ඔව්මේකෙ දාල තියෙන චන්ඩි කතා මේ වගේ අවස්ථාවකදි කොච්චර ප්රායෝගිකයිද කියලනං මම දන්නෑ.
හැබැයි, මේ මිනිස්සුන්ට වදින පාරවල් වල හැටියට දුවාගන්නවත් පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්.
මේ ජාතියෙ පොල් අඩි පාරවල් දෙක තුනක් ඔලුවට වැදුනොත් මමනං එතනම වැටෙයි.
ඉස්කෝලෙ කාලෙ කොච්චර ගුටි ඇනගෙන තිබුණත් මේ වගේ බර පාරවල්නං වැදිලම නෑ..
මුං කිසි බයක් හැකක් නැතුව මරන්නම බලාගෙන ගහන්නෙ.
අපිනං මිනිහෙක්ට කණේපාරක් ගැහුවත්, පසු විපාක ගැන හිතල කණ බේරල කම්ඹුල ඒම් කරල ගහන්නෙ...
මුං ගහන විදිහෙන් පේනව හිරගෙවල් වල යන එක මුන්ට කිසි ගානක් නෑ කියල. අනික පොලීසිත් මුන්ට සපෝට්.
මේ සිද්ධිය දැක්කම මට හිතුන දේ, පාරක වාහනයක් අරන් ගියත්, යන්න එන එකා පිස්සෙක් වගේ එනවනං පාර ඉඩ දීල, අහක යන උන් එක්ක පැටලෙන්න බැනගන්න යන්නෙ නැතුව, අනෙක් උන් කුණුහරුපෙන් බැන්නත් වචනයක් කතා නොකර එන එක ඇඟට ගුණයි කියල...
මේක දැකපුවම කට පුංචෙක් කොයි වෙලාවෙත් ළඟ තියාගන්න එක හොඳයි කියල හිතුනා
එතකොට ඔහොම case එකක් ආවොත් නම් ඉතින් පෙනේරයක් කරල තමයි නවතින්නෙ
ඒ කාලෙ ඉඳන් ආත්මාරක්ෂක සටන් කලාවක් ඉගෙන ගන්නත් ඕනි කමක් තිබ්බ ඒකට අවස්ථාවක් ලැබුනෙත් නෑ. ඒත් හිතාගෙන ඉන්නෙ ළමයින්ටනම් අනිවාර්යෙන් සටන් කලාවක් උගන්වනවා කියලා.
මෙච්චර කාලෙකට නම් Shape theory එකෙන් ගොඩ දාගන්න බැරි ප්රශ්න ඇවිත් නෑ. ඒත් කොයි වෙලාවෙ අහක යන බාල්දියක් පෙරලෙයිද කියන්න බෑනෙ
ඒවටත් කලින් ලෑස්ති වෙන එක හොඳයිනෙ
Last edited:

