රත්ගම පැත්තේ මිනිස්සු දකුණු ඉන්දියාවෙන් ගෙන්වල පදිංචිකළ මිනිස්සු, ගජබාහු රජ කාලේ වෙච්ච දෙයක්, භාෂාව වෙනස් කියන්නේ ඒ නිසයි.
මාතර හම්බන්තොට මිනිස්සු අහිංසක අය නෙවේ, වළියක් දාගත්තොත් පරම්පරා ගණනක් යනකම් දෙපැත්තේ උන් මරාගන්නවා, එහෙම හරි ප්‍රසිද්ධ වළි තියෙනවා, ඒ වගේම ඉක්මනටම මළපැනල පිහියෙන් අනින්නත් හරිම දක්ෂයි.
පොඩි කාලේ අපිට වාහන තිබ්බේ නැහැ, ඉතින් ගමේ ඉඳල ටවුමට යනවා නම් ගමේ එකෙක් යන වාහනෙන්ම යනවා, ගමේ කවුරුත් එකිනෙකා අඳුරන නිසාත් හැම එකාම මොකක් හරි විදිහක ඥාතීන් නිසාත්, යන්නේ කොහෙද, මොකාද කියලා අහන්නේ නෑ දාගෙන යනවා.
මෙහෙම ගමනක් යද්දී තමයි මම ඉස්සෙල්ලම පිහි ඇනුමකින් තුවාළ වුනු හාදයෙක් දැක්කේ, ඌ මගේ කසින් කෙනෙක්, වයසින් ගොඩක් වැඩියි,
මිනිහට ඒක ගානක්වත් නැහැ, පපුව පුරා ලේ පැල්ලම්, එහෙම තියෙද්දිත් ඌගේ වාහනේ අපිවත් දාගෙන ටවුමට ආව, ඌ හොස්පිටල් ඇඩ්මිට් වුන, අපි අපේ වැඩේ කරගෙන හවස ගමේ ගියා.
හරි පුදුම කාලයක්.
එහෙම දේවල් තිබුන කියල ඒ මිනිස්සු විශේෂයෙන් නරක වෙන්නත් අනිත් එවුන් ඉතා හොඳ වෙන්නත් විශේෂ නියමයක් නැහැ, ඒ මිනිස්සුන්ගේ හැටි.