ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Updated : තේරුනේ නෑ කියපු අයට
    අපිට ගුවන් විදුලි තරංග (විද්‍යුත් චුම්බක තරංග) බාවිතා කරලා, සන්නිවේදනය කරන්න පුලුවන් නේ, ටීවී රේඩියෝ ෆෝන් සේරම වැඩ කරන්නෙ එහෙම නේ. ටීවී වල රේඩියෝ වල එක පැත්තටයි පුලුවන්, විකාශනය කරන තැනින් පෙන්නන දේ අපිට පේනවා. අපිට මොනවත් එහෙට සන්නිවේදනය කරන්න බැහැ
    නමුත් ඔය වගේ ට්‍රානස්මීටරේකුයි රිසීවරේකුයි තියන දෙන්නෙක් ඉන්නවා නං දෙන්න අතර පනිවිඩ දැපැත්තටම හුවමාරු කරන්න පුලුවන්. අර පොලිස් වෝකිටෝකි එකේ කරන්නෙ මේක.
    මේ වගේ දේවල් කරන්න ආස අයට වෙනම සංඛ්‍යාත පරාස වෙන් කරලා තියනවා, ඒව යූස් කරන්න මේ කියන ආධුනික ගුවන්විදුලි බලපත්‍රයක් ගන්න ඕන.
    ඒ සංඛ්‍යාත වල වැඩ කරන හෑන්ඩ්හෙල්ඩ් රේඩියෝ තියනවා පොලිස් වෝකිටෝකි වගේම තව මහ ලොකු ඒව තියනවා දාල තියන පින්තූරෙ තියන ඒව වගේ.

    මෙන්න මේ විදියට ලයිසන් එක්ක අරගෙන, උපකරණ අරගෙන ඇන්ටනා හදාගෙන මේ වැඩේ ගැන සරල පැහැදිලි කිරීමක් තමයි මේ

    සාමාන්‍යඑන් ඉලක්ට්‍රොනික් සර්කිට් හදන අයගෙ ලොකුම ටාගට් එකක් තමයි හොඳ ට්‍රාන්ස්මීටර් සරකිට් එකක් හොයාගෙන ඒක හදලා පුලුවන් තරම් දුරට සිග්නල් එකක් යවන එක. ඒක නිසි අවසරයක් නැතුව කරන එක නීති විරෝධී වැඩක්. හැබැයි මේ වගේ ඉන්ටරස්ට් එකක් තියන අයට මේක කරන්න පුලුවන් විදියක් තියනවා, ඒක තමයි ආධුනික ගුවන්විදුලි ශිල්පියෙක් වෙන එක, ඒකට පොඩි ප්‍රොසීඩියර් එකක් තියනවා ඒ ටික කරාට පස්සෙ ලයිසන් එකක් ලැබෙනවා, ලැබෙන ලයිසන් එකේ හැටියට භාවිතා කරන්න පුලුවන් frequency ranges(Bands කියලා කියනවා), Output power එහෙම වෙනස් වෙනවා. ඉස්සර නම් ගොඩක් අය කරේ තමන්ම හදපු රේඩියෝ සහ ට්‍රාන්ස්මීටර් වලින් වැඩ කරපු එක, දැන් නම් කරන්නෙ ගොඩක් වෙලාවට කොමර්ශලි හදපු රේඩියෝ යූස් කරන එක

    කාලෙකට කලින් නම් ගොඩක් වෙලාවට මේ ට්‍රාන්සීවර්(Transmitter එකයි Reciver එකයි දෙකම එකට තියන උපකරන) හැදුවෙ Yeasu, ICOM, Kenwood වගේ ලොකු බ්‍රෑන්ඩ් එකක රේඩියෝ එකක් ලොකු ගානක් වෙනවා, සාමාන්‍යෙන් අපේ රටේ වගෙ කෙනෙක්ට ඒ වගේ බ්‍රෑන්ඩ් එකක හෑන්ඩ් හෙල්ඩ් එකක් ගන්න උනත් ලොකු ගානක් වියදම් කරන්න වෙනවා, දැන් කාලෙ නම් චයිනීස් රේඩියෝ ගොඩක් අඩු ගනන් වලට තියනවා Baofeng වගේ ඒව. මම දැකලා තියනවා එලකිරියෙත් සමහරු Baofeng radio ගෙනත් පෝස්ට් එහෙම දාල තියනවා, ඇත්තටම ඒව ලයිසන් නැතුව ගෙනත් යූස් කරන එක ඉලීගල්, සහ බොහොම පහසුවෙන් අහුවෙන්න පුලුවන්, වෙන කාගෙහරි(පොලිස්/හමුදා) freequency වලට බාධාවක් වෙලා ඒ තැන් වලින් TRCSL එකට කම්ප්ලේන් කරොත් එයාල ලඟ තියනවා ඔහොම rouge radio stations හොයන උපකරණ ඒවයින් ලේසියෙන්ම අල්ලගනන්න පුලුවන්. තව කවුරු හරි Ameture radio license තියන කෙනෙක් දැනගත්තොතින් උනත් කම්ප්ලේන් කරන්න පුලුවන්, සමහර විට එයාල තනියම ඔයාගෙ ගෙදර triangulate කරලා ගෙදරත් එක්කම කම්ප්ලේන් කරන්න බැරි නැහැ.

    මේ වගේ වැඩ වලට ආස නම් කරන්න තියෙන්නෙ TRC එකෙන් Ameture radio exam එක ගැසට් කරාම එක්සෑම් එකට රෙජිස්ටර් වෙන එක. එක්සෑම් එක english වලින් තියෙන්නෙ. බේසික් ඉලෙක්ට්‍රිකල්/ඉලෙක්ට්‍රොනික්/Radio/Propergation ගැන තියෙන්නෙ. තව Ameture radio ගැන විශේශ ප්‍රශ්න ටිකකුත් තියනවා, ලීගල් පැත්ත ගැන වගේ දේවල් ගැනත් ප්‍රශ්න තියනවා
    එක්සෑම් එ පාස් උනාම අපිට call sign කියලා එකක් දෙනවා. අපි රේඩියෝ යූස් කරලා මොන දේ කරත් ඒ කෝල් සයින් එක කියලා එහෙම කරනන්නෙ. වෙන රේඩියෝ ඔපරේටර්ලා අපිව අඳුන ගන්නෙත් කෝල් සයින් එකෙන්
    එක්සැම් එක කැටගරි තුනකින් තියනවා
    Novice - මේකෙදි MCQ විතරයි, පේපර් දෙකක් තියනවා ඉලෙක්ට්‍රොනික් එක සහ නීති රීති රෙගුලාසි ගැන තියන. මේකෙදි අපිට ලැබෙන්නෙ 4S5XXX කියලා කෝල් සයින් එකක්, මේකෙදි අග අකුරු තුන වෙනුවට අපිට කැමති යුනික් එකක් දාගන්න පුලුවන්. මෙක ගත්තම අපිට යූස් කරන්න පුලුවන් වෙන්නෙ මේ ෆ්‍රීකුවන්සි බෑන්ඩ් ටික යූස් කරන්න විතරයි
    3500 – 3600 KHz
    21125 – 21200 KHz
    28.0 – 28.500 MHz
    144 – 146 MHz
    ඇත්තටම මේවයින් වැඩක් ඇති එකකට තියෙන්නෙ 144 – 146 MHz VHF බෑන්ඩ් එක විතරයි, නමුත් මේ බෑන්ඩ් එකෙන් රටවල් අතර වගේ කමියුනිකේට් කරන්න බැහැ. ගොඩක් වෙලාවට line of sight තමයි කමියුනිකේට් කරන්න පුලුවන්. අනික Output power(transmitter එකේ වොට් ගාන) ට ලිමිටේශන් තියනවා HF බෑන්ඩ් වලදි 500W පුලුවන්, VHF වලදි 25W පුලුවන්

    General - මේකෙදි කලින් එක වගේම MCQ පේපර් දෙකක් තියෙන්නෙ. ලැබෙන්නෙ 4S6XXX කියලා කෝල් සයින් එකක් මේකෙදි Ameture band සේරම යූස් කරන්න පුලුවන්.
    1800 – 2000 KHz
    3500 – 3900 KHz
    7000 – 7100 KHz
    10100 – 10150 KHz
    14000 –14350 KHz
    18068 – 18168 KHz
    21000 – 21450 KHz
    24890 – 24990 KHz
    28 – 29.7 MHz
    50 – 54 MHz
    144 – 146 MHz
    430 – 440 MHz
    1240 – 1300 MHz
    2300 – 2450 MHz
    3300 – 3400 MHz
    5650 – 5850 MHz
    10.00 – 10.50 GHz
    24 – 24.05 GHz
    24.05 – 24.25 GHz
    47 –47.2 GHz
    75.5 – 76 GHz
    76 – 81 GHz
    142 –144 GHz
    144 – 149 GHz
    241 – 248 GHz
    248 – 250 GHz

    Advance - මේකෙදි Written paper එකක් තියෙන්නෙ,CW(Morse code) send/recive ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියනවා, රෙගියුලේශන් ගැන MCQ එකක් තියෙන්නෙ. 4S6XXX කියලා කෝල් සයින් එක දෙන්නෙ.
    මේකෙදි අර General class එකේ තියන සේරම band ටික ලැබෙනවා, නමුත් අවුට්පුට් පවර් එක ගොඩක් වැඩි ට්‍රානස්මීටර් යූස් කරන්න පුලුවන්. HF බෑන්ඩ් වලදි 1000W පුලුවන්, VHF වලදි 50W පුලුවන්.

    මේකෙ ගොඩක් VHF/UHF බෑන්ඩ් වලින් ලංකාව ඇතුලෙ කතා කරන්න විතරයි පුලුවන්, ලංකාව ඇතුලෙත් ගොඩක් දුර නම් රිපීටර් යූස් කරන්න වෙනවා කෙලින්ම කන්ටැක් කරන්න බැහැ.
    නමුත් 40M band එක කියන එකෙන්(7MHz) පුලුවන් වෙන රටවල් එක්ක කමියනිකේට් කරන්න, ඒක නිසා ඒක ගොඩක් ඉන්ටරස්ටින් බෑන්ඩ් එකක්. ලොකු පවර් ට්‍රාන්ස්මීටර් යූස් කරන්න පුලුවන් නිසා සහ අයනගෝලය මගින් තරංග පරාවර්තරනය/වර්තනය වෙන නිසා ලෝකෙ ගෝලාකාර උනත් ලෝකෙ අනික් පැත්තෙ කෙනෙක්ව කන්ටැක් කරන්න පුලුවන්
    තව චන්ඳ්‍රයා සහ ග්‍රහක වලින් තරංග පරාවර්තනය කරලත් ලෝකෙ එහා පැත්තෙ අයව කන්ටැක් කරන්න පුලුවන්, හැබැයි දැන් ගොඩක් පවර් ලයින් එහෙම වැඩි නිසා මේ වගේ දේවල් වලට ගොඩක් මහන්සි වෙන්න වෙනවා.

    දැන් කට්ටියට හිතෙන්න පුලුවන් මේ තරම් දියනු ලෝකෙ මේ වගේ රේඩියෝ ට්‍රාන්ස්මීටර් වලින් මොනවද කරන්නෙ කියලා, අපි යූස් කරන හැම මොඩන් ටෙක්නලොජි එකකටම infrastructure එකක් ඕන, නමුත් Ameture radio වලට එහෙම ඕන නැහැ, දෙන්න ලඟ රේඩියෝ දෙකක් විතරයි ඕන. ගොඩක් රටවල සහ(උදාහරනයක් විදියට ලංකාවෙ සුනාමි වෙලාවෙ ගොඩක් Ameture operators ලා උදවු කරා කමියුනිකේශන් වලට, US වලත් 9/11 වෙලාවෙත් සේරම ටෙලිෆෝන් නෙට්වරක් overload උනාට පස්සෙ ameture radio operators ලා ගොඩක් උදවු කරා.)

    මේක ගොඩක් ආතල් සහ ඉගෙන ගන්න පුලුවන් හොබි එකක්, රේඩියෝ නම් දැන් හදන්න යන්නෙ නැහැ කවුරුවත්, සල්ලි වලට ගන්නවා, නමුත් ඇන්ටෙනා තනියම හදා ගන්න වෙන්නෙ. සමහරු බොහොම පොඩි වොට් ගනන් වල(සමහර වෙලාවට මිලිවොට් ගනන් වලින්) ට්‍රාන්ස්මීටර් වලින් කිලෝමීටර් සිය දහස් ගනන් දුරට කමියුනිකේට් කරනවා, ඇන්ටනාවෙන් තමයි ගේම ගහන්නෙ. ඒක නිසා රේඩියෝ එකටත් වඩා ඇන්ටනාව තමයි වැදගත්.

    මේකෙදි තමන්ගෙ රේඩියෝ ටික සේරම එක මේසෙක තියාගන්නවා, ඒකට කියන්නෙ Shack එක කියලා. දැන් අපේ ලඟ සුපිරි ගේමින් කම්පියුටරයක් තියනවා වගේ තමයි, රේඩියෝ වලින් පිරුනු shack එකක් තියන එක.
    maxresdefault.jpg


    දැන් හැබැයි තාක්ශනේ දියුනවත් එක්ක තනි රේඩියෝ තියනවා අර උඩින් කියපු සේරම වගේ බෑන්ඩ් එක්ක කමියුනිකේට් කරන්න පුලුවන්, ඒවට කියනවා shack in a box කියලා, සාමාන්‍යෙන් ඩොලර් 1200ට විතර මේ වගේ එකක එන්ට්‍රි ලෙවල් එකක් ගන්න පුලුවන්.
    හයි එන්ඩ් රේඩියෝ නම් සමහර ඒව තියනවා එක බෑන්ඩ් එකක් විතරයි සපෝට් කරන්නෙ ඩොලර් 5000-8000 වගේ වෙනවා.
    අනික දැන් මේ රේඩියෝ වලින් ඩිජිටල් ට්‍රාන්ස්මිශන් කරන්න පුලුවන්, එතකොට ඩේට යවන්න පුලුවන්, ඒක සෑහෙන්න වටිනවා දැන් කාලෙට.

    දැනට ලංකාවෙ ලයිසන් තියන ඔපරේටර්ස්ලා 300+ ඉන්නවා, තමන්ට කැමති නම් exam එක ලියලා ලයිසන් එක අරගෙන මේ ආතල් එක ගන්න පුලුවන්.

    මෙහෙම ඔපරේටර්ස්ලා එකුත වෙලා සොසයිටි හදා ගන්නවා, ලංකාවෙ දැනට රේඩියෝ සොසයිටි දෙකක් තියනවා ඒ දෙක http://www.rssl.lk සහ https://www.aral.lk මේ දෙගොල්ලොම හරි ෆ්‍රෙන්ඩ්ලි සහ අලුත් අයට ලයිසන් ගන්න ගොඩක් උදවු කරනවා. මේ දෙකේම ටිකක් වයස අය වැඩියි, මොකද තරුණ අය මේවට යොමු වෙන එක අඩු වෙලා ගිහින් නිසා, එහෙම උනාට ඒ සේරම අය හොඳට ඉගෙනගනිපු අය. සමහරු ඉන්ජිනියර්ස්ලා සමහර රේඩියෝ ස්ටේශන් වල ඒ කම්පැනි වල වැඩ කරපු අය. මෙයාල ලංකාවෙ තැන් තැන් වල රිපීටර් හදලා තියනවා ඒව ඕන ameture කෙනෙක්ට යූස් කරන්න පුලුවන්.
    මේ සොසයිටි වල සමහර වෙලාවට ඉන්ටරෙස්ටින් ඉවෙන්ට් කරනවා, ආතල්ම එකක් තමයි fox hunt කියන එක. ඒකෙදි කරන්නෙ කොහේ හරි transmitter එකක් හංගනවා, කට්ටිය ටීම් හැදිලා ඇන්ටනා සහ රේඩියෝ යූස් කරලා ඒ ට්‍රානස්මීටරේ තියන තැන triangulate කරනවා. මේක කරන්නෙ ටිකක් ලොකු ප්‍රදේශෙක, එතකොට වාහන වලින් තැන් තැන් වලට ගිහින් ඇන්ටනා වලින් ගන්න රීඩින් මැප් එකක මාක් කරලා හරියටම තැන හොයාගන්න පුලුවන්. කවුරු හරි ඉලීගල් රේඩියෝ එකක් යූස් කරනවා නම් හොයන්නෙත් මේ විදියටම තමයි. ඒක තමයි මම අර මුලින් කිවුවෙ කවුරු හරි එහෙම ඉලීගලි යූස් කරනවා කියලා ඇමෙචර් කෙනෙක්ට ක්ලික් උනොත් සමහර විට ඌ ආතල් එකට ඒ කෙනාගෙ ගෙදර හොයාගන්න ට්‍රයි එක්ක දෙන්න එහෙම බැරි නැහැ


    කවුරු හරි ඉන්ටරෙස්ට් නම් එක්සෑම් එක ලියල ලයිසන් එක ගන්න. කාට හරි උදවුවක් ඕන නම් ඕන උදවුවක් කරන්න පුලුවන්.
    http://www.rssl.lk/services/amateur-radio-course/ මෙතන ස්ටඩි මැටීරියල් තියනවා.
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    issara machan tech geek lage seen ekane oya :D mamath iskole yana kaale asawen karanna baluwa. passe podi FM transmitter ekak set kara gaththa.
    oka ithin api dan internet gihin chat karanawa wage, ape thaththalage, seeyalage kaale thibba method eka :D patta machan
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    මචං ඔය උපකරන ගන්න තියෙන්නෙ කොහෙද ලංකාවෙ? බේසික් එකක්?
    සිංහල යූටියුබ් චැනල් / වෙබ් සයිට් තියෙනවද ඉගෙන ගන්න?
     
    • Like
    Reactions: NEMISIS