Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං මට ගන්න ඕන ජිග් සෝ එකකුයි, ඩ්‍රිල් එකකුයි, ග්‍රයින්ඩර් එකකුයි. අරමුණ සිම්පල් DIY Furniture ටිකක් හදාගන්න free වෙලාවට. ඔය ප්ලයිවූඩ්, MDF boards, අනන් මනන් ලෑලි එහෙම පාවිච්චි කරලා . මට මේ දේවල් එක්ක පෙර අත්දැකීම් නෑ. පට්ට ආධුනිකයෙක්.

    මට බෝෂ් වගේ දඩ බ්‍රෑන්ඩ් නැතිව ටිකක් අඩු ප්‍රයිස් එකකට අවුරුදු තුන හතරක් පාවිච්චි කරන්න, මේ වැඩ පුරුදු වෙන්න
    මේ ටූල්ස් ගන්න බ්‍රෑන්ඩ් එකක් කියහල්ලා...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    China biggest brand Dongcheng

    Lankawe duplicate thiyenawa.

    Ingco is the best now with original.

    Nawaloka has a sale now for closing down a company. Pls check & got big discounts
     
    • Love
    • Like
    Reactions: D_Mad and maxtalker

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    පාට්ස් ගැන එහෙම හිතලා අඩුවට ගන්නවා නං තියෙන්නෙ Dongcheng තමයි, DBL එවුන් තමයි ඩීලර්, උන්ගෙන්ම ගත්තා නං හරි. සමහර ඒවට ෆ්‍රී සර්විස් එහෙම හම්බෙනවා
    අනෙක් ගොඩක් චයිනීස් බ්‍රෑන්ඩ් වලට මොනවා හරි උනොත් පාට්ස් එහෙම හොයන්නවත් නැහැ. Dongcheng බයක් නැහැ, ඩීලර් ලඟ සේරම පාට්ස් වගේ ගන්න තියනවා

    මේක මකීට තරම්ම හොඳයි කියන්න බැහැ, නමුත් මාකට් එකේ තියන අනෙක් ගොඩක් බ්‍රෑන්ඩ් එක්ක බැලුවම ගොඩක් හොඳ කොලිටියක් තියන බඩු, අවුරුදු හත අටක් පරන dongcheng tools බාස්ල ලඟ තියනවා දැකලා තියනවා. තනියම ගෙදර වැඩක් කරගන්නවා වගේ විතරක්ම නං Dongcheng අවුලක්ම නැහැ, සමහර විට ජීවිත කාලෙම තියේවි පරෙස්සමට ගෙදර වැඩ විතරක් කරනවා නං

    Dongcheng වල තියන ජිග් සෝ එක ටිකක් බර එකක්, ඊට වඩා ගොඩක් හොඳ එකක් එනවා Makita MT(කලින් ආවෙ MakTec කියලා ) කියලා, මේක මකීටා එකෙන්ම කරන DIY එවුන් ටාගට් කරලා කරන රේන්ජ් එකක්, මේක ඔරිජිනල් මකීට එකේ එන හයි එන්ඩ් ෆීචර්ස් සමහර ඒව නැහැ, Made in china නමුත් කොලිටිය කිසිම අවුලක් නැහැ, ගානත් ටිකක් අඩුයි. බ්‍රවුන්ස් එකෙන්මයි කරන්නෙ ඒක නිසා ෆේක් නෙමෙයි බය වෙන්න එපා.
    Makita MT එකේ Drill/Grinder සේරම තියනවා ඒව හැබැයි Dongcheng වලට වඩා ගනන්. ඒක නිසා ඩ්‍රිල් එකයි ග්‍රයින්ඩරේයි Dongcheng අරන් ජිග් සෝ එක Makita MT එක ගත්තා නම් හොඳ වෙයි, උඹේ බජට් එකත් එක්ක බලපන් මදි නං ඒකත් Dongcheng ම ගත්තා කියලා අවුලක් නැහැ

    furniture හදනවා නම් Jig saw එකෙන් MDF කෙලින් කපන්න(විශේශයෙන් දිග බෝඩ් කෑලි, දොරවල් වගේ) හෙනම අමාරුයි, ඒක නිසා jigsaw එක ගන්නෙ නැතුව Circular saw එකක් ගනින්. ඒකෙන් ලොකු බෝඩ් කෙලින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. සාමාන්‍යෙන් furniture හදද්දි jigsaw එක ඕන වෙන්නෙ curve කපන්න ඕන උනොත් තමයි, ඊට වඩා කෙලින් කපන එක වැදගත්. හරි කෙලින් ඇලුමිනියම් බාර් එකක් වගේ තියල jigsaw එකෙන් කෙලින් කපන්න ට්‍රයි කරන්න පුලුවන් ඒත් පොඩි පොඩි ඇද අනිවාර්යෙන් එනවා.
    MDF වගේ ඒවලින් හදනවා නං Grinder එකේ ලොකු අවශ්‍යතාවයක් නැහැ, මොකද ජොයින්ට් එහෙම තමයි කපලා ස්මූත් කරගන්න ඕන, බෝඩ් එක කොහොමත් ග්‍රයින්ඩරෙන් කපන්න බැහැ,එක්කෝ සෑන්ඩර් එකක් ඕන නැත්නම් අතින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.

    එතකොට Circular saw එකයි ඩ්‍රිල් එකයි විතරක් ගත්තම ගොඩක් දුරට පුරුදු වෙන්න furniture හදා ගන්න පුලුවන්, පස්සෙ ඕන උනොත් ග්‍රයින්ඩරයක් හරි සෑන්ඩර් එකක් හරි ගන්න පුලුවන් නේ. ඩ්‍රිල් එක ගනිද්දි hammer option එක තියන එකක් ගනින්.
    Grinder එකක් ගන්නවා නං 4.5inch එකක් ගන්න බලන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    hammer drilling for furniture?

    හිතපන්කෝ මූ හදපු කබඩ් එකක්/Shelf එකක් හරි වෙන මොකක් හරි බිත්තියකට මවුන්ට් කරගන්න වගේඕන උනා කියලා එතකොට මූට වෙන ඩ්‍රිල් හොයන්න යන්නබැහැනේ,
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    ගෙදර පෑන්ට්‍රි එක ගහලා ඉවරද මචං ?
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    ගෙදර පෑන්ට්‍රි එක ගහලා ඉවරද මචං ?
    තාම ඉවර නැහැ බන්, පොඩි එකා එක්ක වැඩකට එක දිගට වෙලාව අරන් කරන්න හෙන අමාරුයි.
    ගිය සතියෙ තමයි ගිහින් Accessories/Hinges/Drawer slides/door handles අනම් මනම් අරන් ආවෙ, සමහර ගැජට් වයිපරේට ඕන විදියට නිසා ඒකි එක්ක ගිහින් ගන්න ඉඳල ගිය සතියෙ ගිහින් ගත්තෙ. දැන් ඉවර කරලා දෙන්න කියලා බර බරේ, තව සති දෙක තුනකින් විතර ඉවර කරගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: D_Mad

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    තාම ඉවර නැහැ බන්, පොඩි එකා එක්ක වැඩකට එක දිගට වෙලාව අරන් කරන්න හෙන අමාරුයි.
    ගිය සතියෙ තමයි ගිහින් Accessories/Hinges/Drawer slides/door handles අනම් මනම් අරන් ආවෙ, සමහර ගැජට් වයිපරේට ඕන විදියට නිසා ඒකි එක්ක ගිහින් ගන්න ඉඳල ගිය සතියෙ ගිහින් ගත්තෙ. දැන් ඉවර කරලා දෙන්න කියලා බර බරේ, තව සති දෙක තුනකින් විතර ඉවර කරගන්න පුලුවන් වෙයි.
    wife ලා නම් එයාලගේ වැඩේ කරලා දෙනකම් බර බරේ තමයි මචන්

    උඹේ ඔය pantry cubed එක හදන හැටි දාලා ත්‍රෙඩ් එකක් හරි youtube video එකක් හරි කරපංකෝ මචෝ ( language එක ප්‍රශයක් නෑ )

    pantry cubed කියනේ ගෙවල් හදන අයට ලොකු වියදමක් යන දෙයක් නිසා උඹේ ත්‍රෙඩ් එකක් හරි youtube video එක බලලා තමන්ටම කරගන්න පුළුවන් නම් ගොඩක් අයට ලොකු උදවුවක් වේවි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පාට්ස් ගැන එහෙම හිතලා අඩුවට ගන්නවා නං තියෙන්නෙ Dongcheng තමයි, DBL එවුන් තමයි ඩීලර්, උන්ගෙන්ම ගත්තා නං හරි. සමහර ඒවට ෆ්‍රී සර්විස් එහෙම හම්බෙනවා
    අනෙක් ගොඩක් චයිනීස් බ්‍රෑන්ඩ් වලට මොනවා හරි උනොත් පාට්ස් එහෙම හොයන්නවත් නැහැ. Dongcheng බයක් නැහැ, ඩීලර් ලඟ සේරම පාට්ස් වගේ ගන්න තියනවා

    මේක මකීට තරම්ම හොඳයි කියන්න බැහැ, නමුත් මාකට් එකේ තියන අනෙක් ගොඩක් බ්‍රෑන්ඩ් එක්ක බැලුවම ගොඩක් හොඳ කොලිටියක් තියන බඩු, අවුරුදු හත අටක් පරන dongcheng tools බාස්ල ලඟ තියනවා දැකලා තියනවා. තනියම ගෙදර වැඩක් කරගන්නවා වගේ විතරක්ම නං Dongcheng අවුලක්ම නැහැ, සමහර විට ජීවිත කාලෙම තියේවි පරෙස්සමට ගෙදර වැඩ විතරක් කරනවා නං

    Dongcheng වල තියන ජිග් සෝ එක ටිකක් බර එකක්, ඊට වඩා ගොඩක් හොඳ එකක් එනවා Makita MT(කලින් ආවෙ MakTec කියලා ) කියලා, මේක මකීටා එකෙන්ම කරන DIY එවුන් ටාගට් කරලා කරන රේන්ජ් එකක්, මේක ඔරිජිනල් මකීට එකේ එන හයි එන්ඩ් ෆීචර්ස් සමහර ඒව නැහැ, Made in china නමුත් කොලිටිය කිසිම අවුලක් නැහැ, ගානත් ටිකක් අඩුයි. බ්‍රවුන්ස් එකෙන්මයි කරන්නෙ ඒක නිසා ෆේක් නෙමෙයි බය වෙන්න එපා.
    Makita MT එකේ Drill/Grinder සේරම තියනවා ඒව හැබැයි Dongcheng වලට වඩා ගනන්. ඒක නිසා ඩ්‍රිල් එකයි ග්‍රයින්ඩරේයි Dongcheng අරන් ජිග් සෝ එක Makita MT එක ගත්තා නම් හොඳ වෙයි, උඹේ බජට් එකත් එක්ක බලපන් මදි නං ඒකත් Dongcheng ම ගත්තා කියලා අවුලක් නැහැ

    furniture හදනවා නම් Jig saw එකෙන් MDF කෙලින් කපන්න(විශේශයෙන් දිග බෝඩ් කෑලි, දොරවල් වගේ) හෙනම අමාරුයි, ඒක නිසා jigsaw එක ගන්නෙ නැතුව Circular saw එකක් ගනින්. ඒකෙන් ලොකු බෝඩ් කෙලින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. සාමාන්‍යෙන් furniture හදද්දි jigsaw එක ඕන වෙන්නෙ curve කපන්න ඕන උනොත් තමයි, ඊට වඩා කෙලින් කපන එක වැදගත්. හරි කෙලින් ඇලුමිනියම් බාර් එකක් වගේ තියල jigsaw එකෙන් කෙලින් කපන්න ට්‍රයි කරන්න පුලුවන් ඒත් පොඩි පොඩි ඇද අනිවාර්යෙන් එනවා.
    MDF වගේ ඒවලින් හදනවා නං Grinder එකේ ලොකු අවශ්‍යතාවයක් නැහැ, මොකද ජොයින්ට් එහෙම තමයි කපලා ස්මූත් කරගන්න ඕන, බෝඩ් එක කොහොමත් ග්‍රයින්ඩරෙන් කපන්න බැහැ,එක්කෝ සෑන්ඩර් එකක් ඕන නැත්නම් අතින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.

    එතකොට Circular saw එකයි ඩ්‍රිල් එකයි විතරක් ගත්තම ගොඩක් දුරට පුරුදු වෙන්න furniture හදා ගන්න පුලුවන්, පස්සෙ ඕන උනොත් ග්‍රයින්ඩරයක් හරි සෑන්ඩර් එකක් හරි ගන්න පුලුවන් නේ. ඩ්‍රිල් එක ගනිද්දි hammer option එක තියන එකක් ගනින්.
    Grinder එකක් ගන්නවා නං 4.5inch එකක් ගන්න බලන්න.
    මචං ගොඩක් ස්තූතියි දිග විස්තරයක් දාන්න මහන්සි උනාට. මම සර්කියුලර් සෝ එකක් නොගෙන ජිග් සෝ එකක් මුලින් ගන්න හිතුවෙ මචං මට මේ ටූල්ස්වලට අතහුරු නැති නිසා. සර්කියුලර් සෝ එකට වඩා ජිග් සෝ එක සේෆ් වගේ කියලා තේරුන නිසා. අනික මුලින්ම පුරුදු වෙන්න පොඩි පොඩි දේවල් හදන නිසා ජිග් සෝ එක ප්‍රමාණවත් වෙයි කියලා හිතුනා. ප්ලයිවූඩ්, MDF වගේ ඒවා කපන්න ජිග් සෝ එකට දාන්න පුලුවන් දත් ළඟ තියන තල ජාතියක් තියනවා නේද ?

    ඔය ලෑලි දෙකක් එකට හයි කරනකොට ස්කුරුප්පු ඇණ (ඩ්‍රිල් එකෙන් හිලක් විදලා) දාල හයි කරන්න පුලුවන්නේ. එතකොට උඩ ලෑල්ලෙ උඩම ටිකේ සිදුර ටිකක් ලොකු වෙන විදිහට (ඇණේ ඔලුව ලෑල්ල ඇතුලට බහින විදිහට ඊට පස්සෙ පොටි ටිකක් දාල වහපුවාම ඇණේ පේන්නෙ නෑනේ) you tube එකේ දැක්කා මම එක කට්ටකින්. ඒ කට්ටෙ පහල හීනියි. උඩ තියනවා ඇණේ ඔලුවට වඩා ටිකක් ලොකු හරියක්. ඒ වගේ කටු ලංකාවෙ ගන්න ඇති නේද ? ඒවට කියන නම මොකද්ද මචං...

    තව පොඩි වූඩ් බීඩ් වලින් ලෑලි හයිකරන්න පුලුවන්නේ.. ඒ බීඩ් කපන්න වෙනම ටූල් එකක් තියනවද මචං ?

    ඩ්‍රිල් ගනිද්දි ඉම්පැක්ට් ඩ්‍රිල් කියලා ජාතියක් තියනවා දැක්කා... මට මම ඔය කරන්න යන වැඩවලට හැමර් ඔප්ෂන් එක තියන නෝමල් ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක් ප්‍රමාණවත්නේද මචං ?
     
    • Like
    Reactions: D_Mad