Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාට්ස් ගැන එහෙම හිතලා අඩුවට ගන්නවා නං තියෙන්නෙ Dongcheng තමයි, DBL එවුන් තමයි ඩීලර්, උන්ගෙන්ම ගත්තා නං හරි. සමහර ඒවට ෆ්‍රී සර්විස් එහෙම හම්බෙනවා
    අනෙක් ගොඩක් චයිනීස් බ්‍රෑන්ඩ් වලට මොනවා හරි උනොත් පාට්ස් එහෙම හොයන්නවත් නැහැ. Dongcheng බයක් නැහැ, ඩීලර් ලඟ සේරම පාට්ස් වගේ ගන්න තියනවා

    මේක මකීට තරම්ම හොඳයි කියන්න බැහැ, නමුත් මාකට් එකේ තියන අනෙක් ගොඩක් බ්‍රෑන්ඩ් එක්ක බැලුවම ගොඩක් හොඳ කොලිටියක් තියන බඩු, අවුරුදු හත අටක් පරන dongcheng tools බාස්ල ලඟ තියනවා දැකලා තියනවා. තනියම ගෙදර වැඩක් කරගන්නවා වගේ විතරක්ම නං Dongcheng අවුලක්ම නැහැ, සමහර විට ජීවිත කාලෙම තියේවි පරෙස්සමට ගෙදර වැඩ විතරක් කරනවා නං

    Dongcheng වල තියන ජිග් සෝ එක ටිකක් බර එකක්, ඊට වඩා ගොඩක් හොඳ එකක් එනවා Makita MT(කලින් ආවෙ MakTec කියලා ) කියලා, මේක මකීටා එකෙන්ම කරන DIY එවුන් ටාගට් කරලා කරන රේන්ජ් එකක්, මේක ඔරිජිනල් මකීට එකේ එන හයි එන්ඩ් ෆීචර්ස් සමහර ඒව නැහැ, Made in china නමුත් කොලිටිය කිසිම අවුලක් නැහැ, ගානත් ටිකක් අඩුයි. බ්‍රවුන්ස් එකෙන්මයි කරන්නෙ ඒක නිසා ෆේක් නෙමෙයි බය වෙන්න එපා.
    Makita MT එකේ Drill/Grinder සේරම තියනවා ඒව හැබැයි Dongcheng වලට වඩා ගනන්. ඒක නිසා ඩ්‍රිල් එකයි ග්‍රයින්ඩරේයි Dongcheng අරන් ජිග් සෝ එක Makita MT එක ගත්තා නම් හොඳ වෙයි, උඹේ බජට් එකත් එක්ක බලපන් මදි නං ඒකත් Dongcheng ම ගත්තා කියලා අවුලක් නැහැ

    furniture හදනවා නම් Jig saw එකෙන් MDF කෙලින් කපන්න(විශේශයෙන් දිග බෝඩ් කෑලි, දොරවල් වගේ) හෙනම අමාරුයි, ඒක නිසා jigsaw එක ගන්නෙ නැතුව Circular saw එකක් ගනින්. ඒකෙන් ලොකු බෝඩ් කෙලින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. සාමාන්‍යෙන් furniture හදද්දි jigsaw එක ඕන වෙන්නෙ curve කපන්න ඕන උනොත් තමයි, ඊට වඩා කෙලින් කපන එක වැදගත්. හරි කෙලින් ඇලුමිනියම් බාර් එකක් වගේ තියල jigsaw එකෙන් කෙලින් කපන්න ට්‍රයි කරන්න පුලුවන් ඒත් පොඩි පොඩි ඇද අනිවාර්යෙන් එනවා.
    MDF වගේ ඒවලින් හදනවා නං Grinder එකේ ලොකු අවශ්‍යතාවයක් නැහැ, මොකද ජොයින්ට් එහෙම තමයි කපලා ස්මූත් කරගන්න ඕන, බෝඩ් එක කොහොමත් ග්‍රයින්ඩරෙන් කපන්න බැහැ,එක්කෝ සෑන්ඩර් එකක් ඕන නැත්නම් අතින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.

    එතකොට Circular saw එකයි ඩ්‍රිල් එකයි විතරක් ගත්තම ගොඩක් දුරට පුරුදු වෙන්න furniture හදා ගන්න පුලුවන්, පස්සෙ ඕන උනොත් ග්‍රයින්ඩරයක් හරි සෑන්ඩර් එකක් හරි ගන්න පුලුවන් නේ. ඩ්‍රිල් එක ගනිද්දි hammer option එක තියන එකක් ගනින්.
    Grinder එකක් ගන්නවා නං 4.5inch එකක් ගන්න බලන්න.

    sudu mitura thnks
     
    • Haha
    Reactions: maxtalker

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    wife ලා නම් එයාලගේ වැඩේ කරලා දෙනකම් බර බරේ තමයි මචන්

    උඹේ ඔය pantry cubed එක හදන හැටි දාලා ත්‍රෙඩ් එකක් හරි youtube video එකක් හරි කරපංකෝ මචෝ ( language එක ප්‍රශයක් නෑ )

    pantry cubed කියනේ ගෙවල් හදන අයට ලොකු වියදමක් යන දෙයක් නිසා උඹේ ත්‍රෙඩ් එකක් හරි youtube video එක බලලා තමන්ටම කරගන්න පුළුවන් නම් ගොඩක් අයට ලොකු උදවුවක් වේවි
    එලම
    බලමු ඒ අයිඩියා එක තියනවා,

    මචං ගොඩක් ස්තූතියි දිග විස්තරයක් දාන්න මහන්සි උනාට. මම සර්කියුලර් සෝ එකක් නොගෙන ජිග් සෝ එකක් මුලින් ගන්න හිතුවෙ මචං මට මේ ටූල්ස්වලට අතහුරු නැති නිසා. සර්කියුලර් සෝ එකට වඩා ජිග් සෝ එක සේෆ් වගේ කියලා තේරුන නිසා. අනික මුලින්ම පුරුදු වෙන්න පොඩි පොඩි දේවල් හදන නිසා ජිග් සෝ එක ප්‍රමාණවත් වෙයි කියලා හිතුනා. ප්ලයිවූඩ්, MDF වගේ ඒවා කපන්න ජිග් සෝ එකට දාන්න පුලුවන් දත් ළඟ තියන තල ජාතියක් තියනවා නේද ?

    ඔය ලෑලි දෙකක් එකට හයි කරනකොට ස්කුරුප්පු ඇණ (ඩ්‍රිල් එකෙන් හිලක් විදලා) දාල හයි කරන්න පුලුවන්නේ. එතකොට උඩ ලෑල්ලෙ උඩම ටිකේ සිදුර ටිකක් ලොකු වෙන විදිහට (ඇණේ ඔලුව ලෑල්ල ඇතුලට බහින විදිහට ඊට පස්සෙ පොටි ටිකක් දාල වහපුවාම ඇණේ පේන්නෙ නෑනේ) you tube එකේ දැක්කා මම එක කට්ටකින්. ඒ කට්ටෙ පහල හීනියි. උඩ තියනවා ඇණේ ඔලුවට වඩා ටිකක් ලොකු හරියක්. ඒ වගේ කටු ලංකාවෙ ගන්න ඇති නේද ? ඒවට කියන නම මොකද්ද මචං...

    තව පොඩි වූඩ් බීඩ් වලින් ලෑලි හයිකරන්න පුලුවන්නේ.. ඒ බීඩ් කපන්න වෙනම ටූල් එකක් තියනවද මචං ?

    ඩ්‍රිල් ගනිද්දි ඉම්පැක්ට් ඩ්‍රිල් කියලා ජාතියක් තියනවා දැක්කා... මට මම ඔය කරන්න යන වැඩවලට හැමර් ඔප්ෂන් එක තියන නෝමල් ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක් ප්‍රමාණවත්නේද මචං ?

    මෙහෙමයි මචන් හැම ටූල් එකම එක වගේ තමයි, සේෆ්ටි ගැන අපි හිතන්න ඕන. jig saw එකට උනත් කපන ලීය අතින් අල්ලගෙන කපන්න ගියොත් ඇඟිලි කැපෙන්න ලොකු චාන්ස් එකක් තියනවා. සර්කියුලර් සෝ එකත් එහෙමයි. නමුත් සර්කියුලර් සෝ එකේ සයිස් එකයි ස්පීඩ් එකටයි අපිට බය හිතෙනවා ටිකක්. නමුත් ටූල් සේෆ්ටි ගැන හොඳට බලලා වැඩ කරනවා නං බය වෙන්න එපා, කියන්නෙ ටූල්ස් වලට දෙන්න ඕන රෙස්පෙක්ට් එක දෙන්න බය වෙන්න එපා කියලා. ටූල්ස් ටිකක් යූස් කරද්දි කන්ෆිඩන්ස් එක එනවා
    ග්‍රයින්ඩරේ කොයි තරම් කොමන් උනත් පලවෙනි සැරේ ඒක ඔන් කරද්දි අතට එන ෆීඩ්බෑක් එක එක්ක බය හිතෙනවා ඕන කෙනෙක්ට. ටික දවසක් යද්දි ඒ බය නැතිවෙලා යනවා
    ජිග් සෝ එක අවුලක් නැහැ, අර කෙලින් කපන්න අමාරු සීන් එක තමයි වැරැද්ද, මොකද ජිග්සෝ එකේ බ්ලේඩ් එක පලල නැති නිසා පොඩ්ඩ ඇල උනු ගමන් ඒ පැත්තට ඇදට කැපෙනවා
    අනික කැපෙන ඈන්ගල් එක ලීයේ පලල පැත්තට අංශක 90 එන්නෙත් නැහැ ඇල උනොත්, Circular saw එකේ ඒ අවුල් මොනවත් නැහැ

    අනික clamp සෙට් එකක් ගනින්, එතකොට අනතුරු වෙන්න පුලුවන් හැකියාව ගොඩක්ම අඩු වෙනවා, Circular saw එක kick back වෙන්න පුලුවන්, අනිවාර්යෙන් සේෆ්ටි වීඩියෝ තුන හතරක්වත් බලපන් කරන්න කලින්. jig saw එකට ග්‍රයින්ඩරේට උනත් එහෙම කරපන්
    ඔතනින් සේෆ්ම ටූල් එක වෙන ඩ්‍රිල් එකට මගේ ඇඟිල් හිල් වෙලා තියනවා දෙතුන් පාරක්ම, මාස දෙකකට විතර කලින් තව පොඩ්ඩෙන් ඇඟිල්ල අනෙක් පැත්තෙන්ම එනවා ඩ්‍රිල් බිට් එක, ඒක නිසා කොයි තරම් ශුවර් උනත් සේෆ්ටි ගැන පට්ටෙටම හිතපන්.

    සාමාන්‍යෙන් හැම saw එකකම දත් වෙනස් තල එනවා, ලී, ඇලුමිනියම්, MDF, Chipboard etc වලට ස්පෙශල් ඒව, ලංකාවෙ එහෙම අපිට ගන්න ඕන විදයට ගන්න නැහැ. ගොඩක් වෙලාවට ගන්න තියෙන්න එකම Wood blade ටික සහ එකම ඇලුමිනියම් කපන blade ටික. මෙහෙ ගොඩක්ම ෆයින් කට් වලට බ්ලේඩ් නැහැ, රෆ් කට් බ්ලේඩ් තියෙන්නෙ. එතකොට කපන්න කලින් ලීය වටේ මාස්කින් ටේප් එකක් වගේ ගහල එජ් එක ටිකක් දුරට ශේප් විදියට ගන්න පුලුවන්.

    ඔය ඇනේ ඇතුලට බස්සන එකට කින්නෙ Counter sink කරනවා කියලා, ඒක කරන්න ක්‍රම ගොඩක් තියනවා, සමහර ඩ්‍රිල් බිට් එනවා බිට් එකේම උඩ හරියෙන් ඒ ලොකු වෙන සීන් එක වෙනවා, තව වෙනම ඒ හිල ලොකු කරගන්න බිට් තියනවා, ඔය දෙකම ලංකාවෙ හොයන්න හෙන අමාරුයි, තිබුනත් තියෙන්නෙ කිට් එකකට එන බිට්. ලේසිම වැඩේ ඇනේට පොඩි හිලක් විදලා ටිකක් ලොකු ඩ්‍රිල් බිට් එකකින් ආයෙ අර හිලේ උඩ හරිය ලොකු කරගන්න එක.

    ලී ජොයින්ට් කරන්න ජොයිනින් ටෙක්නික් සිය දහස් ගානක් තියනවා, ගොඩක් ඒවට ස්පෙශල් ටූල් එහෙම ඕන, හොඳ එක්ස්පීරියන්ස් එකක් ඕන වැඩේ ලස්සනට කරන්න, මුලින්ම පටන් ගන්නවා නං Pocket hole jig එකක් ebay හරි වෙන මොකක් හරි ක්‍රමේකින් හරි ගෙන්න ගනින්. ඒක තමයි ලේසිම. තව රවුටරයක් තියනවා නං ඔය උඹ කියපු වැඩේ කරන්න පුලුවන්. නමුත් රවුටරයක් කියන්නෙ ටිකක් අනතරු වෙන්න පුලුවන් ගැජට් එකක්, අනික හොඳ රවුටර් බිට් හෙනම ගනන්, අනික මුලින්ම රවුටරයක් ගන්න එක තේරුමක් නැහැ. ඒක නිසා pocket hole jig එකක් ගෙන්න ගනින්. මං දැක්කා ලඟදි ikman එකේ දාල තියනවා ඒ ගාන නම් වැඩියි හොඳටම. මම amazon එකෙන් ගෙන්න ගනිපු පොඩි jig එකක් 3000ක් වගේ උනා.

    hammer/impact drill එකේ hammer option එක දාගන්න ඕන වෙන්නෙ බිත්ති සහ කොන්ක්‍රීට් විදින්න, උඹ හදන කබඩ් එකක් හරි Shelf එකක් හරි, picture frame එකක් හරි බිත්තියක එල්ලගන්න ඕන වුනොත් ඒක අනිවාර්යෙන් ඕන වෙනවානේ, ගන්න එකේ hammer drill එකක්ම ගන්න. ගාන පොඩ්ඩක් වැඩි වෙයි, ඒ උනාට ඒක වටිනවා.
    තව පොඩි අවාසියක් තියෙන්නෙ hammer drill පොඩ්ඩක් විතර ලොකුයි සහ බරයි, හැමර් ඔප්ශන් නැති ලී/ඇලුමිනියම් වැඩ වලටම හදපු drill තියනවා, ඒවයෙ ස්පීඩ් එක එහෙම ටිකක් වැඩියි, එතකොට ලී චිප් වෙන්නෙ නැතුව ඩ්‍රිල් කරන්න පුලුවන් ටිකක් මොට උනු කටුවකින් උනත්. නමුත් හැමර් ඩ්‍රිල් එකට පුරුදු උනාම බර එහෙම නං ප්‍රශ්න නෙමෙයි.
     
    Last edited:

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    පාට්ස් ගැන එහෙම හිතලා අඩුවට ගන්නවා නං තියෙන්නෙ Dongcheng තමයි, DBL එවුන් තමයි ඩීලර්, උන්ගෙන්ම ගත්තා නං හරි. සමහර ඒවට ෆ්‍රී සර්විස් එහෙම හම්බෙනවා
    අනෙක් ගොඩක් චයිනීස් බ්‍රෑන්ඩ් වලට මොනවා හරි උනොත් පාට්ස් එහෙම හොයන්නවත් නැහැ. Dongcheng බයක් නැහැ, ඩීලර් ලඟ සේරම පාට්ස් වගේ ගන්න තියනවා

    මේක මකීට තරම්ම හොඳයි කියන්න බැහැ, නමුත් මාකට් එකේ තියන අනෙක් ගොඩක් බ්‍රෑන්ඩ් එක්ක බැලුවම ගොඩක් හොඳ කොලිටියක් තියන බඩු, අවුරුදු හත අටක් පරන dongcheng tools බාස්ල ලඟ තියනවා දැකලා තියනවා. තනියම ගෙදර වැඩක් කරගන්නවා වගේ විතරක්ම නං Dongcheng අවුලක්ම නැහැ, සමහර විට ජීවිත කාලෙම තියේවි පරෙස්සමට ගෙදර වැඩ විතරක් කරනවා නං

    Dongcheng වල තියන ජිග් සෝ එක ටිකක් බර එකක්, ඊට වඩා ගොඩක් හොඳ එකක් එනවා Makita MT(කලින් ආවෙ MakTec කියලා ) කියලා, මේක මකීටා එකෙන්ම කරන DIY එවුන් ටාගට් කරලා කරන රේන්ජ් එකක්, මේක ඔරිජිනල් මකීට එකේ එන හයි එන්ඩ් ෆීචර්ස් සමහර ඒව නැහැ, Made in china නමුත් කොලිටිය කිසිම අවුලක් නැහැ, ගානත් ටිකක් අඩුයි. බ්‍රවුන්ස් එකෙන්මයි කරන්නෙ ඒක නිසා ෆේක් නෙමෙයි බය වෙන්න එපා.
    Makita MT එකේ Drill/Grinder සේරම තියනවා ඒව හැබැයි Dongcheng වලට වඩා ගනන්. ඒක නිසා ඩ්‍රිල් එකයි ග්‍රයින්ඩරේයි Dongcheng අරන් ජිග් සෝ එක Makita MT එක ගත්තා නම් හොඳ වෙයි, උඹේ බජට් එකත් එක්ක බලපන් මදි නං ඒකත් Dongcheng ම ගත්තා කියලා අවුලක් නැහැ

    furniture හදනවා නම් Jig saw එකෙන් MDF කෙලින් කපන්න(විශේශයෙන් දිග බෝඩ් කෑලි, දොරවල් වගේ) හෙනම අමාරුයි, ඒක නිසා jigsaw එක ගන්නෙ නැතුව Circular saw එකක් ගනින්. ඒකෙන් ලොකු බෝඩ් කෙලින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. සාමාන්‍යෙන් furniture හදද්දි jigsaw එක ඕන වෙන්නෙ curve කපන්න ඕන උනොත් තමයි, ඊට වඩා කෙලින් කපන එක වැදගත්. හරි කෙලින් ඇලුමිනියම් බාර් එකක් වගේ තියල jigsaw එකෙන් කෙලින් කපන්න ට්‍රයි කරන්න පුලුවන් ඒත් පොඩි පොඩි ඇද අනිවාර්යෙන් එනවා.
    MDF වගේ ඒවලින් හදනවා නං Grinder එකේ ලොකු අවශ්‍යතාවයක් නැහැ, මොකද ජොයින්ට් එහෙම තමයි කපලා ස්මූත් කරගන්න ඕන, බෝඩ් එක කොහොමත් ග්‍රයින්ඩරෙන් කපන්න බැහැ,එක්කෝ සෑන්ඩර් එකක් ඕන නැත්නම් අතින් කපන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.

    එතකොට Circular saw එකයි ඩ්‍රිල් එකයි විතරක් ගත්තම ගොඩක් දුරට පුරුදු වෙන්න furniture හදා ගන්න පුලුවන්, පස්සෙ ඕන උනොත් ග්‍රයින්ඩරයක් හරි සෑන්ඩර් එකක් හරි ගන්න පුලුවන් නේ. ඩ්‍රිල් එක ගනිද්දි hammer option එක තියන එකක් ගනින්.
    Grinder එකක් ගන්නවා නං 4.5inch එකක් ගන්න බලන්න.
    great reply
     
    • Like
    Reactions: D_Mad

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    HUGO-ROTARY-HAMMER-1500W-10-1024x1024.jpg

    Hugo Impact Drill
    Iye Genawa
     
    • Like
    Reactions: D_Mad and topkollek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    HUGO-ROTARY-HAMMER-1500W-10-1024x1024.jpg

    Hugo Impact Drill
    Iye Genawa
    ඕක මචන් රොටරි හැමර් එකක් (ලංකාවෙ ගොඩක් අය ඕකට කියන්නෙ හිල්ටිය කියලා), ඩ්‍රිල් එකක් නෙමයි
    ඕක ස්පෙශලිම හදල තියනෙන්නෙ කොන්ක්‍රීට් විදින්න, ටයිල් ගලවන්න චිප් කරන්න හැමර් එක විතරක් යූස් කරන්න ඔප්ශන් එකත් තියනවා සමහර ඒවයෙ
    Wood working වැඩ වලට ඕක හරියන්නෙ නැහැ, බරත් වැඩියි, කටු සාමාන්‍ය ඒව දාන්න බැහැ

    hammer/imact drill වෙනම තියනවා,
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    මම ගාව තියෙන්නේ STANLEY STHR323K එකක් ඒකේ නම් සාමාන්‍ය කටු දාන්න අමතර 13 mm chuck එකක් දීලා තියෙනවා

    කොහොම උනත් Wood working වැඩ වලට නම් බර වැඩියි

    STHR323K-1.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    armour street eke Chinese brands walatath agents la innava ne ? :confused: :eek::confused:

    උන් ඒ චයිනීස් බ්‍රෑන්ඩ් කරාට ඒජන්ට් ලා නෙමයි නේද, ඒජන්ට් නම් ආෆ්ටර් සේල්ස් සර්විස් තියෙන්න ඕනනේ, ඔය ගොඩක් චයිනීස් ඒවට පාට්ස් නැහැ කාගෙවත් ලඟ
    සමහර වෙලාවට හරියන කෑලි තියනවා නමුත් ටිකක් ස්පෙශල් පාට් එකක් ඕන උනොත් හොයන්නම නැහැ
    අපේ තාත්තත් ඉස්සර ගන්නෙම චයිනීස් බඩු, අරගෙන ටික කාලෙකින් කැඩුනම විසි කරලා ආයෙ අලුත් එකක් ගන්නවා. මම ඕවට ආමේචර් එහෙම හොයන්න ඔය ශොප් වල ඇවිදලා තියනවා හිසේ කෙස් ගානට,ඉඳල හිටල හරියන එකක් තියනවා එහෙම නැතුව කෙලින්ම ඒකෙම පාට් එක කියලා හොයන්න නැහැ

    චයිනීස් උනත් ටිකක් දිගට කරන බ්‍රෑන්ඩ් වලට නම් පාට්ස් ඇති
    Dongcheng ඒ වගේ එකක්නේ, චයිනීස් උනත් පාට්ස් ගොඩක් ඒව තියනවා
    තව ඔය ඉන්කෝ වලට එහෙමත් ඇති, MEN ටූල්ස් එහෙමත් හොඳයි කියනවා පාට්ස් ගැන නම් දන්නෙ නැහැ
    වැඩිය කියන්නෙ සමහර ටූල්ස් එනවා Bosch Made in India ඒත් පාට්ස් නම හොයන්න නැහැ
     
    මචන් මට අඩුමිලට screwdriver එකක් ගන්න ඕන , CORDLESS DRILL DRIVER එකක් නැතිව පහල තියෙන ජාතියේ වගේ ඒවා හොයාගන්න තියෙනවද ? නැත්නම් වෙන විසඳුමක් තියෙනවද

    6.5MM-ROTARY-DRILL-8950-400x333.jpg
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    Bosch made in Germany ganna puluwannam hodai, but made India thiyenawa lankawe,, price adui
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මචන් මට අඩුමිලට screwdriver එකක් ගන්න ඕන , CORDLESS DRILL DRIVER එකක් නැතිව පහල තියෙන ජාතියේ වගේ ඒවා හොයාගන්න තියෙනවද ? නැත්නම් වෙන විසඳුමක් තියෙනවද

    6.5MM-ROTARY-DRILL-8950-400x333.jpg

    ඕකම ගන්න තියනවා මෙහ
    https://www.dimolanka.com/consumer-products/stanley-power-tools/
    කෝඩඩ් ඩ්‍රිල් වලින් screw drive කරන්න පුලුවන්, නමුත් ගොඩක් ලොකු ප්‍රැක්ටිස් එක්ක නැතුව කරන්න හරිම අමාරුයි, ප්‍රධාන හේතු දෙකක් නිසා
    එකක් මේකෙන් තද වෙලා ඉවර උනාට පස්සෙත් බිට් එක කැරකෙන නිසා ඇණේ අනිවාර්යෙන් සවුත්තු වෙනවා එතකොට ගලවගන්න එහෙම හෙන ගේමක් දෙන්න වෙනවා
    කෝඩ්ලස් ඩ්‍රිල් වල ක්ලච් එකක් තියනවා, screw drive mode එකට දැම්මට පස්සෙ ක්ලච් එකෙන් ටෝක් එක ඇජස්ට් කරන්න පුලුවන්, ඒ ටෝක් එකට තද උනාම ක්ලච් එක ස්ලිප් වෙනවා එතකොට බිට් එක කැරෙකෙන්නෙ නැහැ, එතකොට ඕනවට වඩා තද වෙන්නෙවත් ඇනේ සවුත්තු වෙන්නෙවත් නැහැ
    අනෙක කෝඩඩ් ඩ්‍රිල් වල RPM එක වැඩියි, එතකොට ට්‍රිගර් එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන, කෝඩ්ලස් ඩ්‍රිල් වල RPM එක සාපේකශව අඩුයි එතකොට ස්පීඩ් එක ට්‍රිගර් එකෙන් කන්ට්‍රෝල් කරන්න ලේසියි

    මගේ ලඟ පොඩි කෝඩ්ලස් screw driver එකක් තියනවා, ඒක මම රුපියල් 4000ට වගේ ඇමසන් එකෙන් අරන් යාලුවෙක්ට කියලා ගෙන්න ගනිපු එකක්, ඒක එදිනෙදා වැඩ වලට ඕනවටත් වඩා පවර්ෆුල් සහ ගෙවපු ගානට පට්ටම විදියට වටිනවා
    https://images-na.ssl-images-amazon.com/images/I/61p9Vfu11JL._AC_SL1000_.jpg
    පුලුවන් නම් මේ වගේ එකක් ගෙන්න ගන්න එක ගොඩක් වටිනවා, ගානට පට්ටම වටිනවා
    ලංකාවෙ මේ වගේ ඒව නං ගන්න නැහැ, Bosch go එක සමහර තැන් වල තිබුනා ඒකත් 8000ක් වගේ වෙනවා, ඒකෙත් අවුලක් නැහැ ගාන පොඩ්ඩක් වැඩියි ඉතිං
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    උන් ඒ චයිනීස් බ්‍රෑන්ඩ් කරාට ඒජන්ට් ලා නෙමයි නේද, ඒජන්ට් නම් ආෆ්ටර් සේල්ස් සර්විස් තියෙන්න ඕනනේ, ඔය ගොඩක් චයිනීස් ඒවට පාට්ස් නැහැ කාගෙවත් ලඟ
    සමහර වෙලාවට හරියන කෑලි තියනවා නමුත් ටිකක් ස්පෙශල් පාට් එකක් ඕන උනොත් හොයන්නම නැහැ
    අපේ තාත්තත් ඉස්සර ගන්නෙම චයිනීස් බඩු, අරගෙන ටික කාලෙකින් කැඩුනම විසි කරලා ආයෙ අලුත් එකක් ගන්නවා. මම ඕවට ආමේචර් එහෙම හොයන්න ඔය ශොප් වල ඇවිදලා තියනවා හිසේ කෙස් ගානට,ඉඳල හිටල හරියන එකක් තියනවා එහෙම නැතුව කෙලින්ම ඒකෙම පාට් එක කියලා හොයන්න නැහැ

    චයිනීස් උනත් ටිකක් දිගට කරන බ්‍රෑන්ඩ් වලට නම් පාට්ස් ඇති
    Dongcheng ඒ වගේ එකක්නේ, චයිනීස් උනත් පාට්ස් ගොඩක් ඒව තියනවා
    තව ඔය ඉන්කෝ වලට එහෙමත් ඇති, MEN ටූල්ස් එහෙමත් හොඳයි කියනවා පාට්ස් ගැන නම් දන්නෙ නැහැ
    වැඩිය කියන්නෙ සමහර ටූල්ස් එනවා Bosch Made in India ඒත් පාට්ස් නම හොයන්න නැහැ

    affa.. man hithuve un lokuvata brand gahan innakota parts karanava athi kiyala :D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකම ගන්න තියනවා මෙහ
    https://www.dimolanka.com/consumer-products/stanley-power-tools/
    කෝඩඩ් ඩ්‍රිල් වලින් screw drive කරන්න පුලුවන්, නමුත් ගොඩක් ලොකු ප්‍රැක්ටිස් එක්ක නැතුව කරන්න හරිම අමාරුයි, ප්‍රධාන හේතු දෙකක් නිසා
    එකක් මේකෙන් තද වෙලා ඉවර උනාට පස්සෙත් බිට් එක කැරකෙන නිසා ඇණේ අනිවාර්යෙන් සවුත්තු වෙනවා එතකොට ගලවගන්න එහෙම හෙන ගේමක් දෙන්න වෙනවා
    කෝඩ්ලස් ඩ්‍රිල් වල ක්ලච් එකක් තියනවා, screw drive mode එකට දැම්මට පස්සෙ ක්ලච් එකෙන් ටෝක් එක ඇජස්ට් කරන්න පුලුවන්, ඒ ටෝක් එකට තද උනාම ක්ලච් එක ස්ලිප් වෙනවා එතකොට බිට් එක කැරෙකෙන්නෙ නැහැ, එතකොට ඕනවට වඩා තද වෙන්නෙවත් ඇනේ සවුත්තු වෙන්නෙවත් නැහැ
    අනෙක කෝඩඩ් ඩ්‍රිල් වල RPM එක වැඩියි, එතකොට ට්‍රිගර් එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන, කෝඩ්ලස් ඩ්‍රිල් වල RPM එක සාපේකශව අඩුයි එතකොට ස්පීඩ් එක ට්‍රිගර් එකෙන් කන්ට්‍රෝල් කරන්න ලේසියි

    මගේ ලඟ පොඩි කෝඩ්ලස් screw driver එකක් තියනවා, ඒක මම රුපියල් 4000ට වගේ ඇමසන් එකෙන් අරන් යාලුවෙක්ට කියලා ගෙන්න ගනිපු එකක්, ඒක එදිනෙදා වැඩ වලට ඕනවටත් වඩා පවර්ෆුල් සහ ගෙවපු ගානට පට්ටම විදියට වටිනවා
    https://images-na.ssl-images-amazon.com/images/I/61p9Vfu11JL._AC_SL1000_.jpg
    පුලුවන් නම් මේ වගේ එකක් ගෙන්න ගන්න එක ගොඩක් වටිනවා, ගානට පට්ටම වටිනවා
    ලංකාවෙ මේ වගේ ඒව නං ගන්න නැහැ, Bosch go එක සමහර තැන් වල තිබුනා ඒකත් 8000ක් වගේ වෙනවා, ඒකෙත් අවුලක් නැහැ ගාන පොඩ්ඩක් වැඩියි ඉතිං
    මචං ඔය කෝඩ්ලස් ඩ්‍රිල්වල බැට්‍රි ටයිම් එහෙම කොහොමද ? බැට්‍රි ඉක්මණට සවුත්තු වෙන්නෙ නැහැනේ නේද ? මටත් කෝඩ්ලස් ඩ්‍රිල් එකක් ගත්තනං ලේසියි වගේ වැඩේ...
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    මචං ඔය කෝඩ්ලස් ඩ්‍රිල්වල බැට්‍රි ටයිම් එහෙම කොහොමද ? බැට්‍රි ඉක්මණට සවුත්තු වෙන්නෙ නැහැනේ නේද ? මටත් කෝඩ්ලස් ඩ්‍රිල් එකක් ගත්තනං ලේසියි වගේ වැඩේ...
    Eka battery capacity eka anuwa wenas wenawa, cordless wala enawa battery capacity wenamama... Makita , DeWalt wage hugak ewa wala ahemai.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මචං ඔය කෝඩ්ලස් ඩ්‍රිල්වල බැට්‍රි ටයිම් එහෙම කොහොමද ? බැට්‍රි ඉක්මණට සවුත්තු වෙන්නෙ නැහැනේ නේද ? මටත් කෝඩ්ලස් ඩ්‍රිල් එකක් ගත්තනං ලේසියි වගේ වැඩේ...

    සති දෙකකට සැරයක් එක දිගට දවසක් වත් යූස් වෙන්නෙ නැත්නම් කෝඩ්ලස් ටූල් ගන්නම එපා
    ඉඳල හිටල යූස් කරනවා නං කෝඩ්ලස් ටූල් ගන්නම එපා. හේතුව හැම එකේම තියෙන්නෙ Li-ion බැටරි, ඒව යූස් කරත් නොකරත් අවුරුදු 3-5 වගේ තමයි. ඒක නිසා යූස් කරන කාලෙ ඇතුලත බැටරි වල ගාන ශේප් වෙන්න වැඩ කරගන්න ඕන.
    මගේ ලඟත් කෝඩ්ලස් ටූල් තියනවා ඒව සේරම ඔෆර් වලට ගනිපුවා නිසා මට නම් ලොකු අවුලක් නැහැ, නිතරම USA වලින් වගේ බඩු ගේන්න ඔප්ශන් එකක් තියනවා නං ඔෆර් එකක් තියන වෙලාවක බැටරි එහෙම ගන්න පුලුවන් එතකොට නං වැඩේ අවුලක් වෙන්නෙ නැහැ

    බැටරි වල, වෙනස් වෝල්ටේජ් එනවා, වෙනස් කැපෑසිටි තියනවා, කැපෑසිටි එක අනුව ගානයි, බරයි, ටයිම් එකයි, චාජින් ටයිම් එකයි සේරම ඩිපෙන්ඩ් වෙනවා. ගොඩක් වෙලාවට බැටරි කැපෑසිටි එක වැඩි වෙද්දි ටයිම් එකට අමතරව ටූල් එකේ performance එහෙමත් වැඩි වෙනවා
    මගේ ලඟ තියනවා Makita, 18v 5Ah, Milwaukee 18v, XC 5Ah බැටරි, Milawaukee බැටරි වලින් ඩ්‍රිල් එක හරි ඉම්පැක්ට් ඩ්‍රයිවර් එක හරි හෙවි යූස් කරලා දවසක් ඇදගන්න පුලුවන් ගේමක් නැතුව. මකීට බැටරිත් ඒ වගේම ඇති, තාම ෆුල් ඩිස්චාජ් වෙනකන් යූස් කරගන්න බැරි උනා, ගොඩක් ලඟදි ඒ සෙට් එක ගත්තෙ.

    ආතල් එකට කරද්දි කෝඩ්ලස් ටූල් ගන්න සල්ලි වලින් ඊට වඩා පවර්ෆුල් කෝඩඩ් ටූල් දෙක තුනක් ගන්න පුලුවන්, ඒක කෝඩ්ලස් ටූල් එකක් ගන්නවට වඩා ඒක වටිනවා.

    කොහොම උනත් කෝඩ්ලස් ටූල් වලින් වැඩ කරද්දි පට්ට ලේසියි සහ වෙනම ආතල් එකක් තියනවා, කාගෙන් හරි කෝඩ්ලස් ටූල් එකක් යූස් කරොත් කවදා හරි, ගාන ගැන හිතන්නෙ නැතුව එකක් ගන්නම හිතෙනවා.
     
    Last edited: