Daraz හි වෙළඳ සාමාජිකයෙක් වීමේ සම්පූර්ණ මගපෙන්වීම

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා දාන්නෙ..

    කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයක් ගෙන යන ඔබට ගෙදර සිටිනා අතරතුර දී වැඩිම අදායමක් ලබා ගැනීමට අවශ්‍ය වී තිබේද? මෙන්න අපගේ “Daraz Seller Care Program” තුලින් ඔබගේ ව්‍යාපාරය යලි ලාභදායි මගකට ගැනීමට කදිම අවස්ථාවක්!

    දකුණු ආසියාවේ ප්‍රමුඛ ස්ථානයක් ලැබූ ඩරාස් ඩිජිටල් වෙළ්ඳපොල සම්බන්ද වෙබ් පිටුව සහ ඇප් එක තුල දැනට කාණ්ඩ 100ක ට අනුගත නිෂ්පාදන මිලියන විස්සකට වඩා ඇතුලත් වේ. තාක්ෂණය පෙරටු කරගත් වර්තමාන ලෝක තත්වය තුල ඩරාස් හී ඉලක්කය වන්නේ වෙළඳුන් දහස් ගණනකට පාරිභෝගිකයන් මිලියන ගණනක් සම්බන්ද කිරීමයි.

    මෙහි ඇති හොඳම වාසියක් වන්නේ , මෙම සේවාව සඳහා ආරම්භයේදී ඩරාස් විසින් කොමිසම් ගාස්තුවක් අය නොකිරීමයි.

    ශ්‍රී ලංකාවේ විශාලතම e-වෙළඳපොලේ කොටස් කරුවෙක් වී, ඔබගේ ව්‍යාපාරය තවත් සාර්ථක කරගැනීමට ඩරාස් තුලින් ලැබෙනා මෙම වාසි සහගත අවස්ථාව ලබා ගන්න.

    ඩරාස් හී වෙළඳ සාමාජිකත්වයක් ලබා ගත යුත්තේ ඇයි?
    ඩිජිටල් ක්‍රම මත තව තවත් රඳා පවතින ලෝකයක, අන්තර්ජාලය හරහා සිදුවන ව්‍යාපාර ශ්‍රී ලංකාවේ අනාගතය වෙන බවට සැකයක් නැත.

    ලෝකයේ E වාණිජ බලවතා වන අලීබාබා හා ඩරාස් එක් වීම මගින් ඔබට දැන් ගෝලීය මට්ටමේ E වාණිජ තාක්ෂණය සහ ලොජිස්ටික් පහසුකම් සහිතව ඔබගේ ව්‍යාපාරය තම නිවසේ සුව පහසුව මැද තව තවත් දියුණු කර ගැනීමට අවස්ථාව ලබා ගත හැක.

    “Daraz Seller Care Program” සමග වෙළඳ සමාජිකත්වයක් ගෙන, පහත සඳහන් වාසි භුක්ති විඳිය හැක” :

    තමන්ගේම වන සුළු ව්‍යාපරයක් ආරම්භ කිරීමට අවශ්‍යතාවක් ඇති ඕනෑම කෙනෙක්ගේ පහසුව සඳහා, ඩරාස් විසින් ඔබේ අන්තර්ජාලගත වෙළඳ පොළ සකසා ගැනීමට යොහා ඇති සුළු හා පහසු ක්‍රම.

    ව්‍යාපාරික සහය :
    රට පුරා ඇති කුඩා සිට මධ්‍යම තත්වයේ ව්‍යාපාර දක්වා වන ඔබට, ඩරාස් සමග ඔබේ වෙළඳ පොළ ආරම්භ කල හැකි අතර, පැය 24 පුරාවට ඔබටම කැපවූ පෞද්ගලික ව්‍යාපාරික උපදෙස් සේවාවක් ඔබට ලැබේ, තවද වෙළඳුන් සඳහා වෙන්වූ, ව්‍යාපාරයේ විශ්ලේෂණ කට්ටලයක් මගින් ඔබට ඔබගේ ව්‍යාපාරය, දත්ත භාවිතා කොට දියුණු කිරීමට අවස්ථාව ලැබේ.

    මූල්‍ය සහය :
    SME වෙළඳුන් ගේ පහසුව සඳහා; 0% කොමිස් අයකිරීමේ පහසුකම් මූලිකව යොදාගෙන ඇත.මෙමගින්, පෙර සමාජිකත්වය ලැබූ හෝ නව SME වෙළඳුන් ට, ගෙවිය යුතු කොමිස් මිල එක් මාසයක කාලයකට නොගෙවිය යුතු වේ. (දින ඉතා ඉක්මනට දැනුම් දෙන ලැබේ) තවද, ඔබට නොමිලේ ලබා ගැනීමේ හා ගබඩා කිරීමේ සේවාවන්, ප්‍රවර්ධන දීමනා සහ සහනාධාර ඇසුරුම් ද් මේ සමග ලැබේ.

    උපකාර සහ පුහුණු සේවා :
    ඔබ තවමත් ව්‍යාපාරය ආරම්භ කිරීමේ මුල් අවධි වල සිටින්නේ නම්, ඩරාස් ඔබට නොමිලේ වෙළඳ අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දෙන්නේය. Daraz University මගින් ලබා දෙන අන්තර්ජාල සම්මන්ත්‍රණ සහ අනෙකුත් අධ්‍යාපනික දෑ වලට යොමු වීමෙන් ඔබගේ ව්‍යාපාරය තවත් සාර්ථක කර ගත හැක.

    සීඝ්‍රගාමී ලියාපදිංචි කිරීම් :
    නව වෙළඳුන් සඳහා සීඝ්‍රගාමී ලියාපදිංචි කිරීම් පද්ධතිය මගින්, දැන් ඔබට දින දෙකක් වැනි සුළු කාලයකින් ඔබගේ වෙළඳ පොළ ආරම්භ කර ව්‍යාපාරික කටයුතු වල යෙදිය හැක.

    නොමිලේ අලෙවි අවස්ථා :
    වැඩි වැඩියෙන් ඔබගේ වෙළඳපොළට පාරිභෝගික ආගමන වැඩි කල හැකි දීමනා නොමිලේ ඇප් එක තුලින්ම ලබා ගන්න. මෙමගින් අපගේ වෙළඳුන් හට ලැබෙන සාමාන්‍ය පාරිභෝගිකයන් ගණන වැඩි වේ.

    ඩරාස් සහතික කරන්නේ, Daraz Seller Care Program මගින් SME වෙළඳුන් දහස් ගණනකට, රට පුරාඅ ඇති පාරිභෝගිකයන් මිලියන ගණනක් සම්බන්ධ වීමෙන්, ඔවුන් ගේ ව්‍යාපාර තව තවත් ශක්තිමත් කර ,E-වාණිජ තාක්ෂණ සමග පෙරට ගෙන යාමයි.

    ඔබ ඩරාස් හී වෙළඳ පොළක් ආරම්භ කරන්නේ කෙසේද?
    තවත් නොසිතන්න, එය එතා සුළු සහ කරදර විරහිත ක්‍රියාවලියක්!

    ඔබ කල යුත්තේ මෙම ලින්ක් එක ඔබා, වෙළඳෙක් ලෙස ලියාපදිංචි වීමයි.

    Signup here

    වෙළඳ ලියාපදිංචි පිටුවේ වෙළඳෙක් ලෙස ලියාපදිංචි වූ පසු මෙම සුළු පියවර ත්‍රිත්වය අනුගමනය කරන්න.

    1 වන පියවර.
    ලියාපදිංචි වී තොරතුරු සපයන්න


    • ඩරාස් වෙබ් පිටුවට ගොස් වෙළඳෙක් ලෙස ලියාපදිංචි වන්න.
    • ඔබගේ පෞද්ගලික හා ව්‍යාපාරික තොරතුරු සපයන්න.
    • ඔබ වෙළඳාම් කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩ ගැන තොරතුරු සපයන්න.
    2 පියවර.
    ඇනවුම් ලබා රට පුරා භාණ්ඩ විකිණීම


    • ඔබගේ භාණ්ඩ ලැයිස්තුව සහ තොරතුරු සියල්ල ඇතුලත් කල පසු, ඔබට විකිණීම් ආරම්භ කල හැක.
    • ඇප් එක තුලින් හෝ වෙබ් පිටුව භාවිතා කර ඔබගේ ඇනවුම් කළමණාකරණය කරගන්න
    • ඔබට ඇනවුමක් ආ එසැනින් එය පැකේජයක් ලෙස අසුරා, ප්‍රවාහනය හා ලබා දීම මුළුමනින්ම ඩරාස් අතට භාර දෙන්න.
    3 පියවර.
    අය කිරීම් ලබා ගෙන ඔබගේ ව්‍යාපාරය තව තවත් වැඩි දියුණු කරගන්න.


    • ඔබගේ ගෙවීම් ඔබ සඳහන් කල ගිණුමට ලැබේ.
    • අවසාන වශයෙන්, තව තවත් පාරිභෝගික ඇනවුම් සපයා, ව්‍යාපාරය වැඩි වැඩියෙන් දියුණු කර ගන්න.
    Copied from: https://blog.daraz.lk/2020/05/01/yo...az-sinhala/?spm=a2a0e.5750.0.0.3bfb70b6rQ4Umh
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,509
    6,197
    113
    කලින් Order එකක් දැම්මා
    ඒක දවස් 2 න් ආපු නිසා ආයෙ බඩු වගයක් order කළා දැන් 2 week පෙන්නනවා delivery date එක
    මුන් Dropshipping කරලද මන්දා එවන්නෙ සමහර items
    දැන් ebay delivery late නිසා මුන්ගෙන් දැම්මේ. ebay එකෙනුත් orde එකක් දාල
    දැන් ඉතින් 2 ම දාල බලාගෙන ඉන්නයි තියෙන්නෙ

    ඉස්සර kaymu කියල තිබ්බෙත් daraz මද ඒ කාලෙ මාත් ඒකෙ item වගය list කරල විකුණුවා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    හොරු නොවී සාධාරණව ගනු දෙනු කරන්න කියලා කියලා දියන්. මේකෙත් ත්රෙඩ් දැක්කා හොර වැඩ කරනවා කියලා. ලංකාවේ දෙයක් online ගනිද්දී මිනිස්සු 100 වතාවක් කල්පනා කරනවා. ඒ සෙලර්ස්ලගෙ හපන්කම නිසා.
    向上
     
    • Like
    Reactions: NRTG