same story බන් , මන් fb එකත් BDay එක හයිඩ් කරලා තියෙන්නේ, එක නිසා ශෝෂල් මිඩියා විශ් නම් නෑ , පිට පිට තුන්වෙනි වතාවටත් මේ පාර ගෙදර අම්මටත් අමතක් උනා birthday එක , එයා ඉස්සර නම් අඩුම නිකන් හරි විශ් කරනවා.. සර්ප්රයිස් පාටි නම් මටත් කවදාවත් තිබිලා නෑ බන් . ඇත්තටම කිව්වොත් සර්ප්රයිස් පාටි එකක් හම්බුනොත් මන් මැරෙයි . මගේ කියලා කේක් එකක් මන් දන්නා කියන කාලෙක කපලා නෑ .මගේ බර්ත්ඩේ එක තිබ්බ දවස් කීපයකට කලින්. මට හෙන ලොකු දෙයක් නෙමේ බර්ත්ඩේ එක කියන එක.
ඒත් මම දැක්ක දෙයක් නිකන් කියන්න හිතුන.
බර්ත් ඩේ වලදි හැම පවුලකම වගේ... දුප්පත් පොහොසත් බේදයක් නැතුව.... හැබැයි පොහොසත් අයගෙ වැඩියි වගේ... ඒව සමරනව ළමයින්ගෙ ගෙදර අයගෙ පොඩියට හරි කේක් එකක් කපල. ගොඩක් වෙලාවට එහෙම කේක් ගෙනල්ල ගේම ගහන්නේ ගෙදර අනිත් අය බර්ත්ඩේ එක සමරන කෙනො වෙනුවෙන්. තමන්ගෙ ආදරේ කෙයාරින් එක පෙන්වන්න.
උබලට කියන්න මට දැන් 28යි. මේ අවුරුදු 28ට මට එහෙම කේක් තියා විශ් එකක්වත් ලැබිල නෑ කිසිම කෙනෙක්ගෙන්. අඩුම තරමෙ ගෙදර අයට මගේ බර්ත්ඩේ එක කියලවත් මතක නෑ. මටත් මතක නෑ මම පොඩි කාලෙනම්. ඒත් දැන් නාකිවේගෙන එන නිසා වයස ගැන ටිකක් හිතෙන නිසා. මට මතකයි බර්ත් ඩේ එක ඒත් ඉස්සර වගේම ගෙදර අයට මතක නෑ. මම මතක් කරන්න යන්නෙත් නෑ. කිසිම විශ් එකකුත් නෑ. ඒක නිකන්ම නිකන් දවසක් විතරයි.
මගේ යාලුවෙක්ගෙ බර්ත් ඩේ එකක් තිබ්බ ඊයෙ ඌටත් 28 ලැබුව. කේක් කපල, අර ගින්දර විදින පන්දම් ගහල, බැලුන් එල්ලල, ගෙදර අයයි, නෑදෑයොයි ඇවිල්ල සුපිරියට එන්ජෝයි කරල තිබ්බ. ඌට හෙනට තෑගිත් හම්බවෙලා තිබ්බ. ඌ කරපු මගුලක් නෑ ගෙදර අය කරල තියෙන්නේ.
මම කල්පනා කරේ ඇයි මට මේව ලැබෙන්නැත්තේ කියල බන්. දුකක් නෑ ඒත් නිකන් මොකක්ද වගේ. මට මුකුත් තෑගිවත් කේක්වත් ඕන නෑ මතක තිබ්බත් ඇති.
ලැබීම නේ බන් එක එකාගෙ?
උබල දැන් පන්ඩිත කතා කියන්න එපා ඕව මොකටද සෙලිබ්රේට් කරන්නේ අවුරුද්දකින් මරනෙට ලඟා වෙනව අනම් මනං. ඒක ඇත්ත බන් මම කියන්නේ වෙන දෙයක්.
මට තේරෙන්නෑ බන්..................
කසින් අක්කා කෙනෙක් ඉන්නවා එකී නම් විශ් කරනවා දවසක් පහු වෙලා හරි . සමහර වෙලාවට එකී තමා අම්මට කියන්නෙත් උපන්දිනේ තිබ්බ නේද කියලා . මේ සැරෙත් එහම කියලා තමා සතියකට විතර පස්සේ අම්මට මතක් උනේ ..
සමහර වෙලාවට උබටත් වඩා අවුල් මට මොකද ගෙදර අනිත් උන්ගේ ඔක්කොම වගේ උපන්දිනේට අඩුම කේක් එකක් වත් කපනවා අපේ ගෙදර මන්ම ගොඩක් වෙලාවට ඔන්ලයින් ඔර්ඩර් කරලා යවනේ ....
මට නම් දැන් ටිකක් පුරුදු වෙලා බන් , විශ් නැතුව ඉන්න . එත් ඉතින් එදාට විශ් එකක් නැති උනාම අපි ගැන care කරන එකෙක් වත් නෑ නේ කියන ෆිලින් එක එනවා නේ .. (පළවෙනියටම අම්මා විශ් කරපු නැති දවසේ නම් පට්ටම අවුලක් දැනුනා මට )
තේරෙන්නේ නෑ බන් මටත්...
මන් නම් දැන් කරන්නේ පිළිකා රෝහලට ඔය තැබිලි දොඩම් වගේ ඒවා දෙන එකකට හරි , නැත්නම් ඔය කාට හරි උදව් කරන එකකට නිවාඩු දාලා හරි ගිහින් සම්මාදම් වෙනවා, තනියෙන් කරන්නේ නෑ දන්නා කියන උන් සෙට් වෙලා කරන ඒවා තියෙනවානේ එකට සම්මාදම් වෙන එක තමා. ගොඩක් වෙලාවට උපන්දිනේ දවසේ නෙවේ වෙන්නේ වැඩේ නම් .. එත් පට්ට හැපී, සාමානයෙන් මන් charity work වලට 5ක් වගේ වෙන් කරන්නේ මාසෙකට , ඔය එකට ටිකක් වැඩිපුර වියදම් කරනවා . මේ පාරත් තැබිලි දුන්නා පිළිකා රෝගීන්ට ...
දීලා ඔක්කොම ඉවර කරලා ආවටත් පස්සේ තමා උන්ටත් කිව්වේ උපන්දිනේ පහු උනා බන් එකටත් එක්ක දුන්නේ කියලා
