මාත් හිතන්නෙ බෝලයක් වෙනුවෙන් නම් නෙමෙයි වෙඩි තිබ්බෙ කියලා. අනිවාර්යෙන් ගෙදර ඩොකාට මල පනින විදියට වැඩක් වෙන්න ඇති
සාමාන්‍යෙන් ඕන කෙනෙක්ගෙ සීමාව පැන්න කියන්නෙ කරන්න මොනවද කියලා හිතන්නෙ නැහැනේ, ඒ තත්වෙට කවුරු හරි පත් වෙන විදියට වැඩ කරනවා නම් ඒකෙ ප්‍රතිඵල විඳ දරාගන්න බලාගෙන ඒව කරන්න ඕන
ඔයිට සමාන ප්‍රශ්නයක් අපේ ගෙදර නිතරම තිබුනා, අපේ ගෙදර තියෙන්නෙ පොඩි කඳුගැටයක් උඩ වටේ ගෙවල් වලට වඩා උසින්, ගමේ කොල්ලො පරෙයියො හදනවා උන් අපේ ස්ලැබ් එක උඩ හැමතිස්සෙම ඉන්නවා හිටපුගමන් සමහර කොල්ලො ඇවිත් ස්ලැබ් එකට එලියෙන් තියන පඩිපෙලෙන් නැගල පරෙයියො අල්ලනවා
මුල් දවසෙ එකෙක් අහල නැග්ගෙ මෙන්න දවස් දෙකකට විතර පස්සෙ තුන් දෙනෙක් එක්ක ස්ලැබ් එක උඩ.
මං කං වල ඇඟිලි ගහගන්න කිවුවෙ, ආයෙ ආවෙ නැහැ
දැන් අපේ පාරෙ කෙලවරේ ගෙදර එකා පරෙයියො හදනවා, අර වෙන උන්ගෙ පරයියො සේරම අල්ලගෙන ඌ බයික් එකේ කොහදෝ දුර අරන් ගිහින් විකුනනවා, මං දවසක් ඌත් එක්ක චැටක් දාන ගමන් සීන් එක කිවුවෙ, ඌ හදන එවුන් විකුනන්න ඕන නෑලු වෙන එවුන්ගෙ පරෙයියො එන නිසා උන්ව අල්ලල විකුනන එක ලේසියි කියලා.
දැං ආසවට පරෙයියෙක් දකින්න නෑ ස්ලැබ් එක උඩ.