ශ්‍රි ලංකාවේ පළමු කැසට් සංගීත ඇල්බමය [Mp3 320kbps]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මගේ කැසට් එකතුවේ තිබෙන වටිනාම කිව හැකි කැසට් පටි තුනක් මේ තියෙන්නෙ,මේ මිල්ටන් ගේ කැසට් පටිය තමයි ලංකාවේ මුල්ම කැසට් සංගීත ඇල්බමය,නිකුත් කලේ 1978 වර්ශයෙදි (Tharanga Records),ඉට පහලින් තිබෙන වික්ටර් රත්නායකයන්ගේ සා ප්‍රසංගයේ කැසට් පටි දෙක 1977 නිකුත් කල දෙකක්,නමුත් එය ලංකාවේ පළමු කැසට් ඇල්බමය කියල සලකන්නෙ නැ මොකද එම ප්‍රසංගය කලින් තැටි දෙකකට නිකුත් කල නිසා (Sooriya Records).ලංකාවේ කැසට් යුගයක් ආරම්භ කරන්න මුල් වුන දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් සූරිය රේකොර්ඩ් ලෙබලය හිමකරු ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා,අනික් කෙනා තරංගා රේකොර්ඩ් ලෙබලයේ හිමකරු විජය රාමනායක මහතා,ඉතින් මේ කැසට් පටි තුන නිශ්පාදනය කල දෙදෙනාත් අප අතර නැ,සහභාගි වු මිල්ටන්,ක්ලැරන්ස් වගේම සරත් දසනායක කියන මහත්තුරුත් අප අතර නැ...සා ප්‍රසංගය ඔනේ නම් පසුව උඩුගත කරල දාන්නම්.

    මේ කැසට් පටිය සම්බන්ධව පල වුනු පුවත්පත් ලිපියකින් මේ කොටස උපුටා ගත්තෙ,කියවන්න


    .....හැත්තෑවේ දශකයේ අග භාගයේ එක්තරා දිනෙක කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සිටි මොහොතක විජය රාමනායකයන්ට මැද පෙරදිග සේවයකොට ලංකාවට සැපැත්වූ අපේ ශ්‍රම බළකාය අත අලුත් රේඩියෝවක් දකින්නට ලැබුණි. එය එකල හැඳින්වූයේ Two in One නමිනි. රේඩියෝවට අමතරව එහි කැසට්පට වාදනයකොට ගීත ශ්‍රවණය කිරීමේ පහසුකම්ද විය. මේවාට අවැසි කැසට්පට නිෂ්පාදනය කළ හැකි නම් එය අලුත් ගීත අලෙවිකරණ සාධකයන් බව වටහා ගත් රාමනායක මහතා ලංකාවේ පටිගත කරන ලද ගීත සිංගප්පුරුවට රැගෙන ගොස් කැසට්පට ලෙස සකසා ලංකාවට රැගෙන විත් ශ්‍රාවකයාට හඳුන්වාදීමට උත්සාහ ගත්තේය. එහි පළමු පටිගත කිරීමට ඔහු තෝරාගත්තේ නැසී ගිය ගායක මිල්ටන් මල්ලවාරච්චිය. මෙම කැසට්පටය නිමවා රට වටා සිටි තැටි අලෙවිකරුවන් වෙත රැගෙන ගිය විට ඔවුන් එය අලෙවි කිරීමට මැලිවූයේ අලුත් දෙයක්වූ එය ජන ආකර්ෂණයක් නොලබනු ඇතැයි සිතාය. අනතුරුව විජය රාමනායකයන්ට සිදුවූයේ රැගෙන ගිය කැසට්පට ඉන්ධන පිරවුම්හල්, පොත් සාප්පු, රෙදි සාප්පු වැනි තැන්වල අලෙවියට තබා තම නිවසට පැමිණිමටයි. දින ගණනක චාරිකාවෙන් පසු තම නිවසට පැමිණෙන විට කැසට් දමා පැමිණි තැන්වලින් අලෙවියට තවත් කැසට් ඉල්ලා දුරකථන ඇමතුම් පැමිණියේ එය ජනතා අවධානයට ලක්වෙමින් තිබූ බැවිනි. කැසට් කඩ අලෙවිහල් රටපුරා බිහි වූයේ රෙකෝඩ් බාර් සංස්කෘතිය අප රටට හඳුන්වා දෙමිනි. අනතුරුව ක්ලැරන්ස් විජේවර්ධන, ප්‍රියා සූරියසේන, වර්ණන් පෙරේරා, නිහාල් නෙල්සන්, ඩෙස්මන්ඩ් සිල්වා පමණක් නොව එවකට ජන අවධානයට හසු නොවූ මොහිදීන් බෙග්ගේ ගීත සමගද ඔහු වෙළෙඳපොළට කැසට්පට නිකුත් කළේය. මොහිදීන් බෙග්ගේ ගීත කැසට්පට හතරකම් එළිදැක්වීමට ඔහු පෙළඹ වූයේ ඒ සඳහා ලද වාර්තාගත අලෙවි ආදායමයි. - Lankadeepa 2016 Nov 1


    htI0kYT.jpg

    MrUAziJ.jpg

    F6PluCa.jpg


    මේ කැසට් පටය පසු කාලයක රන් හිරු නමින් CD පටයකට නිකුත් කලා,එ CD එකෙන් මම Rip කරපු ඇල්බම් එක තියෙන්නෙ.කැමති අය අහන්න භාගන්න.
    http://www.mediafire.com/file/azbj0p96olzmgci/Ran_Hiru.rar/file
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මම හිතාගෙන හිටියේ Gypsies ලාගේ 'ලුණු දෙහි ' තමයි පළවෙනි කැසට් එක කියලා. Thanks

    නැ එක පස්සෙ ආවේ,සිංදුත් තිබ්බෙ 4 ද කොහෙද එකේ,මාගේ ගාව තිබුනා එ කැසට් එක,ජිප්සිස්ලට තිබුනානේ එ කට්ටිය නමින්ම රේකොර්ඩ් ලෙබල් එකක්,එ කාලේ හැටියට හොඳම ස්‍ටුඩියෝ එකකුත් තිබුනා,ගොඩක් අයගේ ඇල්බම්ස් සුනිල්ලා කලා-එ අයගේ මාස්ටර් ටෙප්ස් ගොඩක් ටෝරානා සහ කේ එන් ඩි එන්ටර්ප්‍රයිසස් එකෙන් පස්සෙ ගත්ත වහනකොට.

    2WrFeiI.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Oba langa ‘pawana’ thibenawada? Issara gedara genawa mathakayi ‘sastra danawwa’, saha ‘pawana’
    නන්දා මාලිනියගේ ඔක්කොම වගේ කැසට් මගේ ගාව තියනව,පවන කැසට් දෙකකින් ආවා,මේ එ දෙක

    LwY3jFc.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    නාමල් ගේ කැසට් ආවේ රෙදි වගේ cover එකක දාල නේද. මගේ ගාව තාම ඇති ඒවානම්.
    මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ

    AVHiTtS.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ

    AVHiTtS.jpg
    සුද්ද බුද්ද කරලා අරන් සිලික වගේ දාල හොදට අරන් තිබ්බොත් මොකද. තව අවරුදු 10කින් විතර තමයි හොදටම වටින්නේ ඕව.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මේ ජාතියේ එවා ගැන නෙද කියන්නෙ ? නාමල් ගේ ඔක්කොම කැසට් තියනව,නමුත් පුස් අරින්න මාසයක් යනව මෙවගේ

    AVHiTtS.jpg
    මේවා දැක්කත් පට්ට ආසාවක් ඇති වෙන්නේ.

    මචං පුළුවන් වෙච්ච කාලෙක ඔය යොහාන් අර්ජුනගේ සිංදු ටික දෙනවද.
    මම පොඩි කාලේ යොහාන් අයියව දන්නවා. මාර මනුස්සයෙක්, අකාලයේ නැතු උනා අපරාදේ.