"පොඩියට self marketing පාරක් දාගන්න" මෙන්න මේක කොරන විදිය හීනියට කියාගෙන යන්ටකො..
ඒ කියන්නේ 100%ක් වැඩ කරලා ගොඩ යන්න බැ. 80%ක් වැඩ, 20%ක් මාර්කටින්. 100% හරි 80% මාර්කටින් වලින් විතරක් ජිවත් වෙන උනුත් ඉන්නවා. හැබයි කවදාහරි කෙලවෙනවා.
20% මාර්කට්න් කියන්නේ මම පොර ජාතකය නෙවේ. කොල්ලටයි, බල්ලටයි, ඔෆිස් එකේ හැම එකාටම මම තමයි වැඩේ කලේ, මම ඒ ප්‍රොජෙක්ට් එක, බිස්නස් එක ගෙනාවේ නැත්තම් කොම්පැණිය වැටිලා වගේ ටෝක්ස් දෙන්න එපා. කොහොමත් කොම්පැණි එක්කේනෙක් මත ඩිපේන්ඩ් වෙන්නේ නැ. අපි දාලා ගියොත් වෙන එකේක්ව දාලා වැඩේ කරනවා.
හැබයි ටොක්ස් අවශ්‍ය තැන්වල නොදි හිටියම, එක්කො කොහේවත් නැති උන් ලකුණු දාගන්නවා, නැත්තම් වැඩ බැරි ඩයල් එකක් කියලා නොටිස් වෙනවා.ආපේ පඩි, ප්‍රොමෝශන් දෙන්නේ අපිට උඩ ඉන්න එවුන්නේ. උන්ට ශේප් එකේ දැනෙන්න අරින්න උබ වැඩකරනවා, වැඩක් කරන්න පුලුවන් කියලා.
උදා:- හිතපන් ඔෆිස් එකේ මිටින් එකක කවුරුහරි මොනවහරි දෙයක් අහනවා. උඹ එක කලින් කරලා තියෙනවා කියලා. උබට ශේප් එකේ කියන්න පුලුවන් මම ඔයවගේ දෙයක් කරලා තියෙනවා මෙහෙමයි මම ගොඩ දැම්මේ කියලා අරුට හෙල්ප් එකක් දෙන්න පුලුවන් කියලා. එතකොටම කට්ටියට නොටිස් වෙනවා උබ වැඩක් කරන්න පුලුවන් එකේක් කියලා. සමහර වේලාවට ලොක්කන්ට වෙන එකේක් ටෝක්ස් දිලනම් උගේත් රෙදි ගැලවෙනවා.
මම සෙල්ෆ් මාර්කට්න් වල අවුලක් දකින්නේ නැ. මොකද මම මහන්සි වෙනවනම් අදාල ක්‍රෙඩිට් එක ගත්තට අවුලක් නැ කියලා. නැත්තම් වෙන අහක යන බුවෙක් අපේ මහන්සියට ලකුණු දාගන්නව.