ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි...
    "සබ්බ පාපස්ස අකරණං" කියන පාපයට ඔය පිං, පව් දෙකම අයිතියි...
    සිදුවෙන දෙයක අනිත්‍යයක් නෙවෙයි බුදුන් වහන්සේ දේශනා කළේ "ප්‍රඥාවෙන් බලන්න ඕනේ අනිත්‍යයක්"... ඒකයි "යදා පඥ්ඥාය පස්සති" කිව්වේ.
    භාවනාව කියන්නේ "නිරවශේෂ නිරෝධයටයි"
    -----------------------------------------------------------

    රූප අරමුණට ඇලිලා හෝ ගැටිලා අනාගතයට හේතු තියන එකටයි "පාපය" කියන්නේ....
    පඨවි ආපෝ තේජෝ වලට කඩලා මොකුත් නෑ කියලා "ලෝකය ශූන්‍ය"යි කියන්නේ බමුණෝ...
    බුද්ධ දේශනාවේ "ලෝක ශූන්‍යය" කියන්නේ ස්කන්ධ පංචකය මම හා මට අයිති දේවල් වලින් ශූන්‍යයි කියන එකටයි.
    -----------------------------------------------------------

    සසර ඇවිද්දවන උපාධානයයි පාපය කියන්නේ...
    කර්මක්ෂයකිරීමේ කර්මය කරන එකටයි "විදර්ශනාව" කියන්නේ...
    කර්මක්ෂයකිරීමේ කර්මය කරන එකටයි "භාවනාව" කියන්නේ...
    කර්මක්ෂයකිරීමේ කර්මය කරන එකටයි "අකුසලයෙන් වෙන්වීමේ කුසලය" කියන්නේ.
    -----------------------------------------------------------

    "තෙරුවන් සරණ යාම" කියන්නේ බුද්ධ සරණං, ධම්මං සරණං කියන එක නෙවෙයි, උපාධානයෙන් මිදීමටයි...
    "පාපය" කියන්නේ උපාධානයටයි, ආර්‍ය සත්‍යයේදී "කුසලය" කියන්නේ උපාධානයෙන් මිදීමටයි.
    -----------------------------------------------------------

    පිනයි කුසලයයි එකක් නෙවෙයි 2ක්...
    පින කියන්නේ අවිද්‍යා පච්චයා සංඛාරයක්.
    බුද්ධ දේශනාවේ අවිද්‍යා පච්චයා සංඛාරා වලින් කුසලයක් තියෙන්න බෑ, අවිද්‍යා නිරෝධයයි කුසලය කියන්නේ...
    "කුසලස්ස උපසම්පදා" කියන්නේ අවිද්‍යා නිරෝධය හෙවත් උපාධානයෙන් මිදීමයි.
    -----------------------------------------------------------

    අද කාලේ ඇහෙන බොහෝ ලෞකික ධර්ම දේශනා අතරේ "ලෝකෝත්තර අර්ථයෙන්" ධර්මය දේශනා කරනා මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් ප්‍රඥා TV නාලිකාව ඔස්සේ දිනපතා විකාශනය වන ධර්ම දේශනා වලින් උපුටාගන්නා ලදි.

    සසුන්ගතවී වසර 40ක කාලයක් පාලි ත්‍රිපිටකය ඔස්සේ ධර්ම ගවේශනයේ යෙදුණු මුන්වහන්සේ උපසම්පදාවෙන් වසර 35ක් සපුරා තිබේ

    සියළු දෙනා වීඩියෝ වල උන්වහන්සේ පවසන දේ ශ්‍රවණය කර කමෙන්ට් කිරීම මැනවි.

    -----------------------------------------------------------
    අනෙකුත් සැබැඳි

    සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
    භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා
    ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    "පාපය" ද, "අකුසලය" ද, හරි වචනෙ

    1) ලෞකික කුසලය = ලෞකික පිංකම් = පුණ්‍යාභිසංඛාර = පින
    (ඔය සේරම අවිද්‍යා පච්චයා සංඛාරා )

    2) අකුසලය = අපුණ්‍යාභිසංඛාර = පන්සිල් කැඩීම...වගේ ඒවා = පාපය
    (ඔය සේරම අවිද්‍යා පච්චයා සංඛාරා )

    ඔය දෙකේදීම උපාධානය වෙනවා (අවිද්‍යා පච්චයා සංඛාරා නිසා)

    ඒ නිසා පටිච්ච සමුප්පාදය ඉදිරියට ක්‍රියාත්මක වෙන ඔය 1, 2 දෙකම අයිති පාපයටයි
    සබ්බ පාපස්ස කියද්දී අයිති සියළු පාපයන්ට

    පටිච්චසමුප්පාද නිරෝධය පමණයි "ලෝකෝත්තර කුසලය" වෙන්නේ
    (ඒක විතරයි අවිද්‍යා නිරෝධා වෙන්නේ )

    කුසලස්ස උපසම්පදා වෙන්නේ ඒක විතරයි
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    1) ලෞකික කුසලය = ලෞකික පිංකම් = පුණ්‍යාභිසංඛාර = පින
    (ඔය සේරම අවිද්‍යා පච්චයා සංඛාරා )

    2) අකුසලය = අපුණ්‍යාභිසංඛාර = පන්සිල් කැඩීම...වගේ ඒවා
    (ඔය සේරම අවිද්‍යා පච්චයා සංඛාරා )

    ඔය දෙකේදීම උපාධානය වෙනවා (අවිද්‍යා පච්චයා සංඛාරා නිසා)

    ඒ නිසා පටිච්ච සමුප්පාදය ඉදිරියට ක්‍රියාත්මක වෙන ඔය 1, 2 දෙකම අයිති පාපයටයි
    සබ්බ පාපස්ස කියද්දී අයිති සියළු පාපයන්ට

    පටිච්චසමුප්පාද නිරෝධය පමණයි ලෝකෝත්තර කුසලය වෙන්නේ
    (ඒක විතරයි අවිද්‍යා නිරෝධා වෙන්නේ )

    කුසලස්ස උපසම්පදා වෙන්නේ ඒක විතරයි
    මම අහල, කියවල තියෙන විදිහට,
    කුසල්, අකුසල් සහ පිං, පවු කියන්නෙ දෙකක්.
    අපි කරන පිංකමකින් කුසලය වඩන්නත් පුලුවන් අකුසලය වඩන්නත් පුලුවන්. දිව්‍ය සැප වගේ ලාභ බලාපොරොත්තුවෙන් දානමය පිංකමක් කලොත්, එය තමා මූලික කරගත් සිතිවිල්ලක් නිසා වැඩෙන්නෙ අකුසලයක්. හැබැයි පවක් සිද්දවෙන්නෙ නෑ. හැබැයි සියල්ල අත්හැර දානයක් දෙනවනං එතනින් කුසලයක් වැඩෙනව.
    කුසලය වැඩීමට අවිද්‍යව ප්‍රත්‍ය වෙන්නේ නෑ. මොකද කුසලය සංස්කාර ධර්මයක් නොවන නිසා. කුසලය ලෟෙකික වෙන්නෙත් නෑ.
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම අහල, කියවල තියෙන විදිහට,
    කුසල්, අකුසල් සහ පිං, පවු කියන්නෙ දෙකක්.
    අපි කරන පිංකමකින් කුසලය වඩන්නත් පුලුවන් අකුසලය වඩන්නත් පුලුවන්. දිව්‍ය සැප වගේ ලාභ බලාපොරොත්තුවෙන් දානමය පිංකමක් කලොත්, එය තමා මූලික කරගත් සිතිවිල්ලක් නිසා වැඩෙන්නෙ අකුසලයක්. හැබැයි පවක් සිද්දවෙන්නෙ නෑ. හැබැයි සියල්ල අත්හැර දානයක් දෙනවනං එතනින් කුසලයක් වැඩෙනව.
    කුසලය වැඩීමට අවිද්‍යව ප්‍රත්‍ය වෙන්නේ නෑ. මොකද කුසලය සංස්කාර ධර්මයක් නොවන නිසා. කුසලය ලෟෙකික වෙන්නෙත් නෑ.

    ලෝකෝත්තර කුසලයට තමයි අවිද්‍යාව ප්‍රත්‍යය වෙන්නේ නැත්තේ
    ලෞකික කුසලයට අවිද්‍යා ප්‍රත්‍යය වෙනවා

    අරියපර්යේෂණ සූත්‍රයේ තියෙන්නේ
    "23. මහණෙනි, ඒ මම ‘කුසලය කුමක් දැ’යි සොයනසුලු වූයෙම් අනුත්තර උතුම් නිර්වාණපදය සොයමින් මගධ දනව්වෙහි පිළිවෙලින් සැරිසරන්නෙම් උරුවෙලායෙහි සේනානිගමය කරා පැමිණියෙමි" කියලා..
    https://thripitakaya.org/tipitakaya/Index/39?s=125

    ඔය කියන්නේ ලෝකෝත්තර කුසලය ගැනයි

    දානයක් පිනක් දුන්නම ඒක උපාධානය වුනාම (පුණ්‍යාභිසංඛාරයක් වුනාම) ඒක සසර ගමනට හේතු වෙනවා
    ඒකෙන් තමයි කාම ලෝකයේ සැරිසරන්නේ
    අභිසංඛාර කියන්නේ අවිද්‍යාපච්චයා

    කුසලය සම්පාදනය කලයුත්තක්
    නමුත්, පිං, පව් දෙක ප්‍රහීන කළ යුත්තක්.
    ඒකයි "පුඤ‍්ඤපාපපහීනස‍්ස" කියන්නේ

    (39) 7.අනවස‍්සුතචිත‍්තස‍්ස, අනන‍්වාහතචෙතසො;
    පුඤ‍්ඤපාපපහීනස‍්ස, නත‍්ථි ජාගරතො භයං.

    (39) 7. රාගයෙන් නොතෙත් වූ සිතැති, ද්වෙෂයෙන් නොපැහැරුණු සිතැති, (රහත්මඟින්) කුසල් අකුසල් ප්‍රහීණ කළ, (ශ්‍රඬාදී පංච ජාගර ධර්මයෙන් යුක්ත බැවින්) නො නිදන රහත්හට කෙලෙසුන්ගෙන් බියෙක් නැත.

    (ඛුද්ධක නිකාය, ධම්මපද පාලි, චිත්‌ත වර්ගය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/627?s=21202
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දහම, ආගමක් කරගත්තම නොකටයුතුදේ කර, කලයුතුදේ බැහැර කරනවා.

    ලෝකය ඉදිරියට යන්නත්, අනාගත බුදුන්ට දම් දෙසන්නට පිරිසක් සිටිය යුතු නිසාත් නොදන්නා අයට අනුකම්පා කටයුතුය.

    කාලෙන් කාලෙට ධර්මය මතු කිරීමට පැමිණි තවත් උතුමෙකුගේ දහම් දේශනා ශ්‍රවණයට අපි පින් කර ඇතැයි සිතෙනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලෝකෝත්තර කුසලයට තමයි අවිද්‍යාව ප්‍රත්‍යය වෙන්නේ නැත්තේ
    ලෞකික කුසලයට අවිද්‍යා ප්‍රත්‍යය වෙනවා

    අරියපර්යේෂණ සූත්‍රයේ තියෙන්නේ
    "23. මහණෙනි, ඒ මම ‘කුසලය කුමක් දැ’යි සොයනසුලු වූයෙම් අනුත්තර උතුම් නිර්වාණපදය සොයමින් මගධ දනව්වෙහි පිළිවෙලින් සැරිසරන්නෙම් උරුවෙලායෙහි සේනානිගමය කරා පැමිණියෙමි" කියලා..
    https://thripitakaya.org/tipitakaya/Index/39?s=125

    ඔය කියන්නේ ලෝකෝත්තර කුසලය ගැනයි

    දානයක් පිනක් දුන්නම ඒක උපාධානය වුනාම (පුණ්‍යාභිසංඛාරයක් වුනාම) ඒක සසර ගමනට හේතු වෙනවා
    ඒකෙන් තමයි කාම ලෝකයේ සැරිසරන්නේ
    අභිසංඛාර කියන්නේ අවිද්‍යාපච්චයා

    කුසලය සම්පාදනය කලයුත්තක්
    නමුත්, පිං, පව් දෙක ප්‍රහීන කළ යුත්තක්.
    ඒකයි "පුඤ‍්ඤපාපපහීනස‍්ස" කියන්නේ

    (39) 7.අනවස‍්සුතචිත‍්තස‍්ස, අනන‍්වාහතචෙතසො;
    පුඤ‍්ඤපාපපහීනස‍්ස, නත‍්ථි ජාගරතො භයං.

    (39) 7. රාගයෙන් නොතෙත් වූ සිතැති, ද්වෙෂයෙන් නොපැහැරුණු සිතැති, (රහත්මඟින්) කුසල් අකුසල් ප්‍රහීණ කළ, (ශ්‍රඬාදී පංච ජාගර ධර්මයෙන් යුක්ත බැවින්) නො නිදන රහත්හට කෙලෙසුන්ගෙන් බියෙක් නැත.

    (ඛුද්ධක නිකාය, ධම්මපද පාලි, චිත්‌ත වර්ගය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/627?s=21202
    කුසලය,
    ලෝකෝත්තර කුසලය, ලෟෙකික කුසලය කියල බෙදපු තැනක් නෑනෙ
     
    • Like
    Reactions: NRTG and D_Mad

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain

    Namuth kala pin niwan margaye yana kenekuta udaw wenawa neda.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කුසලය,
    ලෝකෝත්තර කුසලය, ලෟෙකික කුසලය කියල බෙදපු තැනක් නෑනෙ

    ඔව්..
    බුදුන්වහන්සේ බණ කියන්න අලුතෙන් භාෂාවක් හැදුවේ නෑ
    එදා බමුණෝ පාවිච්චි කරපු වචනම දාලා ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කළා
    අපි දැනගන්න ඕනේ ඒ අර්ථයන් වෙන් කරගන්න

    ධ්‍යාන කියලා තියෙද්දී අපි දැනගන්න ඕනේ මේ කියන්නේ ලෝකෝත්තර ධ්‍යාන ගැන කියලා ඒ තියන තැන අනුව
    සංඛාර නිරෝධ කරන්න කිව්වම අපි ගන්න ඕනේ මේ කියන්නේ "කාය, වචී, මනෝ" නෙවෙයි අභිසංඛාර මේ කියන්නේ කියලා
    (ඒ කියන්නේ පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර ආනඤ්ජාභිසංඛාර තුන.

    "සබ්බ සංකාර" කිව්වමත් ගන්න ඕනේ "කාය, වචී, මනෝ" නෙවෙයි පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර ආනඤ්ජාභිසංඛාර තුන

    ඒ වගේම කුසසලය කිව්වමත් අපි ගන්න දැනගන්න ඕනේ මේ කියන්නේ ලෝකෝත්තර කුසලය කියලා
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Namuth kala pin niwan margaye yana kenekuta udaw wenawa neda.
    බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න, මනුශ්‍ය ආත්මයක් ලබන්න වගේ පින වැදගත්.

    නමුත් කුසල් වැඩීමෙන් විතරයි නිවන් මගට යාමට හැකි.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Namuth kala pin niwan margaye yana kenekuta udaw wenawa neda.

    පිං උදව් වෙන්නේ නිවන් දකින්න යන ගමනේ මඟ වියදමටයි
    බුද්ධෝත්පාද කාලයක ක්ෂණ සම්පත්තිය ලබාගන්නයි උදව් වෙන්නේ
    දැන් අපි ඒක ලබාගනනේ ඉන්නේ...

    දැන් පිං කරලා ආයෙත් බුද්ධෝත්පාද කාලයක ඉපදීමක් ලබාගන්නවා.. ඊට පස්සේ ආයෙත් ලබාගන්නවා....
    හැමදාම ලබ ලබාම ඉන්නවා
    ඒ බුද්ධෝත්පාදයේ තමන් කරගන්න ඕනේ ටික කරගන්නේ නෑ