ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ හදිසියේම ලංකාවට එන්නේ ඇයි?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    _115082219_6b71cc66-4a62-439f-85b4-2f409bd6ab07.jpg


    ඉහළ පෙළේ චීන දූත පිරිසකගේ ශ්‍රී ලංකා සංචාරයෙන් සති කිහිපයක් ඇතුළත එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ශ්‍රී ලංකා සංචාරයක නිරතවීම ප්‍රබල අවධානයට ලක්වෙමින් පවතී.
    එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරණයට දින ගණනක් ඉතිරිව තිබියදී ඔහු මෙසේ ආසියාවේ හදිසි සංචාරයක නිරතවීම ද සංවාදයට තුඩු දී ඇති කරුණකි.
    ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව සටහන් කරමින් ඔක්තෝබර් පළමුවන සතියේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි නායකත්වයෙන් යුත් දූත පිරිසක් රටවල් 4ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට හැටියට ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණි. ඔවුහු ඔක්තෝබර් නව වනදා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුනහ.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිඥා දී තිබේ. චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින බවත් එම මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්‍රමුඛතාවයක් බවත් චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බවත් චීන දූත පිරිසේ ප්‍රධානියා සඳහන් කළේ යයි ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණ.

    'විදෙස් රටවල සුවිශේෂී මැදිහත් වීමක්'

    "විදෙස් රටවල් වල සුවිශේෂී මැදිහත් වීමක් අපි දකිනවා ශ්‍රී ලංකාවට පසුගිය මාස කිහිපය තුලදී. මේ කෝවිඩ් තත්වය යටතේ දී ... ජනතාවට මුකවාඩම් දාගන්න කියල ජනතාවගේ ක්‍රියාකාරකම් අවහිර කරලා මේ ඉතාම හදිසි තත්වයක් යටතේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මතුවන ගැටළු රාශියක් තිබෙනවා," යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මාධ්‍ය හමුවේ පැවසීය.

    "මෙතරම් බරපතල තත්වයක් ඇමරිකාව තුළත්, ලංකාව තුළත් ලෝකය තුළත් පවතිද්දීත් මෙවැනි ප්‍රධාන පෙළේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් ඇමරිකාව විසින් කරන්නේ ඇයි කියල, ඔවුන්ගේ අවශ්‍යතාවය කුමක්ද කියන එක ශ්‍රී ලංකාව පැත්තෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි," යනුවෙන් ඔහු පැවසීය.
    "ඇමරිකන් ජනාධිපතිවරණය යෙදී තිබෙන්නේ නොවැම්බර තුන් වනදා දැන් මයික් පොම්පියෝ ලංකාවට එන්නේ ඔක්තොම්බර 28 වන දා ජනාධිපතිවරණයට දින පහක් තිබියදී ඇමරිකාවේ තර්ඩ් ඉන් කමාන්ඩ් නැත්තම් එහි රාජ්‍ය ලේකම් වරයා ඇත්තටම ඇමරිකානු අධිරාජ්‍යයේ යුද දේශපාලන පණිවුඩ ලෝකය වටේ ගෙනියන පණිවුඩ කාරයා ලංකාවට මේ ඇමරිකන් ඡන්දයට දවස් පහකට කලින් එන්නේ ඇයි?," බිමල් රත්නායක තවදුරටත් ප්‍රශ්න කළේය.

    ඔහු තවදුරටත් පැවසුවේ පොම්පෙයෝ ගේ පැමිණීමට පෙර ලංකාවට විශේෂ ගුවන් යානයකින් පැමිණි ඇමරිකානු නිලධාරීන් හා ආරක්ෂක නිලධාරීන් කිසිදු නිරෝධායනයකින් තොරව සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකිරීමත් විශේෂ සැලකිල්ලක් බවය.

    මෙම පසුබිම තුළ චීනයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික කුඩා රජයන් තුළ විහිදුවීම පිළිබඳව කලාපයේ බලවතා වන ඉන්දියාව පමණක් නොව ලෝක බලවතුන් වන ඇමරිකාව, ජපානය වැනි රටවල් ද නොසන්සුන් වී ඇති බව විශ්ලේෂකයෝ පවසති.
    "ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්‍රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි," යනුවෙන් මයික් පොම්පෙයෝ තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබේ.



    රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පසුගිය වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබූ නමුත් පසුව එය අවලංගු කෙරිණ.

    විමල් වීරවංශ ගෙන් වාග් ප්‍රහාරයක්

    ඒ අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා එම සංචාරය දැඩි විවේචනයට ලක් කළේය.

    "ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මේ අල්ල පනල්ලේ එනවා. උන්නැහේ ආසියාවේ රටවල් හතරක් තෝරගන්නකොට ඒ හතර අතරට ශ්‍රී ලංකාව එකක් වෙන්නේ කොහොමද? ඉන්දියාවට එනව කියන එක තේරුම් ගන්න පුළුවන්නේ. ඉන්දියාව ආසියානු කලාපයේ බලවතා නිසා. අනිත් රටවල් වලට යන එකත් අපිට තේරුම්ගන්න පුළුවන්. ආසියාවේ සංචාරයේදී රටවල් හතරෙන් එකක් හැටියට ලංකාව පත්වෙන්නේ කොහොමද? ලංකාව පත්වෙන්න හේතුව මොකද්ද? සෝපා (SOPA) ගිවිසුම අත්සන් කරගෙන, ඇක්සා (ACSA) ගිවිසුම අත්සන් කරගෙන, මේ රටේ ගුවන්තොටුපල වරාය ඕනෑම වෙලාවක ඇමරිකානු හමුදා උවමනාවන් වෙනුවෙන් භාවිතා කරන්න නෛතික වාතාවරණය හදාගෙන ඒ එන හමුදා භටයන් ඒ එන ආරක්ෂක අංශ වල අයව ලංකාවේ නීතියට අවනත නැත," යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ අදහස් දැක්වීය.
    ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ රජයේ සංවර්ධන සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව පසුගිය වසරේ නොවැ: 25 වෙනි දින විමල් වීරවංශ අමාත්‍යවරයා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වත්මන් රජය යටතේ අත්සන් නොකරන බව අවධාරණය කළේය.
    "මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම අත්සන් කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි ඒ ප්‍රශ්නය ජය අරන් තියෙන්නේ."

    චම්පික රණවක

    ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍ය චම්පික රණවක, එම සංචාරයේ අරමුණ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයන් සම්පූර්ණ කිරීම බව අවධාරණය කර තිබුණි,

    "ඉන්දියාවට රාජ්‍ය ලේකම් හා ආරක්ෂක ලේකම් යන දෙන්නම පැමිණිලා තියෙනවා අපි දන්නේ නැහැ ආරක්ෂක ලේකම් ලංකාවට එයිද කියල. මයික් පොම්පියෝ දැනටම ප්‍රකාශ කරලා තියෙනවා ඔහු මෙහි පැමිණෙන්නේ චීනයේ බලපෑම අක්‍රිය කිරීමට කියල, මේ කලාපයේ. ඉතින් අපි දන්නා විදිහටත් මගේ අනාවැකියක් හැටියටත් කියන්නේ මේ එන්නේ එම්සීසී ගිවිසුම එම නමින් හෝ වෙනත් නමකින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සහ බලපෑම් කරන්නත්. ඒවගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තය ඔහු ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ අත්සන් කළ ඇක්සා ගිවිසුමේ දිගුවක් හැටියට සෝපා ගිවිසුම මේකට ඈඳල අත්සන් කිරීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමය අනුගමනය කිරීමට තමයි පොම්පියෝ මහතා මෙහි පැමිණෙන්නේ. ණය දෙනව නම් දෙන්නේ එම්සීසී, සෝපා ගිවිසුම් අත්සන් කරන බවටත් පොරොන්දු වුනොත් පමණක් බව මම බොහොම වගකීමෙන් කියනවා," යනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.

    ආණ්ඩුවේ ප්‍රතිචාරය

    රජය පවසන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයාගේ සංචාරය තවත් එක් රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් පමණක් බවත් එහිදී කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවත්ය.
    "නෑ එහෙම කිසිම දෙයක් නැහැ මේක සාමාන්‍ය දෙයක් ඒ කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විවිධ රටවල නායකයින් විදේශ ඇමතිවරුන් අපේ රටට පැමිණෙනවා. දැන් දින කිහිපයකට පෙර අපේ රටට පැමිනියා චීනයේ ඉතාමත් ඉහළ පෙළේ නායකයෙක් යං ජීයේජී මැතිතුමා. ඊට දවස් කිහිපයකට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සාකච්ඡාවකට ඉන්දීය අගමැති ශ්‍රී මෝඩි සමග නවීන තාක්ෂණය භාවිත කරලා එතකොට ඉන්දියාව සමග සාකච්ඡාවක් තිබුනා. චීනයේ නායකයෙක් මෙහෙට පැමිණියා. අමෙරිකානු එක්සත් ජනපදයේ විදේශ ඇමති රාජ්‍ය ලේකම් මෙහි පැමිණෙනවා ඉතින් මේ රටවල් අතර සුහද සාකච්ඡා විටින් විට පැවතිම ස්වාභාවික දෙයක් විශේෂ ගිවිසුමක් ඉලක්ක කරගෙන නෙවෙයි එතුමා එන්නේ ඒ පිළිබඳව සාකච්ඡාවක් සංවිධානය කෙරිලා නැහැ. මේක සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සිදුවන දෙයක්," අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මාධ්‍ය හමුවේ පැවසීය.
    කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හොන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ රාජ්‍ය ලේකම් වරයා පිළිගැනීම මහත් ප්‍රීතියක් බවත් ඇමරිකානු ආරක්ෂක ලේකම් වරයා ලංකාවේ සංචාරය නොකරන බවත් ය.

    කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පැවසුවේ, "රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පෙඕ ඔක්තෝබර් මස 25-30 දිනවලදී ඉන්දියාවේ නවදිල්ලි නගරයේ; ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ; මාලදිවයින් හි මාලේ නගරයේ සහ ඉන්දුනීසියාවේ ජාකර්තා නගරයේ සංචාරයක නිරතව වන බවත් පොම්පෙඕ ලේකම්තුමා සහ ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්පර් මහතා තමන්ගේ සම මට්ටමේ ඉන්දියානු සගයින් සමගින් නවදිල්ලියේ දී තෙවන 'එක්සත් ජනපද-ඉන්දියා 2+2 අමාත්‍ය සංවාදය' සඳහා නායකත්වය ලබාදෙමින් එක්සත් ජනපද-ඉන්දියා විස්තීර්ණ ගෝලීය ක්‍රමෝපායික හවුල්කාරීත්වය ඉදිරියට ගෙනයාමටත් ඉන්දු-ශාන්තිකරයේ සහ ලෝකයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය සඳහා හවුල්කාරීත්වය පුළුල් කිරීමටත් කටයුතු කරනු ඇත," යනුවෙනි.
    "ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් සමගින් හවුල්කාරීත්වයක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීමටත් නිදහස් හා විවෘත ඉන්දු-ශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු අරමුණු ඉදිරියට ගෙනයාමටත් පොම්පෙඕ ලේකම්තුමා කොළඹ නගරයට සංචාරය කරන," අතර, ඉන් අනතුරුව, "පොම්පෙඕ රාජ්‍ය ලේකම්තුමා අපගේ සමීප ද්වීපාර්ශවීය සබඳතා යළි තහවුරු කරමින් කලාපීය සමුද්‍රීය ආරක්ෂාවේ සිට ත්‍රස්තවාදයට එරෙහි සටන දක්වා පරාසයක විහිදෙන විවිධ ගැටළු සම්බන්ධයෙන් අපගේ හවුල්කාරීත්වය වර්ධනය කිරීමටත් මාලේ නගරය දක්වා සංචාරය කරනු ඇත," යනුවෙන් ද තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

    මේ අතර MCC ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා මැදිහත්වන මෙන් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2007 අප්‍රේල් 03 වෙනි දින එක්සත් ජනපද ජනාධිපති ජෝජ් ඩබ් බුෂ් වෙත යොමු කළ ලිපියක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් ජාලයේ පළකොට තිබුණි.

    BBC
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදිස්සියෙ එන්නෙ නැ ඌ වෙන රටවලටත් යන ගමන් එන්නෙ, ඇවිත් ඔය අප්පයක් එහෙම කාල යන්නෙ නැතැයි..
     
    • Haha
    Reactions: Maui_15

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    තමන්ගෙ exCitizen, Citizenlaගෙ ඒවා බලන්න එන්න අවසර ඕනද. මේවත් දැන් ට්‍රම්ප්තුමාගෙ අණසකට තමා
    සුපවයිසර්ල හරියට කරනවද බලන්න එන්නෙ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    හදිස්සියෙ එන්නෙ නැ ඌ වෙන රටවලටත් යන ගමන් එන්නෙ, ඇවිත් ඔය අප්පයක් එහෙම කාල යන්නෙ නැතැයි..
    කෝකටත් දැම්ම රචනාවක් එහෙම ලියලා තියාගනින් MCC ගිවිසුමෙන් රටට ඇති වාසි කියලා.. :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara hambu wela USA wala public places walata sink hi karana contract eka dennada danne na. SINK EKATA wada cost eka yanne rathu tharuwe board ekata😑😑
     
    • Haha
    Reactions: 2osama

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,016
    1
    31,541
    113
    - උඩරට -
    ඇමරිකාව හා ලංකාව සම්බන්ධ වෙන පොම්පේ කැඩිලා බන් ඒක හදන්න එන්නේ.. :lol:
    ඒක යන්නේ ඔය රටවල් අතරින් නිසා ඒවාටත් යනවලු :rofl: