SRI Pada Adawiye wechcha amuthu katha

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mcn me thread eke danna Sri pade naginakota oyalata wechcha monahri amuthu ho wishesha athdakeema tynwa nm eka me thread eke daganna oyalage achchila seeyala hri kypu katha tynwanm meke danna haskam anan manan okkoma

    ahenm lassana bayankara wishesha siduweema danna labewa kyl praththana krnwa hode :shocked: :baffled: :eek: :yes::yes::no::no:

    Anith lamai BUMP ekak dala Help ekak denna balnna :yes::yes::yes:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,971
    13,751
    113
    Adurana kenek ta wechcha deyak. Eyala ekka siripade naginna giyapu kollo tikakata.
    A kollo tika negala thiyenne charter widiyata. Beela deiyonta bena bena vihilu kara kara.
    Kohoma hari kattiya enna lasthi weddi mun magin bahala naanna ona kiyala. Anik un tikata epa wela munwa daala awith unta ona ekak kara gaththa den kiyala.
    Kohoma hari kollo tika naaddi ekek gilila marila.
    Uge body eka hoya gaththata colombo genna bahalu. Eka seemawak paniddi magadi body eka athurudahan wenawalu vaahanen.
    Anthime a marunu kollage thaththa deiyonta baarayak wela aduma tharame body eka hari gedara geniyanna denna kiyala.
    Eeta passe thamai body eka genna labila thiyenne.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,529
    22,638
    113
    අම්බකිස්ස
    මීට අවුරුදු කිහිපයකට කලින් ආපු ලෝන්ග් වීකෙන්ඩ් එකක සෙනග වැඩිම දවසක නඩයක් පහල බහිනකොට ලමයේක් අතුරුදහන් වෙනවා කුරුවිට පාරෙ වර්ණගලට පොඩ්ඩක් උඩින්.අන්තිමට දැක්කේ එතන තිබ්බේ ගලක් උඩ ඉදගෙන ගිමන් හරිනවා.ලමයා අතුරුදහන් වුනාට පස්සේ ආමි එකෙ 30 ක් ආවා ලමයා හොයන්න.බොඩි එකක්වට්ග් හම්බුනෙ නෑ.උණු උනු අලිබෙටි හම්බෙලා තියෙනවා.කුයිලෙත් ඇවිල්ලා තියෙනවා අලි දැකලා නෑ තවම.මහා කැලේ පැත්තටත් යනවා එරත්න ගිය වෙලාවට තවම එක පාරක්වත් දැකලා නෑ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,504
    164,781
    113
    එකමත් එක රටක
    ඔකේ යට අල්ලස් හාමුදුරුවෝ ටිකයි යන මිනිස්සුන්ට නොමිලේ සේවය කරන සුපිරි මිනිස්සු ටිකකුයි නම් දැකල තියනවා. හමුරුවන්ට බම්බු ගහගන්න කියලා ගියා මින්ස්සු බය කරල සල්ලි කඩාගන්න ගියාම.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,529
    22,638
    113
    අම්බකිස්ස
    මගේ අම්මගේ ගම එරත්න.මම නිතරම ඔහේ යනවා මාසෙකට සැරයක්වත්.. කබරගල කියලා ගලක් තියනවා.ප්‍රසිද්ධ කෑම්පින්ග් කරන එක නෙමෙයි.වෙන එකක්.මේ කියම කබරගල උඩත් මම නන් ගිහිම් කෑම්පින්ග් කරලා තියනවා.ඒ ගලේ එක.පැත්තක සම්පූර්ණයෙන් හෙළ ලෝකාන්තේ වගේ.ඔය හෙලේ එක තැනක තියනවා පියස්සක් වගේ හැදිලා.පියස්ස තියන තැනට කබ දාලා තමා යනවා නන් යන්න පුලුවන්...ආච්චි කියනවා එයා පොඩි කාලේ පියස අස්සෙන් පානක් පත්තු වුනාලු කෙම්මුර දවසට,එක දවසක් ඒ පැත්තෙම වෙන ගෙදරක ගෑනු කෙනෙක් කුස්සිය අතුගාන ගමන් පාන පත්තු වෙනවා කියලා ලමයට පෙන්නලා තියෙනවා ඉපලෙන්.එදායින් පස්සේ ඒ පහන නිමිලා ගිහිම් ආයේ පත්තු වෙලා නෑ.
    එරත්නෙ යනකොට තියෙන දිවා ගුහාවේ අබලා තියෙනවා ගෙම්බෙක් ගිය කෙනෙක් දැකලා ඇති.ඒතන පන්සල දියුණු කරපු කෙනාට ඔය ගල්ගුහාවේ ආස්‍රිතව හිටපු අමුනුස්ස බලවේග කරදර කරන්න අරන් තියෙනවා ඕක දියුණු කරනකොට ඒකෙන් ගැලවෙන්න තමයි ගෙම්බෙක් හදලා තියෙන්නෙ..ඇත්ත දිවා ගුහාව ඔක නෙමෙයි කියලයි ගම්මු කියන්නේ.ඒක තියෙන්නෙ මහා කැලේ ඇතුලේ කියලයි කියන්නේ.මහ කැලේ ඇතුලේ පලතුරු වත්තක් තියෙනවා කියලත් ගමේ කතාවක් තියෙනවා.හිටි ගමන් පොල් අතු එහෙමත් සීත ගගුල දිගේ පාවෙලා එනවා කැලේ මංමුලා වුන කෙනෙක්ට කෑම නන් වරදින්නෙ නෑ.මොනා හරි පලතුරු ගහක් හම්බෙනවාමයි.මහ ගෙදර ඉන්න මාමා මල් කපනවා.එයාට ඕනි වේවල් කපන්න ගියාම.එයාටත් පැනි.දොඩම් ගස් එහෙම හම්බෙලා තියෙනවා කැලේ අස්සේ,කුරුම්බා එහෙම...දවසක් මාමා මල් කපලා එනකොට හතු පිපිලා තිබිලා තියෙනවා එක තැනක.එනකොට අරන් එන්න බැරි නිසා ගිහින් මුට්ටිය එහෙම තියලා ආයේ එනකොට එතන ඌරු ලගින මඩ වලක් ඌරත් එතන ඉදලා තියෙනවා ඒ වෙලෙත්.මහසෝන් දිශ්ටිය කියලයු මාමා නන් කිව්වේ...අම්මෝ මම නන් බයයි ආවාරේ යන්න.කොල්ලෝ කියනව මම එරත්න පැත්තේ නිසා යමන් කියලා ඒ වුනාට මම සිරිපාද කැලේට බයයි.

    අපි අවුරුද්දට සෙට් වුනාම හවසට රා එහෙම බීලා සෙට් වෙනවා.අපි තවම කොල්ලෝ නිසා ගෙදර බොන්නේ නෑ.ගෙදර බොන්නේ තාත්තලා මාමලා.අපි යනවා කැලේ ඇල්ල ගාවට හරි කලුවල ගාවට හරි.කලු වල ගාව දවසක්.හවස සෙට් වෙලා ඉන්න ගමන් ඉස්සෝ ඇල්ලුවා.ටිකක් වෙලා යනකොට එහායිම් ඇලට ගල් ගහනවා කවුරු හරි.කතාකලාට කතා කරන්නේ නෑ කවුරුවත්.දැන්ගත්තා බඩු හරි කියලා,වෙරි හිදුනා අපි මාරු වුනා...

    තව දවසක් මම හිටියේ නෑ මේක වෙන දවසේ.අයියයි යාලුවෙකුයි ඉස්සෝ අල්ලා.යාලුවා මහ ගෙදරින් කාලා ආපහු යන්න යනකොට පාර අයිනේ කොටියා.එහෙමම ආපහු දුවලා.ආයේ කියන්න ඕනි නෑනේ බය වුනු පාර..මාමලා එහෙම කෑගහලා කොටියා පන්නලා තියෙන්නේ.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මමත් 6 පාරක් ගිහින් තියනව. මේ වෙනකන්නම් කිසි කරදරක් වෙලා නැහැ හරි විදිහට ගිහින් එන නිසා. මොන අමාරුකම් තිබුනත් සිරිපාදේ ගිහින් ආවහම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    පටන්ගන්න හරියෙ පොඩි පොඩි දේවාල කියල කියාගන්න කූඩාරං අටෝගෙන ජරා බිස්නස් එකක් යනව.
    යන මිනිස්සුනව බලෙන් නවත්තගන්නෙ. මෝඩ මිනිස්සු අහුවෙනව.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,529
    22,638
    113
    අම්බකිස්ස
    අපේ මහ ගෙදරට එන පාරේ තියෙනව ගොලු කැකුණ කියලා තැනක්.එතන ඇලපාරක් යනවා.කැකුණ ගහකුත් තියනවා.ඔතන ඉස්සර ගොලු පවුල්ක් ගෙයක් හදාගෙන ඉන්දලා තියෙනවා.ඒ ගෙදර මනුස්සයා ගෑනිටයි ලමයටයි කිරි පිහියෙම් ඇනලා මරලා තියෙනවා.එදා ඉදම් එතන හොල්මන් තියෙනවා කියලා කියන්නේ.ඔතන හොල්මන් නෑ කියලා ඕවා බොරු කටා කියලා වෙද මහත්තයා කියලා ගමේ මනුස්සයෙක් ගෙයක් හදාගෙන ඉන්දලා තියෙනවා.දවසක් රෑ ගෙදරට මනුස්සයෙක් ඇවිල්ලා තට්ටු කරලා තියෙනවා.දොර ඇරියම ගෙට ඇවිල්ලා රෑට කෑවේ මොනාද අහලා ගිහින් ආපු මනුස්සයා උලුඅස්සට වඩා උසයි.ඒ වුනාට ඔලුව නමන්නේ නැතුව ඇවිල්ලා තියෙන්නේ.බයටම දොර වහෙගෙන ඉන්නකොට ගේ වටේම සද්ද ඇහෙන්න අරන්.බය වුන පාර මහ ගෙදරට එනකල් එක දිගටම දුවලා තොවිල් එහෙම නටලා හොද කරගත්තේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    අපේ මහ ගෙදරට එන පාරේ තියෙනව ගොලු කැකුණ කියලා තැනක්.එතන ඇලපාරක් යනවා.කැකුණ ගහකුත් තියනවා.ඔතන ඉස්සර ගොලු පවුල්ක් ගෙයක් හදාගෙන ඉන්දලා තියෙනවා.ඒ ගෙදර මනුස්සයා ගෑනිටයි ලමයටයි කිරි පිහියෙම් ඇනලා මරලා තියෙනවා.එදා ඉදම් එතන හොල්මන් තියෙනවා කියලා කියන්නේ.ඔතන හොල්මන් නෑ කියලා ඕවා බොරු කටා කියලා වෙද මහත්තයා කියලා ගමේ මනුස්සයෙක් ගෙයක් හදාගෙන ඉන්දලා තියෙනවා.දවසක් රෑ ගෙදරට මනුස්සයෙක් ඇවිල්ලා තට්ටු කරලා තියෙනවා.දොර ඇරියම ගෙට ඇවිල්ලා රෑට කෑවේ මොනාද අහලා ගිහින් ආපු මනුස්සයා උලුඅස්සට වඩා උසයි.ඒ වුනාට ඔලුව නමන්නේ නැතුව ඇවිල්ලා තියෙන්නේ.බයටම දොර වහෙගෙන ඉන්නකොට ගේ වටේම සද්ද ඇහෙන්න අරන්.බය වුන පාර මහ ගෙදරට එනකල් එක දිගටම දුවලා තොවිල් එහෙම නටලා හොද කරගත්තේ.
    සෑහන අත්දැකීම් ගොඩක් තියෙනව වගේ...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,529
    22,638
    113
    අම්බකිස්ස
    සෑහන අත්දැකීම් ගොඩක් තියෙනව වගේ...
    මහ ගෙවල් එරත්නේ තියෙන්නේ.පොඩි කාලේ ඉදන් සිරිපාද කැලේ යනවා එනවා.හවසට අපි පොඩි කාලේ සෙට් එකම යනවා හකුරු හදන්න හදලා තියන කුස්සියට.හවසට හකුරු හදලා ඉවර වෙනකල් කුස්සියට වෙලා ඉන්නවා කතා අහ අහා.අපේ මහ ගෙදර තමා පලාතෙම ලොකුම ගෙදර,ආයේ වලව්ව තමා ඊට වඩා ලොකු.හවසට එනවා ගමේ කට්ටියත් කයිය ගහ ගහ ඉන්න.කුස්සියේ තිබ්බ බංකුවට අපි කියන්නේ පච බංකුව කියලා.කොහොමත් එක වේලකට 20කට 30කට උයන්න ඕනි.වැඩ කරන අයටයි එන අයටයි.මාරම ලමා කාලයක් ඒක නන් කියලා වැඩක් නෑ..