Aluminum Fabrication

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    කොහෙන්ද මේක ගත්තෙ?
    මම මචන් USA වල ඉඳන් ගෙන්න ගත්තෙ. ඕක නං කප්රුක උන්ට කියලා ගෙන්න ගත්තෙ, ඒකෙන් මට හෙනට පාඩු උනා. ඊට වඩා ගොඩක් ලාබයි කෙලින්ම sea fraight දාන සර්විස් එකකට දැම්මා නම්.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මචන් USA වල ඉඳන් ගෙන්න ගත්තෙ. ඕක නං කප්රුක උන්ට කියලා ගෙන්න ගත්තෙ, ඒකෙන් මට හෙනට පාඩු උනා. ඊට වඩා ගොඩක් ලාබයි කෙලින්ම sea fraight දාන සර්විස් එකකට දැම්මා නම්.
    USA/Amazon ගෙන්නන ඒව 110V නෙවෙයිද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    USA/Amazon ගෙන්නන ඒව 110V නෙවෙයිද?

    cordless නේ බන්, චාජරේ විතරනේ 110V,
    ඒ චාජරේ 230V වලට මොඩිෆයි කරන හැටි නෙට් එකේ තියනවා, මම එහෙම කරලා බැලුවා ඒක වැඩ කරා,
    තව UK ebay එකෙන් බිඩ් කරලා ඩොලර් 10ටද කොහෙද used 230v චාජරේකුත් ගෙන්න ගත්තා මොඩිෆයි කරපු එක කෙල උනොත් කියලා.

    ලගදි ikman එකේ ඩයල් එකක්ගෙන් 2000VA, 220 to 110 ට්‍රානස්ෆෝමරේකුත් ගත්තා, දැන් නම් කෙලින්ම 110v පවර් ටූල් එකක් උනත් ඒකෙන් දුවන්න පුලුවන්,
     
    • Like
    Reactions: topkollek

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    ඔවු බන් හෙන ලේසියි
    මාත් ගෙදර වැඩ ටික කරගන්න තමයි කෝස් එක කරේ, අර කෝස් එකට පලයන් නිකන් නේ, ලොකු අයිඩියා එකක් එනවා ඒක කරාම

    අපි ගෙදර එක පැත්තක වැඩ ටික කරා ඒ ටිකට බඩු + කුලිය 4.20ක් ගියා, බඩු වලට ගියේ 2.30ක් වගේ. තව ඒ වගේම ටිකක් තියනවා කරගන්න ඒ ටික කරගන්න ඉන්නෙ. මට නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ මොනව හරි කෙල උනොත් කලින් අර කරපු දොර ජනෙල් ගලවලා බලලා ගොඩදාන්නත් පුලුවන්
    මයිටර් සෝ එකක් ගන්න ඕන, කොලඹ අවට නම් දවසට 500ද කොහෙද රෙන්ට් කරන්න, Dong cheng වගේ එකක් ගන්න පුලුවන් 27ක් විතර වෙනකොට. ඒක ගත්තට කිසිම පාඩුවක් නැහැ
    ඇලුමිනියම් වැඩ වලට ටූල්ස් ලොකුවට ඕනත් නැහැ
    ඩ්‍රිල් එකයි, මයිටර් සෝ එකයි තමයි වියදම් යන ඒවට තියෙන්නෙ
    ඒ ඇරුනම රිවට් ගන් එකයි, Screw driver එකයි පීරකුයි, රබර් මිටියකුයි ඕන

    Metabo sliding miter saw එකක් තියනවා 65කට, මම ඒක ගන්න ඉන්නෙ. පැන්ට්‍රි කබඩ් ටිකත් මම කරගන්න කියලා ඉන්නෙ ඒක නිසා පාඩුවක් නැහැ
    පැන්ට්‍රි කබඩ් වලටත් බඩු ටිකට යන්නෙ 2.50ක් වගේ, කොටේශන් එක ගනිපු එවුන් 4.95ක කොටේශන් එකක් එවල තිබුනා

    කලින් වයිෆ්ට ශුවර් නැතිව තිබුනා මම කරොත් කොලිටි නැති වෙයිද කියලා, මම පොඩි පොඩි බඩු හදලා දුන්නා, දැන් වයිපරේ ෆුල් සපෝට් මම තනියම වැඩ කරන එකට
    කලින් නම් ටූල්ස් එහෙම ගන්නකොට හෙන බර බරේ දැන් නම් ගන්නවා කිවුවාම කියනවා එහෙනං ගන්න එකේ හොඳ එකක්ම ගන්න ඉස්සරහටත් මොනවා හරි වැඩක් ගන්න පුලුවන් කියලා.
    thanks.. helpful..