My Birthday vs. My friends's Birthday

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මගේ බර්ත්ඩේ එක තිබ්බ දවස් කීපයකට කලින්. මට හෙන ලොකු දෙයක් නෙමේ බර්ත්ඩේ එක කියන එක.

    ඒත් මම දැක්ක දෙයක් නිකන් කියන්න හිතුන.

    බර්ත් ඩේ වලදි හැම පවුලකම වගේ... දුප්පත් පොහොසත් බේදයක් නැතුව.... හැබැයි පොහොසත් අයගෙ වැඩියි වගේ... ඒව සමරනව ළමයින්ගෙ ගෙදර අයගෙ පොඩියට හරි කේක් එකක් කපල. ගොඩක් වෙලාවට එහෙම කේක් ගෙනල්ල ගේම ගහන්නේ ගෙදර අනිත් අය බර්ත්ඩේ එක සමරන කෙනො වෙනුවෙන්. තමන්ගෙ ආදරේ කෙයාරින් එක පෙන්වන්න.

    උබලට කියන්න මට දැන් 28යි. මේ අවුරුදු 28ට මට එහෙම කේක් තියා විශ් එකක්වත් ලැබිල නෑ කිසිම කෙනෙක්ගෙන්. අඩුම තරමෙ ගෙදර අයට මගේ බර්ත්ඩේ එක කියලවත් මතක නෑ. මටත් මතක නෑ මම පොඩි කාලෙනම්. ඒත් දැන් නාකිවේගෙන එන නිසා වයස ගැන ටිකක් හිතෙන නිසා. මට මතකයි බර්ත් ඩේ එක ඒත් ඉස්සර වගේම ගෙදර අයට මතක නෑ. මම මතක් කරන්න යන්නෙත් නෑ. කිසිම විශ් එකකුත් නෑ. ඒක නිකන්ම නිකන් දවසක් විතරයි.

    මගේ යාලුවෙක්ගෙ බර්ත් ඩේ එකක් තිබ්බ ඊයෙ ඌටත් 28 ලැබුව. කේක් කපල, අර ගින්දර විදින පන්දම් ගහල, බැලුන් එල්ලල, ගෙදර අයයි, නෑදෑයොයි ඇවිල්ල සුපිරියට එන්ජෝයි කරල තිබ්බ. ඌට හෙනට තෑගිත් හම්බවෙලා තිබ්බ. ඌ කරපු මගුලක් නෑ ගෙදර අය කරල තියෙන්නේ.

    මම කල්පනා කරේ ඇයි මට මේව ලැබෙන්නැත්තේ කියල බන්. දුකක් නෑ ඒත් නිකන් මොකක්ද වගේ. මට මුකුත් තෑගිවත් කේක්වත් ඕන නෑ මතක තිබ්බත් ඇති.

    ලැබීම නේ බන් එක එකාගෙ?

    උබල දැන් පන්ඩිත කතා කියන්න එපා ඕව මොකටද සෙලිබ්‍රේට් කරන්නේ අවුරුද්දකින් මරනෙට ලඟා වෙනව අනම් මනං. ඒක ඇත්ත බන් මම කියන්නේ වෙන දෙයක්.

    මට තේරෙන්නෑ බන්..................
    same story බන් , මන් fb එකත් BDay එක හයිඩ් කරලා තියෙන්නේ, එක නිසා ශෝෂල් මිඩියා විශ් නම් නෑ , පිට පිට තුන්වෙනි වතාවටත් මේ පාර ගෙදර අම්මටත් අමතක් උනා birthday එක , එයා ඉස්සර නම් අඩුම නිකන් හරි විශ් කරනවා.. සර්ප්‍රයිස් පාටි නම් මටත් කවදාවත් තිබිලා නෑ බන් . ඇත්තටම කිව්වොත් සර්ප්‍රයිස් පාටි එකක් හම්බුනොත් මන් මැරෙයි . මගේ කියලා කේක් එකක් මන් දන්නා කියන කාලෙක කපලා නෑ .
    කසින් අක්කා කෙනෙක් ඉන්නවා එකී නම් විශ් කරනවා දවසක් පහු වෙලා හරි . සමහර වෙලාවට එකී තමා අම්මට කියන්නෙත් උපන්දිනේ තිබ්බ නේද කියලා . මේ සැරෙත් එහම කියලා තමා සතියකට විතර පස්සේ අම්මට මතක් උනේ ..

    සමහර වෙලාවට උබටත් වඩා අවුල් මට මොකද ගෙදර අනිත් උන්ගේ ඔක්කොම වගේ උපන්දිනේට අඩුම කේක් එකක් වත් කපනවා අපේ ගෙදර මන්ම ගොඩක් වෙලාවට ඔන්ලයින් ඔර්ඩර් කරලා යවනේ ....

    මට නම් දැන් ටිකක් පුරුදු වෙලා බන් , විශ් නැතුව ඉන්න . එත් ඉතින් එදාට විශ් එකක් නැති උනාම අපි ගැන care කරන එකෙක් වත් නෑ නේ කියන ෆිලින් එක එනවා නේ .. (පළවෙනියටම අම්මා විශ් කරපු නැති දවසේ නම් පට්ටම අවුලක් දැනුනා මට )

    තේරෙන්නේ නෑ බන් මටත්...

    මන් නම් දැන් කරන්නේ පිළිකා රෝහලට ඔය තැබිලි දොඩම් වගේ ඒවා දෙන එකකට හරි , නැත්නම් ඔය කාට හරි උදව් කරන එකකට නිවාඩු දාලා හරි ගිහින් සම්මාදම් වෙනවා, තනියෙන් කරන්නේ නෑ දන්නා කියන උන් සෙට් වෙලා කරන ඒවා තියෙනවානේ එකට සම්මාදම් වෙන එක තමා. ගොඩක් වෙලාවට උපන්දිනේ දවසේ නෙවේ වෙන්නේ වැඩේ නම් .. එත් පට්ට හැපී, සාමානයෙන් මන් charity work වලට 5ක් වගේ වෙන් කරන්නේ මාසෙකට , ඔය එකට ටිකක් වැඩිපුර වියදම් කරනවා . මේ පාරත් තැබිලි දුන්නා පිළිකා රෝගීන්ට ...
    දීලා ඔක්කොම ඉවර කරලා ආවටත් පස්සේ තමා උන්ටත් කිව්වේ උපන්දිනේ පහු උනා බන් එකටත් එක්ක දුන්නේ කියලා
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    එහෙම විශේෂයක් නෑ බන්.. කේක් එකක් නම් කපනවා.. අම්මා නම් කහ බතක් ගහලා චිකන් පාරක් දානවා.. ලොකු සීන් නෑ.

    මට ආසාවක් තියෙනවා මම හම්බ කරන දවසක අම්මලට කෑමකට අරන් යන්න.. පීසා හට් ඉලයිට් වගේ තැනකට..
     
    • Love
    • Like
    Reactions: Error365! and D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට දැන් 23ක් මගේ එක තිබ්බ දවසක්වත් දන්නේ නෑ...මගේම අක්කගේ එක අහලපහල අයටත් කියලා හොදටම ගත්තා බන්....බොරු කියන්න ඕනි නෑනේ.මට න්න් රෑ අඩුනා...මගෙත් ඔහොම අරන් නෑ කවදාවත්...හැබයි අක්කගේ පොඩි කාලේ ඉන්දලම ගන්නවා..මම ගෙදර හැමෝගෙම උපන් දිනේට මොනවා හරි තෑග්ගකුත් දෙනවා...ඒ උනාට එයාලට මෙලෝ දෙයක් මතක නෑ.අක්කා නන් සල්ලි තිබ්බොත් එයා අතේ මොනා හරි තෑග්ගක් දෙනවා.අම්මටයි තාත්තටයි නන් මතකම නෑ...ගිය අවුරුද්ද්‍රෙ බර්ත්ඩේ එකට මම ගෙදර ආවා කැම්පස් එකේ ඉන්දලා...බර්ත් ඩේ එක දවසේ නැකිටිනකොට ගෙදර මිනිස්සු යන්න ගිහින් දානේ ගෙදරක,උදේට උයපුවම ත්මයි දවල්ටත් කෑවේ..රගර් ගහලා අත කෙටිලා තිබ්බ එකට බෙහෙත් වගයක් ගන්න ඕනි වෙලා හවස කැම්ප්ස් යන ගමන් බෙහෙත් ගන්න ගියාම.එතන සෙනග කියලා බලා ඉන්න බෑ කියාලා තාත්තා යන්න ගියා...මට බෑග් එකවත් උස්සගන්න බෑ අත කෙටිලා නිසා.මම තනියම බෙහෙත් අරන් ඇවිත් බෝර්ඩිමට ගියා...මේ පාර නන් මම කොරෝනනේ කියලා හිත හදා ගත්තා....ඒ වුනාට අමාරු කාල තමයි බන් අපිව ශක්තිමත් කරන්නේ.be strong
    අක්කගෙ බිග් ගර්ල් පාටිය ලොකුවට ගන්න ඇත්තෙ
    කෙල්ලොන්ට බිග් බොයි පාටි නැනෙ
     
    • Like
    • Haha
    Reactions: D_Mad and Kodiya97

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    ඔය වගේ දේවල් වලය හිත රිදෙනවා ඉතින් අපි මිනිස්සුනේ,
    හැබැයි ඉතින් ඕක ලොකුවට හිතන්ඩ යන්ඩ ඕන නැ බන්,
    බැදපු දවසක වයිෆ්ට මතක් වෙයි.
    මම නම් මගේ බර්ත්ඩේ එකට කේක් ගෙන එක තහනම් කරලා තියෙන්නේ බොලද වැඩ වගේ හින්දා
    හැබැයි ඉතින් ගෙදර අනිත් අයගේ ඒවාට මම මතක් කරලා කේක් එකක් හදවනවා

    බැදපු දවසක , ube b'day eka nevey wife eka hodata mathaka thiyagani .... :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,188
    113
    මගේ බර්ත්ඩේ එක තිබ්බ දවස් කීපයකට කලින්. මට හෙන ලොකු දෙයක් නෙමේ බර්ත්ඩේ එක කියන එක.

    ඒත් මම දැක්ක දෙයක් නිකන් කියන්න හිතුන.

    බර්ත් ඩේ වලදි හැම පවුලකම වගේ... දුප්පත් පොහොසත් බේදයක් නැතුව.... හැබැයි පොහොසත් අයගෙ වැඩියි වගේ... ඒව සමරනව ළමයින්ගෙ ගෙදර අයගෙ පොඩියට හරි කේක් එකක් කපල. ගොඩක් වෙලාවට එහෙම කේක් ගෙනල්ල ගේම ගහන්නේ ගෙදර අනිත් අය බර්ත්ඩේ එක සමරන කෙනො වෙනුවෙන්. තමන්ගෙ ආදරේ කෙයාරින් එක පෙන්වන්න.

    උබලට කියන්න මට දැන් 28යි. මේ අවුරුදු 28ට මට එහෙම කේක් තියා විශ් එකක්වත් ලැබිල නෑ කිසිම කෙනෙක්ගෙන්. අඩුම තරමෙ ගෙදර අයට මගේ බර්ත්ඩේ එක කියලවත් මතක නෑ. මටත් මතක නෑ මම පොඩි කාලෙනම්. ඒත් දැන් නාකිවේගෙන එන නිසා වයස ගැන ටිකක් හිතෙන නිසා. මට මතකයි බර්ත් ඩේ එක ඒත් ඉස්සර වගේම ගෙදර අයට මතක නෑ. මම මතක් කරන්න යන්නෙත් නෑ. කිසිම විශ් එකකුත් නෑ. ඒක නිකන්ම නිකන් දවසක් විතරයි.

    මගේ යාලුවෙක්ගෙ බර්ත් ඩේ එකක් තිබ්බ ඊයෙ ඌටත් 28 ලැබුව. කේක් කපල, අර ගින්දර විදින පන්දම් ගහල, බැලුන් එල්ලල, ගෙදර අයයි, නෑදෑයොයි ඇවිල්ල සුපිරියට එන්ජෝයි කරල තිබ්බ. ඌට හෙනට තෑගිත් හම්බවෙලා තිබ්බ. ඌ කරපු මගුලක් නෑ ගෙදර අය කරල තියෙන්නේ.

    මම කල්පනා කරේ ඇයි මට මේව ලැබෙන්නැත්තේ කියල බන්. දුකක් නෑ ඒත් නිකන් මොකක්ද වගේ. මට මුකුත් තෑගිවත් කේක්වත් ඕන නෑ මතක තිබ්බත් ඇති.

    ලැබීම නේ බන් එක එකාගෙ?

    උබල දැන් පන්ඩිත කතා කියන්න එපා ඕව මොකටද සෙලිබ්‍රේට් කරන්නේ අවුරුද්දකින් මරනෙට ලඟා වෙනව අනම් මනං. ඒක ඇත්ත බන් මම කියන්නේ වෙන දෙයක්.

    මට තේරෙන්නෑ බන්..................

    මමනම් Birthday celebrate / care කරන්නෙ නෑ ගෙදරින්නම් call /wish කරනවා
    මම FB එකෙත් birthday එක Hide කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: D_Mad

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    මගෙත් පාටි නැත. මේ සතියේ තියෙන්නෙ. එදාට සල්ලි ටිකක් එකතු කරලා ෆික්ස් කරනවා. ගෙදර අයයි කෙල්ලයි විතරයි විශ් කරන්නේ. පුරුදු විදිහට දවස් 2 කට කලින් පේස්බුක් ඩිසේබල් කරනවා. යාලුවො දැනගත්තොත් අනිවා ජරාවක් නාන්න වෙනවාමයි. තවත් එක සාමාන්‍ය දවසක් විතරයි. උදේට කිරිබත් ටිකක් හදනවා එච්චරයි
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,937
    746
    113
    මෙහෙ තමා
    man nam kalin dawasae fb hitan deactivate karanawa bn. nikan katha ahaganna oni nane.office yaddi mn cake ekak geiynawa.bonna aran denna puluwannam oni unta aran denawa hodata.echcharai.
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,089
    113
    එකමත් එක රටක
    giphy (7).gif
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Mama FB deactivate karanawa birthday dawasa kittu weddi. Malama wathayak reply karanna giyama wishes walata 🤮
    මගෙත් පාටි නැත. මේ සතියේ තියෙන්නෙ. එදාට සල්ලි ටිකක් එකතු කරලා ෆික්ස් කරනවා. ගෙදර අයයි කෙල්ලයි විතරයි විශ් කරන්නේ. පුරුදු විදිහට දවස් 2 කට කලින් පේස්බුක් ඩිසේබල් කරනවා. යාලුවො දැනගත්තොත් අනිවා ජරාවක් නාන්න වෙනවාමයි. තවත් එක සාමාන්‍ය දවසක් විතරයි. උදේට කිරිබත් ටිකක් හදනවා එච්චරයි

    මට fb deactivate කරන දේ තමා කරන්න බැරිම වැඩේ , deactivate කරපු ගමන් අපේ උන් හිතන්නේ මොකක් හරි අවුලක් කියලා . එක නිසා හයිඩ් කරලම තමා තියන්නේ . deactivate කලොත් අනිවා notice වෙනවා. මොකද්ද සින් එක කියලා හොයලා බලද්දී අහුවෙනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    මට fb deactivate කරන දේ තමා කරන්න බැරිම වැඩේ , deactivate කරපු ගමන් අපේ උන් හිතන්නේ මොකක් හරි අවුලක් කියලා . එක නිසා හයිඩ් කරලම තමා තියන්නේ . deactivate කලොත් අනිවා notice වෙනවා. මොකද්ද සින් එක කියලා හොයලා බලද්දී අහුවෙනවා

    deactivate කරන්නේ මුන් පොටෝ එඩිට් කරලා දාන නිසා
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    deactivate කරන්නේ මුන් පොටෝ එඩිට් කරලා දාන නිසා
    අපේ උන් නම් ආව දවසට උනත් දායි .. හයිඩ් කරලා තිබ්බම උන්ට මතක් වෙන්නේ නෑ..
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113
    මටත් ඔහොම තමා...එත් මන් හම්බ කරන්න ගත්තු දවසේ ඉදල..මන් මටම cake එකක් ගේනවා...ඉටි පන්දම් නම් නෑ....මටම තෑගීත් ගන්නවා.....Treat YourSelf.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මටත් ඔහොම තමා...එත් මන් හම්බ කරන්න ගත්තු දවසේ ඉදල..මන් මටම cake එකක් ගේනවා...ඉටි පන්දම් නම් නෑ....මටම තෑගීත් ගන්නවා.....Treat YourSelf.
    මාත් ඔය දේ කරනවා.. මගේ උපන්දිනේ කියලා හොද හෝටලයකින් හරි ආසකරන කෑමක් කනවා ටිකක් වියදම් කරලා ..
     
    • Like
    Reactions: Sx3 and kasun_kbp

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඔය බර්ත්ඩේ නැතුවට උබ ගොඩක් වාසනාවන්තයි බන්..ගර්ල් ප්‍රෙන් කෙනෙක් නැද්ද මචෝ... බැන්දම වයිෆ් එදාට උබට උම්මා කෝටියක් දීලා ඇස් බැදලා එක්කන් ගිහින් කේක් කපලා..පැය බාගෙක විතර ලිප් කිස් එකක් දීලා..රෑ එලිවෙනකන් ඩිස්ටි ඩිඩින් කරමුද කියලත් අහවි...කම්පා නොවන්න මිතුරේ.... :love:
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අපි ඉස්සර අමු හිඟන්නෝ කියල මීට කලින් post කරලා ඇති.
    මම පොඩි කාලේ කවදාවත් birthday celebrate කරලා නැහැ, මොකද cake තියා හාල් ගන්නවත් සල්ලි නැහැ.
    දැන් කොච්චර සල්ලි තිබ්බත් මම celebrate කරන්නේ නම් නැහැ. අම්ම තාත්ත වුනත් wish කරන්නේ නැහැ මොකද පොඩි කාලේ ගන්න තිබ්බ ආතල් දැන් නාකි වෙලා අරන් වැඩක් තියෙද?

    මට නම් ඕක ගානක් නැහැ. ඇත්තම කිව්වොත් මම ඔය ගැන හිතන්නෙත් නැහැ. මොකද ඔය මොකාට අපේ birthday එකක් මතක් වුනත් උන් එන්නේ අපෙන් මොකක් හරි කඩා ගන්නනේ? අපිට love එකට නෙමෙයි නේ?

    පසුව ලියමි: @elakiri මචන්ල, මේ forum එකේ හැමදාම lol පොස්ට් දාන මේ @bornunlucky උයි අර @AnuradhaRa කාරයයි අල්ලලා බැඳලා දෙමුද? උන් දෙන්නට උන්වම form කර කර හිටිය හැකි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    මටත් ඔහොම තමයි. යාළුවෝ ඔක්කෝටම cake ගෙනැල්ලා suprice කරා. මගේ birthday එකේ එද්දී corona ආවා. කවදාවත් මට ඔහොම cake එකෙක් කපලා නෑ.
    Brthday එකටම නෙවෙයි. කවදාවත් ම මට නිකන්වත් කිසිම කෙනෙක් ගෙන් gift එකක් වත් හම්බ වෙලා නෑ.

    මේවා ගැන කාටවත් කියලා උගේ අනුකම්පාවෙන් අරගෙන වැඩක් නැ.
    මගේ ගැන හැඟීමෙන් මේ දේවල් කව්රහරි දුන්නොත් මට එකාව මැරෙන කම්ම අමතක වෙන එකක් නැ.
     
    • Like
    Reactions: Commex