ජපාන, කොරියා, ඉන්දිය වාහන මෙරට හදන්න සාකච්චා..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,402
    72,617
    113
    මාලඹේ
    download-1.jpg

    වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

    වාහන ආනයනය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා ‘ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක’ (SOP) අවශ්‍යතාව පෙන්වා දුන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ ‘දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය’ මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බවත් එය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරීම් ලක්ෂ්‍යයක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
    කර්මාන්ත අමාත්‍යාංශය
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,976
    20,522
    113
    හස්තිශෛලපුර
    සාකච්ඡා කරා කියන්නෙ ලොකු ස්ටෙප් එකක්

    අපේ ඔෆිස් වලත් තියෙන මීටින් වලදී බ්‍රේක් එකක් හම්බුනාම ඔය වගේ දේවල් තමා සාකච්ඡා වෙන්නේ..

    බ්‍රිලියන්ට් විමල්.. 2025
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,402
    72,617
    113
    මාලඹේ
    කුහකයෝ මොනවා කිවුවත් මේක තමා වෙන්න ඕනේ . මේවා තමා ආණ්ඩුවක් විදියට කරන්න ඕනේ . අඩුම ගානේ රට ඇතුළ හදන එක ගැන අදහස් ක් හරි තියෙන එක අගය කරන්න ඕනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    කුහකයෝ මොනවා කිවුවත් මේක තමා වෙන්න ඕනේ . මේවා තමා ආණ්ඩුවක් විදියට කරන්න ඕනේ . අඩුම ගානේ රට ඇතුළ හදන එක ගැන අදහස් ක් හරි තියෙන එක අගය කරන්න ඕනේ

    2021 January increment eka hodai wage, nethnam xmas ekata janggi wediyen sales karala bonus hamba unada
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    කුහකයෝ මොනවා කිවුවත් මේක තමා වෙන්න ඕනේ . මේවා තමා ආණ්ඩුවක් විදියට කරන්න ඕනේ . අඩුම ගානේ රට ඇතුළ හදන එක ගැන අදහස් ක් හරි තියෙන එක අගය කරන්න ඕනේ

    Assemble nam danatath karanawane Zotye (UNIMO), Geely (Micro), Mahindra (Ideal)
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    ලංකාවේ වාහන එකලස් කිරීම කරන්න බැරි මූලික හේතු 2ක් නිසා.
    1. වාහන ආනයනය ගැන දීර්ඝ කාලීන ප්‍රතිපත්තියක් නෑ.
    2. සේල් කාරයෝ ,දේශපාලකයෝ සහ වෙන ලාභ ප්‍රයෝජන තියෙන උන් කකුලෙන් අදිනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,402
    72,617
    113
    මාලඹේ
    Assemble nam danatath karanawane Zotye (UNIMO), Geely (Micro), Mahindra (Ideal)
    ඒත් හරි හමන් Model එකක් එන්නේ නැති එක තමා ප්‍රශ්නේ .Micro එකෙන් නම් කරන්නේ ඇනේ ඉඳන් රටෙන් ගෙනැල්ලා මෙහිදී හයි කරන එක☹️ අඩුම ගානේ Body Parts ටිකවත් ලංකාවේ හදනවා නම් එකෙන් මිනිස්සුන්ට JOB හැදෙනවා