kanna natuwa..
pissune ban munta, mahindage factory ekata harak tika dunna mas walata
anchor/ratti piti biwwa pissu huttala
අනුරාධපුර පදවිය ප්‍රදේශයේ තෘණ බිම් නොමැතිව උග්‍ර ආහාර හිඟයෙන් ගවයන් 500කට අධික පිරිසක් මියගොස් ඇතැයි පදය රජයේ පශු වෛද්‍ය නිලධාරී කේ. එච්.එම්.පී. බන්දුසිරි මහතා පැවසිය.
ගවයන් 25 දෙනකුට වැඩි සංඛ්‍යාවක් සහිත ගව පට්ටිවලින් මෙම එළ ගවයන් මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ප්‍රදේශයේ පවතින දැඩි ආහාර අර්බුදය හේතුවෙන් මෙම එළ ගවයන්ගේ මරණ
සංඛ්‍යාව ඉදිරියේදී මීටත් වඩා ඉහළ සංඛ්‍යාවක් දක්වා වර්ධනය විය හැකි බවද හෙතෙම පැවසිය.
ඉකුත් මාසයක කාලයක සිට මේ දක්වා ප්‍රදේශයේ එළ ගවයන් 540 දෙනකු ආහාර නොමැතිව කුසගින්නේ මියගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් වූ වගකීම රජයේ අදාළ නිලධාරින් භාරගත යුතුව ඇති බවත් පදවිය සවන් නිෂ්පාදකයින්ගේ සමිතියේ සභාපති එච්.කේ. කුසුම්සිරි මහතා පැවසිය.
පදවිය ප්‍රදේශයේ තෘණ භූමි කුඩා වැව් රක්ෂිත හා ඇළ රක්ෂිත අනවසරයෙන් වගාකිරීම රජයේ කැලය කපා අනවසර වගාකටයුතු කිරීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. මේ ආකාරයෙන් තවදුරටත් තම කිරි ගවයින් මියගියහොත් ඉතිරි ගවයන් සමග පාරට බැසීම හැර වෙන ක්‍රියාමාර්ගයක් කිරි ගොවීන්ට නොමැති බවද ඔහු සඳහන් කළේය.
පදවිය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග වනේනේ වී වගාව මෙන්ම කිරිගව පාලනය වන බවත් ප්‍රදේශය පුරා කිරි ගවයන් දොළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් සඳහන් කරන කුසුම්සිරි මහතා ගව පට්ටි හිමියෝ දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයිද පැවසීය.
- පියදාස සමරවීර -