Restoration of Everything

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    මම මේ චැනල් එක බලනවා නියමයි. තව පිට රට එකෙක් ඉන්නවා චිනේ ඉන්දුනිසියන් කාරයෙක් වගේ පොරක් උටත් මාර විව්ස් තියෙනවා.

    හැබැයි ඌ ගොඩක් කරන්නේ පරණ tv , රේඩියෝ , ඉලෙක්ට්‍රොනික් දේවල් restore කරන එක. ඌ ගොඩක් වෙලාවට කුණු ගොඩවල් වලින් දේවල් අරන් ඇවිත් restore කරනවා හද්ද කබල් දෙවල් .

    පසේ මට හිතුන ඌ කරන්නේ බොරුවක් කියලා . එක වගේ දෙකක් හොයා ගන්නවා. එකක් පට්ට පරණ කරනවා කඩනවා. කුණු පස් අස්සේ දාලා එක උස්සන් ඇවිත් සුද්දකරන එකක් ශුට් කරනවා. පසේ හෙමින් සැරේ හොඳ එකේ කැලි ගලවල මාරුකරනවා. හොඳ එක ගලවන්න කලින් කැලි දෙක තුනක් හයි කරන එකකුත් ශුට් කරලා එඩිට් එකෙන් වැඩේ දෙනවා වගේ කියලා තමයි මට හිතුනේ,

    හැබැයි අපේ කොල්ලා නියමයි. 100% රියල්

    https://www.youtube.com./watch?v=NMXvqR4iCzQ

    මොකද හිතන්නේ ?

    ඔය චැනල් එක නං තනිකර ෆේක් නේ, ඔහොම හොයාගන්න පාට් එක පෙන්නන එකෙන් වීඩියෝ එක ෆේක් කියලා හොඳට තේරෙනවා, ඒ කෑල්ල නැතුව තිබුනා නම් ගොඩක් ඒවයෙ ෆේක් ෆීලින්ග් එක නැති වෙයි
    ඉස්සර අර gear show කියන එකේ පට්ටම සිරා ඒව කරා, දැන් ඒකෙත් ඒ වගේම තමයි, වතුරේ හරි මඩේ හරි දාල තියල වේලලා අරන් තියෙන්නෙ. සමහර ඒවයෙ ඇතුල ගැලෙවුවම අලුත්ම ග්‍රීස් තියෙන්නෙ මෝටර් ආමේචර් හෝදලා ගනිපු ගමන් අලුත්ම වගේ වෙනවා ඇතුලේ කෑලි මොනවත් wear out වෙලා නැහැ
    වීව්ස් ගන්න සේරම එවුන් ස්ටේජ් කරලා තියෙන්නෙ.