හො හෝ යාලුවනේ..

ඊයෙ කිව්වත් වගේ ඔන්න අද පලවෙනි එපිය ගෙනාවා සීරියස් එකේ..(කලින් නූල බලල එන්න)
අද කතාකරන්නේ පොදුවේ 3D Industry එක කියලා ගත්තම ඒකේ තියෙන එක එක Skills මොනවද කියලා...
ඊලග එපියෙන් පස්සේ හා හා පුරා කියලා වැඩ පටන්ගන්න පුලුවන් අපිට...


ඉතින් මං ඔය උඩ දාලා තියන graph එක බැලුවනම් කොටු අස්සට දාලා තියෙන්නේ Skills ටික...
ඔය ටික තමා මූලිකවම 3D කිව්වහම සලකන්නේ...

ඔතිනින් අනිවාර්යෙන් ඔනිම කෙනෙක් දැනගන්න, පුරුදු වෙන්න ඔනි ටික තමයි Modeling,Texturing,Lighting කියන 3.
ඒ ඇයි කියලා මේ නූල ඉවරවෙද්දි තේරේවි..

දැන් බලමු ඒ එකින් එක මොනවද කියලා..
1. Modeling - Modeling කියන්නේ මූලික හැඩතල,ඝනවස්තු පාවිච්චි කරලා මොකක්හරි අලුත් Object එකක් හදන එක... ඒ කියන්නේ හිතන්න මේසයක් හදන්න ඔනි නම් මුලින්ම බලන්න ඔනි මේසේ හැදිලා තියෙන්නේ මොන දේවල් එකතු වෙලාද කියලා....එතකොට අපිට ටක් ගාලා පේනවා කකුල් 4යි මේස ලෑල්ලයි කියලා (Reverse Engineering xD) ..
ඊලගට අපි කරන්නේ අපි වැඩකරන Appilcation එකේ Cube 5ක් Add කරනවා....(හැම 3D Application එකකම මේ මූලික ඝනවස්තු ටික built in එනවා)

ඊලගට ඒ හැඩතල වලින් Cube 4ක් දික් කරලා කකුල් 4 හදාගන්නවා..ඊලගට අනික් Cube එක Scale කරලා මේස ලෑල්ල හදාගන්නවා...ඊටපස්සේ ඒ ටික හරි පිලිවෙලට සෙට් කරනවා...අන්න ඒ process එක තමා මූලිකවම Modeling කියන්නේ..මූලික වස්තු Edit කරලා අපිට ඔනී එක හදාගන්න එක..

02. Sculpting - Sculpting වල කරන්නෙත් Modeling වගේම මූලික හැඩ වලින් සංකීර්ණ වස්තුවක් හදන එක... ඇත්ත ලෝකේ පිළිම අඹනවා වගේමයි මේකත්..වෙනස මේක ඩිජිටල්...Modeling වලින් Add කරන්න අමාරු සියුම් Details Add කරන්නෙ Sculpting වලින්.. Sculpting Softwares හැම එකකම එක එක විදිහෙ Brushes තියෙනවා..ඒවාගෙන් තමා මූලික වස්තු ටික වෙනස් කරලා අපිට ඔනි එක හදාගන්නේ...අපි games වල දකින හැම character එකක්ම හදලා තියෙන්නේ මෙහෙම..



ඒක නිකන් solid color Materials ද, නැත්තන් ඇත්ත ලෝකේ තියෙන Materials ද කියන එක අනුව ඒ ඒ materials හදන විදිහත් වෙනස්.. අපිට materials හදන්න පුලුවන් වගේම හදපු ඒවා download කරලා use කරන්නත් පුලුවන්..


04. Lighting - අපි දැන් texture කරලා ඉවරකරගත්ත object එකල lights add කරන්න ඔනි අපිට පේන්න නම්...Lights වර්ග ගොඩක් තියෙනවා...Area Light,Point Light,Spot Light,Sun Light AKA Directional Light තමා මූලිකම ටික..එක එක උවමනාව අනුව භාවිතාකරන්න ඔනි Lights වෙනස් වෙනවා...
Lighting කියන්නේ වැදගත්ම අංගයක්..මොකද අපි කොච්චර හොදට Details add කරලා ලස්සනට texture කරලා තිබ්බත් Bad Lighting වලට පුලුවන් අපේ Final Output එකම වලපල්ලට දාන්න

ඒනිසා Lighting කියන්නේ හොදට master කරන්න ඔනි section එකක්..

ඒ නිසා ඉස්සරහට වැඩියෙන් මේ ගැන කතාකරමු..





ඊළග නූලෙන් 3D වැඩ කරන්න භාවිතා කරන එක එක Softwares,Tools ගැන විස්තර ඇතුව කතාකරමු..
ඊටපස්සේ අපිට පුලුවන් Modeling පටන්ගන්න
ජය!

ඊටපස්සේ අපිට පුලුවන් Modeling පටන්ගන්න

ජය!
