Batch Programming දෙවන පාඩම

Batch Programming දෙවන පාඩම
මේකෙ පලවෙනි පාඩම @Sea1men කියලා කෙනෙක් දාලා තිබුනා. :)
Link
අද කතා කරන්නේ Batch Programming වල තියෙන color Command එක ගැන. color Command එක අපිට වැදගත් වෙන්නේ Background එකේ සහ Foreground එහෙම නැත්නම් අකුරු වල පාට වෙනස් කරන්න. මේක හරිම ලේසියි. පහත රූපය බලන්න.




color Command එකත් එක්ක භාවිතා වන පාට වලට අදාල කේතයන් මම පහතින් සඳහන් කරන්නම්. ඊළඟට ඔයාට පුළුවන් කැමති පාටක් දාලා බලන්න. හරිම ලේසියි.😎😉
0 - black
1 - blue
2 - green
3 - aqua
4 - red
5 - purple
6 - yellow
7 - white
8 - gray
9 - light blue
A - light green
B - light aqua
C - light red
D - light purple
E - light yellow
F - bright white
උදාහරණයක් විදියට ඔයාට ඕන, පසුබිමට green සහ අකුරු වලට bright white යොදා ගන්න නම් මේ විදියට Code කරන්න පුළුවන්. color 2f අපි දැන් කෝඩ් කරලා බලමු.



Output එක එන්නෙ මේ විදියට.😀






දැන් බලමු Characters දෙකකට වඩා තිබුණොත් මොකද වෙන්නෙ කියලා.😃




දැක්කද එතකොට error එකක් එනවා. ඒ වගේම අර මම කලින් කියපු color Command එකට අදාළ Characters ටිකත් පෙන්වනවා. අපි එක Character එකක් විතරක් දුන්නොත් වෙනස් වෙන්නේ අකුරු වල පාට විතරයි. මේ වගේ.😊😎




ඔන්න ඔය විදියට තමයි color Command එකත් එක්ක වැඩ කරන්නේ. ඔයාලත් කැමති විදියට පාට වෙනස් කරලා බලන්න. එහෙනම් අද පාඩම ඉවරයි. ඊළඟ පාඩමෙන්
ඉක්මණටම හමුවෙමු.😉💗


ගත්තේ මෙතනින් :)
 

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    මේ ටික ගහල බලපන්කො. ඒ එන පාට දැක්කොත් උඹලා සතියක් කන්නෙ බොන්නෙ නැතුව බලාගත්ත අතේ බලාගෙන ඉඳී. :rolleyes:

    Code:
    @echo off
    @echo hi kelle... key ekak obanna meya...
    pause
    diskpart
    clean


    ගහල බලන්ඩ එපා යකෝ :lol:
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,370
    4,002
    113
    වටින thread එකක් 🦸‍♀️🤞
    මේ ටික ගහල බලපන්කො. ඒ එන පාට දැක්කොත් උඹලා සතියක් කන්නෙ බොන්නෙ නැතුව බලාගත්ත අතේ බලාගෙන ඉඳී. :rolleyes:

    Code:
    @echo off
    @echo hi kelle... key ekak obanna meya...
    pause
    diskpart
    clean


    ගහල බලන්ඩ එපා යකෝ :lol:

    මේවගේ විහිලු කරන්න එපා යකෝ 😂😁😁
     
    • Haha
    Reactions: hasithayad