බෙහෙත හදල තියෙන අමුද්‍රව්‍ය දන්නව නම්, එකෙන් ගන්නෙ අධි මාත්‍රාවක් නෙමෙයි නම් දේශීය වෙදකම කරන කට්ටියට කියන්න පුළුවන්කම තියෙනව බෙහෙත හොදද නැද්ද කියන එක. අපේ කොච්චර ඉන්නවද දේශීය වෙදකම ප්‍රගුන කරපු වෙද්දු.
මෙතන තියෙන්නෙ වෙනම ප්‍රශ්ණයක්. ඔය බෙහෙත හරියි කියල පිළිගන්නව කියන්නෙ ඒක බටහිර වෙදකමට ලොකු පහරක්. අනික ලංකාවට අසාමන්‍ය විදියට පිළිගැනීමක්, දේශීය වෙදකමට ලොකු පිළිගැනීමක් ලැබෙනව. එහෙම දෙයක් වෙන්න දෙන්නෙ නෑ බටහිර බෙහෙත් විකුණන ව්‍යාපාර. මොන දේ කරල හරි ඕක යට ගහනව.
රජයට තිබුණනෙ ඔය බෙහෙත නිකන් බෙදපු එක නවත්තන්න ඔච්චර හොද නැත්නම්. එහෙම කරන්නත් බෑ මිනිස්සු බලන් ඉන්නව. ඒ නිසා ටික දවසක් ඔහොම යන්න දෙයි. උණුසුම අඩු උනාම ඔය වෙදාට වාහනයක් අරන් දීල, ගෙයක් හදල දීල තව පහසුකම් දීල පැත්තකට කරයි.
දැනටමත් පිටරටවල් වලින් ඇවිත් උන් ඔය බෙහෙත අරන් ගිහින් උන් හැදුව විදියට තව ටික කලක් යද්දි අපිට දෙයි. පෙත්තක්, කරලක් විදියට. ඒක අරන් බොයි අපේ උන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව.
වෙන රටවල්වල තහනම් කොච්චර නම් බෙහෙත් අපේ රටවල්වල විකුණනවද?
බටහිර වෙදකමට බැරි උන කොච්චර නම් ලෙඩ අපේ දේශීය වෙදකමින් හොද කරනවද අතුරු ආබාධ නැතුව. උන් එදා ඉදල කරේ අපේ තාක්ෂණය/වෙදකම හොරකම් කරපු එක. පුස්කොල පොත් පිටින් උස්සන් ගිහින් තියෙන්නෙ.