ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ශ්‍රී ලංකා රුපියලේ අගය පහුගිය දවස් දෙක තුනට හිතාගන්න බැරි වේගෙකින් ආපහු නගින්නේ කොහොමද සිංහලු?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    ටොයියො+ජෙප්පො හූල්ලන තරමට තමයි ඔ්වත් වැඩි වෙන්නෙ. උන් බලාගෙන ඉන්නෙ කවදද 200 පනින්නෙ කියල. රටට වෙන හානිය මුකුත්ම අදාළ නෑ. රුපියල බැස්ස ගමන් ත්‍රෙඩ් 4ක් 5ක් වැටෙනව ඒත් පොඩ්ඩක් හරි නැග්ගම දැනගැනීමෙ පිණිසවත් ත්‍රෙඩ් එකක් වැටෙන්නෙ නෑ මෙහෙම එකක් වැටුනොත් මිස.

    ගෙම්බො🐸 වැස්සක් වැටුනම ජොලියට කෑ ගගහ ඉන්නෙ. අන්න ඒ වගේ තමයි රුපියලකින් දෙකකින් ඩ්‍රොප් එකක් ආවත් සතුටට කෑ ගහනව. ඒ තරම් රටට කෙලවෙනවට ආසයි.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාරට අයත් LOLC සමූහ ව්‍යාපාරය මෙරට කොටස් වෙළෙඳපොළේ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන වත්කම් හිමි වූ පළමු ස්ථානයේ රැඳෙන සමාගම බවට ඊයේ දිනයේ (27) පත්විය.

    IN27-681x356.jpg


    ඒ අනුව ඊයේ (27 වැනිදා) දිනය අවසන් වන විට කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු සංගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනයක් හිමි සමාගම බවට LOLC සමූහ ව්‍යාපාරය පත්ව තිබේ.
    පෙරේදා (26 වැනිදා) දිනයේ ගනුදෙනු අවසානයේ කොටස් වෙළෙඳපොළේ අංක 3 ස්ථානයේ පසු වූ LOLC සමූහ ව්‍යාපාරය ඊයේ දිනයේදී එම ලැයිස්තුවේ අංක 1 සහ 2 ස්ථානවල රැඳුණු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ලංකා දුම්කොළ සමාගම අභිභවා යමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. ඒ අනුව LOLC සමූහ ව්‍යාපාරයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රුපියල් බිලියන 239 ඉක්මවා ගොස් තිබුණු අතර එය සමස්ත වෙළෙඳපොළෙන් 6% ඉක්ම වූ වටිනාකමක් විය. එසේම ඊයේ (27 වැනිදා) LOLC හි කොටසක මිල රුපියල් 505ක් ලෙසින්ද වාර්තාගත අගයක් ලකුණු කළ බව අරුණ පුවත්පත වාර්තා කරයි.

    ඊයේ (27 වැනිදා) දිනයේ ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශිත ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල 198.24ක් වූ අතර එම අගයට අනුව LOLC සමූහ ව්‍යාපාරයේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ඉක්මවීය.

    මේ අතර 2020 වසර ආරම්භයේදී ඉෂාර නානායක්කාර මෙරට අංක එකේ ධනවතා ලෙසින් නම් කෙරුණු අතර කාම්බෝජියාවේ සිදුකෙරුණු ඩොලර් මිලියන 603ක ආයෝජනයක් ඊට හේතු විය.
    මේකලු හේතුව :baffled:
    ------ Post added on Jan 28, 2021 at 11:06 AM
     
    • Like
    Reactions: sithija.h

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ටොයියො+ජෙප්පො හූල්ලන තරමට තමයි ඔ්වත් වැඩි වෙන්නෙ. උන් බලාගෙන ඉන්නෙ කවදද 200 පනින්නෙ කියල. රටට වෙන හානිය මුකුත්ම අදාළ නෑ. රුපියල බැස්ස ගමන් ත්‍රෙඩ් 4ක් 5ක් වැටෙනව ඒත් පොඩ්ඩක් හරි නැග්ගම දැනගැනීමෙ පිණිසවත් ත්‍රෙඩ් එකක් වැටෙන්නෙ නෑ මෙහෙම එකක් වැටුනොත් මිස.

    ගෙම්බො🐸 වැස්සක් වැටුනම ජොලියට කෑ ගගහ ඉන්නෙ. අන්න ඒ වගේ තමයි රුපියලකින් දෙකකින් ඩ්‍රොප් එකක් ආවත් සතුටට කෑ ගහනව. ඒ තරම් රටට කෙලවෙනවට ආසයි.

    sira kathwa bn
     
    • Like
    Reactions: chami2015