මළගෙවල් 7

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    උඹලට සෙට් වෙලා නැද්ද එක මළගෙයක් සෙට් උනොත් ඒ එක්කම තව මළගෙවල් 4ක් 5ක් දකින්න අහන්න ලැබෙන්නේ නැද්ද? මම පොඩි කාලේ ඉඳන් නෝටිස් කරපු එකක් කොහෙන් හරි මළ ගෙයක් සෙට් උනොත් අනිවා 7ක් කිට්ටු වෙන්නම දකිනවා or අහන්න ලැබෙනවා... මගේ ජීවිතේ විශ්වාස කරන එකම විශ්මය ඕක බන්.. උඹලට මෙහෙම අත්දැකීමක් නැද්ද?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට මාත් ඕක නොට් කළා , සාමාන්යෙන් එක ලග මරණ ගෙවල් 2 ක් උනොත් ඕක හෙන විකාරයක් වගේ වෙනවා . අපේ ගමෙත් එහමයි . ඔහොම වෙන්න අරන් පන්සලේ වරු පිරිතකුත් කිව්වා අපේ ගමේ .
     
    • Like
    Reactions: BuLaTha

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔහොම කථාවක් අපෙ ගමෙත් කියනවා
    ඒත් මම හිතන්නෙ ඕක් වෙන්නෙ නොවැම්බර් - දෙසැම්බර් කාලෙට

    සීතල නිසා වයසක අය / ලෙඩ්ඩු මැරෙනවා වැඩියෙන්
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ෆයිල්ස් බලද්දී එක ළඟ තියන ෆයිල්ස් ටිකේ වැඩ ටික ඉවර කරලා එකටම ක්ලෝස් කරලා දාන නිසා වෙන්න ඇති බන්.
    One day we all will be on that situation...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එක ගමනක් ඔහොම වෙලා මරණාධාර සමිතියේ සල්ලිත් ඉවර උනා
    ඔව් යකෝ. එක පාරක් අපේ ගමේ සමිති බලප්‍රදේශයේ එක ළඟ මලගෙවල් 11ක් උනා. මරණාධාර සමිතියේ සල්ලි 28000ට බැහැලා තිබ්බෙ. තව එක මල ගෙයක් හරි උනානං දෙන්න සල්ලිත් නැතිවෙනවා......
     
    • Like
    Reactions: stasia and D_Mad

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    අඩෝ සිරාවට. එක පාරක් මරු සීන් එකක් වුනා. අපේ batch එකේ කොල්ලෙක්ගේ නංගි කෙනෙක් මරුන මොකක්දෝ ලෙඩක් හැදිලා. ඌ අම්බලන්ගොඩ, මම උගේ family එක දන්නේ නැහැ. මට අපේ සෙට් එක එක්ක යන්න බැරි උන නිසා තනියම ගියේ පාර හොයාගෙන. බස් එකෙන් බැහැල, කියපු පාර දිගේම තමයි ඇවිදගෙන ගියේ. ඔන්න තියෙනවා මල ගෙදර හිතුවටත් වැඩිය කලින්ම. මමත් ඉතින් දොර ළඟ හිටපු මනුස්සයට ආයුබෝවන් කියල එහෙම ඇතුලට ගියා මරණේ ලඟට. හුටා! ආච්චි කෙනෙක්. මම අවුලක් පෙන්නන් නැතුව ශේප් එකේ වැඳලා ආව. ඊට පස්සේ ආයිත් ඔහොම ඇවිදගෙන ගියා, වැඩි වෙලා යන්න වුනේ නැහැ ඔන්න ආයිත් මල ගෙයක්. මම හිතුව මේක නම් ෂුවර් එකටම ඒක තමයි. හැබැයි කෝකටත් කියල පෝස්ටර් මරණ දැන්වීම් එහෙම බැලුව, යකෝ ඒ තවත් එකක්. තව පොඩ්ඩෙන් ඒකටත් යනවා. තව ටිකක් ගියාම තමයි හරි මල ගෙදර සෙට් උනේ. හෙනම ළඟ ළඟ මල ගෙවල් තුන.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    දිව්‍යලෝකේ යන වාහනේ සීට් හතක් ඇති එකෙක් විතරක් දාගෙන යන එක පාඩු හින්ද ෆුල් ලෝඩ් කරගෙන යනව ඇති :yes:
    සීට් හතක් තියනවානම් කරදරයක් නැතිව විස්සක් විසිපහක් දාගෙන යන්න පුළුවන්නේ. හත් දෙනෙක්ව එක්ක යන්න එනවා ඇත්තේ ත්‍රී වීල් එකක් වෙන්න ඕනෑ .
     
    • Haha
    Reactions: LazyLizard