ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    TFS bro. මමත් පොඩිකාලෙ මාරම ආස සබ්ජෙක්ට් එකක්. fm transmitters එහෙම සෑහෙන හදල තියනව. දැන් නම් එච්චර ඉන්ටරෙස්ට් එකක් නෑ. ඒත් ඕවලින් encrypt කරලා digital data transmit කරන්න පුලුවන් නේද? පැය 24ම ඔන් කරගෙන හිටියත් ප්‍රශ්ණයක් නැද්ද? digital විදියට transmit කරත් transmission එකක් පටන් ගන්න කලින් අර call sign එක audio එකක් විදියට යවන්න ඕනෙද?


    එහෙම ගිහින් ගිහන් අන්තිමට සාටකේ පැටලිල නතර උනා කියල කියන්න හදලත් කියන්නෙ නෑ මේක වැදගත් ත්‍රෙඩ් එකක් හින්ද :lol:
    ඩිජිටල් පුලුවන් නමුත් encrypted බැහැ. ඩිජිටල් රේඩියෝ තියනවා වොයිස් වලටත් හදපුවා DMR කියලා කියන්නෙ. ඩිජිටල් වල ඩේට ට්‍රාන්ස්මිට් කරද්දි කෝල් සයින් එක යවන විදිය ගැන මටත් ඇත්තටම අයිඩියා එකක් නැහැ. ඩිජිටල් වොයිස් වලදි නම් සාමාන්‍ය විදියම තමයි
    පැය ගනන් එක දිගට ට්‍රානස්මිට් කරන්න බැහැ නොනවත්වා විනාඩි 10යි පුලුවන්, නමුත් විනාඩි 10ක් ට්‍රාන්ස්මිට් කරලා විනාඩියක් ඉඳලා ආයෙ ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන්
    ඇත්තටම ඇලොකේට් කරලා තියන freequency band එක මිස් යූස් නොකරන්න තමයි එහෙම කරලා තියෙන්නෙ. මොකද freequency specrum එක ලිමිටඩ් රිසෝස් එකක් විදියට සලකන්නෙ.

    etakota dan thiyena fm band eka athule apiata pawichchi karanna ida thiyenawada bn?
    බෑ, ඒ කියන්නෙ සාමාන්‍ය රේඩියෝ ටීවි band අයින් කරලා වෙනම බෑන්ඩ් දීල තියෙන්නෙ
    VHF/UFH වල Allocated band වල ගොඩක් වෙලාවට FM(Frequency modulation) විදියට තමයි වොයිස් යවන්නෙ හැබැයි.

    මේ ගැන වගේම frequency සම්බන්දව ඉගෙන ගන්න ගොඩක් ආසයි..ඒත් මෙලෝ දෙයක් දන්නේ නැති නිසා අමාරු වෙයි කියලා හිතලා ඉන්නවා :(
    ඒ තරම් දෙයක් නැහැ බන්
    අර මම දාපු ලින්ක් එකේ අදාල දේවල් සේරම වගේ තියනවා.

    තව ප්‍රශ්ණ ටිකක් තියනවා මචන්.

    මේක 2 way communication වලට පාවිච්චි කරන්න පුලුවන්ද අපිට දෙන range එක ඇතුලේ?

    අපිට හම්බවෙන frequency range එක commercial වැඩ වලට පාවිච්චි කරන්න බැරිද?

    මේ වගේ දෙයක් කරන්න පුලුවන්ද? උදාහරණයක් විදියට ලංකාවම කවර් වෙන විදියට transmitter එකක් හදලා ඒකෙන් digital විදියට road traffic broadcast කරනවා. අපේ ඩිවයිස් වලින් ලංකාව පුරාම තියන වාහන වල දැන් යන පාර බලලා traffic නැති පාරක් suggest කරන්න වගේ. internet නැතුව

    2 Way communication පුලුවන්, ඉතින් ඒක තමයි කරන්නෙ.

    Ameture band ඇතුලෙ commercial වැඩ බැහැ

    ඔය වගේ වැඩ කරන්න බැහැ, Ameture band වල එක දිගට ට්‍රානස්මිට් කරන්න බැහැ. ඔය වගේ වැඩක් කරන්නත් බැහැ. පොඩි වෙලාවකට කන්ටැක් කරන්න විතරයි පුලුවන්

    ලංකාවම කවර් වෙන්න තනි ට්‍රානස්මීටරයකින් බැහැ කොයි තරම් පවර්ෆුල් උනත්, පොලවේ ගෝලාකර බව, මධ්‍යම කඳුකරය, සබරගමු කඳුකරය එහෙම නිසා තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ
    ඕකට විසඳුම තමයි තැන් තැන් වල රිපීටර් හයි කරන එක, දැනටත් අර මම කියලා තියන රේඩියෝ සොසයිටි දෙකෙන් හයි කරපු රිපීටර් තියනවා, රිපීටරේට input freequency එකක් තියනවා,සමහර ඒවට Activation method එකක් තියනවා(මුලින් යම් freequency එකක ඕඩියෝ එකක් ප්ලේ කරන්න වගේ), රිපීටරෙන් කරන්නෙ අපි ට්‍රාන්ස්මිට් කරන එක රිසීවු කරගෙන වෙන ෆ්‍රීකුවන්සි එකකින් ලොකු පවර් එකකින් ආපහු ට්‍රානස්මිට් කරන එක, එතකොට අපේ ලඟ ඒ තරම් පවර්ෆුල් නැති ඩිවයිස් එකක් තියනවා උනත් අපිට රිපීටරේට සිග්නල් එක යවා ගන්න පුලුවන් නම්, රිපීටරේ හරහා ගොඩක් දුර සිග්නල් එකක් යවා ගන්න පුලුවන්
    ලංකාවම කවර් කරනවා නම් ලංකාවෙ තැන් තැන් වල රිපීටර් කීපයක් හයි කරලා ඒව ලින්ක් කරන්න ඕන, එතකොට අපි අපිට ලඟ මොකක් හරි රිපීටරයක් හරහා ලංකාවටම සිග්නල් එකක් යවා ගන්න පුලුවන්.
    ලංකාවෙ ඔය දැනට හයි කරලා තියන රිපීටර් එකක්වත් ලින්ක් කරලා නැහැ,
    ගොඩක්ම රිපීටර් වල වාසිය තියෙන්නෙ හෑන්ඩ් හෙල්ඩ් වෝකිටෝකි වගේ ඩිවයිස් තියන අයට. අපිටත් ඕන නම් රිපීටරයක් හයි කරගන්නත් පුලුවන් TRC එකේ Approval එක ඕන, අනික තමයි රිපීටර් ඕන කෙනෙක්ට යූස් කරන්න පුලුවන් විදියට තියෙන්න ඕන.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    TFS machan..
    Films, tv series වල දැකලා තිබ්බට තාම ලන්කාවේ සිරාවට ඕක කරන කෙනෙක් හමු වෙලා නෑ ..
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අඩේ නියමයි මචං. ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටපු එකක්.
     
    • Like
    Reactions: NEMISIS

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    bump kukul.
    mama aliexpress eken order karala baofang walkie talkie ekak gedettama awa. kammali welawata policiye kathandara aha aha innawa. dawasak eka police station ekakin thawa ekakata kiyanawa liyumak thiyanawa satahan karaganna kiyala liyume thiyana ewa u kiyawanawa address eke idanma wirama lakunu ekkama kiyanawa hada nagaa, muu radio eka aha aha liyagannawa :rofl: :rofl:
     
    • Like
    • Haha
    Reactions: NEMISIS and niyomax

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    TFS machan..
    Films, tv series වල දැකලා තිබ්බට තාම ලන්කාවේ සිරාවට ඕක කරන කෙනෙක් හමු වෙලා නෑ ..
    ලංකාවෙ සුපිරියටම කරන ඩයල් ඉන්නවා මචන්, ගොඩක් young අයත් ඉන්නවා ඒත් ටිකක් වයස අය ඉන්නවා සුපිරි ට්‍රාන්සීවර් එහෙම තියන
    සමහරු ලඟ ට්‍රාන්සීවර් දහය පහලව තියනවා
    ඔය සීන් එකේ ඉන්නකොට පිට රට එවුන් කන්ටැක් කරන්න පුලුවන් නම් ගොඩක් වෙලාවට උන් ලඟ තියන ට්‍රාන්සීවර් නිකන් දෙනවා.

    අඩේ නියමයි මචං. ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටපු එකක්.
    ආස නම් බලල එක්සෑම් එක කරලා, පොඩි රේඩියෝ එකක් හරි අරන් ආතල් එකක් ගනින්.

    bump kukul.
    mama aliexpress eken order karala baofang walkie talkie ekak gedettama awa. kammali welawata policiye kathandara aha aha innawa. dawasak eka police station ekakin thawa ekakata kiyanawa liyumak thiyanawa satahan karaganna kiyala liyume thiyana ewa u kiyawanawa address eke idanma wirama lakunu ekkama kiyanawa hada nagaa, muu radio eka aha aha liyagannawa :rofl: :rofl:
    පොලීසියේ ඒව අහන්න නම් SDR එකක් තිබ්බත් ඇති
    නමුත් අහන එක ලංකාවෙ criminal offense එකක්, මම අහල තියනවා සමහර රට වල නම් පොලිස් රේඩියෝ අහන එක ඉලීගල් නැහැ කියලා.
    මොකද්ද තියන මොඩල් එක UV-5R එකක් ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොඩි කාලෙ මමයි අයියයි හදපු FM රේඩියෝ එකකට (සෙනිත් සිප්නැන) පොලීසියෙ වෝකිටෝකි වලින් කියන ඒව ඇහෙන සීන් එකක් උනා..පට්ට ආතල් ඒව අහනකොට..මම හිතන්නෙ අර ඔතන තඹ කොයිල් එක එහේ මෙහේ වෙලා රෙන්ජ් පැනල ඕව අහුවෙන්ඩ ඇත්තෙ. 💙
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපි පොඩි කාලේ 1985-90 කාලේ වෙන රටක random කෙනෙක් එක්ක සම්බන්ද වෙනවා කියන එක අමුතුම මැජික් එකක්.ඉන්ටර්නැෂනල් කෝල්ස් තිබ්බත් එක පට්ට ගණන්. මට මතක විදිහට 80 ගණන් වල කෙලින්ම ඉන්ටර්නැෂනල් කෝල් එකක් ගන්නත් බැහැ , එකට එක්ස්චේන්ජ් එකට කෝල් කරලා නොම්බරේ කියල කෝල් කරගන්න ඕනේ.

    මේ කාලේ තමයි මම මුලින්ම මේ හැම් රේඩියෝ ගැන ඇහුවේ. මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්ට තිබ්බා යුනිට් එකක්. මැජික් වගේ ඉතින් :)

    පස්සේ2000 වගේ කොම්පුටර් අරගෙන ඉන්ටර්නෙට් ගත්තම , yahoo චැට් . ICQ චැට් . MIRC රුම්ස් වල චැට් කරන්න මුලින්ම හදුනාගත්තම ඒක මාර ලොකු මැජික් එකක් උනා . එත් දැන් ලෝකේ එහා කෙලවරේ කෙනෙක් එක්ක චැට් , කෝල්. video කෝල් කරනවා කියන එක සාමාන්‍ය දෙයක්.

    ඉස්සරහට මොන වගේ දේවල් වෙයිද ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවෙ සුපිරියටම කරන ඩයල් ඉන්නවා මචන්, ගොඩක් young අයත් ඉන්නවා ඒත් ටිකක් වයස අය ඉන්නවා සුපිරි ට්‍රාන්සීවර් එහෙම තියන
    සමහරු ලඟ ට්‍රාන්සීවර් දහය පහලව තියනවා
    ඔය සීන් එකේ ඉන්නකොට පිට රට එවුන් කන්ටැක් කරන්න පුලුවන් නම් ගොඩක් වෙලාවට උන් ලඟ තියන ට්‍රාන්සීවර් නිකන් දෙනවා.


    ආස නම් බලල එක්සෑම් එක කරලා, පොඩි රේඩියෝ එකක් හරි අරන් ආතල් එකක් ගනින්.


    පොලීසියේ ඒව අහන්න නම් SDR එකක් තිබ්බත් ඇති
    නමුත් අහන එක ලංකාවෙ criminal offense එකක්, මම අහල තියනවා සමහර රට වල නම් පොලිස් රේඩියෝ අහන එක ඉලීගල් නැහැ කියලා.
    මොකද්ද තියන මොඩල් එක UV-5R එකක් ද?
    ow uv 5R ekak thiyanne. ahanna hoda hoda frequencies nadda athal ekata
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ow uv 5R ekak thiyanne. ahanna hoda hoda frequencies nadda athal ekata

    Ameture band අහන්න ලයිසන් ඕන නැහැ, transmit කරනවා නම් තමයි ලයිසන් ඕන,
    අහන්න ඉතින් අර මම කියලා තියන Ameture radio band වලට ටියුන් කරන් ඉඳල බලන්න පුලුවන්
    එහෙම නැත්නම් rssl.lk එකේයි www.aral.lk එකෙයි තියන රිපීටර් වල output frequency එකට ටියුන් කරලා අහන් ඉන්න පුලුවන්, එතකොට කවුරු හරි කමියුනිකේශන් එකක් කරනවා නම් ඇහෙනවා
    නමුත් රිපීටර් වලින් ගොඩක්ම ඈත බිල්ඩින් වලින් වටවුනු තැනක වගේ නම් එක්ස්ටර්නල් ඇන්ටනාවක් ඕන වෙයි.
    RSSL
    Deniyaya & Nuwara Eliya - 145.600MHz
    Piduruthalagala - 145.650MHz
    Yatiyantota - 145.625MHz
    ARAL
    Kikiliyamana - 145.700MHz
    Hunnasgiriya - 145.725MHz
    Colombo - 439.975 MHz(UHF Repeater)

    rssl එකෙන් හැමදාම 8.30ටද කොහෙද NET කියලා එකක් කරනවා, පිදුරුතලාගල රිපීටර් එක හරහා ඒක ට්‍රාන්ස්මිට් කරනවා, ඒකෙ කට්ටිය කතා කරන ඒවට අහන්න පුලුවන්, ඒකෙ මේ ෆීල්ඩ් එකට අදාලව ටෙක්නිකල් දේවල් කතා කරනවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    BUMP passe kiyawannam
    දැනුයි කියෙව්වේ.
    @NEMISIS bro අර දැනට ටික කාලෙකට කලින් කිරියෙ කවුද් කෙනෙක් හන්තානේ පැත්තේ ඉදන් flight එකක pilot ලගේ conversation එකක් දාලා තිබ්බේ. ඒත් මේ ක්‍රමෙන්ද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    දැනුයි කියෙව්වේ.
    @NEMISIS bro අර දැනට ටික කාලෙකට කලින් කිරියෙ කවුද් කෙනෙක් හන්තානේ පැත්තේ ඉදන් flight එකක pilot ලගේ conversation එකක් දාලා තිබ්බේ. ඒත් මේ ක්‍රමෙන්ද?
    මට මතක විදියට ඒ කරලා තිබුනෙ SDR එකකින්. SDR - Software defined radio
    දැන් හෙන පොඩි ගනන් වලට USB SDR තියනවා, ෆ්‍රී සොෆ්ට්වෙයා තියනවා, ඒවලින් පුලුවන් KHz රේන්ජ් එකේ ඉඳන් GHz රේන්ජ් එක වෙනකන් ඕන දෙයක් රිසීව් කරන්න. Demodulation කරන්නෙ සොෆ්ට්වෙයා වලින් නිසා ඕනම විදියකට Demod කරන්න පුලුවන්. SDR එකට හොඳ ඇන්ටනාවක් දාගත්තම ඕන එකක් රිසීවු කරන්න පුලුවන්. හැබැයි නොයිස් පොඩ්ඩක් එන්න පුලුවන්. Transmit කරන්න තමයි වෙනම ට්‍රාන්ස්මීටරයක් ඕන වෙන්නෙ.
    Ameture radio band සහ Airband එක වෙනස්, ගොඩක් Ameture radio වල සපෝට් කරන්නෙ අදාල බෑන්ඩ් විතරයි. ඒක නිසා ගොඩක වෙලාවට සාමාන්‍ය Ameture transcever වලින් ඒව අහන්න බැහැ, නමුත් සමහර ඒව තියනවා ඒවත් සපෝට් කරන.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    පොලීසියේ ඒව අහන්න නම් SDR එකක් තිබ්බත් ඇති
    නමුත් අහන එක ලංකාවෙ criminal offense එකක්, මම අහල තියනවා සමහර රට වල නම් පොලිස් රේඩියෝ අහන එක ඉලීගල් නැහැ කියලා.
    මොකද්ද තියන මොඩල් එක UV-5R එකක් ද?

    Wena thanakin receive karanawa kyla unta hyanna barida bn
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    TFS (y)

    දැන් lora communication ජනප්‍රිය හින්දා ham radio replace කරන්න පාවිච්චි කරන්න පුළුවන් නේද ? (අනාගතයේ voice යවන්න තරම් lora දියුණු වුනාම)
    lora communication ගැන ලංකාවේ නීතිමය තත්වය මොකක්ද?
    cb radio commercial වාහන වලට පාවිච්චි කරන්න පුළුවන් නේද office එක contact කරන්න license නැතුව ?
     
    • Wow
    Reactions: hasithayad