ඔවු බන් හෙන ලේසියි
මාත් ගෙදර වැඩ ටික කරගන්න තමයි කෝස් එක කරේ, අර කෝස් එකට පලයන් නිකන් නේ, ලොකු අයිඩියා එකක් එනවා ඒක කරාම
අපි ගෙදර එක පැත්තක වැඩ ටික කරා ඒ ටිකට බඩු + කුලිය 4.20ක් ගියා, බඩු වලට ගියේ 2.30ක් වගේ. තව ඒ වගේම ටිකක් තියනවා කරගන්න ඒ ටික කරගන්න ඉන්නෙ. මට නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ මොනව හරි කෙල උනොත් කලින් අර කරපු දොර ජනෙල් ගලවලා බලලා ගොඩදාන්නත් පුලුවන්
මයිටර් සෝ එකක් ගන්න ඕන, කොලඹ අවට නම් දවසට 500ද කොහෙද රෙන්ට් කරන්න, Dong cheng වගේ එකක් ගන්න පුලුවන් 27ක් විතර වෙනකොට. ඒක ගත්තට කිසිම පාඩුවක් නැහැ
ඇලුමිනියම් වැඩ වලට ටූල්ස් ලොකුවට ඕනත් නැහැ
ඩ්‍රිල් එකයි, මයිටර් සෝ එකයි තමයි වියදම් යන ඒවට තියෙන්නෙ
ඒ ඇරුනම රිවට් ගන් එකයි, Screw driver එකයි පීරකුයි, රබර් මිටියකුයි ඕන
Metabo sliding miter saw එකක් තියනවා 65කට, මම ඒක ගන්න ඉන්නෙ. පැන්ට්‍රි කබඩ් ටිකත් මම කරගන්න කියලා ඉන්නෙ ඒක නිසා පාඩුවක් නැහැ
පැන්ට්‍රි කබඩ් වලටත් බඩු ටිකට යන්නෙ 2.50ක් වගේ, කොටේශන් එක ගනිපු එවුන් 4.95ක කොටේශන් එකක් එවල තිබුනා
කලින් වයිෆ්ට ශුවර් නැතිව තිබුනා මම කරොත් කොලිටි නැති වෙයිද කියලා, මම පොඩි පොඩි බඩු හදලා දුන්නා, දැන් වයිපරේ ෆුල් සපෝට් මම තනියම වැඩ කරන එකට
කලින් නම් ටූල්ස් එහෙම ගන්නකොට හෙන බර බරේ දැන් නම් ගන්නවා කිවුවාම කියනවා එහෙනං ගන්න එකේ හොඳ එකක්ම ගන්න ඉස්සරහටත් මොනවා හරි වැඩක් ගන්න පුලුවන් කියලා.