රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතිය අහිමියි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    :(ඉදලා ඉදලා දීල තියෙනවා පාර ලස්සනට..

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පවසයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා,

    “සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ, අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ඒමට, ඒ සම්බන්ධයෙන් කටයුතු කිසිදෙයක් කරන්නට හැකියාවක් නැහැ. ඒ අනුව ඔහු අවුරුදු 4කින් පසුව හෝ ඊට පෙර ජනාධිපතිවරයා යම්කිසි සමාවක් දුන්නහොත් පමණක් ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ.“

    ඒ අනුව, රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවන අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇත.

    එම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට හිමිවීමට ඉඩ තිබේ.

    පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී "සමගි ජන බලවේගය" පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ රන්ජන් රාමනායක මහතා මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර මාන්නප්පෙරුම මහතාට මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිවිය.

    සමගි ජනබල වේගය පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් හිමිවිය.

     
    • Like
    • Sad
    Reactions: sami_boy and asylum

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    #රංජා2030 :P
    Happy So Excited GIF
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    පොරට ආය ගොඩ ඒමක් නෑ වගේ..2030 තමා ආය ඡන්දෙ ඉල්ලන්ඩ වෙන්නෙ එතකොට වයස 67ක ෆුල් තට්ටයෙක්! :whistle:
    වැඩිම උනොත් අ.4 , අලුත් ජනාධිපති කෙනෙක් යටතේ ජනාදිපති සමාව ලැබෙනවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැඩිම උනොත් අ.4 , අලුත් ජනාධිපති කෙනෙක් යටතේ ජනාදිපති සමාව ලැබෙනවා
    සමාව ලැබුනත් ඡන්ද අයිතිය අවුරුදු 7කට මෙහා ලැබෙනවද දන්නෙ නෑනෙ..හිරේට යනකොටත් ඔක්කොම හොරු කියාගෙන ගියේ..
     
    • Haha
    Reactions: 2osama

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ජයවේවා ආයෙ ඔය වගේ උන්ට මේ ලංකාදීපයේ ගොඩ එන්න දෙන්න එපා.. පැනගන්න පුලුවන් උන් පැනගනිල්ල මේ කාලකන්නි මගුලෙන්.. මෝඩයො ටික ඉතුරු වෙලා කැඳ හැලිය කරගෙන යයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,195
    113
    මිග් වංචාකාර උදයංග වීරතුංග නිදහස් කරපු, මිනීමරපු පිල්ලේයාන් නිදහස් කරපු, සිල් රෙදි හොරු නිදහස් කරපු,දිවි නැගුමෙන් හොරාකාපු බැසිල් නිදහස් කරපු, මහබැංකු හොරු ඉන්න පැත්තවත් නොබලපු, සිරිසේනම කියපු විදිහට අගවිනිසුරු කරනවා නං ඕනේ විදිහට තීන්දු දෙන්නං කියලා කියපු SC Judge ලා හිටපු මරු අධිකරණේ.. අපහාස කරන්නම.. :lol: :lol:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    සමාව ලැබුනත් ඡන්ද අයිතිය අවුරුදු 7කට මෙහා ලැබෙනවද දන්නෙ නෑනෙ..හිරේට යනකොටත් ඔක්කොම හොරු කියාගෙන ගියේ..
    යකෝ මරණ දඩුවමට නියමවූ උන් පාර්ලිමේන්තුවට එනකොට ඕවා මොනවාද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඔහොම තව එළියේ ඉන්න එවුන් ඇතුලට දාලා ඇතුලේ ඉන්න එවුන් එළියට දැම්මා වගේ නෙවෙයි, ස' ට ආයේ විදුලි පුටු ගැන කිය කිය අඬන්න වෙනවා ඊළඟ ඡන්දෙට කලින් :LOL: