car ekaka wheel alignment kara ganna Peradeniya awata honda place ekak mokakda ?
රැක් මවුන්ට් නේද?ඉදිරිපස රෝද වල සහ රැක් එකේ රබර් වලින් නිෂ්පාදිත බුෂ් කොටස් කීපයක් තියනවා. ඒවා ගෙවිලා හෝ කැඩිලා ගිහිල්ලා තිබුනොත් එලයින්මන්ට් ගහන එකේ තේරැමක් නැතිව යනවා. නිකන් සල්ලි අපරාදේ.. ඒක නිසා දන්න මැකෑනික් කෙනෙක් ලව්වා බුෂ් ටික හොදින් පවතිනවාද කියලා බලන්න.
පේරාදෙණිය ස්ටේෂන් එක හරියේ ඉන්නවා හොද මැකෑනික් කෙනෙක්. නම නම් මතක නෑ. ගල් පාලම පහුකරලා ස්ටේෂන් එක පැත්තට යනකොට පාරේ දකුණු අත පැත්තට හන්දියක් හමු වෙනවා. එතන තමා ගරාජ් එක තියෙන්නේ...
M.J.R. Peiris & Sons නම් අවුලක් නෑ. ගාන නම් ටිකක් වැඩි. නුවර ඉදන් කටුගස්තොට පාරේ යනකොට බිංගේ පහුකරනවාත් එක්කම පාරේ දකුණු අත පැත්තේ තියෙන්නේ.
රැක් මවුන්ට් නේද?
ගොඩක් වෙලාවට එලයින්මන්ට් කරන තැනින් අඩුපාඩු පෙන්නල හදන් එන්න කියනව.