ශ්‍රී ලංකාවේ මුල්වරට DNA තාක්ෂණය යොදා ගෙන ඇත්තේ මෙකී නඩුවටයි
රංචු ගැසී ස්ත්‍රි දුෂණ කිරීමේ දඩුවම මුල්වරට ලැබුණේ මෙහි චූදිතයන්ට
පරිවේෂණාත්මක සාක්ෂි හා විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව පසුගිය දශක තුනක කාලයක් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න නම් වූ ඔහු ලංකාවේ මෙතෙක් ආන්දෝලනයකට තුඩු දුන් නඩු බොහෝමයක රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකි. තවත් විටක ඔහු ජූරි සභාව ඇමතීමේ විශිෂ්ටයකු විය. මිරුසුවිල් නඩුව, ඇඹිලිපිටිය සිසු ඝාතනය, කොබෙයිගනේ අවුරුදු කුමාරි ඝාතනය, රගර් ක්‍රීඩක ටෝනි මාටින් ඝාතනය, හෝකන්දර සය පුද්ගල ඝාතනය, බටලන්ද කොමිසම, විනිසුරු සරත් අඹේපිටිය, කටුනේරිය ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතන වැනි රට හෙල්ලූ නඩු වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය විශිෂ්ටය.
අද සිට සිළුමිණ ඔබ වෙත ගෙන එන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නගේ ඒ මතකාවර්ජනයයි.
ඒ අමිහිරි අතීතය දිව යන්නේ මින් වසර 22 කට ඈතිනි. මේ වන විට හෝකන්දර ප්‍රදේශයේ පැවැති බිහිසුණු වාතාවරණය බොහෝ දෙනෙකු තුළ ජනිත කරවූයේ මහා මූසල නිහැඩියාවකි. 1999 පෙබරවාරි 10 වනදා මුළු රටක්ම කම්පාවෙන් සහ භීතියෙන් ඇළලෙමින් බිහිසුණු අපරාධයක් සිදුවන්නේ හෝකන්දර අමරගොඩ ප්‍රදේශයෙනි. ඒ එකම පවුලේ සය දෙනෙකු මහ පොළොව නුහුලන අමානුෂික අන්දමින් ඝාතනය කිරිම නිසාවෙනි. අදටත් බොහෝ දෙනෙකුගේ සිත් සතන්වලින් වියැකි නොගිය මේ අමිහිරි අතීතය නිසාවෙන් අමරගොඩ, මරණගොඩ නමින් කාලයක් ප්‍රසිද්ධ විය.
මේ මරණ සය ඇසින් දුටු එක් පුද්ගලයකුගේ සාක්ෂි මත මෙන්ම ඇගිලි සලකුණු හා DNA තාක්ෂණය ද භාවිත කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණය විසින් ලබා දුන් මරණීය දණ්ඩනය යළි තහවුරු කළේ මෙහි සැකකරුවන් සතර දෙනෙකු පෝරකයට යවමිනි. ලංකාවේ ප්‍රථම වරට DNA තාක්ෂණය අධිකරණ ක්‍රියාවලියේදී සාර්ථකව යොදා ගත් මුල්ම අවස්ථාව මෙය වන්නේය. මෙම නඩුවේ විද්‍යාත්මක සාක්ෂි මෙහෙය වූයේ රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ එවකට ජ්‍යෙෂ්ඨ අධිනීතීඥයතු වූ ්ජනාධිපති නීතීඥ ජනරාල් සරත් ජයමාන්නය.
හෝකන්දර අමරගොඩ භීතියෙන් කැලඹෙන්නේ 1999 පෙබරවාරි 10 වැනිදාය. ඒ හෝකන්දර අමරගොඩ පදිංචි වෙද මහතකු වු විතානගේ ලලනදාස හා ඔවුන් සමඟ දැඩි වෛරයෙන් පසු වූ අමරදාස පවුල අතර කාලයක සිට තිබූ දැඩි පළි ගැනීමේ චේතනාව නිසාය. ගමේ විශාල ඉඩම් ප්‍රමානයක් හිමිව සිටි ලලනදාස ගෞරවාන්විතව ජිවත් වූ වැදගත් පවුලකි. ඔහුගේ බිරිඳ කොලුරගේ සිරියාවතී වන අතර දියණියන් සහ එකම පුතා පිළිවෙලින් ගිණුම් ලිපිකාරියක් වූ චන්ද්‍රා ප්‍රියංගනී, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ පීඨයේ චිත්‍රා දයංගනී, ගණකාධිකරණ පාඨමාලාවක් හැදෑරූ නයනා දමයන්ති සහ කාර්මික ශිල්පියකු වූ නිස්සංක වෙයි. ගෞරවාන්විතව ජිවත් වුවද ලලනදාස පවුල ගම්මුන් සමඟ එතරම් හිතවත්කමක් නොතිබුණි.
ඉහත ලලනදාස හා අමරදාස පවුල් දෙකේ විරසකය කාලාන්තරයක් තිස්සේ පැවතෙන්නකි. ඒ මෙම නඩුවේ ප්‍රධාන චුදිතයින් ලලනදාසගේ නිවසේ ගස්වල ගෙඩි හොරෙන් කැඩීම එක් සිදුවීමකි. අමරදාස ගමේ බලවත් මුදලාලි කෙනෙකි. වතුර කාණුවක් කැපීම, අමරදාසගේ පුත් සංජීව ඇතුළු යහළුවන් ලලනදාසගේ දියණියන්ට අයුතු යෝජනා කිරීම මේ විරසකයට හේතු විය. ඝාතනයට මසකට පෙර මෙම චූදිතයින් සිය මිතුරන් හා එක්ව හෝකන්දර පවුලට පහර දී තිබුණි. මෙයට හෝමාගම අධිකරණයේ නඩුවක්ද පැවරිනි.
පෙබරවාරි 10 වැනිදා මෙම නඩුව අධිකරණය විසින් කැඳවා තිබුණු අතර සාක්ෂී දීමට සිරියාවති හා චන්ද්‍රා නම් වූ වැඩිමහල් දියණිය ගියද සංජිව හෙවත් උක්කුවා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අමරදාස හා ගයාන් සුරංග පෙනි සිට ඇත. එහෙයින් මෙදින දහවල් කාලයේ නිවසේ සිටියේ ලලනදාස සමඟ මද්දුම දියණිය පමණි. මේ මිනිමැරුමට දායක වන්නේ අමරදාසගේ සේවකයකු වූ 19 හැවිරිදි සංජීව නොහොත් “උක්කුවා” (1 වන චුදිත), අමරදාසගේ පුතා වන 17 හැවිරිදි ගයාන් සුරංග (4 වන චුදිත) සහ මෙම දෙපලගේම යහලුවන් දෙදෙනෙක් වන 25 හැවිරිදි සම්පත්සිරි නන්දන හා 21 හැවිරිදි මහින්ද සිරිවර්ධන( 2 වන සහ 3 වන චුදිතයින්) ය. සිද්ධිය වූදා මොවුන් සවස 2 සිට රාත්‍රි 8 දක්වා මේ ඝාතන වැල සිදු කරන්නේ නිවැසියන් විවිධ වේලාවන්හිදි නිවසට පැමිණිම නිසාවනි.
මියගිය දියණියන්
මහ පොළොව නුහුලන පරිදි මේ අපරාධ වැල සිදු වන්නේ ඉතා සැහැසි අයුරිනි. මුලින්ම වයෝවෘද්ධ පියාව ඝාතනය කරන්නනේ පස්වරු 2 ට වන අතර ඒ බෙල්ලට ලණුවක් දමා ගෙල සිර කිරීමෙනි. නමුත් දෙවැනි දියණිය නොමැරවූ අතර ඇයව වෙනමම කාමරයකට ගෙන ගොස් 1,2 හා 3 වැනි සැකකරුවෝ ඇයව දූෂණය කළහ. 4 වැනි සැකකරු ඇයව දුෂණයට ගොස් නවතින්නේ ඒ මොහොතේ අමරදාස මේ නිවසේ වත්තට පැමිණිම නිසාවෙන් බව මෙම නඩුවේ සාක්ෂිකරු වන ජොන්ටි නැමැත්තාගේ සාක්ෂියේ සඳහන්ය. ඉන් අනතුරුව පැය දෙකකට පමණ පසු අධිකරණයට ගොස් නිවසට පැමිණෙමින් සිටි මව හා වැඩිමහල් දියණිය මරා දමන්නට මොවුන් කටයුතු කරන්නේ ගෙල කපා මරා දැමීමෙනි. මෙම චුදිතයින් විවිධ අවස්ථාවල මරණ සිදුකර නිවස පිටුපසින් වූ වෙල්යාය දිගේ අවස්ථා ගණනාකවදි හෝකන්දර ටවුමට යන අතර එය අසල්වැසියන්ද දැක ඇත. යළිත් නිවසට පැමිණි සැකකරුවන් ඊට පැයකට පමණ පසු කුස්සියේ සිට නිවසට ඇතුළුවෙමින් සිටි බාලම දියණිය මරා දමන්නේ වැසිකිළිය ආසන්නයේදීය.
මේ අතර මෙතෙක් වේලා සමුහ දූෂණය කර නිවසේ අසධ්‍යව සිටි විශ්වවිද්‍යාල දියණියද මරා දමන අතර ඇයගේ සිරුර නිවසේ දොරේ වූ සොයිබයේ එල්ලූහ. මේ සිරුරු ආසන්නයේ රුධිරය, කොන්ඩම් එකක්, හිස් සිගරට් පැකට්ටුවක් හා සිගරට් අළු පසුව සාක්ෂි වශයෙන් සොයා ගත්තේය. අනතුරුව සහසිකයින් පිහි අමෝරාගෙන සිටියේ රාත්‍රී 8 ට පමණ නිවසට පැමිණෙන එකම පිරිමි දරුවා මරන්නටය. එයද ඔවුන් ඉටු කර ගන්නේ තරමක් අසීරුවෙනි. නිවසින් මීටර් 30 ක් දුරින් මරා දමා තිබු මඩ තැවරී තිබූ ඇඳුම් සහිත නිශ්ශංකගේ සිරුර සොයා ගත්තේ පාන්දර යාමයේ වන අතර ඊට යාබද ලේ හා මඩ තැවරි තිබු කිතුල් පොල්ලක්ද පසුව සොයා ගත්තේය. ඔහුගේ සිරුරට මදක් එහායින් අමරදාස පණ අදිමින් සිටි අතර නිශ්ශංක ඔහු මරාගෙන මැරෙන්නට ඇතැයි මෙයින් අනුමාන විය. කෙසේ වෙතත් මේ සිදුවීම් පෙළ අවසානයේදි අමරදාසද මිය ගියේය.
මෙම අමානුෂික ඝාතනය තලංගම පොලිස් හදිසි ඇමැතුම් අංශයට වාර්තා වන්නේ අහඹු ලෙසය.
තලංගම පොලිස් ස්ථානයට රාත්‍රී 8.30 ට ලැබෙන මෙම ඇමතුමෙන් අනතුරුව අදාල ස්ථානයට ළඟා වන්නේ රාත්‍රී 11 ට පමණය.
ජනයා ගැවසෙන තැනක වුවද සය දෙනෙකු ඝාතනය වෙද්දි අසල්වැසියන් ට කණ නොවැකුණේ මන්ද?යන්න මෙහිදි මතු වූ ප්‍රබල තර්කයකි. අනතුරක සේයාවක් දැනි දැනී ඔවුහු කරබා ගෙන සිටියාද? හෝකන්දර සමුහ ඝාතනය සම්බන්ධ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂියට අසල්වැසියන් කිහිප දෙනෙකුද කැඳවනු ලැබිය. ඔවුන්ගේ සාක්ෂිවලින් කියවූයේ මෙම නිවසේ වැසියන් සාමාන්‍යයෙන් ගොම්මන් වේලාව වන විටත් විදුලි පහන් දැල්වීම සිරිතක්ව පැවැතියද, එදින රාත්‍රී 7-8 වන තෙක්ම විදුලි පහන් දැල්ව නොතිබුණු බවකි.
මියගිය අයගේ සිරුරු භූමිදානයට රැගෙන යාම
එසේම තවත් සාක්ෂියකින් කියවූයේ මෙම නිවසේ හරකුන් සාමාන්‍ය දිනවල දහවල් කාලයේදි ලිහා දමන බවත් ගොම්මන් වේලාවට ගාල් කරන බවත්ය. නමුත් එදින ගොම්මන් වේලාවේදීද හරකුන් වත්තේ එහා මෙහි ඇවිඳිමින් ‘උම්බෑ‘ කියමින් සිටි බවත්ය. ගොම්මන් වෙලාවේදි බල්ලන් බුරන හඩද අසල්වැසියන්ට ශ්‍රවණය විය. හරකුන්ගේ මෙන්ම බල්ලන්ගේ මෙම අසාමාන්‍ය කෑගැසීමෙන් අනාවරණය වූ පරිවේෂණීය සාක්ෂිවලින් ඔප්පු වූයේ ඒ වන විටත් මෙම නිවැසියන් ජීවතුන් අතර නොවීමත් අපරාධකාරයන් නිවසේ සැඟවි සිටීමත්ය. මේ සිදුවීම් සියල්ල අවසන් වන්නේ මිනිමැරුම් හයකින් මා අමරදාසගේ මරණයෙන් කෙළවර වීමෙනි. මේ ඝාතන වැලේ පැමිණිල්ල වෙනුවෙන් මරණ ඇසින් දුටු හොඳම සාක්ෂිය වූයේ ජොන්ටි ය. ඔහුගේ නියම නම ඩබ්ලිව්. ඩබ්ලිව් ජයන්තය. එහෙත් අතුරුදහන් වූ ඔහු දින දෙක තුනකට පසු හසු වන්නේය.
ඔහු 4 වැනි චූදිත වන අමරදාසගේ පුතාගේ හොඳම මිතුරාය. ජොන්ටිගේ සාක්ෂිය වූයේ 4 වැනි චූදිතගේ පෙරැත්තය මත විටින් විට එම නිවසට ගියද තමන් එයට සම්බන්ධ නොමැති බවය. ඔහු නිවැසියන් මරා දැමු හැටි කාල වේලා සහිතව දුන් සාක්ෂි අසල්වැසියන්ගේ පරිවේෂණිය සාක්ෂි සමඟ හොඳින්ම ගැළපෙන්නට විය. ජොන්ටි එදින අවස්ථා තුනකදි ලලනදසගේ නිවසට ගිය අතර මුල්වරට සවස 2 ට පමණ ඔහු යන්නේ ගයාන් සමඟය. ඒ වන විට ඔහු දැක ඇත්තේ ලලනදාසගේ හා නයනාගේ මල සිරුරු දෙක පමණි. මේ අවස්ථාවේ 1,2 හා 3 වැනි චූදිතයින් නිවසේ සිටි බව ඔහු හඳුනා ගෙන තිබුණි. එදින දෙවැනි වරට ඔහු යන්නේ සවස 3.30 ටය. ඒ යන විට ඔහු තවත් මල සිරුරු දෙකක් දකින අතර ඒ සිරියාවති හා චන්ද්‍රාගේය. තුන්වැනි වතාවේ ඔහු නැවතත් ගයාන් සමඟ යන්නේ සවස 6 ටය. එහිදි ඉහත චුදිතයින් විසින් විට විට චිත්‍රා දයාංගනි කාමරයේ ඇඳක ගැට ගසා දුෂණය කරනු දැක ඇති අතර ජොන්ටි පවසන පරිදි දූෂණයට ලක්වන අවස්ථාවේ ඇය ජිවතුන් අතර සිට ඇති බවයි. මේ අනුව ජොන්ටි පුද්ගල මරණ සිදුකරවා දැක නැති අතර දුෂණ සිදුවීම් දැක ඇති බව අවබෝධ විය.
හෝකන්දර නඩුවේ අපරාධකාරයින් නිවස තුළ පැය ගණනාවක් රැඳි සිට ඇති අතර ඔවුන් එහි තිබු Celebration වර්ගයේ බිස්කට් ටින් එකක් කඩා කා මේ අවස්ථාව සමරා කර ඇත.
මිණීමැරුම් වූ නිවස