POLL: උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

  • ලංකාව ජීවත්වෙන්න ගොඩක් හොද රටක් නිසා

  • වෙන හොද රටකට යන්න විදිහක් නැති නිසා

  • ලංකාවේ දැන් සෙට්ල් වෙලා නිසා කොච්චර මෙහෙ ප්‍රශ්න තිබුනත් යන්න හිතක් නැති නිසා

  • රට ගිහින් සෙට්ල් වෙන්න කාලයක් නැති නිසා

  • ලංකාවේ ඉද්දි ලැබෙන විශේෂ වාසියක් නිසා (ඒ වාසිය කමෙන්ට් කරන්න)

  • වෙන රටකට පවුල පිටින් යන්න බැරි නිසා

Results are only viewable after voting.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ මචන්ලා? :rolleyes:

    මට නම් වෙන රටකට ගිහින් සෙට්ල් වෙන්න ඕනයි කියලා ලොකු උවමනාවක් මෙච්චර කාලේකට ඇවිල්ලා නැහැ. ඉතින් දැන් මෙහෙ සෙට්ල් වෙලා ඉන්න නිසා, රට කොච්චර අවුල් වුනත් දිගටම මෙහෙ ඉන්න තමයි බලාපොරොත්තුව. දැන් වෙන රට ගිහින් සෙට්ල් වෙන්නත් කාලයක් නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    දැන් වෙන රට ගිහින් සෙට්ල් වෙන්නත් කාලයක් නෑ. උඹට 45 පෑනලද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    වෙන රටකට පවුල පිටින් යන්න බැරි නිසා x2

    වයි‍ෆා නම් ආසයි යන්න ඒ උනාට අම්මල තාත්තලා කවුද බලාගන්නේ.. අවුරුදු දෙක තුනකට ගිහිල්ලා ජොබ් එකක් කරල එන්න නම් හිතේ අයිඩියා එකක් තියෙනවා ඒ ඇරෙන්න එහෙ ගිහිල්ලා සදාකල් ඉන්න බලාපො‍ෙරොත්තුවක් නැ. අපේ ගෙවල් ලග මනුස්සයෙක් ඉන්නවා ලමයි තුන් දෙනාම පිටරටවල් වල pr අරන් ඒවායේ. මෙහෙ එන්නේ ඉදලා හිටලා. දවසක් ගේ ඇතුලේ වැටිල හිටියා පපුවෙ අමාරුවක් හැදිලා. යන්තන් අහල පහල මිනිස්සු ටික එකතු වෙලා ඉස්පිරිතාලෙ අරන් ගියෙ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Manada buddka jantawa ekka jiwath wenawa kiyanne dali pihiyen Kirk kanawa wage harimabayanka depressing deyak . Having choice of living anywhere in the world will be best thing happen to someone. ko meke nadda lankwe nati eunta option ekak
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Athi tharam hodin jivath wenna freelancing income ekak thiyenawa.
    E nisa rata gihin jiwath wennath puluwan / SL wala jiwath wennath puluwan.

    Paul pitin (ammala/thaththala) hamoma ekka yanna bari nisa / duwage education eka sampurnayenma wenas wena nisa yanne na.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Because it's bloody cheap! හිතපන් 500$යි හොයන්න ඕනේ තනි කොල්ලෙක්ට මාසේ හොඳට කාලා ඇඳලා ඉන්න. මගේ යාළුවො ඔක්කොම වගේ වෙන වෙන රටවල. උන් පාන්දරත් එක්ක වැඩ. මට මෙහෙ ගන්න සැප ඒ රටක ගන්න බෑ යකෝ. හිතෙන වෙලාවට නිදි, හිතෙන වෙලාවට වැඩ, හිතෙන වෙලාවට කෑම. ලෙඩක් දුකක් හැදුනොත් ගෙදර උන් මගේ ළඟ. යාළුවො එක්ක රවුමක් ගහන්න උන් මගේ ළඟ. සීතලේ එලියට බැහැලා වැඩට යන්න ඕනේ නෑ, රෑට වැඩ කරන්න ඕනේ නෑ. එක එකාගේ racist කතා අහන්න ඕනේ නෑ. මේක දාලා ගිහින් මට අමුතුවෙන් ලැබෙන්නේ මොනවද?
    වෙන රටක ජිවත් වෙලා ටික කාලෙකට ඒ feeling එක ගන්න ඕනේ. ඒකට ටිකක් ආදායම් මාර්ග හදාගෙනම යනවා මොකක් හරි ඉගෙනගන්න. එතකොට දුක් විඳින්න ඕනේ නෑනේ.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166

    හැබැයි ලංකාවටම ECMO තියෙන්නේ 2i ලු. මෙහෙමයි මචන් කොච්චර සල්ලි තිබ්බත් quality of life එක ලංකාවේ නැහැ. සමහර වෙලාවට සල්ලි දීලා ගන්න වත් හොද භාණ්ඩයක් නැහැ.
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ගේලංකාවේ තරම් හොදන් ඉන්න පුළුවන් රටක් වෙන නෑ බං මාත් රටවල් කිහිපයක ඉදලා තියෙනවා අපි කෝකට ගියත් පිට එවුන් බන් සිටිසන් ගත්තත් ඒකයි ඇත්ත උබලා ඔය දියුණු කියන රටවල් පින්තූර වලින් බැළුවට ඉන්න වෙන්නේ පට්ට කටු කන පලාත්වල උබට ලොකු සීන් එකක් නැතිනම් හරියට ලංකාවේ හිටියට අපි හැමෝටම කොලබ හොද ලක්ෂරි විදිහට ඉන්න බැනේ බං අන්න ඒ වගේ
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ලoකාවෙ සෙට්ල් වෙන්න උත්සාහ කරේ. සාපේක්ෂව ඒක දැන් සාර්ථක යි.
    යුරෝප් රටකට යන්න තරම් හොඳ අධ්‍යාපන සහතික නෑ. අලුතින් ඒව ගන්න තරම් කාලයක් නෑ.
    එහෙට ගිහිල්ලා සාමාන්‍ය රස්සාවක් කරලා ජීවත් වෙන්න තරම් හිත දෙන්නෑ.

    වයස 38ක් වෙන නිසා, ජීවිතේ ලොකු අවධානමක් ගන්න බෑ.
    ඒ හින්දා ලoකාවෙ සෙට්ල් වෙනව
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හැබැයි ලංකාවටම ECMO තියෙන්නේ 2i ලු. මෙහෙමයි මචන් කොච්චර සල්ලි තිබ්බත් quality of life එක ලංකාවේ නැහැ. සමහර වෙලාවට සල්ලි දීලා ගන්න වත් හොද භාණ්ඩයක් නැහැ.
    ඕවා බන් හැම රටකම අඩු වැඩි වශයෙන් තියෙනවා. දැන් හිතපන්කෝ ECMO තිබිලා අමාරුවෙන් ජිවිතේ බේරාගෙන එලියට එද්දී 2000$kවිතර බිලක් දුන්නම පුක දෙල් වෙනවනේ. ඒ වගේ උන්ට කිව්වොත් ලංකාවේ නොමිලේ බෙහෙත් ගන්න පුලුවන් කියලා උන්ට ඒක මාර ලොකු දෙයක්. අපි හැම එකාම අපිට නැතිදේ ගැන තමයි හූල්ලන්නේ.

    අපි දකින්න එපැයි බන් ඔය කොලිටි ලයිෆ් එක ලංකාවෙන් ගිය උන්ගේ. මමනම් දකින 90%ක්ම තවම ලංකාවෙන් ගිය විදියම තමා. බොනවා පේනවා, අලුත්ම ෆෝන් එකක් තියාගෙන ඉන්නවා පේනවා, තව ඉතින් ටිකක් හොඳ කාර් එකක් තියෙනවා අපිට වඩා. ඉතුරු 10% ටිකක් හරි හොඳ උන් mortgage එකක් අරන් ගෙයක් හදලා තියෙනවා. ඔය ඔක්කොම වගේ මට මෙහෙත් තියෙනවනේ බන්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,204

    quality of life එක tangible දෙවල් වලින් විතරක් මනින්න බෑ බං...ඒත් ඉතින් ඒකත් එක එකාට වෙනස්නේ...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    quality of life එක tangible දෙවල් වලින් විතරක් මනින්න බෑ බං...ඒත් ඉතින් ඒකත් එක එකාට වෙනස්නේ...
    ඒක හරි, සමහරවිට මගේ උනත් අදහස වෙනස් වෙන්න පුළුවන්. මගේ පෞද්ගලික අදහසනම් සල්ලි තියෙනවනම් අප්‍රිකාවත් සුපිරි රටවල් තමයි කියලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    quality of life එක tangible දෙවල් වලින් විතරක් මනින්න බෑ බං...ඒත් ඉතින් ඒකත් එක එකාට වෙනස්නේ...
    එක එක්කෙනා හිතන විදිහ වෙනස්..
    1. ලන්කාවේ ළමයෙක්ට පාසලක් හොයන්න ගියහම ලන්කාවෙන් යන්න හිතෙනවා
    2. රජයේ ආයතනයක වෑඩක් කර ගන්න ගියහම යන්න හිතෙනවා
    3. තමන්ට අයුක්තියක් හිරිහෑරයක් වුනහම නීතිය ක්‍රියාත්මක වෙන විදිහ දෑක්කම යන්න හිතෙනවා
    4. ඩොලර් එක නෑගලා බඩු මිල අහස උසට ගිහින් කියලා පේනකොට යන්න හිතෙනවා
    5. ගන්න පඩියෙන් ගෙයක් හදාගෙන වාහනයක් ගන්න එක නම් හීනයක් කියලා තේරෙනකොට
    6. හුගක් රටවල වයසක් අයට රජයෙන් දෙන පහසුකම් දෑක්කම
    7. වෙන රටක පාරේ යනකොට මගියන්ට තියෙන ප්‍රමුකත්වය සහා නිතිගරුකව විනයගරුකව හෝන් නොගහා වාහන යන විදිහ දකිනකොට
    8. වෙන රටවල දේශපාලකයන්ට මෙහෙ වගේ සුඛෝපභෝගී සෑප සම්පත් දෙන්නේ නෑ කියලා හිතෙන කොට

    මේ වගේ ගොඩක් හේතු තියෙනවා.. ඒ වගේම ලන්කාවේ හොද දේවලුත් තියෙනවා. මගේ නම් අදහස යන්න පුලුවන් එවුන් ලන්කාවේන් යන එක තමා හොද. මොකද මේ රටේ පාලකයන් බහුතරයකගේ ළමයි ලන්කාවේ නෑ. ඒ වගේම සමහර පාලකයෝ ද්විත්ව පුරවෑසියෝ. උනුත් ලන්කාවේ ඉන්න කෑමති නෑ