නෑ කියලා තමයි ඉතින් අපිත් කියන්නේ. ඒ වුණාට ඔය ජොතිෂ්‍ය ගැන කතා කරණ ඈයෝ හැමදාම බුදු දහම පළිහක් විදිහට පවිච්චි කළා.
මේ ගැන ලියන්න දෙයක් නෑ.
ඉන්දියාවෙන් ආවේ නෑ කියලා කියන්න සාධක තියෙනවද? මෑත සියවස් කිහිපය හැරුණාම ජොතිෂ්‍ය ගැන සිංහලෙන් ලියපු පොත් මොනවද? ලංකාවේ ජොතිෂ්‍ය කාරයන්ට පෙන්නන්න තියෙන්නෙත් පොත් අතළොස්සක් විතරයි. ඒවාත් සංස්කෘත පොත්. ඔය අතරින් ලංකාවේ ජෝතිෂ්යකාරයන්ට කතා කරන්න පුළුවන් පොතකට කියලා තියෙන්නේ දෛවඥ කාමධේනුව විතරයි. ඒකත් ලංකාවේ ලියැවුණාට සංස්කෘත භාෂාවෙන් ලියලා තියෙන්නේ.
"හින්දු දහම තුල බොහො විට ජෝතිෂ්‍ය සංකල්ප දක්නට ඇත. බුදු දහමටද ජොතිෂ්‍ය සංකල්ප පැමිණියේ හින්දු දහමින් බව විශ්වාස කෙරේ."
source- wikipedia https://bit.ly/2XRmGHz
ඔප්පු කළොත් පිළිගන්නවා. මාගේ මතයම නිවරදියැයි අල්ලාගෙන ඉන්නමට අවශ්‍ය නෑ. ඔබට පුළුවන්නම් ඔප්පු කරන්න.
ඉහතින් සටහන් කර ඇත.
ඔය කියන විදිහට බැලුවහම. විෂ්ණු දෙවියෝ අපේ මුත්තෙක්ය. කතරගම දෙවියොත් මුත්තෙක්ය. සරස්වතී ඔය මුත්තෝ දෙන්නගේ කවුරු හරි වෙන්ට ඕනෑ.
ඔබ අසා ඇති විෂ්ණු කතරගම දේව කතා නොව අපේම මුතුන් මිත්තෝ මේ නමින් හඳුන්වා ඇත. ඔවුන් මේ රටේ ජිවත් වී ඇත. සාක්ෂි බොහෝමයක් සුද්දගේ කාලේ විනාශ කර හෝ රට පටවා ඇත. විෂ්ණු යනු දෙවුන්දර දේවාලයේ සිටින දෙවියන්ය. සතර වරම් දෙවි වරුන්ගෙන් එක් අයෙකි. කතරගම දෙවි ලෙස දැන් හඳුන්වන්නේ ස්කන්ධ කුමාර් වුවත් අපේ කතරගම දෙවි යනු මහාසේන ප්‍රාදේශීය රජතුමාය. ඔහු සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය වෙලාවේ කැපු කෙස් හා මගුල් කඩුව රැගෙනවිත් එය තැන්පත් කර කිහිරි වනයේ කිරිවෙහෙර නිර්මාණය කර ඇත. අදටද කිරිවෙහෙර දෙස බලාගෙන සිටින පිළිමය මහාසේන උත්තමයාගේය. දැන හෝ නොදැන අප අපේ දෙවියන් ලෙස ගරු බුහුමන් කරන්නේ අපේ මුතුන් මිත්තන්ටය. ඒ ගැන සෙවීම හා පිළිගැනීම ඔබ සතු කාර්යයකි.
කෝවිල් හා දේවාල යැයි දෙකක් ඇති බව සැබෑවක්. නමුත් කොවිල් තුළ දෙමලුන්ද දේවාල තුළ සිංහලයෝ ද එකම දෙවියන්ව අදහන්නේ නැද්ද?
සිංහල ලේබලය අලවාගත් දෙවියෝ නැතිවා නොවේ. ඔවුන්ගෙන් සාතිශය මෑත කාලයෙහි දේවත්වයට පත් වූවෝය. මින්නේරිය වැව හැදු මහසෙන් රජු ද අපේ එවුන්ට මින්නේරිය දෙවියන් වූහ. මහවිහාරය කඩා දමා, එහි භික්ෂූන්ට දානය දීම නවතා දැමූ රජෙක් දෙවත්වයට පැමිණියේ කෙසෙදැයි අසන්නට එකෙක් නැත.
මින්නේරිය දෙවි නොහොත් මහසෙන් රජු මුලින් කරපු දේ පමණක් ඔබ සටහන් කර ඇත. මේ සිද්ධියෙන් පසු ඔහුගේම මහා ඇමති ඔහුට විරුද්ධව යුද වැදීමට සුදානම් වූ විට ඇති වූ සාකච්චාවෙන් පසු ඔහුගේ වරද පිළිගෙන නැවත බුදු දහමට කරපු දේ ගැනද සොයාගෙන කියවන්න.