SRI Pada Adawiye wechcha amuthu katha

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මචන් දවසක් මම ගෙදර ඉන්නකොට මම දන්න අයියා කෙනෙක් කෝල් කරලා මල්ලි අපි සිරීපාදේ යනව
    එනවද කියලා ඇහුවා. :shocked:
    සල්ලි ගන්නේත් නෑ ඔක්කොම නිකන්ම වාගේ ලැබෙන නිසා මම එක පයින්ම වැඩේට කැමති උනා.. :rofl:
    ගමන යනවා කිව්වේ දවස් තුනකින්..
    ඔය මම දෙවැනි පාරට සිරීපාදේ යන එක. :yes:
    රෝසා බස් එකකට බඩු ටික පටවගෙන කට්ටිය ලක්ශපාන පැත්තෙන් ගියේ.
    එදා හරිම ලස්සනට ඉර පායලා තිබ්බ ලස්සන දවසක්! :love:
    මට ඒ මතකයන් අද මෙන් මතකයි.. :yes:
    සිරිපා අඩවියට ලගා වෙනකොට පොලීසීයෙන් වාහන චෙක් කරලා අරක්කු බෝතල් හොයන්න ගත්තා.:baffled:
    අපි කිසිම වැරදි ක්‍රියාවකින් තොරව ගමන් කරන්න පටන් අරන් හිටපු නිසා අවුලක් උනේ නෑ..
    අපේ නඩේ ගුරා විදිහට හිටියේ වයසක මනුස්සයෙක්, එයා තමා ඔක්කොම ගමනේ අධීක්ශන කටයුතු කරේ,
    අපි දැන් හවස 2 ට විතර එහාට ගියේ..පස්සේ වාහනේ නතර කරලා ගිමන් නිවාගන්න තීරනය කරා..
    පස්සේ පොඩි නින්දක් දැම්මා කට්ටියම එකතු වෙලා හවස නගිමු කියලා.
    මහන්සි නිසා නින්ද ගියා ඉක්මනට බස් එක ඇතුලේ..
    පස්සේ හවස 5 ට විතර ලොකු අකුනු සද්දයක් එක්ක තිගැස්සිලා ඇහැරුනා..:cool:
    බලනකොට අහස ඔක්කොම කලු කරන් වහින්න යන සලකුනක් පෙන්නුම් කරා.. :eek:

    මම මගේ ජීවීතේ කවදාවත්ම ඒ විදිහට වැහි වලාකුලක් දැකලා නෑ ඒ තරමට කලුයි විශාලයි ඒ පැත්තම වගේ වෙලාගේ තිබ්බේ. :eek:
    අතරින් පතර අකුනුත් ගහනවා..සිතට පොඩි බයකුත් දැනෙනවා..ගෙදර කවුරුවත් මා එක්ක නැති නිසා..
    කෙමෙන් කෙමෙන් අනෙක් අයගේ කතා බහෙන් බිය පහව ගියා.
    ඔන්න දැන් හවස 6 වෙලාව අපි නගින්න පටන් ගත්තා..
    අපි ටික දුරක් යනකොට වහින්න ගත්තා මාර හයියෙන් ... :(
    මගේ ලග ජැකට්/ජර්සි එකක් තිබ්බට මම අම්මට ලොකු සීන් පෙන්නලා අරන් ගියේ නෑ.. :oo:
    මොකද බලාපොරොත්තු නොවූ විදිහට කාලගුනය වෙනස් උනා..

    මම කර වටේට තුවායක් දාගෙන හිටියේ පිස්සා වගේ කලබලවෙලා ජර්සි නැතුව.. :lol:
    කඩේ තිබ්බත් මට ගන්න උවමනාවක් ආවේ නැ.. :confused:
    අපි පටන් ගත්ත තැන් ඉදන් දිගටම දන්සැල්, ඒ කියන්නේ ලොකු ලොකු කම්පැනි වලින් ආපු අනුග්‍රහාක බවතුන් .. :love2:
    එයාලා කරන්නේ , එදා සෙනග වැඩි දවසක් නිසා එක එක පහසුකම් සලසන එක..
    මුලින්ම හම්බ උනා ලයිෆ්බෝයී එක.. එයාලා දුන්නා පොඩි සබන් කැටයක් :love2:
    ඊට පස්සේ ටික දුරක් ගියාම සිග්නල් එක හම්බ උනා - එයාලා පොඩි ටූත්පේස්ට් පැකට් එකක් දුන්නා.:love2:
    ඔහොම ඔහොම කදු නැගන් ඉස්සරහට යනකොට අයොඩෙක්ස් එකෙන් ඉන්නවා හෙන තඩි බැරල් අරන්..
    එයාලා ලගට ගියාම අයොඩෙක්ස් හෙඩ් ෆාස්ට් පොඩි කුප්පියක් දෙනවා අතට - ඊට පස්සේ නලලේ උගුරේ වෙනම ආලේප කරලා අතුල්ලනවා..:love2:
    ඒකත් කරන් කූල් එකේ තුවායත් බෙල්ලේ දවටන් පිස්සා වගේ යන්න පටන් ගත්තා..:-D
    ඔන්න දැන් ටික ටික ලං වෙනවා වගේ දැනුනා..ලයීට්ස් දාලා තිබ්බ නිසාත් ලං උනා වගේ තිබ්බ නිසාත් කෙනෙක් ගෙන් ඇහුවා නිකමට දුරද කියලා..
    තව ගොඩක් දුර යන්න තියෙනවා කිව්වා..:sick:
    ඔහොම ඔහොම ගියා ගොඩක් දුරට..
    ඔහොම ඔහොම යනකොට එක තැනක තියෙනවා නෙස්ටෝමෝල්ට් ලොරියක් ගහලා..
    එයාලත් උනු උනුවෙන්ම නොමිලේ නෙස්ටෝමෝල්ට් දෙනවා.. :love2:
    ඒ වෙලාවේ හැටියට ඒක සුපිරි.. :-)

    ඔන්න ඔය විදිහට නගින්න පටන් ගත්තා ඉස්සරහටත්
    ටික දුරක් යනකොට තියෙනවා සිද්දාලේප බිල්ඩින් එකක්..
    ඒකේ ලක්පේයාව නොමිලේ බොන්න දෙනවා.:love2:
    තව නලලේ උගුරේ සිද්දාලේප ගාලත් දෙනවා..:love2:
    ඒ ටිකත් කර ගත්තා..
    කරන් දිගටම නැග්ගා..

    ඒ දවස් වල උඩ කඩේක නිකන් තේ එකක් රු.100 යි.:o
    කොකාකෝලා ලීටරේ ප්ලාස්ටික් බෝතල් එකක් රු.900 යි.:o
    වතුර කෝප්පයක් රු. 50 යි.:o
    ඔය වගේ ගනන්.
    ඒ මිනිස්සු පුදුම කට්ටක් කන්නේ ඒ බඩු උඩට ගෙනියන්න..:oops:
    ඒ නිසා තමා ගාන වැඩී..

    ඔහොම ඔහොම යනකොට සීත ගගුල කියලා තැනක නතර උනා මතකයි..:-)
    අන්න ඒ වතුරින් මූන දොවා ගන්න කියලා තමා කට්ටිය කීවේ..:oops:
    ඔන්න ඔය වෙලාවේ එක් කෙනෙක් එතන වතුර වල වගේ තියෙන එකට ඇදගෙන වැ‍ටුනා. :eek:
    කෙල්ලෙක් වැ‍ටුනේ.. අවුරුදු 25 ක් විතර කෙනෙක්..:confused:
    කට්ටිය හි‍ටුවේ ලිස්සලා වැ‍ටුනේ කියලා එහෙම..
    පට ගාලා කට්ටිය ඇදලා ගත්තා..වතුරත් මාර විදිහට සීතලයි..
    ටික වෙලාවකින් විනාඩියක් විතර ගියාට පස්සේ අර කෙල්ල මායම් වෙලා වගේ කැරකෙන්න ගත්තා.:eek:
    සේරම අය බලාගෙන හිටියේ..මමත් කුතුහලෙන් හිටියේ වෙන්නේ මොකක්ද බලන්..
    පස්සේ මොන මොනවද කියන්න ගත්තා එක දිගට..:eek:
    අපිත් එක්ක ගිය වයසක සීයා කෙනෙක් කෙල්ලගේ ඔලුවට අත තියලා මොනවද කීවා.. :o
    කෙල්ල සයිලන්ට් උනා එහෙම්මම..:unsure:
    හිතා ගන්නවත් බැරි උනා මොකද උනේ කියලා..
    අර සීයා අර කෙල්ලගේ පැත්තේ කට්ටියට මොන මොනවදෝ කීවා පැත්තකට අරන් ගිහින්.
    මම ඇහුවාම කීවේ ක්ලාන්තයක් විතරයි කියලා- ඒක බොරුවක්
    පස්සේ සීයා වෙන කෙනෙක් එක්ක කතා කරනවා මම අහගෙන හිටියා..:-)
    එයා මොකක් හරි එකකට බය වෙලා තියෙනවා කියලා කීවේ. :unsure:
    මොකක්ද ඒ කියලා එයා දන්නවා නමුත් කීවේ නෑ අනිත් කෙනා එක්ක.

    ඔන්න දැන් අපි උඩට නගින්න ආසන්නයි..
    පඩිපෙල තනි කෙලින් උඩට තිබ්බේ එතකොට..
    බාගයක් ගිහින් පස්ස බැලුවාම බය හිතෙනවා මාර විදිහට..:baffled:
    ඔන්න ඔය වෙලාවේ ලොකු තෙරපීමක් එනවා එතන.
    ගොඩක් අය ඉන්නේ ඇගේ ගෑවීලා..
    කොල්ලේ ඉන්නවා කෑලී ටෝක් කරන බොරුවට ඒකේ අස්සේ රින්ගලා..:ROFLMAO:

    අපි උඩටම ආවා , සිරිපාදය බලන්න දුන්නේ නෑ ලොකුවට ..වැදගෙන අයින් වෙන්න කියලා කීවේ..:growl:
    වැදන් එහෙම්මම එලියට ආවා..මාර සීතලයි ගල් ගැහෙන්න වගේ..:yes:
    ලංකාවේ අය ඔක්කොම ඔලුවේ ඉදන් පොරවගෙන ඉන්නේ..
    ඒ අතරේ හිටියා කපල් එකක්..පිටරට යුවලක්..:yes:
    එයාලා නිකන් කොට කලිසමයි ටී ශර්ට් එකයි විතරයි..:shocked:
    කට්ටිය බලන් ඉන්නේ ඒක දිහා අමුතු විදිහට..
    මොකද ඒ සීතල එක්ක ඉන්න අමාරු නිසා..:D

    අපි තිරනය කරා උඩ නතර වෙලා ඉර සේවය බලන්නත්..:love:
    ඒක කරන්න හම්බ උනේ නෑ සෙනග වැඩී කියලා බහින්න කිව්වා..:rolleyes:
    ඔය බහින අතරේ සෙනග ගොඩේ ලොකු සීන් එකක් වෙලා..
    රත්නපුරේ පැත්තෙන් ආපු සෙට් එකක් ලක්සපාන පැත්ත පාරෙන් බැහැලා:baffled:
    ලක්ස්පාන ආපු සෙට් එකක් රත්නපුරෙන් බැහැලා.:baffled:
    එතන එනවුස් කරනවා හෝ ගාලා.:eek:
    පොඩි ලමයෙක් තනියම අඩනවා..:sorry:
    උඩට ෆෝන් සිග්නල් තියෙන්නේ ඩයලොග් විතරයි ඒකත් ක‍ටු 2 යි..:confused:
    ඒකත් එන්නේ පොඩි ෆෝන් වලට විතරයි..
    අතරමං වෙලා පස්සේ එලිවෙනකම් ඉන්න කීවා එයාලට..
    අපේ සෙට් එක එකිනෙකා අත් අල්ලන් නූලක් අල්ලන් හිටියේ අතරමං වේවී කියලා.. :lol:
    ඒ නිසා බේරුනා නැත්තම් බඩු හම්බ වෙනවා..

    ඔහොම ඔහොම සිදුවීම් වෙලා අන්තිමට පල්ලම් බැස්සා.
    අපිට කිසිම අවුලක් උනේ නෑ..
    එච්චර සෙනග ඉදලත් අර කෙල්ලට මොකද උනේ කියලා හිතා ගන්න බෑ අදටත්..:eek:
    ඒ දවස්වල සිරීපාදේ උඩ ඉදන් යටට එනකොට සමහර තැන් වල විදුලිය නෑ..:baffled:
    ටෝච් එහෙම අරන් යන්න ඕනී..
    අනික කරන්ට් එක යන්නත් පුලුවන්නේ..
    වැස්ස ලොකු උනාට උඩට යනකොට වැස්ස නැති උනා...
    පස්සේ පල්ලම බහින කොට නැතිම උනා..
    ඒ කාලේ ලොකුවට පඩි පෙලවල් නෑ ,:no:
    මඩ ගොඩේ යන්න තියෙන්නේ... මම දාන් ගිය ටොම්බා සෙරෙප්පු දෙකෙත් මඩ එකයි..:growl:
    අමාරුවෙන් බැහැන් එනකොට හිතුවෙ නැති විදිහට කරන්ට් එක ගියා..:confused:
    ඉස්සරහා ගියපු වෙන නඩේක මැදි වියේ මනුස්සයෙක් ලිස්සලා රොකට් එක වගේ ගියා පල්ලෙහාට..:confused:
    කට්ටිය ටෝච් ගහනකොට අරූ යනවා මඩේ ලිස්සන් වේගයෙන් , ගිහින් ගහක අත වැදිලා නතර උනා..
    නොහිතූ සිදුවීම්.. පස්සේ කරන්ට් එක එනකොට අරූ අත කඩාගෙන කෙදිරි ගගා ඉන්නවා.:unsure:
    ඔක්කොම අය වටවෙලා..පව් ඉතින්..
    අපි ඔක්කොම ඉදලත් ඇයි අපි ලිස්සන් නොගියේ..එතන ගැටලුවක්..:unsure:

    ඔහොම ඔහොම සිදුවීම් වෙලා අන්තිමට බස් එක ලගට ලගා උනා..:love2:
    පස්සේ ලයිෆ් බෝයි එකෙන් නාන කාමර ගහලා පල්ලෙහා නාන තො‍ටුපලේ ශවර් එක්ක:-)
    එතනින් නාලා පිරිසිදු වෙලා ගෙදර ආවා..
    අමතක නොවන සිදුවීම් පෙලක් කඩින් කඩ ඇති වූ ගමනක්.. :love:

    කතාව මුලින් පටන් ගත්ත තැන් ඉදන්ම ලියලා තියෙන්නේ මේක කියවන කෙනෙක් වේ නම් එයාගේ පහසුව හා මගේ ගමනේ මතකයන් ඔබේ මතකයෙත් ‍රැදවීමට ගත් උත්සාහයක් ලෙස.. :love:
    අවසානය එසේ සිදු විය..:(
    මතකයන් අතර අමතක නොවන සිදුවීමක් එය..:love:
    ඊට පසුව තුන් වතාවක් ගිහින් තියෙනවා නමුත් එවැනි වූ අත්දැකීම් වත් , නොමිලේ ලබා දෙන බාන්ඩ වත් ලබා ගැනීමට අවස්තාවක් මෙතෙක් උදා වී නොමැත..:sorry:
    කියවලා බලන්න මම ඒ සිදුවීම් ඒ විදිහටම ලිව්වා..
    සමහර කොටස් අඩු කරා එච්චර ලියන්න අමාරුයි මචන්..
    ගුඩ් නයිට් මචන්! :yes:
    කියවපල්ලා මගේ අත්දැකීම්.. දැන් මට වයස 28 ක් ඒ කාලේ ගොඩක් පොඩී.. :cool:
    මතකයේ ‍රැදෙන සිදුවීම් තියෙන්නේ පොඩ්ඩයි අනිත් ඒවා අමතක වෙලා යනවා.. :dull:

    බුදු අම්මෝ උබ මේ කිරියේ පදිංචි වෙලාද ඉන්නේ :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මේක නම් මට වෙච්ච සින් එකක් පපලවෙනි පාර සිරිපාදේ යනකොට
    අම්මගේ යාලු ඇන්ටි කෙනෙක්ගේ පවුලේ සෙට් එකක් එක්ක ගියේ
    මම 7 හරි 8 වසරේ හරි මතක විදිහට

    මම කට වැරැද්ද ගත්ත ගෙදෙදිදීම ටොයිලට් යන සින් එකක් ගෙදර කතා වෙනකොට මම කිව්වා මට අවුලක් වෙන්නේ නැ මම සිරිපාදේ ගිහින් එනකන් අල්ලාගෙන ඉන්න පුළුවන් ටොයිලට් යන්න ඕනේ නැ කියල
    අවුලක් නැ ඉතින් ගියා නැගගෙන ඉදිකටුපාන හරිය පහු උනා විතරයි
    අම්බෝ ඉන්න බැ කක්ක බරයි
    වැසිකිලි මේ යනවා ආයේ ආඩි 10 නගිඅකොට ආයේ යන්න ඕනේ
    උඩට යනකන් 100 පාරකට වඩා ලැට් ගියා
    ඉතින් අපි බැග් වගයක් අරන් ගියා න්නගිනකොට බර වැඩි නිසා කඩේකැ තියල ගියේ
    එනකොට මම අරන් අපු බැග් එකේ විතරක් ගු ගදයි ලගින් යනකොට ඉන්න බැරි වෙන්න
    මම හිතන්නේ පුසෙක් හරි මොකෙක් හරි ජරා කරලා ඔය බැග් එකත් මට ගෙදර එනකන්ම කරේ දාගෙන එන්න සිද්ද උනා කොහොම හරි

    බහිනකොට්ත් 100 පාරකට වඩා ලැට් යන්න සිද්ද උනා
    ඉද ගත්තට කකක යන්නේ නැ කිසිම දෙයක්
    අයෙ අඩි 10 බහිනකොට යන්නම ඕනේ කියල තේරෙනවා

    එක පාරක් වත් ලැට් නොගිහින් එනවා කිව්වා මම කොහොමහරි එනකන් යනකන් තිබ්බ ඔක්කොම ලැට් වලට යන්න සිද්ද උනා\
    ඒ කලේ ඕව මේන්ටේන් කරන්න කවුරුත් නැ ලැට් එකේ පඩියේ ඉදලම ජොනි බට්ටෝ ඉතින්

    එදා ඉදල මම නම් කට තියා හිතින් හිතන්නත් බයයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ubata sansara duka terenna athi eda ehnm :lol: :lol: :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සි රිපා හිමේ අසිරිය - වැරැදි කළ කෙනාට නියම ද&

    වැරැදි කළ කෙනාට නියම දඬුවම ලැබුණා

    feature.jpg

    ශ්‍රී පලාබද්දල තැපැල්කරු අනිල් මුණසිංහ කියයි
    සි රිපා හිමේ අසිරිය පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත්ව සිටින වග මම හොඳින්ම දනිමි. අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ ද එම ලිපි කියවා මට ප්‍රශංසා කළහ. රත්ගඟ විහාරාධිපති හිමියන්ගේ තවත් විස්මිත කතා තරමකට පසෙක තබා මේ අත්දැකීම් ඉතාම රසබරව බෙදන තවත් කථකයෙක් අපට හමුවෙයි. ඒ ශ්‍රී පලාබත්ගල තැපැල් කාර්යාලයේ තැපැල්කරුවකු වන අනිල් මුණසිංහය. අනිල් සිරිපා හිමේ මතු නොව ගිලීමලේ ආදී තැපැල් කාර්යාලවල ද සේවය කැර ඒ වටා ඇති ගම්මානවල දුෂ්කරව තැපැල් කටයුතු කරන මහතෙකි. ඔහුගේ අත්දැකුම් මල්ල ඉතා බරය. එසේ ම රසබරය.
    “මගෙ ගමත් මේ සිරිපා අඩවිය කිට්ටුවමයි. ගම ඇඳිරිකැලේ. පලාබත්ගල පසුව (පලාබද්දල) මාපලාන, දීයගල (දිවියාගල) බටේපොළ, බලවන මේ හැම තැනම මාත් අවුරුදු ගණනාවක් ඇවිදිනවා. කන්දේ චමත්කාරය මීදුම් කැටියත් එක්ක මං හතර අතින්ම දැක තිබෙනවා. පලාබත්ගල නම හැදුණ හැටිත් අපූරුයි. ඒ කාලෙ සිරිපාදෙ යනකොට කළු ගඟ මායිමේ කට්ටියක් නැවතිලා, ඉතාම දුප්පත් අම්මා කෙනෙක් පලා පමණයි බත් වෙනුවට බැඳගෙන තියෙන්නෙ. මේ බත් මුල් කන්න ගන්නකොට මාරුවෙලා. ඒත් කාටවත් අඟ හිඟයක් හෝ වෙලත් නෑ. පුදුමය! අර පලා බැඳපු මුල බත් මුලක් බවට පත්වෙලා. පලා බත් වෙලා කියන කියමන අනුව ඒ හරිය පලා බත්ගල, පලාබද්දල ලෙස කටවහරට එක් වුණා. පලාබද්දල රජමහා විහාරය පිළිබඳ පැරැන්නො කියන පුරාණ කතාවක් තියෙනවා. මේවාට මූලාශ්‍ර නැතිවුණත් ජනප්‍රවාදයේ මේවා තියෙනවා.
     කරවිල කන්දේ හාමුදුරුවන් මැවු වතුර
    පලාබද්දල රජ මහා විහාරයේ අදටත් පාවිච්චි කරන වතුර ලැබුණු කතාව විස්මිතයි. යකුන්ගෙන් පවා වැඩ ගත්තා වූ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙළ පැමිණි කරවිල කන්දේ හාමුදුරුවෝ ඒ කාලෙ මේ රටේ හරිම ප්‍රසිද්ධව හිටියා. උන්වහන්සේ විහාරය පිටුපසින් ගලා යන මිනුවන්කඳුරු ඇළ ළඟට ගිහින් විහාරයට වතුර ගෙනෙන්න යෂ්ටියක් ඇළට දාලා මතුරලා බිම දිගේ ඇදගෙන ආවා. ඒ වතුර ඇදගෙන ආපු පාරෙන් තමයි විහාරයට වතුර ආවෙ. කවරදාවත් විහාරයට වතුර නැතිවුණෙත් නෑ. ඒ වතුර ආපු විදිය නවීකරණය කරලයි අනෙකුත් කටයුතු සිදුවී ඇත්තේ. අදත් එදා වතුර ඇදුණු පාර තියෙනවා.
     බර සැහැල්ලු කළ සීයා
    මීට බොහෝ කාලෙකට පෙර සිරිපාදෙ කොඩියකඩේට ලොකු බරක් අරන් යන මිනිහෙක් හිටියා. මිනිහා බොහොම සවිශක්තිමත්. ඒ කාලෙ අවුරුදු 30 - 35ක් විතර. සිරිපා වඳින අන්තිම දවස් ටික නිසා මිනිහා ටිකක් බයෙන් තමයි එදා බර අරන් නැඟලා තියෙන්නෙ. ලොකු ගණනක් හම්බ වෙන නිසා උඩහ තියෙන කොඩියකඩේට මිනිහා තනියෙන් ම යනවා. ගැටනෙතුල කියන හරිය පහුවෙද්දි මහා ගස්කොළන් අතර කිසිම මිනිහෙක් සතා සරුපයෙක් නැතිව දුප්පත්කමට මිනිහා මේ බර ගෙනියනවා. සුදු ජටාවක් බැඳගත්තු සීයා කෙනෙක් හදිසියේ මෙයා පසුපසින් ඇවිත් ඇයි, පුතේ මේ වෙලාවෙ මේ බර ගෙනියන්නෙ. කියලා අහලා. දුප්පත්කමටයි සීයෙ. මං හම්බ කරන දෙයින් දහදොළොස් දෙනෙක් රැකෙනවා කියලා අර මනුස්සයා කියලා. උඹට බරයි නේද? කියලා සීයා එක පැත්තකින් අත තිබ්බලු. බර පුලුන් පොදියක් වගෙ සැහැල්ලු වුණා. ගැටනෙතුල පහුවෙලා කොඩියකඩේ ළඟට එනකම් දෙන්නා නොයෙක් දේ කතා කළා. ඒත් පස්සෙ සිදුවූ කිසිවක් ම අර මිනිහාට මතක නෑ. කොඩියකඩේ ළඟට යනකම්ම සීයා හිටියත් බර බිමින් තියලා බලනකොට කිසිම කෙනෙක් පෙනෙන්න නෑ. කඩේ මිනිස්සුත් කීවලු ඔයා තනියෙන්නෙ ආවෙ කියලා.
     මුතුකුඩය හුළඟට ගිහින්
    අපෙ අම්මලා තාත්තලා ගමේ පැරැන්නො ඒ අයත් අහපු අපූරු කතාවක් කියනවා. ශ්‍රී පතුල මුල්ම කාලෙ තිබිලා තියෙන්නෙ මුතුකුඩයකින් වහලා. මහ හුළඟකට මේ මුතුකුඩය ගසාගෙන ගිහින් වැටිලා තියෙන්නෙ අපෙ ගමට. ගම දවස් ගණනක් ඉර බැහැගෙන යන වෙලාව වගෙ අඳුරු වෙලා. ඒකයි අපෙ ගම ඇඳිරි කැලේ නම්වර ගත්තෙ. ගමේ මිනිස්සු කලබල වෙලා හතර අතේ දුවලා මේ මොකද? කියලා දන්නෙ නැතිව. අන්තිමට පැරැන්නෙක් හේතුව හොයාගෙන. මුතුකුඩය හොයලා (ගමේ කැලෑ පෙදෙසක තිබුණු) නැවත ගිහින් පද්මෙට පූජා කළා. ඊට පස්සෙයි නැවතත් අපේ ගමට ඉර පෑයුවා කියන්නෙ. මේකත් ජනප්‍රවාදයක්.
     සමන්ට භාගයයි - මට භාගයයි
    දෙයියන්ගෙ රට ලෙස හඳුන්වන සිරිපාදෙටත් හිටිගමන් නරක මිනිසුන් එනවා. එක බේබද්දෙක් සිරිපාදේ ඉහළට ගිහින් මේ බෝතලය ගහන්නෙ සමන් එක්ක කිය කියා සිරිපා කරුණා කරනවා. මිනිස්සු මෙයාව අත්හැරලා යන්න බැරිව ළතැවෙනවා. ඒ අය මිනිහාගේ ඥාතින්. උඹලා කෑගහන්න එපා. මං මේක තනියෙන් බොන්නෙ නෑ. සෝවාන් ඵල ලාබී සමන් දෙවියන්ට ඔහු කතා කළේ සමච්චල් කරමින්. සමන්ට භාගයයි, මට භාගයයි කියලා මිනිහා හිනා වෙනවා. ලිහිණිහෙළ හරියට යනකොට මිනිහා පහළට ඇදගෙන වැටුණා. අඩි ගණනාවක් රූටාගෙන ගිහින් වදුලක රැඳුණා. අනෙත් මිනිසුන් විලාප දීලා සමන් දෙවියන්ට කන්නලව් කරලා වදුලෙන් මිනිහාව බේරගත්තත් මිනිහාගෙ බෝතලේ එතැනම කුඩු වෙලා. බෝතලය විතරක් නොවේ මිනිහගෙ මුහුණත් හොඳටම තැළිලා, දත් ඇඳි ගැලවිලා සම්පූර්ණ මිනිහාගෙ රූපය විකෘති වුණා. අනෙත් පිරිස මළුවට මිනිහාව ගෙන ගිහින් තියෙන්නෙ එතැනම බොහෝ වෙලාවක් යාතිකා පවත්වලා.
     ආඬියාමළතැන්න
    මේ පැත්තෙ ආඬියාමළතැන්න කියලා තැනක් තියෙනවා. විදේශවලින් ආපු ආඬි හත්දෙනෙක් මසුරුකම නිසා එක් එක්කෙනා හාල් නොදමා කැඳ ඉවු කතාව සිද්ධ වුණේ මෙහිදී කියලා සබරගමුවේ ජනප්‍රවාදය. මේ හත්දෙනාම මේ ස්ථානයේදි මියගිය බවත් කියනවා.
    කොටියකුගේ ප්‍රහාරයක්
    තවත් මිනිහෙක් සමන් දෙවි හාමුදුරුවෝ අමු බොරුවක්. මේකෙ බුදුන්ගේ ශ්‍රී පාද පද්මට තිබ්බාය කියන කතාවත් පට්ටපල් කුණු හබ්බ. කියලා බැණ බැණ සිරිපාදෙ නඟිනවලු. මේ මිනිහා ගමෙත් නොසණ්ඩාලයෙක් හරක් හොරකම් කරනවා. ස්ත්‍රීන් දූෂ්‍ය කරනවා. රා අරක්කු විකුණනවා. ළමා ළපැටින්ට හිංසා කරනවා. මේ මිනිහා අමු තිත්ත කුණුහබ්බ කිය කියා එනකොට ඒත් ළිහිණිහෙළ කිට්ටුව හිටිගමන් කොටියෙක් පැනලා අනෙත් වන්දනාකරුවන් බලා සිටියදීම මිනිහාව අරගෙන ගියා කියන කතාව අදත් ගමේ මිනිස්සු කියනවා.
     ස්ත්‍රීපුර
    ගල් දෙබොක්කාවක ගල් පලු දෙක ඇරිලා තිබෙන ස්ථානයක් ගැන අපි පුංචි දවසෙ ඉඳන් දන්නවා. ඒ හරියට කියන්නෙ පවනැල්ල කියලයි. සිරිපාදෙට යන ගමනෙදි අවසන් ගම්මානය ඒක. මේ ගල් දෙබොක්කාවට කුමක් හෝ ගල්වැටියක් දැම්මොත් ඒක බොහෝ වේලාවක් යනකම් පහළට යනවා ඇහෙනවා. විලාප ශබ්ද ඇහෙනවා කියන කතාවත් ඇත්ත. කවුරුවත් මේවාට පර්යේෂණ නොකැර නිකම් හිතලු කියන්න යාම වැරැදියි. මේවා අනාදිමත් කාලයක් පුරා මේ පළාත්වල තියෙන ජනප්‍රවාද. රජ කාලෙදි වැරැදි කරපු ස්ත්‍රීන් ගෙනැවිත් රජුගේ අණ අනුව මෙතැනින් පහළට තල්ලු කළා කියලත් කියනවා. ඒකලු ඊට ස්ත්‍රීපුර නම ලැබුණෙ.
    ගිලීමලේ, උඩුකුලාන, මස්කෙළි ගඟ, මාපලාන, පලාබද්දල, ගල්කඩුමඩම, ඇඳිරිකැලේ මේ හැම තැනම පිළිගන්නෙ එහෙමයි.
     රාස්සගල්ලෙන
    ගල්කඩුමඩමෙ පුරාණ පිරිවෙනක් පවා තිබුණලු. ගිලීමලේ රජමහා විහාරය කිට්ටුව මේ ස්ථානය තියෙන්නෙ. ලිහිණිහෙළ කිට්ටුව රාස්ස ගල් ලෙන කියලා ස්ථානයක්ද තියෙනවා. ඒ ගලේ කොටස් තුනක් දැකිය හැකියි. මෙහි දැනටත් භාවානුයෝගී භික්ෂුවක් වැඩ ඉන්නවා. ඉස්සර මේ ප්‍රදේශය ජනාවාස පෙදෙසක්ලු. තොවිල්වලට දක්ෂ යකැදුරෙක් පවා මෙහි හිටියලු.
    එක්තරා කාලෙකදි තාත්තෙකුයි පුතෙකුයි මේ ස්ථානයේ භාවනා කටයුතුවලට තෝරාගත්තා. පැණි උණු කරලා හකුරු හදන මේ දෙන්නා නිස්කලංකව තමන්ගෙ එලොව ජීවිතය ජයගන්න භාවනා කටයුතුත් කරනවා. හදාගන්නා හකුරු ගම් පළාත්වලට ගෙනැවිත් විකුණනවා.
    මෙහෙම ඉන්නකොට ඒ තාත්තාට අසනීප වුණා. ගමට ඇවිත් බෙහෙත් කටයුතු කරගන්න සිදුවුණා. එනිසා පුතා විතරයි රාස්ස ගල් ලෙනේ හිටියෙ. මේ පුතාට ඉතාම ඉමිහිරි කවරදාවත් නැති සුගන්ධයක් දැනුණා. ඔහු ගල් දෙබොක්කාවෙන් මතුවෙලා බලනකොට ඉතාම ලස්සන කාන්තාවක්. ඇගේ වරලස ඉතා ලස්සනයි. එය පීරා ඉහළට ඔසවා පටියකින් බැඳ තිබුණා. සිරුර ඇත් දළ පාටයි. දත් නිය ඉඟ සුඟ ඉතාම සුකොමළයි. මේ කාන්තාව තමන් ආ පෙදෙසවත් නොකියා මේ ගල්ගුහාවේ නතර වෙලා අර තරුණයාව වැරැද්දට පොලඹගන්න උත්සාහ කළා. ඒත් තරුණයා අහුවුණේ නෑ.
     පිච්ච මල් සුවඳ
    ඈ ළඟ හිටිගමන් පිච්ච මල් සුවඳයි. තවත් වෙලාවට වෙනත් මිහිරි සුගන්ධයක්. හැබැයි! රාත්‍රියට මේ කාන්තාව ළඟ සුවඳක් නෑ. කොහොමහරි අර තරුණයා මේ මායම් දැලේ පැටලුණා. ඇය මොහුගේ භාවනානුයෝගී ජීවිතය විනාශ කළා.
    ඇය ළඟ මිනී කුණු ගඳ වහනය වෙන්නෙ මධ්‍යම රාත්‍රියේ. ඇය තමන්ගෙ අධ්‍යාත්මය විනාශ කරන බව තේරුම් ගත් තරුණයා පැණි උණු කරපු භාජනය ඇගේ හිස සිට පාදාන්තය දක්වා හලා පැනලා ගමට ආවා. උදේ අර තාත්තායි ගමේ පිරිසකුයි ගල් තලාවට යනකොට දුටුවෙ අර තරුණිය නිදා සිටි තැන කටුස්සකු මැරී සිටින අන්දමයි. ඇය මහ හිමේ ලගින යකින්නක් බවයි ගමේ මිනිස්සු කීවෙ. සිද්ධියට අදාළ තරුණයා අදත් ගමේ ඉන්නවා. ඒත් එයා දැන් ජීවත්වන්නෙ සිහිමඳ ගතියෙන්.

    Copy kale uda link eken :) :) :)
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේ සිද්දිය උනේ 2017 දෙසැම්බර් මාසේ,අපේ සෙට් එකේ කොල්ලො 10කුයි කෙල්ලො 3කුයි ගියේ,අපි ගියේ පලාබද්දලින් , කොහොම හරි සිගරට් පෙට්ටියකුත් අරන් පලාබද්දල පාරෙන් රෑ 7.30ට විතර යන්න පටන්ගත්ත, කොහොමින් කොහොම හරි ටික දුරක් යද්දි අපි එක්ක ගියපු කොල්ලො දෙතුන්දෙන්නෙක් ආතල් දෙන්න පටන්ගත්තා.උන් එක එක කතාකියවනවා,ටීශට්ස් ගලවගෙන වැඩ්ඩො වගේ උන් නැග්ගෙ,ටික දුරක් යද්දි උන් දෙන්නෙක්ට හොදටම මහන්සි උනා,උන්ට පඩියක්වත් නැගගන්න බැරි තරම් අමාරු උනා,කොහොමින් කොහොම හරි සීතගගුල ලගට ඇවිත් පාන්දර 1.30ට විතර කට්ටියම නෑවා , වතුර අයිස් වගේ ඒ ෆීලින් එකනම් කියන්න ඕනි නෑ , පස්සෙ අපි පාන්දර 5ට විතර උඩමලුවට ආවා,අපි ඉර සේවයත් බලලා කට්ටිය එක්ක 8ට විතර බහින්න හැදුවා,අපි හැටන් පැත්තෙන් බහින්න හැදුවේ,කොහොමහරි අපි එක්ක ආපු එකෙක් කිව්වා ලේසි පාරක් තියෙනවා ,වැඩි දුරකුත් නැ ගොඩක් ලස්සන පාරක් කියලා,කොහොමින් කොහොම හරි අපි එරත්න පැත්තෙන් බහින්න ගත්තා,ටික දුරක් එද්දි පඩිපෙලවල් නෑ,කැලේ පාරක් තියෙන්නේ ඇත්තටම ඒ පාර ලස්සනයි , අපි එන ගමන් මහන්සියට සින්දු කිය කිය ආවේ කට්ටිය එක්ක ,එහෙම ඇවිත් කිලෝමීටර් 2ක් වගෙ පහලට ආවම අපේ කට්ටියක් අපිට කලින් පහලට ගියා අපේ සෙට් එකේ ඉතුරු උනේ 6ක් වගේ අපි සින්දු කිය කිය අවේ,ටික දුරක් එද්දි හැමතැනම අලි බෙටි තියෙනවා ,අලි ගියපු පාරවල් තියෙනවා ,ගස් පොඩි වෙලා තියෙන පාරවල් එහෙම හැමතැනම අපි සෙට් එක හෙනට බය උනා,එහෙම පහලට ටික දුරක් එද්දි සීත ගගුල සෙට් උනා අපි කවදාවත් එරත්න පාරෙන් ඇවිත් නෑ ,සීතගගුල කිට්ටු වෙන්න අපි එකම තැනම යනවා කියලා තේරුනා,ඒ කියන්නෙ එකම තැන දෙතුන් පාරක් පහුකරගෙන යනවා වගේ තේරුනේ,කොහිමින් කොහොම හරි අපි කට්ටිය සීතගගුල ලග තියෙනවා කඩයක් එතනදි අපි හැමෝම සෙට් උනා,ආයෙ කට්ටිය එක්ක බහින්න ගත්තා,පැය 6ක් විතර එකදිගට පහලට ඇවිත් අපි,අපිට මේ පාර ලගයි කියපු එකාටත් පින් දිදී බැස්සෙ අපි,එරත්න පාරේ අනිත් පාරවල් වල වගේ ලයිට් එහෙම නෑ මීටර් 100න් 100 වගේ තමා ලයිට් එකක් තියෙන්නේ , කොහොම හරි අපි එක්ක ආපු දෙන්නෙක් කලින් ගියා උන් දෙන්න ටික දුරක් ගිහින් එක පාරටම දුවගෙන ආවා,පාර මැද වලහෙක් ඉන්නවා කියාගෙන,අපි ඒ වෙද්දි පහල තිබුන අම්බලමක් ලග මහන්සි යව යව හිටියෙ එතන අම්බලමෙ අන්කල් කෙනෙක් හිටියා පොර එක පාරටම කැත්තක් අරන් යමු පුතේ කියාගෙන අපි එක්ක ගියා,වෙලාව රෑ 8.30ට විතර් ඇති හෙන කලුවරේ,වලස්සු නෙවෙයි අලියෙක් හිටියත් පේන්නෙ නැති තරම්,අර අන්කල් එක්ක අර දෙන්නා කියපු තැනට ආවම වලහෙක් නෙවෙයි මෙලෝයකෙක් නෑ,අර අන්කල් කිව්වා පුතාලා එනගමන් කට ඉස්සර කරගත්තද කියලා,අපි හැමෝම බය උනා දොබෙන් යන්න,ඇයි කලින් උනු උනු අලි බෙටි දැකලා,එකම තැන වට පහ
    හයක් ඇවිද්දවලා ,දැන් වලස්සු කතන්දරේ මතක් උනාම බය නෙවෙයි කලිසමේ චූ යනවා,කොහොම හරි අර අන්කලයා අපි සෙට් එක මගක් දුරට ඇරලවලා එයා ගියා,අපි කොහොමහරි සමන් දෙවියොන්ට පින්දිදී බැස්සා,පහලට ආවා කොහොම හරි පහලට එද්දි රෑ 11 විතර වෙලා,උදේ 8 ඉදන් රෑ 11 වෙනකන් අපි හැමෝම බැස්සා, පාර ලේසියි කියපු එකාගෙ අම්මා මතක් කර කර ආවේ අන්තිමට,එරත්න පාරෙ කට ඉස්සරකරගන්න නම් එපා පුතෝ !
     
    ow bn kata isssara karagathoth aniwa waradinwa bn godak welwata atharaman wena seen tynne bn

    Thanks mcn experience eka share karagaththata thawa experiences tynwanm share krgnin bn