August 30, 2020
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,761 දෙනෙකු හඳුනාගෙන ඇත.
එම ගණන නව කොරෝනා වයිරසය පැතිර යෑමට පසු ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේ.
අවසන් පැය 24 දී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 78,761 දෙනකු හඳුනාගත් බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (30) නිවේදනය කළේය. එය දෛනික ආසාදිතයන් වාර්තා වීමේ ලෝක වාර්තාවකි.
මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර තෙවැනි තැන පසුවන්නේ බිලියන 1.3කට ආසන්න ජනතාවක් ජීවත් වන අසල්වැසි ඉන්දියාවයි.
එහි මුල්තැන ඇමෙරිකාව ද දෙවැනි තැන බ්‍රසීලය ද පසුවෙයි.
මීට පෙර දිනක් තුළ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන 77,638ක් ලෙස දැක්විණි