SRI Pada Adawiye wechcha amuthu katha

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේක ලංකාදීපේ තිබුන ලිපියක්

    සිරිපා හිමේ කුණුදිය පව්ව නැග්ගෙමු

    “වඳින්න යන මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි
    වැඳල බහින මේ නඬේට-සුමන සමන් දෙවි පිහිටයි”

    කනට මිහිරි සේම ගතටත් සිතටත් ප්‍රබෝධය ලබාදෙන මෙම කවි පද පේලි අපට එරත්න පාරෙන් ගමන පටන් ගනිද්දිම ඇසුණි. අද ගමනාන්තය ඔබ කවුරුත් හොඳින් දන්නා ඉසව්වකටයි. ඒ “සිරිපා රක්ෂිතයට” යි. උතුම් වූ සිරිපතුල පිහිටවූ සමනල කන්ද පිහිටි අඩවියයි. නමුත් අද අප තරණය කරන්නේ සමනල කන්ද නොවේ. සමනල ගිර නගින බොහෝ අය දන්නා සේම දැක තිබෙන හරි අපූරු කන්දක් තරණය කිරීමටයි. ලංකාවේ ඉතාමත්ම සුළු පිරිසක් පමණක් ගොස් තිබෙන අතිශය දුෂ්කර හා භයානක කඳු තරණයකටය. ඒ “කුණු දිය පව්ව” මුදුනට නැගීමටයි. තවදුරටත් කිවහොත් සිරිපා කඳු පාමුල පිහිටි පලාබද්දල, එරත්න, මලවන, ඉඳුරුව, මාපලාන වැනි ගම්වල ජනතාව පවා ගොස් නැති දුෂ්කරතම කඳු තරණයට අද අපි සූදානම් වෙමු.

    වචනයේ අර්ථයෙන්ම “කුණු දිය පර්වතය” යන නාමය ඇසූ විට ඔබට හැඟෙන්නේ මේ කන්ද අපිරිසුදු හෝ කුණු ගොඩවල් පිරි කන්දක් බවට නිසැකය. නමුත් මෙම කන්ද තවමත් නොඉඳුල් කන්දකි. සිරිපා රක්ෂිතය තුළ තිබෙන සිරිපාකන්ද, බැන සමනල, පැඳුරුතලාගල, මහ පැඳුරුතලාව, බල්ලාබැඳි ගල, සප්තකන්‍යා, බල්ලගල සේම කුණු දිය පර්වතයද මහ වන මැද නැගී සිටින දැවැන්ත කඳු ශිඛරය. ලංකාවේ කඳු මුදුනක ඉහළ චතුරස්‍රයක් වැනි හැඩයෙන් යුත් කඳු අතර අප දන්නේ සීගිරිය හා බතලේගල පමණි. නමුත් කුණු දිය පව්වද එවැනි හැඩයකින් යුතු කන්දකි.

    උසින් මීටර 1900කට වැඩි මෙම කන්ද නැගීමට කිසිදු අඩි මාර්ගයක් නොමැත. සාමාන්‍යයෙන් මෙම කන්ද නගින්නේ එරත්න මාර්ගයෙනි. එනම් එරත්න මාර්ගයේ සීත ගඟුල දිගේ පහළට ගොස් නැවත මූකලාන දිගේ ඉහළට යමින් කන්දට ළඟාවිය හැක. ඒ සඳහා මීට පෙර එහි ගිය පළපුරුදු කෙනෙකු අවශ්‍යමය. කෙසේ වෙතත් එම මාර්ගයෙන් කන්දට යාමට පමණක් එක් දිනක් වැයවනු ඇත. එම මාර්ගය ගැන දන්නේ මේ ඉසව්වල සිටින අතළොස්සක් පමණි. මන්ද වන සතුන්, කටු අකුල් ගහණ සංකීර්ණ ඝන වනරොදක් මේ අවට පැතිර ඇති හෙයිනි.

    මෙම පර්වතයට එම නම හැදුනු ආකාර 2ක් පිළිබඳව ජන වහරේ පවතියි. ඉන් ප්‍රසිද්ධම වනුයේ සමන් දෙවියන් බුදුරජාණන්ගේ සිරි පතුල පිහිටුවීමට මුලින්ම ආරාධනා කළේ මෙම කන්දේය. එම නිසා රජු කඳු මුදුනට ළඟාවත්ම මැරී කුණු වී කුණු ලේ ගලන ගැරැඬියකුගේ මළකුණක් දැක ගැනීමට ලැබුණි. එම නිසාම රජු සිරිපතුල පිහිටුවීමට මෙම කඳු මුදුන සුදුසු නැති බව තීරණය කරන ලදී. එනම් කුණුදිය ගලන ගැරැඬි මළකුණක් නිසා සිරීපාද ස්පර්ශය ලැබීමට භාග්‍යය නොලැබූ කන්දක් වීමය. අනෙක් කරුණ නම් අදටත් දක්නට ලැබෙන ප්‍රායෝගික දසුනකි. එනම් මෙම කන්ද වලාකුළු වනාන්තරයක් වීමයි. එනම් නිතරම මීදුමෙන් වැසී තිබෙන එලෙසම සුළං ප්‍රවාහවලට මුහුණදී මීදුම උපදවන කඳු මුදුනක් වීමයි. එම නිසාම මෙම කන්දේ නිතරම ජලය ගලා ඒමක් සිදුවේ. එම හේතුව නිසාවෙනුත් කුණු දිය පව්ව යන නම ලැබී ඇති බව තවත් අරුතකි.

    කුණුදිය පර්වතයට අසන්නම ස්ථානය එරත්න ග්‍රාමයයි. වර්ණගල වතුයායේ කෙළවරක පිහිටි මෙම කන්ද නැඟීමට අප සැලසුම් කළේ ඉකුත් වසරේදීය. එම නිසාම වැසි රහිත කාලගුණයක් එනතුරුම මඟපෙන්වන්නෙකු සොයාගනු පිණිසත් කාලය වැයවුණි. පසුව අප පසුගිය මසකදී කන්ද තරණය කිරීමට ඉටා ගත්තේ මඟපෙන්වන කෙනෙකු සමඟිනි. නමුත් අප නියමිත දිනයේ එහි ගියද මඟපෙන්වන්නාට නොවැළැක්විය හැකි හේතුවක් මත අප සමඟ යාමට නොලැබුණි. කෙසේ වුවද අප අද තනිවම හෝ මෙම ගමන සිදුකළ යුතු බවට තීරණය කළෙමු. පෙර කතිකා කරගත් පරිදි හදිසියේ හෝ අපට රැයක් ගත කිරීමට අවශ්‍ය වුවහොත් යැයි සිතා කූඩාරම්, රාත්‍රි ආහාරයක් පිළියෙළ කර ගැනීමට බඳුනක් හා කෙටි ආහාර රැගෙන ආවෙමු. උදෑසන 6 වනවිට අප එරත්නට පැමිණියෙමු. විගසින් ගමන ආරම්භ කළ අප ගිං ගඟුල, ජම්බෝල ගහයට අම්බලම පසුකරමින් ඩයිමන්ගල හරහා වර්ණගල අම්බලමට ළඟා වූයේ විනාඩි 40කට පමණ ගමනකින් පසුවය. මීට පෙර අප වර්ණගල අම්බලම අසල කුඩා ජල විදුලි බලාගාරය අසලම කැලෑ පාරෙන් යතුරුපැදි මඟින්ම පැමිණියෙමු.

    වර්ණගල ඇල්ල

    කෙසේ හෝ අප අද කුණු දිය පව්ව නගින්නේ ඉතාමත් කාරුණික පුද්ගලයකුගේ හෙළිදරව් කිරීමක් මගින් අප සිතූ පහසු මගකිනි. එනම් වර්ණගල අම්බලමේ සිට දකුණට කඳු නගිමින් යාමටයි. නමුත් අප මේ තෝරාගත්තේ 100%ක් මරණය නියමිත අතිශය දුෂ්කර මාර්ගයකිනි. ඒ විශාල දිය පහරක් දිගේ කිලෝ මීටරයක වැඩි දුරක් ඉහළට නැගීමටයි. අප මේ මග තෝරාගත්තේ ඒ වනවිට ජල ප්‍රමාණය ඉතා අවම මට්ටමක තිබූ හෙයිනි. වැසි කාලයට මේ ඇල්ල දිගේ මීටර 50ක්වත් ගමන් කළ නොහැකිය.

    සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය මැද වර්ණගල දිය ඇල්ලේ දකුණු පස පිහිටි වනගත ඇල්ල අසලින් ගමන ඇරැඹුවේ එම ජල කඳ එන දිශාවට ගමන් කිරීමටයි. ප්‍රථමයෙන් අසල කැලයට පිවිස ගසක් දිගේ නැග එම ඇල්ලේ ඉහළට පැමිණියෙමු. මීට මාස කිහිපයකට පෙර අවාරේ අප පැමිණි දිනකදී මෙම ඇල්ලේ ජල කඳ අඩි 20ක් පමණ පළලින් යුතුව කඩා වැටුණද අද ඇත්තේ අඩි 8ක පමණ පළල සිහින් ජල වැටීමක් පමණි. එම අවම ජල ප්‍රමාණයක් පැවැතීම අපගේ ගමනට ඉමහත් අස්වැසිල්ලක් විය. අප ලද රහසිගත තොරතුරට අනුව ඇල්ල දිගේ ජල මූලාශ්‍රය වන තෙක්ම යා යුතුයි. එහිදී කඳු නගිමින් ජල පහර බෙදෙන ස්ථානවලදී නිවැරැදි මඟ සොයාගෙන යා යුතුය. කෙසේ හෝ ගමන ආරම්භයේ පටන් දුෂ්කර විය. වර්ෂාව නැති නිසා අපගේ මිත්‍ර කූඩැල්ලන් නොමැතිවීම තවත් සහනයක් විය. මීටර 200ක් පමණ ක්‍රමයෙන් ගල්කුට්ටි මතින් ඉහළට නගිමින් අප ඉදිරියට ගිය පසු මීටර 15ක් පමණ උස අලංකාර දිය ඇල්ලක් දක්නට ලැබුණි. එනම් මෙම මාර්ගයේදී අප මීටර 10කට වඩා උස අලංකාර දිය ඇලි 6ක් පමණ දුටු අතර ඒවා සාමාන්‍ය චාරිකාවකදීවත් දකින්නට නොලැබෙන අලංකාර කොමලියන් වූ බැවින් අප වන මැද සැඟවුණු දිය ඇලි නැරැඹීමට තරම් වාසනාවන්තයින් වූවෙමු.

    ද්‍රුෂ්කර ගමන

    විටෙක අඩි 10ක් පමණ උසැති ගල් කුට්ටි දිගේ බඩගාමින් හා සතර ගාතින් ඇවිද යමින් ඉහළටම ගමන් කළෙමු. පැය එකහමාරකට පමණ පසු අප අසල පිහිටි කන්දේ මුදුනට පැමිණියෙමු. එහිදී ඈතින් පහළ පිහිටි වර්ණගල විහාර භූමිය දක්නට ලැබුණි. තවද අප ඉදිරියේ පිහිටි පිදුරුතලාගල කන්දත් අපට වඩා ඉහළ මට්ටමක තිබූ බව අපට පෙනුණි. උදෑසන සිටම අලංකාර ලෙස කුණුදිය පර්වතය දුටුවද දැන් නම් අපට කිසිවක් පෙනුණේ නැත. මෙලෙස අප දිය පහර දිගේ බොහෝ දුරක් ඉහළට ඇදුනෙමු. එක් ස්ථානයකදී ඉදිරි මීටර 100 කෙසේවත් අපට ගල් කුට්ටි මතින් යමින් ඉහළට යාම කළ නොහැක්කක් විය. මන්ද සුවිසල් ගල් කුට්ටි තිබීමත් ඒවා සිරස් ලෙස පිහිටීමත් ඉදිරියේ පිහිටි දිය පහර ඉහළක සිට විශාල ගල් කුට්ටි දෙකක් අතරින් ගල්වලට පිටුපසින් කඩා වැටීමත් නිසා ඉන් ඉහළට නැගීම අප සිදුකළේ අසල පිහිටි වන පියසට ඇතුළු වීමෙනි. වන රොදද ඍජුවම නැග්මකි. ලිස්සන කැඩෙන පස් තට්ටු මතින් යමින් කටු කිතුල් අතු පරිස්සමට අල්ලමින් ගස් බඩගාගෙන අප ඉහළට නැග්ගෙමු. නැගීමට නොහැකි වූ ජල පහර පිහිටි ප්‍රදේශයේ වූ දියඇල්ල ජල ගුහාවක් වැනිය. ජල කඳ වැසි දිනෙක කොතරම් අපූරු විය හැකිදැයි අපට සිතුණද එහෙත් කිසිම විටෙක එය නැරැඹීමට නොහැකි බවද සිහිවුණි.

    නැවතත් අඩි 10ක් පමණ පළලින් කුඩා අතු ජල පහරක් දක්නට ලැබුණද අප යා යුතු මග තීරණය කිරීමට අපහසු නොවුණේ එම මග විශාල ගල් කුට්ටි පිහිටි වපසරියක් වීමයි. අපට අතරමග කැලයේ පිහිටි ගුහා දෙකක් හමුවූ අතර එහි දස දෙනෙකුට වුව සිටිය හැකි විය. ජල පහර පිහිටි මගේද එවැනි ගුහාවක් හමුවූ නමුත් එහිදී අධික ජල පහරකදී ගුහාව තුළටද ජලය පැමිණෙන සුළු විය. මේ වන විට අප ඉදිරියෙන් පිහිටි පිදුරුතලාගල කඳුවැටියේ උසට සමාන උසකින් අප සිටිනු බව පෙනුණි. මද දුරක් ගිය පසු ජල කඳ වමට බරව ඇදුණි. සමහර විට මීටර 100ක් පමණ දිගට විශාල ගල් තැන්නෙන් ජලය ගලාගෙන ආවේය. තවත් අවස්ථා ගණනාවක්ම ජල කඳ අපට නොපෙනුණේ ගල් කුට්ටි යටින් භූගතව ජල කඳ ගලා ගිය හෙයිනි.

    මිනිස් පුළුටක්වත් නොමැති ඝන කැලයක මා හා නිරෝෂ සමඟ සිටියේ අපමෙන්ම මෙම කන්ද නැඟීමට සිටි බලවන ගමේ යසරත්න මාමාය. ඔහුගේ වයස අවුරුදු 50 ඉක්මව තිබුණද බොහෝ විට ඉදිරි මඟ සාදාගෙන ගියේ ඔහු විසිනි. සිරිපාකන්ද හා කැලය ගැන කුඩා කල සිටම දැනුමක් තිබූ ඔහුට වනාන්තරයක ගමන් කිරීම ඉවෙන් මෙන් බොහෝ අවස්ථාවල දැනුණු බව අප දුටුවේ ඔහු නිවැරැදි මාර්ගය නිශ්චය කර ගන්නා විලාසයෙනි.

    කෙසේ හෝ අප යම් අවසානයක් කරා පැමිණ ඇති බව වැටහුණේ ජල පහර ක්‍රමයෙන් කුඩා වීමෙනි. මේ වන විට ජල කඳේ පළල අඩි 5ක් පමණ විය. පාසි බැඳුණු තුරු වියන් යට පිහිටි කුඩා ගල් කුට්ටි අතරින් ගලන ජල පහර ඇතැම් විට ශබ්දය ඇසුනද සොයා ගත නොහැකි විය. පසුව අප ළඟා වූයේ මීටර 100 කට වැඩි උසකින් යුත් දැවැන්ත ගල් බිත්තියක් අසළටයි. මාර්ගය එතැනින් අවසානය. සිහින් ජල පහරක් ගල් බිත්තිය දිගේ විවිධ ස්ථානවලින් පහළට රූටන අතර ඒවා ක්‍රමයෙන් අප ආ ජල කඳට එකතු වේ.
    එනම් අප සිටින්නේ කුණුදිය පව්වේ අංශක 90ක නැග්මක් නැගිය යුතු ස්ථානය අසළයි. වම් පස කටු ඉඹුල්, හාතාවාරිය, කටු උණ පඳුරු, බට පඳුරු අතරින් ඉතා දුෂ්කර ලෙස මාර්ගය සාදාගෙන ක්‍රමයෙන් ඉදිරියට ඇදුණේ කන්ද මුදුනට නැගගත හැකි සුදුසු ඉසව්වක් විපරම් කරමිනි. මේ කිසිඳු ආරක්ෂිත ක්‍රමයක් නොතිබුණු හෙයින් අප හැකි ස්ථානවලින් ගස් දිගේ නගිමින් විටෙක හරහට ගල් පතුරු උඩින් පරිස්සමට ඇවිද යමින් ඉහළට ඇදුනෙමු.

    මෙම අවසන් මීටර 200 නැගීමට අපට පැයකට අධික කාලයක් වැයවුණි. එක්තරා ස්ථානයකදී අප කටු කිතුල් ගසකින් පවා ඉහළට නැග්ගේ ගතේ දැවටුණු කටු ඉවත් කර ගනිමිනි. සිරිපා රක්ෂිතයට පමණක් ආවේණික දෝතළු ගස් කන්දෙන් ඉදිරියට නෙරා ගිය අතර එහි වූ අලංකාර මල් රාශියක් පිපී තිබුණේ ඒවා දැක ගැනීමට අපට වාසනාව හිමි කරමිනි. විටෙක අඩි සියයක දුරක් නැගීමට අපට විනාඩි 15ක් පමණ ගතවූයේ පස් කැඩී අල්ලා ගැනීමට හා නැගීමට ආධාරක සොයා ගැනීමට කාලය වැය වෙමිණි. අවසන් අදියර අඩි 15කට උස විශාල ගසක් දිගේ නැග ගල් කුට්ටියකට පැන කටු අකුල් අතරින් අප ගොඩවූයේ දවසේ ජයග්‍රහණය සැමරීමටය. එනම් පැය 7කට අධික අතිශය දුෂ්කර ගමනකින් පසු කුණුදිය පව්ව මුදුනට පැමිණීමේ සතුට සැමරීමටයි. මේ වන විට පිදුරුතලාගල කන්ද අපගේ මට්ටමට වඩා බෙහෙවින් පහළින් පිහිටියේය.

    කුණුදිය පව්ව මුදුන තනිකරම අඩි 10ක් පමණ උසැති අඟල් 5ක විෂ්කම්භයකින් යුතු ගස්වලින් වැසී තිබුණි. ඉහළ මුළු තැන්න වසාගෙනම එම ශාක තිබුණි. අධික මීදුම නිසා අවට පරිසරයත් ගස් අතරිනුත් අප දුටුවේ සුදු වර්ණය පමණි. ගස් අතරින් ඉහළට නැග හෙළ මායිමට පැමිණ විපරම් කෙරුවේ සිරිපා මලුව දැක ගැනීමටයි. නමුත් අධික මීදුම නිසා අපට එය නැරැඹීමට නොහැකි විය. පහළින් වර්ණගල අම්බලම හා එරත්න මාර්ගය එක් ස්ථානයකදී දැකගත හැකි වුවත් සමස්ත අනෙකුත් වපසරියම කොළ පැහැති ඝන වනයත් සුදු මීදුමත් පමණි.

    යසරත්න මාමා කියූ පරිදි භීෂණ සමයේ එක්තරා දේශපාලන පක්ෂයක රහසිගත පුහුණු කඳවුරක් මෙහි තිබී ඇත. එහි නටබුන් මේ කන්ද අවට තිබිය යුතු බව ඔහු පැවැසීය. තවද පැයකට වැඩි කාලයක් කඳු මුදුනේ අක්කර ගණනක් තුළ එහෙ මෙහෙ යමින් සිරි නැරැඹූ අප නැවත කන්ද බසින විට තරමක් වේගයෙන් විවේක නොගෙනම බසින ලදී. එම නිසාම සවස 6.40 වන විට නැවතත් වර්ණගල දියඇල්ල අසලට පැමිණ එක් දිනකදී කුණුදිය පව්ව තරණය කොට පැමිණි අයවීමේ භාග්‍යය අපට හිමි වුණි. ජීවිතයේ එක් වරක් විඳිය යුතු අතිශය අවදානම් ගමනක් වන මෙය සැබැවින්ම කිලෝ මීටර දහයකට පමණ එහා ඝන මූකලානක අප තිදෙනා තනිව ගෙවූ සොඳුරුම මතක සැමරුමක් විය.

    Travel in Sri Lanka Sobasiri හා සම්බන්ධවී ක්‍රියාදාම සංචාර ගැන විස්තර දැන ගැනීමටත් සැමවිටම පරිසරය ආරක්ෂා කරමින් ඔබගේ චාරිකා යන ලෙසටත් මතක් කරමු. නැවතත් කුරුවිට එරත්න පාරෙන්ම ගිං ගඟුල අසලට පැමිණෙන විට රාත්‍රී 8 පමණ වී තිබුණේ දෙපාවල වේදනාව නිසාවෙනි.

    සංචාරක සටහන හා ඡායාරූප
    ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

    Adoo sirwatama patta mcn thanks share karagaththata :love: :love: :love: thawa danna ewa share krpn bn
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකත් FB තිබුන එකක්

    සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්

    සමනල රක්ශිතය යනු ලංකාවේ තිබෙන ජෛව විවිධත්වය සහ සොබා නිර්මාණ බහුලම ඉසව්ව වන අතර සමනල කන්ද යනු ශ්‍රී ලංකාවේ විශාල ජනතාවක් තරණය කර ඇති ලංකාවේ උසින් පස්වන ස්ථානයේ වැජඹෙන මීටර 2243 ක් පමණ උසැති කන්දකි. බුදුන් වහන්සේගේ සිරිපතුල පිහිට වූ එම උත්තම පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ සමනල ගිරි මුදුනේ උඩ මලූවේය. සිරිපා තරණය කළ හැකි සම්මත මාර්ග තුනක්ද අප‍්‍රසිද්ධ මාර්ග 5 ක්ද පවතියි. ඒ හැර දෙපසක පිහිටි ගම් දෙකක් යාකරන සමනල දුර්ගය ආදී මාර්ග කිහිපයක්ද පවතියි. මේ සියල්ල සමස්ත රක්ෂිතයේ වනගත පරිසරයෙන් උපරිම වශයෙන් සියයට විස්සක තිහක පමණ කොටසක් වන අතර ඉතිරි සියයට හැත්තෑව අසුව යනු තවමත් අල්ප වශයෙන් මිනිස් පහස ලැබූ ගුප්ත සහ අබිරහස් ගොන්නක් පිරි ඉසව් වේ.
    සංචාර දිවියේ අප ප‍්‍රියතම අඩවිය වන සිරිපා අඩවිය යනු සත්‍ය වශයෙන්ම සංචාරය කිරීමට උචිත ඉසව්වක් නොවන බව අපටද පසක් වූ කරුණකි. මන්ද අප විඳි ඇතැම් ප‍්‍රායෝගික අත්දැකීම් සමග සිරිපා රක්ෂිතය ආශ‍්‍රිත ගැමියන් හා ඔවුන්ගේ අතීත සිදුවීම් පිළිබඳ අප අත්දුටු යම් අබිරහසක් මෙම රක්ෂිතෙය් පැවතීමය.
    සමනල රක්ෂිතය තුළ පවතින කඳු නම් සමනල කන්ද, කුණු දිය පර්වතය, පිදුරුතලා ගල (හීන් පිදුරුතලාව) බෑන සමනළ, කෝඳුරු ගල, සප්ත කන්‍යා කඳුවැටිය, ගවරවිල කන්ද, බල්ලා බැඳිගල සහ මහ පිදුරුතලාවයි. ඊට අමතරව නම්ලත් දියඇලි රාශියක් සිරිපා රක්ෂිත මායිමෙන් කඩා වැටෙන අතර නම් රහිත තවත් දියඇලි සහ දියඇලි දාම රාශියක් සිරිපා රක්ෂිතය තුළ ඇති බව අප ප‍්‍රායෝගිකව දැක ඇත්තෙමු.

    ලංකාවේ සෙසු වනාන්තර වලට සාපේක්ෂව සමනල රක්ෂිතයේ සංචාරයට සහ ගවේෂණයට යන පිරිස ඉතා අල්පය. මන්ද අවාරේ බොහෝ විට ප‍්‍රචණ්ඩ වර්ෂාව තිබීමත් සමස්තයක් ලෙස වළාකුලූ වනාන්තර පද්ධතියකට රක්ෂිතය උරුමකම් කියන නිසාවෙන් නිතරම වැස්ස සහ තද අකුණු ගැසීම් ඇතිවීමය. තවද අලියා සහ කොටියා (දිවියා) යන සතුන් බහුලව මෙහි වාසය කිරීම සහ පිටත මාර්ග හෝ අවාරේ යාමේදි උන්ගෙන් සිදු වූ අනතුරු බහුල වීමත්ය.

    මීට තවත් නිදසුන් ලෙස ගතහොත් අධික කූඩැල්ලන් සංඛ්‍යාවක් සිටීම විස සහිත සර්ප ග‍්‍රහණය, විෂ කටු ඇතුළු සහ ලිස්සන සුළු අනතුරුදායක පාංශු බිම් කඩක් වීම සහ දැවැන්ත තුරුමුදුන් අතර නිතරම අඳුරු වන ලහැබක්ව තිබීම නිසා මංමුලා වීමද සැලකිය හැකිය.
    දුර අතීතයේ සිට සමනල රක්ෂිතයට ඇතුළු වීම නැතහොත් සමන්දෙවි අඩවියට ඇතුළුවීම යනු වන්දනාවක් බඳු ශුද්ධ වූ කර්තව්‍යයකි. සිරි පතුල පිහිටුවීමේ ගාම්භීරත්වය නිසාම සමන් දෙවිඳු තවමත් විවිධ වේෂයෙන් මෙම කැලයට අධිපතිව සිටින නිසාෙවන් අතීතයේ සිට රක්ෂිතයට ඇතුළු වන්නන් කිසිම අවස්ථාවක ‘කට වරද්දා’’ ගත්තේ නැත. එහි වර්තමාන සාක්ෂිය අදටත් සිරිපා කරුණාවේ යෙදෙන විට අපට දැකිය හැකිය. සමන්දෙවි අඩවියේ කිසිවෙකුටත් තක්කෙටම ඔට්ටු විය නොහැක. සිරිපා කරුණාවේ යෑම වුවත් වත්පිළිවෙත් රාශියක් මැද කළ යුතු කරුණාවකි. වසරේ හරි අඩක් පමණක් මෙම සිරිපතුල කරුණාවට ඉඩ ඇත්තේ ඉතිරි මාස හය (අවාරේ සමය) සත්‍ය වශයෙන්ම ප‍්‍රචණ්ඩ වැසි සමග පරිසරය දරුණු වන හෙයිනි. එය අවාරේ හතර වතාවක් පමණ මාර්ග 4 කින් ගිය අප ප‍්‍රායෝගිකව දන්නා අත්දැකීමකි.
    අවාරේ සිරිපා කරුණාව අවට ගම් වැසියන් පවා කිසිවිටෙකත් අනුමත නොකරන්නේ ජීවිත අත්දැකීමෙන්ම එහි පවතින අනතුරුදායක බව ඔවුන් දන්නා හෙයිනි. එලෙස පුරසාරම් දොඩමින් සිරිපාගම ප‍්‍රදේශයෙන් අවාරේ සමනල ගිර තරණයට තනි පංගලමේ යන දෙතුන් දෙනෙකු ලෙස ගිය බොහෝ පිරිසක් උන්මත්තක භාවයට සහ කොටි ප‍්‍රහාරවලට ලක්ව මියගොස් ඇත. සිරිපා ගම ආශ‍්‍රිත බලවන ගමේ වෙසෙන යසරත්න මාමා අප සමග බෙදාගත් ඔහු දැක අසා තිබූ ජීවිත අත්දැකීම් මෙසේය.
    ලංකාවට ආවේණික කොටියා හෙවත් දිවියා සමනල රක්ෂිතය හා හෝර්ටන් තැන්න තුළ බහුලව වාසය කරයි. තවද සාමාන්‍ය අලින් පවා මෙම රක්ෂිතයේ වාසය කරන අතර අතීතයේ හෝර්ටන් තැන්න යනු වන අලි නිජබිමකි. සමනල හා හෝර්ටන් රක්ෂිත එක යායට ඇති රක්ෂිත දෙකක් වන අතර එවා එකිනෙක බද්ද වී ඇති හෙයින් මෙලෙස අලි සහ කොටි රක්ෂිත දෙකේම එහෙ මෙහෙ යමින් වාසය කරයි.
    📷අතීතයත් සමග සසදා බැලූකල අතීතය උඩවලව ඇඹිලිපිටිය ආශ‍්‍රිත වන අලි හපුතලය, බෙලිහුල් ඔය හරහා සමනල රක්ෂිත වලට සංක‍්‍රමණය වී ඇත. සමන් දෙවි අඩවියේ ආශ්චර්ය වනුයේ සිරිපා වාරේදි අලි සහ කොටි හෝ වෙනත් කිසිදු සතෙකුගෙන් කිසිම අවස්ථාවක කිසිදු හානියක් නොවීම සහ කිසිවෙකුටත් උන්ව දැක ගත නොහැකි වීමය. නමුත් අවාරේ යන විට දුර්ලභ අවස්ථාවක් ලෙස අලි හා කොටි දැක ගැනීමට ඉඩ ඇත. තවද වාරේ අප යනෙන ප‍්‍රධාන හා සෙසු මාර්ගවල අවාරේදි අලි සහ කොටි ගැවසීම ඉතා සුලභ වන අතර ඒ නිසාම සමන් දෙවි අඩවියේ කට වරද්ද ගත් පුද්ගලයන්ට අවාරේදි එහිම දඩුවම් ලැබී ඇති අවස්ථා එමටය.

    මීට වසර කිහිපයකට පෙර ප‍්‍රදේශයේ තරුණයෙකු සමන්දෙවි අඩවියට අවාරේ පිවිසියේ අහවල් වෙලාවට අහවල් හෝරා ගණනක් තුළ සමනලගිර නගින බවට පුරසාරම් දොඩමින් සහ සමන් දෙවි අඩවියේ හාස්කම් අවතක්සේරු කරමිනි. කෙසේ හෝ තනිවම පලාබද්දල පාරෙන් අවාරේ ගිය ඔහු නැවත පැමිණියේ නැත. ඊට දින කිහිපයකට පසු ගම්වැසියන් ගොස් බලන කල කොටියෙකුගේ ප‍්‍රහාරයට ලක්ව ඔහු මියගිය බවට ගෙත්තම්පාන කිට්ටුව තිබූ ශරීර කොටස් වලින් හඳුනාගෙන තිබුණි.
    තවද මෙලෙසම තවත් කිහිපදෙනෙක් අවාරේ ඔට්ටු තබමින් ගොස් නැවත එන විට ඔවුන් උන්මත්තක භාවයට පත්ව තිබුණි. පඩි සහිත මාර්ගයේම ඔවුන්ට මග වැරදි මංමුලාවී වෙනත් ඉසව්වකින් එළියට පැමිණ තිබුණත් ඔවුන් සිහිමද ගතියකින් යුක්තවය. තවද ගිය වසරේ පවා සිරිපා අවාරේදී පලාබද්දල රජ මාවතට අලින් පැමිණ තිබුණහ. ඒ බව පසුව දැන ගැනීමට ලැබී ඇත්තේ කැඩීගිය පඩි සහ අලි වසුරු මගින්ය. එලෙසම වරක් කුරුවිට එරත්ත මාර්ගයෙන් හුදෙක් විනෝදය හා මත් සතුට උදෙසා අවාරේ සිරිපා ගිය නඩයක් දින කිහිපයක් වනයේ අතුරුදන්ව සිටියහ.
    මද වර්ෂා සමයේ ඔවුන් පිටත්ව හැරමිටි පාන දක්වා ගොස් නැවත එන විට ඔවුන්ට දින 2 ක් පමණ යනතුරු සීත ගඟුල හරහා යාමට නොහැකිව තිබුණි. හෙණ ගසමින් අකුණු සමග ප‍්‍රචණ්ඩ වර්ෂාවක් එදවස ඇඳහැලී එරත්ත සීත ගඟුල ගංගාව ඉතිරි දෙපස මාර්ග පවා යට කරමින් ගලමින් තිබූ නිසාවෙනි.
    කුරුවිට එරත්ත මාර්ගයේ යන විට සීත ගඟුල බැස එතෙර වී යා යුතු අතර එම මාර්ගයට බොහෝ විට ෙසසු ප‍්‍රධාන මාර්ග වලට වඩා දුෂ්කර හා සෞන්දර්යයෙන් අනූන මගකි අවාරේ යාමේදි ගල් පෙරළීම්, නාය යෑම්, ජල ගැලීම් වැනි ස්වභාවික අනතුරු වැඩිම මාර්ගයද එයම වේ. එරත්ත මග වැටී ඇත්තේ කුණු දිය පව්ව හා පැදුරුතලා ගල කඳු අතරිනි. සීත ගඟුල සහ කුණු ගඟ පෝෂණය කරන මුල් දියවර ජනනය වන්නේද මෙම මාර්ගය ආශ‍්‍රිත වන පියසිනි. තවද වාරේ සහ අවාරේ බහුලව අලි වසුරු දැකිය හැක්කේද මෙම මාර්ගයේ වන අතර අපට එක්වරක් අවාරේ මෙහි ගමන් කිරීමේදී අලි කුංචනාදය පවා ඇසුණි. තවද එරත්න යනු දැරණියගල උඩමාලිබොඩ මාර්ගයද එකතුවන මගකි ඝන කැලයක් සහ සෙසු මාර්ග වලට සාපේක්ෂ පඩි රහිත මාර්ගයක් වනුයේ මෙයයි.
    තවද අතීතයේ සහ වර්තමානයේ භාවනානුයෝගිව වාසය කරන භික්ෂූන් සමනල රක්ෂිතයේ වාසය කරන බව නොරහසකි. එලෙස භික්ෂූන් වාසය කරන්නේ මෙහි තිබෙන ගල්ගුහා වලය. නමුත් ඉතාමත් කිහිප දෙනෙක් හැරුණු විට එම භික්ෂූන් වාසය කරන ඉසව් ගැන නොදනිති. මේ පිළිබඳ යම් වැදගත් තොරතුරු රාශියක් ගිය වසරේ කුණු දිය පර්වතය තරණය කරන විට අපි දැනගත්තෙමු.
    කුණු දිය පව්ව ආශ‍්‍රිත වන පියසේ පිහිටි ගල් ගුහාවල ඔවුන් වාසය කරන බවත් පිදුරුතලාගල කන්දේ වනපෙදෙස් වලද එලෙස භික්ෂූන් වාසය කරන බවයි. මේ හැරුණු විට සිරිපා රක්ෂිතය තුළ ඇති එකම භික්ෂු ආරාමය ලෙස හැඳින්විය හැක්කේ වර්නගලිය, වර්ණගල අම්බලම ආශ‍්‍රිත ඉසව්වේ විහාරස්ථානයක බව සැවොම දන්නා අතර එරත්න මග වැටී ඇත්තේ ඒ ඔස්සේය. එහි වාසය කරන පුද්ගලයකු හා හිමිවරු මේ ආදී සිරියාවේ ගුප්ත බව පිළිබඳ අත්දැකීම් රාශියක් ඇත්තවුන් වන්නේය.
    භාවනානුයෝගී භික්ෂූන් අතර වඩාත් ප‍්‍රචලිත නාමය සහ තම ජීවිත කාලය තුළ රක්ෂිතයේ වාසය කරමින් භාවනානුයෝගීව වාසය කළ චන්ද්‍රලෝක හිමියන් වැදගත් සාධකයකි. අදටත් එ් හිමියන් පමණක් දැන සිටි සමනල අඩවියේ රහස් අත්දැකීම් සමුදයකි තවද හිමියන්ගේ අනුගාමී වූ හිමියන්ගේ මුඛ්‍ය සිසුවෙකු වූ ප්‍රේමාලෝක හිමියන්ගේන් අප දැනගත් තොරතුරු රාශියකි.
    එම තොරතුරු ඇතැම් විට අදහාගත නොහැකි වුවත් ඒ සමාන වෙනත් තොරතුරු මින් පෙර සමනල රක්ෂිතය ආශ්‍රිත ඉසව්වලින් අප දැන හුන් නිසාවෙන් ප‍්‍රතික්ෂේප කළ නොහැකි විය. මන්ද සියලූ ලෞකික සැප සම්පත් අතහැර තම ධ්‍යානය පිණිස රුදුරු වන සතුන් බහුල ඉසව්වක තනිවම වාසය කරන ප්‍රේමාලෝක හිමියන් ජීවිතයේ අර්ථය බෙහෙවින් වටහා ගත් කෙනෙකු බව අපට පමණක් නොව බොහෝ සැදැහැවතුන්ට පසක් වූයේ මිනිස් වාසයකින් කිලෝමීටර් ගණනක් ඈත ඝන වනයක රුදුරු වනසතුන් සමග තනිවම භාවනා කිරීම නිසාවෙනි.
    වයසින් මුහුකුරා යන්නටත් පෙරම වනගත වූ ප්‍රේමාලෝක හිමියන් භාවනාවට ඇලූම් කළේ නිර්වාණය ළඟාකර ගැනීමේ උතුම් අරමුණිනි. තවද කුඩා කල සිට සමනල රක්ෂිතයට හා සමන් දෙවි අඩවියේ හාස්කම් ගැන විශ්වාසයකින් හා උනන්දුවකින් සිටි හිමියන් තුළ අතීත කථාවල පැමිණි දිවා ගුහාව සියැසින් දැක බලා ගැනීමේ උනන්දුවක්ද තිබුණි. පලාබද්දල මගේ ධර්මරාජගලට ඔබ්බෙන් මහ වනයේ තිබෙන ගල් ගුහාවක කලක් වාසය කළ උන්වහන්සේ සතියකට වරක් නියමිත ගම්වැසියන්ගෙන් අවශ්‍ය ආහාර කළමනා රැගෙන යැයි. දිනකට එක් වේලක් අනුභව කරන උන්වහන්සේ වාසය කළ ගල් ගුහාව කාලෙයන් කාලයට වෙනස් කරන්නේ විවිධ හේතු මතය. ‘‘යක්ෂණී හිටපු ගල්ලෙන’’ යනු සිරිපාගම ආශ‍්‍රිත ජනයා හොඳින් අසා ඇති ගුප්ත ස්ථානයකි.
    ප්‍රේමාලෝක හිමියන් මෙම යක්ෂණී හිටපු ගල්ලෙන තම වාසය කරගෙන කල්ගෙවුවේ තම භාවනානුයෝගී බවට අවශ්‍ය හොඳම ස්ථානයක් බවට එම ගල්ගුහාව එතුමන්ට දැනුණු හෙයිණි. නමුත් කිසියම් බලවේගයක් විසින් උන්වහන්සේට නිතරම එම ගල්ලෙනෙන් එලවා දැමීමට උත්සහ කර තිබේ. විටෙක විවිධ ශබ්ද වලින්ද අමුතු හඬවල් හා බියකිරීම් වලට උන්වහන්සේ ලක්කළද ප්‍රේමාලෝක නම් බුද්ධ පුත‍්‍රයන් ඒ අදෘශ්‍යාමාන දුෂ්ට බලවේග වලට සැලුනේ නැත. එම බියකිරීම් හා උන්වහන්සේව එම ගල්ලෙනෙන් එලවා දැමීමට සිහිනෙන් පවා පණිවුඩ එවූ බව උන්වහන්සේ පැවසූහ. මන්ද එම ගල්ලෙන යක්ෂණී හිටපු ගල්ලෙන යන නාමයෙන් හැඳින්වීමට කතා පුවතක් සහිත වූ හෙයිණි.
    තවද ප්‍රේමාලෝක හිමියන් යනු තම පාදයේ ලේඋරා බොන්නට එල්ලෙන කූඩැල්ලෙකු වත් මරණයට පත් නොකරන හිමි නමකි. උන්වහන්සේගේ ධ්‍යානය කෙතරම් ශක්තිමත්ද කිවහොත් එම ගල්ලෙන උන්වහන්සේ නිදාගන්නා ස්ථානයේ හිසට ඉහළින් පිහිටි ස්ථානයක පල බරියා සර්පයෙකු වාසය කර ඇති අතර උන්වහන්සේ එහි වාසය කළ කාලය පුරාවටම එම සර්පයාගෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැත. සර්පයා හිමියන්ගේ හිස සමීපයේ මුලූ කාලය පුරාම වාසය කළද හිමියන්ට කිසිදු උපද්‍රවයක් නොවුයේ එතුමන්ගේ බවුන් වැඩීමේ බලමහිමය නිසාවෙනි.

    දිග වැඩි නිසා ඉතිරි කොටස පහලින්

    patta bn :love::love::love::love:🙏🙏🙏 sahenna watinwa bn
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ලංකාදීප පත්තරේ තිබුන තවත් කතාවක්

    සිරිපා අඩවියේ නෑසූ කතා
    සමනල අඩවිය වූ කළී මිනිස් වාසයෙන් තොර කදු ශිඛරවලින් හෙබි මහ වනයකි. සමනල අඩවිය පාමුල පිහිටි ගම්වල වැසියෝ මේ අඩවියට ‘‘හිමේ’’ යැයි කියති. අනුහස්, හාස්කම් මෙන්ම අදෘශ්‍යමාන බලවේග බලගතුව ඇති ගුප්ත ප‍්‍රදේශයක් ලෙස පැරැණ්නෝ මේ අඩවිය හදුන්වති. අද මෙන් එළිපෙහෙළි නොවූ රූස්ස ගස්වලින් සෙවන ලැබූ අතීත සමනල අඩවියේ මහපොළොවට අව්වක් වැටුණා නම් ඒ මහ ගල්තලාවක්ය. එසේත් නැත්නම් ගස් කොළන් නොවැඩෙන දියසීරාව ඇති බිම්කඩක්ය. සමනල අඩවියේ සිරිපා කන්ද පිහිටා ඇති අතර සිරිපා කරුණා කරන්නට මෙන්ම වෙනත් විවිධ අවශ්‍යතාවලට සමනල අඩවියට පිවිසීමට අතීත වැසියෝ පුරුදුව සිටියහ. එදා රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල යන දිස්ති‍්‍රක්වලට මායිම් කියූ සමනල අඩවිය අද වන විට කෙට්ටුවී ඇති බව පෙනේ. ඒ මිනිස් ක‍්‍රියාකාරකම් නිසාය. සමනල අඩවියට මායිම් වූ මාලිබොඩ ගම්මානය පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේය. එය දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකි. අද වන විට තේ ආර්ථිකයත් සමග මාලිබොඩ ගම්මානය නවීකරණයවී ඇතත් අතීතයේ දී සිංහල ගැමිකම හො`දින් විද්‍යමානවූ ගමකි. උඩමාලිබොඩ වූ කලී සමනල අඩවියේ මායිමකි. මේ නිසාම මේ ගම්මානයේ වැසියන්ගේ උවමනා එපාකම් වැඩිපුර එදා පිරිමැහුනේ සමනල අඩවියෙනි. උපතින්ම බෞද්ධයන්වූ මේ ගම්වල වැසියෝ ආගම දහමට වඩාත් නැඹුරුවූ පිරිසක් වූහ. දෙවියන් මෙන්ම යකුන්ද, පේ‍්‍රතයන්ද, භූතයන්ද කෙරෙහි වූ විශ්වාසය වඩාත් වැඩිවිය. වර්තමානයේ විදුලි ආලෝකය ලැබීමත් සමග දහවල් වෙනසක් නොදැනුනත් මීට අඩසිය වසරකට පමණ පෙරදී එසේ නොවීය. කදු වලින් වටවූ ගම්මානයට හැන්දෑවේ හතර පහ වනවිට හිරු මුවාවෙයි. යන්තම් අදුර වැටෙත්ම අතෝරක් නැතිව ඇහෙන රැහැයි නාදයෙන් අදුර ඉක්මනින් එන බව කියා පායි. කුරුල්ලොද රැහැයි නදත් සමගම කැදලිකරා පිය නගති. කදු මුදුන්වලට මළහිරු එළිය වැටී තිබුණද කදු පාමුල ඇත්තේ මූසල අඩ අදුරකි. අඳුර වැටෙද්දීම නිවෙස්වලට එන ගම්මු යළි නිවෙසින් එළියට බහින්නේ පසුදා පහන්වීමෙන් පසුවය. හදිසියකට හෝ ගමේ කොතැනකට හෝ යන්නේ නම් මගතොට එළිය කරන්නට හුලූ අත්තක හෝ ගිනි පෙනෙල්ලක ආලෝකය ප‍්‍රයෝජනයට ගනිති. ඇතැම් දවසක උලමෙක් නැතිනම් බස්සෙක් උගේ සුපුරුදු හඩින් කෑ ගැසුවොත් ගම්මුන් සලකන්නේ අසුබ ලකුණක් ලෙසය. එහෙත් එවැනි නිශාචර සතෙකුට වෙසෙන්නට සුදුසුම පරිසරයක් තමන් වෙසෙන අවට ඇතිබැවින් උන් නිතර යනෙන බව මේ ගම්වල වැසියෝ විශ්වාස නොකළහ.මේ නිසාම ගම්මුන් අතර භූත, පේ‍්‍රත, අමනුස්ස දෝෂ සම්බන්‍ධව ඇත්තේ විශාල විශ්වාසයකි. ඒ අතරින් සමනල අඩවියේ සීමාවන් ඇතුළත නම් දේව හාස්කම් කෙරෙහි ඇත්තේ නොමද විශ්වාසයකි. එදා මේ ගම්වල ගෙවල් තැනුනේ කටුමැටි බිත්තියෙන් හා බටකොළ වහලෙනි. බිත්ති බදින්නට වැල් ටිකක්, මැටිපා ටිකක්, සෙවිල්ලට බටකොළ ටිකක් කඩාගන්නට සමනල අඩිවියට එසේත් නැත්නම් හිමේට යන්නට ගම්මු පුරුදුව සිටියහ. හේතුව එක ගමනකින් ම තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගන්නට හැකි බව දන්නා නිසාවෙනි. ඒ හැරෙන්නට නිතරම සමනල අඩවියේ මායිම් පැන එහා මෙහා ගිය පිරිසක්ද මේ ගම්මානවල සිටියහ. ඒ රස්සාවට කිතුල් මදින්නන්ය. දවසට දෙතුන් වතාවක් සමනල අඩවියට පිවිසෙන මේ අය එහි පිහිටි කිතුල්ගස් මැද තෙලිදිය කදක තියාගෙන නිවසට එන්නට පුරුදුව සිටිති. එදා අදමෙන් ආණ්ඩුවෙන් ඊට තහංචි හෝ බදු අයකිරීමක් හෝ සිදු නොවිනි. එහෙත් ගම්වැසියෝ සමනල අඩවියට අධිගෘහිත සුමන සමන් දෙවියන්ටත් මුනිසිරිපා පතුලටත් ඒ තෙලිදිය උනුකර හදාගන්නා හකුරුවල අග‍්‍රඵලය පූජාකිරීමට සිරිපා වාරය එනතුරු තැන්පත් කර ආරක්‍ෂා සහිතව තබති. සිරිපා අඩවියට කිතුල් මදින්නට යන එන ගම්වැසියන් අතරින් වැඩිදෙනෙක් හැන්දෑවට ඇගපත මහන්සිය යන්නට කිතුල් රා පොල්කට්ටක් දෙකක් බොන්නට අමතක නොකරති. නමුත් සමනල අඩවියේ සීමාව වූ මාගල් ගෙගන් එගොඩදී රා පොදක්වත් තොල නොගාන්නේ දෙවියන්ට බුදුන්ට ඇති භක්තිය නිසාමය. වසරේ වැඩි කාලයක් වැසි සහිත මේ ප‍්‍රදේශවල ඇළදොළ උතුරා දෙගොඩතලා යයි. එහෙත් ගමේ උදවිය කාටවත් හිමේදී අකරතැබ්බක් නොවීය. ගම්මුන් විශ්වාස කරන්නේ සමන් දෙවිහාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම ගමේ අයට තියන නිසා එසේ නොවන බවය. ඒ නිසාම මාගල් ගෙගන් එගොඩට පිළී ජාතියක් හෝ කිල්ලට අසුවන දේවල් හෝ නොගෙනියන්නත්, ඔවුහු වග බලා ගනිති.කට වරද්දා ගැනීමත් මේ අඩවියේ නොකළ යුත්තකි. ඒ නිසා හිමේට ඇතුලූවන අය ‘‘ගිහින් එන්නම් ’’ යැයි කියන්නේ නැත. ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් යන්නම් ’’ යැයි කියති. සමනල අඩවියේ මැණික් බහුලව ඇති බවට පිටස්තර ගම්වල මිනිසුන්ගේ විශ්වාසයක් පවතී. ඒ නිසාම ගම්වල ජිවත්වන ඇතැම් පුද්ගලයන් සමග මැණික් සොයා සමනල අඩවියට යන්නට ආ පිරිස් හිස් අතින් ආපසු ගිය අවස්ථා ඇති බව මේ ගම්වල වැඩිහිටියෝ කියති. ‘‘දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නැති මිනිස්සුන්ට ඔය හිමේ කරක් ගහන්න බෑ. එක්කෝ පාර වරද්දනවා. නැත්නම් තනිකම් දෝෂයක් හැදෙනවා, ඔලූව නරක් වෙනවා, සමහරුන්ට පිස්සු හැදෙනවා. සමහරු ගියා ගියාමයි අදටත් තොරතුරක් නෑ.’’ මේ අඩවිය ඒ තරමට හාස්කම් වලින් පිරිලා. ඔවුහු එසේ කියති. මාලිබොඩ දික්ඇලිකන්ද ගමේ එච්.ඒ.වී. යසවර්ධන මහතා ගමේ ජනප‍්‍රිය චරිතයකි. ප‍්‍රාදේශීය සභා නියොජිතයෙකුවූ ඔහු එවන් හාස්කමකින් යුතු කතාවක් වරක් අප සමග කීවේය. ‘‘කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැ`දුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපුමහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ.’’ ‘‘මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉ`දලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ.’’ ‘‘ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා’’ සිරිපා හිමේ හාස්කම් එහෙමයි. මාලිබොඩ ගමට අතිශය අලංකාරයක් ගෙන දෙන ඇලිහත ඇදවැටෙන්නේද සමනල අඩවියේය. සමනල අඩවියෙන් පටන්ගන්නා නාය ගෙ`ග් මේ ඇලිහත පිහිටා ඇත. දැරණියගල දෙසින් ගමට එනවිට පොත්දෙණිකන්ද, නින්දගම පසුකරන විට ඈතට මේ ඇලි හත පෙනේ. ඉන් පළමු ඇල්ල දෝතුලූ ඇල්ලයි. දෙවැන්න රන් දෝතුලූ ඇල්ලයි. ඉන්පසු ඒවා අංක පිළිවෙළටම හදුන්වයි. වත්තේගග හෙවත් මණ්ඩගල් ඔයෙන් ඇද හැලෙන පුවක්මල් ඇල්ල, හල්වතුර ගෙගන් ඇදහැලෙන ඇල්ලපිට ඇල්ල ගමට අලංකාරයක් ගෙනෙනවා වගේම හාස්කම් තිබුණ තැන් විදියටයි ගම්මු සැලකුවේ. සමන් දෙවිඳුන්ගේ වාහනේ සුදු ඇත් රජෙක් කියලා ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒනිසා හිමේ අලි,කොටි, වලස්සු, වගේ භයානක සිවුපාවුන් වගේම නයි පොළොන්ගු වගේ සර්පයොත්, දිවිමකුලූවොත් ඉන්න බවට ජනතාවගේ විශ්වාසයක් තියනවා. ඒ වුනාට සමනල අඩවියෙදි මේ සත්තු ඇහැට දැක්ක අය හරිම අඩුයි. වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට ප`දුර බි`දින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මේක වෙද ගෙදර බ්ලොග් එකෙන් උපුටා ගැනීමක්.

    සිරිපා අඩවියේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියකගේ අත්දැකීමක්
    මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්‍ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්‍රකට විද්‍යා ආචාර්යවරියකි. සියල්ලේ ම විද්‍යාත්මක පදනම මැනවින් සොයන්නියකි. මනසේ ඒකාග්‍රතාව ඉතා හොඳින් පවත්වාගෙන යන බව ඇය හා නිතර ආගිය තොරතුරු, දේශපාලනය, ආගම, ආයුර්වේදය මෙන් ම නූතන විද්‍යාව පිළිබඳ සංවාදයේ යෙදෙන මම දනිමි.

    ඊට ද වැඩි අරුමයක් තව තිබේ. එනම් ඇයගේ සැමියා මෙරට ප්‍රකට වාමාංශික දේශපාලන පක්ෂයක ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකි. එහි නායකයා ඇයගේ පිය පස ඥාතියෙක් වන අතර මෙවර එම පක්ෂයෙන් ජනධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා ඇයගේ මිතුරෙක් වන තවත් විද්‍යා දේශකයෙකි. මේ පසුබිම ඇයගේ මේ කතාව සනාථ කිරීමට නොව ඇය පිළිබඳ මගේ දෘෂ්ටිය ඔබට පහදා දීමට මවිසින් එක් කළ දෙයකි. මෙම තොරතුරු සත්‍ය ම බව ඔබට පසක් කරමි. මෙය සත්‍ය අද්දැකීමක් බව දිවුරා කියමි. ඒ එසේ වතුදු මෙය පිළිගන්න යැයි ඔබට බල නො කරමි. ඇය මට මේ කතාව පැවසූයේ දැනට වසර එකහමාරකට පමණ පෙර වුවද දිගු කලක් බ්ලොග් ලෝකය හා මගේ සම්බන්ධය නැවතී පැවති බැවින්, එය අකුරු කිරීමට නොහැකි විය.

    මෙහි පාත්‍ර වර්ගයා එසේ ය. මෙය සිදු වී දැනට වසර කීපයක් ගෙවී ගොසිනි. නමුත් එහි බලපෑම ඉතා විශාල ය. ඒ එතරම් වාමාංශික පදනමක පිහිටි, පේරාදෙණිය විද්‍යා පීඨයෙන් උපාධි ලැබූ විද්‍යා ආචාර්යවරියක වන ඇය, ලෝකය විද්‍යාව නමින් හඳුන්වන කෝණයෙන් පමණක් නොව වෙනත් කෝණ වලින් ද මනින්නට ඉන් පසු පෙළබීම යි.

    එක්තරා විෂය ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් වන ඇයගේ සැමියා සිරිපා අඩවියේ යම් ස්ථානයක පැවති රැස්වීමකට සහභාගි වීමට තම බිරිඳ හා කුඩා දියණිය ද ගෙන පිටත් විය. හිමිදිරියේ ඔහුගේ කර්තව්‍ය ආරම්භ වන විට ඇය සිරිපා අඩවියේ සිට සිරිපා කන්ද දෙස බලාගෙන එහි යාමට හැකි දැයි එහි සිටියවුන්ගෙන් ඇසුවා ය. ඔවුන් ඇය වැළැක් වූයේ ඒ සිරිපා කරුණා නොකරන අවාරය බැවිනි. නමුත් එවන් දේකින් මෙල්ල වන තැනැත්තියක් නොවේ ඇය. කුඩා දියණිය ද සමඟ සැමි අවසරය ද ගෙන තනියට පිරිමි ළමයෙක් ද කැටිව සිරිපා කන්ද තරණය කරන්නට ඇය ආරම්භ කළේ අනෙක් අයගේ විරෝධය නොතකා ය.

    ඉතා පහසුවෙන් ගෙනගිය දේ කමින් බොමින් ගිය ගමන කෙමෙන් කෙමෙන් බෙහෙවින් දුෂ්කර විය. ඒ කෙසේ වතුදු අධෛර්ය වන්නේ නොවේ ඇය. ඉතා දුෂ්කර ගමනකින් සිරිපා කරුණා කර නැවත එන්නට තනද්දී ඇයට සිතට අමුත්තක් දැනුණේ ඒ වන විටත් කාලය බෙහෙවින් ගෙවී ගොස් තිබීම නිසාවෙනි. නමුත් දිරිගෙන කුඩා දියණිය හා පිරිමි ළමයා ද කැටුව ඇය නැවත වේගයෙන් පැමිණෙමින් සිටියදී ආලෝකය සම්පූර්ණයෙන් නැතිව ගොස් දැඩි අදුර පතිත වන විට ආපසු ගමනේ තවත් යා යුතු දුර බොහෝ විය. දැඩි අසරණ තත්ත්වයට වැටුණු ඈ නුවණක් සොයමින් කල්පනා කළේ ගමන් මඟ සොයා ගන්නෙ කෙලෙසදැයි පසුතැවෙමිනි.

    කෙසේ හෝ සිතේ සෝදිසියට ගමන් කරමින් මඳ දුරක් පැමිණිය ද, එය විශ්වාසදායී නොවිණි. හදිසියේ දර්ශනය වූ ඉතා කුඩා ආලෝකයක් විහිදුවන යමක් හැක ඒ ඉලක්ක කරගෙන කෙමෙන් යන්නට ඇයට හැකි වූයේ වාසනාවකට මෙන් ය. ක්‍රමයෙන් ඒ ආලෝකය ඉතා කුඩා අතුපැලකින් විහිදෙන බවත්, සිරිපා කරුණා කරන සමයේ පවතාගෙන ගිය ද පසුව අතහැර දමන ලද කඩයක් බවත් වැටහුණේ එහි ළඟා වූ පසු ය. කඩය අතහැර දමන ලද්දක් වුවත් එය පවත්වාගෙන ගිය තරුණයා එහි වූවෙන් ඔහුගේ උපකාර පැතීමට ඇය පසුබට නොවීය. ඇගේ කතාවට සවන් දුන් තරුණයා එවන් කාලයක මෙවන් අවදානම් ගමනක ඇති අවදානම් බව පිළිබඳ ඇයට පවසා ඔහු සතු විදුලි පන්දම ඇයට ලබා දී ඇයට තේ කහටින් ද සංග්‍රහ කළ අතර, ඉතා පුදුම ම සිදුවීම වූයේ තේ බීමටවත්, කඩයට පැමිණීමට වත්, යමක් කීමටවත් ගමෙන් පැමිණි තරුණයා ඉදිරිපත් නොවීම යි. ඔහු දැඩි ව බිය වී ඇති බව පසක් කරගත් ඇය, පිටිපසින් ඔහු එන බැවින්, ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකළා ය.

    සිතින් මෙන් ම ගතින් ද දැඩි වෙහෙසට පත් මවට සහ දියණියට කඩේ තරුණයාගේ සංග්‍රහය අමෘතයක් ම විය. ඉන් පසු විදුලි පන්දමේ ආධාරයෙන් වේගයෙන් යාමට සිතූ ඔවුන්ට කඩේ තරුණයා තවත් උපකාරයක් ලබා දිමට ඉදිරිපත් විය. 'අක්කේ මේ ගමේ මාව ඕනෙ කෙනෙක් දන්නවා. කවුරු හරි හමු වුතොත් මගේ අක්කා කියන්න. ඔවුන් උපකාර කරයි.'යනුවෙන් පැවසූ මුත් ඔහුගේ නමවත් අසා ගන්නට ඇය සැරසෙන විටත් ඔහු නොපෙනෙන දුරකට ගොස් අවසන් ය. නමුත් විදුලි පන්දම බෙහෙවින් උපකාරී වන බැවින් ඉන් සැනසුණු ඇය වඩා වේගයෙන් අනෙක් දෙදෙනා ද කැටුව ගමවෙත සේන්දුවන විට ගමේ පිරිසක් ඇය සහ අනෙක් දෙදෙනා සෙවීමට මඟට එමින් සිටියහ.

    මෙතුමිය මට පැවසූ ආකාරයට වඩාත් රසයක් ඇත්තේ කථාවේ ඉතිරි කොටසේ යි. ඇය පැමිණි පසු රැගෙන ආ විදුලි පන්දම කඩේ තරුණයා කියූ පරිදි නිසිතැන තබන්නට බලන විට එවැන්නක් ඇය අත නොතිබිණි. කළ උපකාරයට වෙනත් විදුලි පන්දමක් හෝ ගෙනත් තබන්නට හැකි යැයි ඇය තීරණය කළා ය. නමුත් එවිට මෙතෙක් ගොළුවකු සේ සිටි කොලුවා මෞන වෘතය හැර දමා, ඇය කඩයකට නොගිය බවත්, ඇයට පිස්සු යැයි තමා සිතූ බවත් බොහෝ දුෂ්කර මාධ්‍යයේ කළුවරේම ඇය පැමිණි බවත්, ඇය අත විදුලි පන්දමක් නොතිඹූ බවත්, ඇය පළපුරුදු කාරියක සේ පාර සොයා පැමිණි බවත් කියූ විට සියල්ලන් අන්ද මන්ද වූ බව ඇයට තවම මතක තිබේ. නමුත් මෙහි ඇති විශ්මිත කතාව වන්නේ, කොලුවාට අනුව ඔවුන්ට කිසිවෙක් මුණ නොගැසී තිබීමත්, ඇය පවසන පරිදි ඇය කඩේ තරුණයාගෙන් තේ බී විගස මනා ප්‍රබෝධයක් ඇති වූ බවත් ය. කුඩා දියණිය දැන් විශ්වවිද්‍යාලයෙන් ද පිටවූ තරුණියකි. ඇය මා හා පැවසූයේ මඟදී හමු වූ ලස්සන තරුණයෙක් ඔවුන්ට උපකාර කළ බව යි. අනෙක් කිසිවක් ඇයට මතක නැත.
     
    Thanks mcn share karata thawa ewa tynwanm danna mcn sahenna watinwa bn :love: :love: :love:
     
    adooo ekanm pissu hadenwa bn patta kathwa bn thawa me wage katha tynwanm share krpn kolllo :eek::eek::love::love::love::love:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මම 3 වෙනි පිටුවෙ දාල තියෙන කතාව උන දවසෙ ගත්ත ෆොටොස් ටිකක්, Google Photos වලට අප්ලෝඩ් වෙලා තිබිලා හම්බ උනා. . <3
    https://elakiri.com/threads/sri-pada-adawiye-wechcha-amuthu-katha.1956412/page-3#post-25747644

    20180217_074336.jpg
    20180217_060317.jpg

    20180217_062412.jpg
    20180217_064124.jpg
    20180217_074359.jpg
    20180217_074442.jpg
    20180217_074200.jpg

    mobile Phone එකෙන් ගත්ත ෆොටොස්, මතක හැටියට note 8 එකක් අතෙ තිබ්බෙ ඒ දවස් වල.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම 3 වෙනි පිටුවෙ දාල තියෙන කතාව උන දවසෙ ගත්ත ෆොටොස් ටිකක්, Google Photos වලට අප්ලෝඩ් වෙලා තිබිලා හම්බ උනා. . <3
    https://elakiri.com/threads/sri-pada-adawiye-wechcha-amuthu-katha.1956412/page-3#post-25747644

    View attachment 97893View attachment 97890

    View attachment 97891View attachment 97892View attachment 97894View attachment 97895View attachment 97896

    mobile Phone එකෙන් ගත්ත ෆොටොස්, මතක හැටියට note 8 එකක් අතෙ තිබ්බෙ ඒ දවස් වල.

    Patta patta mcn kathawa tynwanm ewth daapan bn free welwata hode
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    අපේ ඔෆිස් සෙට් එක සිරිපාදේ (2018) ගිය වාරේදි නඩේ උන්නු යාලුවෙක් මගදි රොටියක් කෑවා.දන්නවනේ ඉතින් රොටි හදන පිටි මෝලිය ඉතින් මාස ගණන් පරණයි සමහර කඩවල බිස්නස් අඩු හරියේ.ගොඩක් අය ඒ නිසයි එවෙලෙ හදල දෙන මැගී නූඩ්ලස් කාලා කෙසෙල් ගෙඩියක් කාලා යන්න හුරු වෙලා ඉන්නේ මේ දවස් වල.
    ඉතින් මචන්ස්ල්zලා අපේ පොරට කෑම විස වුණා.පඩි දෙක තුනයි ගියේ බලන් ඉන්නකොටම මූන ඉදිමිලා කලන්තේ දාලා වැටුණා පඩිපෙල හරහට.කට්ටියම එයාව උස්සන් පහලට බැහැලා ඇම්බියුලන්ස් එකට බාරදීලා ආයේම කරුණා කරන්න ගත්තා.සීතගඟුල හරියෙදි උනේ.
    හැබැයි එවෙලේම කොහෙන්දෝ හාමුදුරුවෝ කෙනෙක් වැඩම කරලා පිරිත් වතුර ටිකක් ඉහලා බොන්නත් දුන්නා.ඒකෙන් අපේ යාලුවට ටිකක් අඩු වුණා දන්න තරමින්.හැබැයි අපි නඩ තුන හතරකට කැඩිලා කරුණා කලේ.පහල නඩේටවත් ඉහල නඩේටවත් එහෙම හාමුදුරු කෙනෙක් මුණගැහිලා නෑ (සිවුර ගොඩක් අඳුරු පාටයි ).තාම නොවිසදුණු පටලැවිල්ලක් ඒක.
     
    Patta mcn thawa experience tynwanm share krganna