නිවන් මාර්ගය දේශනා කරන්න මහරහතන් වහන්සේ නමකටත් පුළුවන්.බොහොම ස්තූති මචන්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. නිවන් මාර්ගය දේශනා කරන්න සමත් වෙන්නෙ බුදු කෙනෙක් විතරනෙ. එතකොට ශිවගෙ මේ ක්‍රම 112 අවසන් ඵලය මොකද්ද? ශිවගෙ ඉගැන්වීම් වල හැටියට විමුක්තිය යනුවෙන් හැදින්වෙන්නෙ මොකද්ද? මේ කියන්නෙ පලවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන සහ අරූපාචර බ්‍රහ්ම ලෝක මට්ටමට සිත දියුණු කිරීමද?
මේ ගැන මට කුතුහලයක් ආවා. මේ ගැන සිංහලෙන් ලියපු පොත් තියෙනවද?
Thanks
බුදුන් වහන්සේ තවුස් දිවිය ගෙවන කොට ගුරුවරයන් උනේ ආලාරකාලාම උද්දකරාමපුත්ත යන ගුරුවරුන්වු ඔවුන්ගේ හොඳම ශිෂ්‍යයා උනේ බුදුන් වහන්සේ නමුත් බුදුන් වහන්සේට තේරෙනවා මෙතනිනුත් එහා ගිය දෙයක් තියනවා කියලා. ඒ හැම ගුරුවරයා ම පුරුදු පුහුණු කරලා තිබුණේ ශිවගේ ක්‍රම. ජෛන ආගමත් එහෙමයි. ඉතින් මේ හැමදෙනාම ධ්‍යානලාභීන් පමණයි.
ශිවගේ දහම කියන්නේ ධ්‍යාන වැඩීම තමයි. ධ්‍යාන වැඩීම මාර්ගඵල ලබන්න උපකාරී වෙනවා. හැබැයි කෙලින්ම මාර්ගඵල වඩනවා කියන්නේ ධ්‍යාන නිකම්ම වැඩෙනවා.