කූට ලියවිල්ලක් සේ සලකන ඈයෝ තම මතය සදහා මහාවංසය ම සත්‍ය ලියැවිල්ලක් කොට ඇත. විජය නම් මහ හොරාගේ පිරිත් නූල් බැදීමට උපුල්වන් දෙවියෝ කුමට පැමිණියේද?

    කතරගම දෙවි ලෙස දැන් හඳුන්වන්නේ ස්කන්ධ කුමාර් වුවත් අපේ කතරගම දෙවි යනු මහාසේන ප්‍රාදේශීය රජතුමාය. ඔහු සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය වෙලාවේ කැපු කෙස් හා මගුල් කඩුව රැගෙනවිත් එය තැන්පත් කර කිහිරි වනයේ කිරිවෙහෙර නිර්මාණය කර ඇත. අදටද කිරිවෙහෙර දෙස බලාගෙන සිටින පිළිමය මහාසේන උත්තමයාගේය.

    ඔබට ඇවැසි සේ ඉතිහාසය කථනය කරන්නේ නම්, තහවුරු කළ නොහැක්කක් නොමැත. ඇරත් ඔය කියන විදිහට කිරිවෙහෙර ලංකාවේ පළමු චෛත්‍ය විය යුතුය. ථූපවංශය කියවන්නේ නම් මැනවි. ජනප්‍රවාද වල නොසිට තහවුරු කළ හැකි සාධක දක්වන්න. කිරිවෙහෙර ආශ්‍රිතව හමු වූ සෙල්ලිපි මගින් එහි කාලය නියම කර ඇත. ඒ පිළිබද සොයා බලන්න.
    ලංකාවේ ප්‍රාදේශීය රජෙක් සිදුහත් කුමාරයාගේ කපා හළ කේශ ධාතු කෙසේ ලබා ගන්නද? එසේනම් ඉතිහාසය මෙසේ ලිය විය යුතුය. සිදුහත් කුමරා ඉන්දියාවේ අනෝමා ගං තෙරේදී නොව කතරගම මැණික් ගං තෙරේ දී කේශකලාපය කපා දැමුවා විය යුතුය.


    මින්නේරිය දෙවි නොහොත් මහසෙන් රජු මුලින් කරපු දේ පමණක් ඔබ සටහන් කර ඇත. මේ සිද්ධියෙන් පසු ඔහුගේම මහා ඇමති ඔහුට විරුද්ධව යුද වැදීමට සුදානම් වූ විට ඇති වූ සාකච්චාවෙන් පසු ඔහුගේ වරද පිළිගෙන නැවත බුදු දහමට කරපු දේ ගැනද සොයාගෙන කියවන්න.

    මුළින් කරන ලද පාපයෝ පසුව කරනු ලබන පින් හේතුවෙන් නැතිව යන බව මම ඇසුවේ ඔබගෙනි. නැතිනම් මහාසෙන් රජු පළමුව කරන ලද අනේක වූ උග්‍ර පාපයෝ ගෙවා නොදමාම පසුව කරන ලද පිනෙන් දෙව්ලොව වැඩි හැටි ආශ්චර්‍යජනකය.
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    මන් බැන්දෙ කේන්දර ගලපන් නැතුව.දැන් අවුරුද්දක් විතර වෙනවා..
    අවුරුදු 3ක් හොඳම යාලුවො.මාස 4යි යාලු වෙලා .

    මගේ ජීවිතේ සහ එයාගෙ ජීවිතේ හරියන්න ගත්තෙ බැන්දට පස්සෙ කියල හිතෙනවා..දෙන්නම සාමන්‍ය පව්ලක..
    අපි කාර් එකක් ගත්තා..එයා ඇසිස්ටන්ට් මැනගජර් කෙනෙක් උනා.මටත් ලොකු පඩියක් එක්ක අලුත් ජොබක් සෙට් උනා..

    දෙන්න පට්ටම සතුටින් ඉන්නව..
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    1 - මම කිවුවෙ ඇත්ත, මං මේ අපේ ඉතිහාසෙට හරි මොකකට හරි ගරහන්න ගියේ නැහැ, මම කිවුවෙ අපි මොකක් හරි දේකට කාත් එක්ක හරි තර්ක කරන්න ගියාම එක්කො ඇදලා ගන්නවා බුද්ධාගම(එතකොට වටේ ඉන්න කාගෙත් සපෝට් එක එනවා අරූ බුදධාගම චාටර් කරනවා මූ ඒක ඩිෆෙන්ඩ් කරනවා කියලා), උදාහරනයක් විදියට අපි ඔය කේන්දර බොරුයි කියල කිවුවම ගොඩක් තැන් වලදි කියන්නෙ එහෙනං මේ ලංකාවෙ ඉඳපු කොයි තරම් ප්‍රසිද්ධ හාමුදුරුවරු කේන්දර බලලා තියනවද, බුදුහාමුදුරුවොන්ගෙ කාලෙත් කේන්දර බලලා තියනවා උඹ කේන්දර විස්වාස කරන්නෙ නැත්නං බුද්ධාගමත් බොරුයි කයලා නේද කියන්නෙ etc etc
    එක්කෝ ඇදලා ගන්නවා අපේ තියන ඉතිහාසෙ මොකක් හරි එකක්, අර වගේම තමයි අපේ රටේ අවුරුදු දහස් ගනන් තිබුනු කේන්දර විස්වාස කරනනෙ නැහැ, ඒ කියන්නෙ අපේ රටේ අවුරුදු 2500 හරි 140000 හරි ඉතිහාසෙ බොරුයි කයල නේද මේ කියන්නෙ ඊට පස්සෙ කිසිම පදනමක් නැතුව හිතට එන ඒව සේරම කියාගෙන යනවා. දැන් උඹ කරලා තියෙන්නෙත් ඒකම නේද කියලා පොඩ්ඩක් බලපන්, මම කොතනවත් අපේ ඉතිහාසෙ තියන මොනවටවත් ගරහලා නැහැ උඹ තමයි ඒව මෙතන ඇදගෙන දැඟලුවෙ
    මම කිවුවෙ කේන්දර බොරුයි කියලා සහ අපේ රටේ මිනිස්සු හැම එකටම(අදාල වේවා හෝ නොවේවා) අපිට හරි හොඳ ඉතිහාසයක් තියනවා කියලා කට මැත දොඩවන එක ගැන.

    2 - ජෝතිෂය හෝ නක්ෂස්ත්‍ර‍ දැනුමකුත් නැත්නම් ඕව ඔය තරම් ඇත්ත කියලා දඟලන්නෙ ඇයි. ඕව ඇත්ත නම් ඇයි මේ තරම් දියනු තාක්ශනික දේවල් තියන කාලෙ කවුරුවත් ඕක සයන්ටිෆිකලි ඇත්ත කියලා prove කරන්නෙ නැත්තෙ. ඕක ලොකුවටම පිලිගන්නෙ අපේ රටෙයි ඉන්දියාවෙයි තමයි(අනෙක් රටවලත් එහෙන් මෙහන් තිබුනට මේ රටවල් දෙකේ තමයි ජීවිතේ හැම මගුලටම ඕක අල්ලගන්නෙ)

    3 - TV/Radio ප්‍රෝගැම් කරන්නෙ මොකක් හරි පොපියුලර් ටොපික් එකකට, සල්ලි හම්බ කරන එක තමයි උන්ගෙ මූලික අරමුණ, ඒකෙ කියන සේරම දේවල් ඇත්ත වෙන්න ඕන නැහැ, උන්ගෙ ටාගට් එක වැඩිපුර මිනිස්සු ගානකට ඕක අස්සවන එක, ඒක නිසා කාලෙන් කාලෙට වයිරල් වෙන ටොපික් වලට උන් ප්‍රෝගෑම් කරනවා, ඕක ලංකාවෙ විතරක් නෙමයි ලෝකෙම කරන දෙයක්
    ඒක නිසා ඔවයෙ කියන දේවල් ටිකක් හිතලා බලල විශ්වාස කරන්න ඕන
    හොඳම උදාහරන අර රාවනා සීන් එක නැගල ගියපු කාලෙ සහස්‍රමුක රාවනාද මොකද්ද මගුලක් ගියා නේ, දැන් ඔය උඹ කියන එක නැගලා යනවා, ඔය වගේ ඒව ගොඩක් කාලෙකට කලින් වෙන රටවල කරලා තියනවා History channel එකේ ගියපු ancient aliens කියන එක ඒ වගේ එකක්, ඒක තියන සේරම දේවල් වගේ බොරු, history channel එකේ credibility එක 0ටම කෙල වුනු ප්‍රෝගෑම් එකක්, නමුත් ඕව විස්වාස කරන එවුන් ඕක අදහගෙන බලපු නිසා උන් ඒක දිගටම කරන් ගියා


    කේන්දර බලන එක, දේවාල සීන් සේරම සෑහෙන ලොකු බිස්නස්, උඹල ඒවයෙ ඇත්ත තේරුම් ගන්නෙ නැහැ, ඒක නිසා හැමදාම ඕව කරන එවුන්ට සාමාන්‍ය මිනිස්සු රවට්ටලා ලක්ශ ගනන් කෝටි ගනන් හොයන එක දිගටම කරන් යන්න පුලුවන්
    කවුරු හරි බොරුයි කිවුවොත් උන්ව ඩිෆෙන්ඩ් කරන්න ඕන තරම් මිනිස්සු ඉන්න නිසා අරුන්ට සදා කල් මිනිස්සුන්ව රවට්ටන එක කරන් යන්න පුලුවන්

    මේ ත්‍රෙඩ් එකේ මලයට මම කොතනකවත් කියලා තියනවාද කේන්දර පස්සේ පලයන් කියලා... නෑ නේද? මම උට කිව්වේ විශ්වාසනම් බලපන් නැත්නම් නිකන් හිටපන් කියලා. ඒක උගේ කැමැත්ත.

    කේන්දර කියන එක දැන් මුදලාලිලාගේ බිස්නස් එකක් උනාට අතිතයේ හිටපු හාමුදුරුවන් වහන්සේලා, නැකත් රාළලා සහ වෙදකම් කරපු අපේ පැරණි ඇත්තෝ වේළපත්කඩේ අතට අරන් අසරණ වුන තැනැත්තට උපදේශණය ලබා දීලා සමාජයට යහපතක් කරලා තියනවා. කේන්දර විෂය අපේ පැරුන්නන් එක්ක බැදිලා තියන දෙයක් නිසා ඒකේ මොකුත්ම නෑ කියලා අපිට බැහැර කරන්න බෑනේ. ඒකේ තියෙන්නේ මිනිසා පරම්පරා ගානක් එකතු කර ගත්ත දැනුම් සම්භාරයක්.

    ඔය දැනුම ගැන කිසි දෙයක් දන්නේ නැති අපි දෙන්නට ඔික ගැන විවේචනය කිරීම සාධාරණ හෝ අයිතියක් නෑ කියලා කියන්නයි මෙච්චර වෙලා දගලන්නේ. ඔබ ඒ විෂය ගැන දැනුවත් වෙලා ඇවිදින් විවේචන හෝ පැසසුම් ලබා දෙන්න.

    මම මෙතෙන්ට වෙන කිසිම දෙයක් ඇදලා ගත්තේ නෑ.... ඔබ තමයි මුලින්ම වසර 2,500 ක අතිතයක් ගැන කියලා වචන සෙට් එකක් ඇදලා අරගෙන රටේ ඉතිහාසයට ගරහපු නිසා එකට මම දීර්ඝ උත්තරයක් දීලා තිබුනා. මොකද මම මගේ රටට ආදරේ නිසා. රටේ පෞඩ ඉතිහාසයට සහ මේ රටේ අහිංසක මිනිස්සු දෙකේ කොල්ට දාලා ගරහන ඔබ වැන්නවුන්ට කවුරුන් හෝ නිසි පිලිතුරු දිය යුතුමයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එකේ මලයට මම කොතනකවත් කියලා තියනවාද කේන්දර පස්සේ පලයන් කියලා... නෑ නේද? මම උට කිව්වේ විශ්වාසනම් බලපන් නැත්නම් නිකන් හිටපන් කියලා. ඒක උගේ කැමැත්ත.

    කේන්දර කියන එක දැන් මුදලාලිලාගේ බිස්නස් එකක් උනාට අතිතයේ හිටපු හාමුදුරුවන් වහන්සේලා, නැකත් රාළලා සහ වෙදකම් කරපු අපේ පැරණි ඇත්තෝ වේළපත්කඩේ අතට අරන් අසරණ වුන තැනැත්තට උපදේශණය ලබා දීලා සමාජයට යහපතක් කරලා තියනවා. කේන්දර විෂය අපේ පැරුන්නන් එක්ක බැදිලා තියන දෙයක් නිසා ඒකේ මොකුත්ම නෑ කියලා අපිට බැහැර කරන්න බෑනේ. ඒකේ තියෙන්නේ මිනිසා පරම්පරා ගානක් එකතු කර ගත්ත දැනුම් සම්භාරයක්.

    ඔය දැනුම ගැන කිසි දෙයක් දන්නේ නැති අපි දෙන්නට ඔික ගැන විවේචනය කිරීම සාධාරණ හෝ අයිතියක් නෑ කියලා කියන්නයි මෙච්චර වෙලා දගලන්නේ. ඔබ ඒ විෂය ගැන දැනුවත් වෙලා ඇවිදින් විවේචන හෝ පැසසුම් ලබා දෙන්න.

    මම මෙතෙන්ට වෙන කිසිම දෙයක් ඇදලා ගත්තේ නෑ.... ඔබ තමයි මුලින්ම වසර 2,500 ක අතිතයක් ගැන කියලා වචන සෙට් එකක් ඇදලා අරගෙන රටේ ඉතිහාසයට ගරහපු නිසා එකට මම දීර්ඝ උත්තරයක් දීලා තිබුනා. මොකද මම මගේ රටට ආදරේ නිසා. රටේ පෞඩ ඉතිහාසයට සහ මේ රටේ අහිංසක මිනිස්සු දෙකේ කොල්ට දාලා ගරහන ඔබ වැන්නවුන්ට කවුරුන් හෝ නිසි පිලිතුරු දිය යුතුමයි.

    ඌ අහල තියෙන්නෙ ඒක විස්වාස කරන්නද එපාද කියලනේ, ඌට ප්‍රස්නෙන්ම උත්තර දීල වැඩක් නැහැ, මම නං කිවුවෙ ඕව අමූලික බොරු විස්වාස කරන්න එපා කියලා. ආයෙත් ඌට උඹ විස්වාස කරනවා නං විස්වාස කරපන් නැත්තං නිකං ඉඳපං කියලා හරියන්නෙ නෑනේ, ඌ තවත් අමාරුවෙ

    පරම්පරා ගානක් කරන් ආවත් බොරු නං බොරුම තමයි, කවුරුහරි සයන්ටිෆිකලි ෆැක්ට් එක්ක prove කරලා නැත්තෙ බොරු නිසා තමයි, ඒක නිසා බැලු බැල්මට බොරුයි කියල පේන මොකක් හරි දෙයක් බොරුවක් කියලා කියන්න ඒක ගැන මුල ඉඳන්ම ඉගෙන ගන්න ඕන නැහැ.
    මොකක් හරි දෙයක් ගැන විවේචනය කරන්න සාධාරන අයිතියක් කියලා එකක් නැහැ, කවුරු හරි බොරුවක් පස්සෙ යනවා නම් අපි ඒක බොරුයි කියල හොඳටම දන්නවා නං එක බොරුයි කියල කියන්න වෙන සාධාරන අයිතියක්වත් මොකක් වත් ඕන නැහැ

    මම කොතනවත් මේ රටේ මිනිස්සු දෙකේ කොලේට දාලවත් ඉතිහාසෙ පහලට දාලවත් මොනවත් කිවුවෙ නැහැ, මේ රටේ හොඳ ඉතිහාසයක් තියනවා මාත් පිලිගන්නවා, ඒත් හැම මගුලකටම ඒක කිය කිය දඟලන එක ගැන මං කිවුවෙ, හැම මගුලටම 2500 අහවල් එක කියලා ඇදල ගන්න එක ගැන. මොකක් ගැන කියන්න ගියත් සමහරු කියන්නෙ ඔක තමයි. ලංකාවෙ කවුරුහරි තරඟෙකින් දින්නොතින් හරි මොකක් හරි දෙයක් කරොත් යකෝ අපි අවුරුදු 2500 ඉතිහාසයක් තියන එවුන් අපිට බැරි දෙයක් තියවද කියලා දඟලනවා, මොකක් හරි බැරි උනෝතින් අපිට ඒක බැරි උනාට බලපන්කෝ අපේ 2500 ඉතිහාසෙ කියලා දඟලනවා, මොකක් හරි බොරුවක් සමාජගත කරන්න ඕන උනාම මේව අවුරුදු 2500ක් තිස්සෙ පැවතුනු දේවල් කියලා දඟලනවා.
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ඌ අහල තියෙන්නෙ ඒක විස්වාස කරන්නද එපාද කියලනේ, ඌට ප්‍රස්නෙන්ම උත්තර දීල වැඩක් නැහැ, මම නං කිවුවෙ ඕව අමූලික බොරු විස්වාස කරන්න එපා කියලා. ආයෙත් ඌට උඹ විස්වාස කරනවා නං විස්වාස කරපන් නැත්තං නිකං ඉඳපං කියලා හරියන්නෙ නෑනේ, ඌ තවත් අමාරුවෙ

    පරම්පරා ගානක් කරන් ආවත් බොරු නං බොරුම තමයි, කවුරුහරි සයන්ටිෆිකලි ෆැක්ට් එක්ක prove කරලා නැත්තෙ බොරු නිසා තමයි, ඒක නිසා බැලු බැල්මට බොරුයි කියල පේන මොකක් හරි දෙයක් බොරුවක් කියලා කියන්න ඒක ගැන මුල ඉඳන්ම ඉගෙන ගන්න ඕන නැහැ.
    මොකක් හරි දෙයක් ගැන විවේචනය කරන්න සාධාරන අයිතියක් කියලා එකක් නැහැ, කවුරු හරි බොරුවක් පස්සෙ යනවා නම් අපි ඒක බොරුයි කියල හොඳටම දන්නවා නං එක බොරුයි කියල කියන්න වෙන සාධාරන අයිතියක්වත් මොකක් වත් ඕන නැහැ

    මම කොතනවත් මේ රටේ මිනිස්සු දෙකේ කොලේට දාලවත් ඉතිහාසෙ පහලට දාලවත් මොනවත් කිවුවෙ නැහැ, මේ රටේ හොඳ ඉතිහාසයක් තියනවා මාත් පිලිගන්නවා, ඒත් හැම මගුලකටම ඒක කිය කිය දඟලන එක ගැන මං කිවුවෙ, හැම මගුලටම 2500 අහවල් එක කියලා ඇදල ගන්න එක ගැන. මොකක් ගැන කියන්න ගියත් සමහරු කියන්නෙ ඔක තමයි. ලංකාවෙ කවුරුහරි තරඟෙකින් දින්නොතින් හරි මොකක් හරි දෙයක් කරොත් යකෝ අපි අවුරුදු 2500 ඉතිහාසයක් තියන එවුන් අපිට බැරි දෙයක් තියවද කියලා දඟලනවා, මොකක් හරි බැරි උනෝතින් අපිට ඒක බැරි උනාට බලපන්කෝ අපේ 2500 ඉතිහාසෙ කියලා දඟලනවා, මොකක් හරි බොරුවක් සමාජගත කරන්න ඕන උනාම මේව අවුරුදු 2500ක් තිස්සෙ පැවතුනු දේවල් කියලා දඟලනවා.

    මම යටින් උට දීලා තියනවා දෙන්න ඔින උපදෙස් ටික.... ඔබේ ඇස් නොපෙනුනාට මට කරන්න දෙයක් නෑ.... දැක්කේ නැත්තන් මම පහලින් ඒක ඔබට නැවත කියවගන්න දාන්නම්.... ඔබට පේනවා අඩුයි වගේ නිසා ඒක රතු පාටින්ම හයිලයිට් කරලා තියෙන්නේ.

    ----------------------

    මෙම ත්‍රෙඩ් එක දාපු සහෝදරයට කියන්න තියෙන්නේ..... මලයෝ විවාහ ජීවිතය වෙලාවකට පට්ටම ආතල් වෙලාවකට පට්ටම කුණක්. කේන්දර, වෙලා කොළ ගැන විශ්වාස නම් බලපන් නැත්නම් අතහැරලා දාපන්. ඒක උබේ චොයිස් එක.... උබේ සහකාරිය හරියටම තෝරගෙන පණ වගේ රැකපන්, ආදරේ දීපන්.... කවදාවත්ම තම බිරිදට අතක් උස්සන්න යන්න එපා. ඒක පිරිමිකම නෙවෙයි. ගැණියෙකුට අතක් උස්සනවා කියන්නේ පොන්න කම. අනික කවමදාවත් ගෑනිගෙන් කන්න අදින්න බලාගෙන කසාද කරගන්න යන්න එපා. උබ පිරිමියෙක් නම් උබේ ගෑනිව හා දරුවන්ව පෝෂණය කරන්න උබට හැකියාව තියෙන්න ඔිනේ. ඔය විදියට උබ තමන්ගේ බිරිද රැක්කොත් උබගේ සැපේදි සහ දුකේදි උබේ බිරිද උබේ අම්මා වගේ උබව බලා ගනිවි....

    අවසානයට කියන්න තියෙන්නේ මේකේ ඉන්න මම වැනි සහ ජෝතිෂය ගැන විවේචනය සිදු කල එකා වැනි බක පණ්ඩිත හුත්තලාගෙන් විවාහය වැනි ජීවිතයේ වැදගත්ම අවස්ථාවන් සදහා උපදෙස් ගන්න යන්න එපා. උබ් අම්මගෙන් සහ තාත්තගෙන් හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් උපදෙස් ගන්න.


    ----------------------

    2500 ඉතිහාසයක් ගැන හරි හැම එකාම හැම එකටම කියවන්නේ රටේ අතිතය ගැන ඒ හැම එකාටම හැගීමක් තියන නිසා..... අපි ඉතිහාසයක් නැති කල්ලතෝනි රටක් නෙවෙයි. කල්ලතෝනි ජාතියකුත් නෙවෙයි. ඔබ ඒකට ගරහන්න යන්න එපා. ඒකට ඔබට කිසිම අයිතියක් නෑ. අන්න ඒ දේට මම ඔබට අභියෝග කලේ. අපේ අතීත උරුමය වසර 140,000 කට එහාට යනවා. එවා ගැන දැන් අපේ පුරාවිදයාඥයින් ඔප්පුකරමින් යනවා. ඔබට ඒක ගැන සතුටක් නැති උනාට මට නම් ඒ ගැන සතුටක් සහ අභිමානයක් තියනවා. ඔබ කොහොම කිව්වත් ඔබේ පෞඩ ඉතිහාසය ගැන ඔබ මහත් හින මානයෙන් කථා කරනවා.

    ඔබ කියන විදියට අපි ඉතිහාසය බදාගෙන කිසිවක් කරගන්න බැරි කාලකන්නි ජාතියක් නෙවෙයි.... අපේ එවුන්ට හැමදේම පුළුවන්. වැඩේ තියෙන්නේ ඔබත් මාත් අපි හැමෝමත් අත පය හොල්ලලා මහන්සි වෙන්න කැමති නෑ.... ඔබ වගේ බෑ කියාගෙනමයි ඉන්නේ.

    මගේ ගාවනම් බෑ කියන වචනේ නෑ.. පුළුවන් කියලාමයි තියෙන්නේ. අන්න ඒක නිසා මම පිරිමියෙක් විදියට සාර්ථක වෙලා තියනවා.... මම එහෙම කියන්නේ මම මේ වෙනකොට රට රකින්න යුධ පෙරමුණට ගිහින් තියනවා. (මට එතනදි රට වෙනුවෙන් පර පණ නසන්න වගේම මට මර බිය කියන එක අවස්ථා 02 කදී හොදටම දැනිලා තියනවා) කෙතක් මගේ මහන්සියෙන් අස්වද්දලා තියනවා. ගස් වවලා පරිසරයට ආදරය කරලා තියනවා. මේ වෙනකොට දරුවෝ දෙන්නෙක්ට ජීවිතය දීලා තියනවා. මට තාම කරන්න බැරි උනේ පොතක් ලියන්න විතරයි.

    මම මේ වෙද්දි අහිංසක මිනිසුන්ගේ සහ සතුන්ගේ ජීවිත සැලකිය යුතු ප්‍ර‍මාණයක් බේරගෙන තියනවා. ඒක කලේ ඔබ ගරහන, අවඥාවෙන් සලකන, විද්‍යාවෙන් ඔප්පු කරලා නැති අපේ මුතුන්මිත්තන් මගින් මට අතිතයෙන් උරුම වෙලා තියන දෙයකින්. උබ කියයි ඒ උරුමය කේන්දර ගැන තියන විෂය වෙන්න ඔිනේ කියලා. නෑ.... ඔබ වැරදියි. මම ඒ දේ කලේ හෙල වෙදකමෙන්. (ආයුර්වේදය නෙවෙයි එය අපිට ඉන්දියාවෙන් ලද දෙයක්) අපේ හෙල වෙදකමේදි රෝගියෙක් සුවපත් කරන්න වෙදකම, නක්ෂස්ත්‍ර‍ සහ ගුප්ත ශාස්ත්‍ර‍ කියන විෂයන් 03 එකිනෙකට බැදී තියනවා. මම ඒ විෂයන්ගේ පොඩි පොඩි කරුණු වලින් රෝගියාගේ රෝග විනිශ්චය කරලා තියනවා. ඒත් මම නක්ෂස්ත්‍ර‍ සහ ගුප්ත ශාස්ත්‍ර‍ කියන විෂයන් ඉගනගන්න ආසාවක් නැ. මම ආදරය කරන්නේ වෙදකම කියන විෂයට. නමුත් රෝග විනිශ්චයේදී අපේ අප්පච්චි නක්ෂස්ත්‍රයේ එන තත්කාලය කියන විෂය හරි අපුරුවට භාවිතයට ගන්නවා. මට ඒක විද්‍යාත්මකව පහදන්න හෝ ඔප්පු කරන්න කිසිම හැකියාවක් නෑ... අප්පච්චි තත්කාලයෙන් ගාන හදලා නාඩි අල්ලලා ශරිරයේ කිපී ඇති දෝෂය හරියටම හදුනගන්නවා. මට තාම හිතාගන්න අමාරුයි අප්පච්චි ඒක කරන්නේ කොහොමද කියලා.

    ඊට පස්සේ ඔබ කියයි මම වෙදකමිනුත් සල්ලි ගරන් කන එකෙක් වෙන්න ඇති කියලා.. නෑ මම රට වෙනුවෙන් කරපු කැප කිරීමට සහ සේවයට විශ්‍රාම වැටුපක් ලබනවා. මට ජීවත්වෙන්න ඒ දේ හොදටෝම ඇති. අපේ ලගට එන රෝගීන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බුලත් අතක් විතරයි. අපි ඒ සේවාව බොහොම අප්‍ර‍කටව තමයි කරන්නේ. ගොඩක් අපෙන් බෙහෙත් ගන්න එන්නේ ගම්බදව ඉන්න ඉතාමත්ම දුක් විදින අසරණම අසරණ මිනිස්සු විතරයි. ඒ මිනිස්සුන්ට අපේ ප්‍ර‍තිකාර ක්‍ර‍මය ගැන මහා විශ්වාසයක් තියනවා. අපිට එය හොදටෝම ඇති. සමහර විට ඔබ කියයි අපේ හෙල වෙදකමත් මහම මහ පට්ටපල් බොරුවක් කියලා.... මට කිසිම අවුලක් නෑ ඔබ ඕන දෙයක් හිතා ගත්තට.

    අනික මම කොහෙද? කොතනද? බොරුවක් සමාජගත කරලා තියෙන්නේ මම ව්‍යංගයෙන් මේ ත්‍රෙඩ් එක දාපු මලයට කියලා තියෙන්නේ උට කේන්දර ගැන විශ්වාස කරන්න එපා කියලා. උට මොලයක් තියනවා නම් ඌ ඒක තේරුම් ගනීවි. කිසිදු අවස්ථාවක මම කේන්දර මුදලාලිලාගේ වැරදි දේවල් සමාජ ගත කරන්න ගියේ නෑ. එවුන්ගේ පැත්ත ගන්න ගියෙත් නැ. මම ඒ විෂය ගැන වැඩිය දන්නේ නැති නිසා ඒ ගැන විවේචනය කරන්න ගියෙත් නෑ.

    අවසන් වශයෙන් ලෝකේ ගොඩක් දේවල් තියනවා විද්‍යාවෙන් ඔප්පුකරගන්න බැරි... විද්‍යාවෙන් ඔප්පු නොකලා කියලා ඔබට ඒ හැම දේම බොරුයි කියන්න බෑ. ඔබ ඒවා බොරුයි කියනවා නම් වෙන එකෙක් ඇවිත් ඔබට කියයි ඔබ මහ ලොකුවට අදහන විද්‍යාවත් බොරුයි කියලා.....

    මිනිසාගේ ඉරණම මිනිසා විසින්ම තිරණය කර ගනිවී..... අතිතයේ උනෙත් ඒක.. අනාගතේ වෙන්නෙත් ඒක..
     
    Last edited:
    • Love
    Reactions: indika_sam