පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් ට්‍රැවලින් බෑගයක දමා තිබිය දී සොයාගත් මළ සිරුර රැගෙන ආ පුද්ගලයා බස් රථයට ගොඩ වන අයුරු හා ඉන් බැස යන අයුරු දැක්වෙන සී.සී.ටීවි දර්ශන කිහිපයක් ලැබී තිබේ.
මේ අතර, ඔහු මළසිරුර රැගෙන කොළඹට පැමිණි බව පැවසෙන බස් රථය පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මාර්ග අංක 143 ඔස්සේ හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය වන බස් රථයක් මඟින් එම මළසිරුර කොළඹට රැගෙන පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.
බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයෙකු හංවැල්ල ප්‍රදේශයෙන් අදාළ බෑගය ද සමග බස් රථයට ගොඩ වූ බවට ප්‍රකාශ කර තිබේ.
මේ අතර පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මියගිය තරුණියගේ හිස අදාළ ගමන් බෑගය තුළ තිබී නොමැති බවය.
මියගිය තරුණියගේ හා මළ සිරුර රැගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි. ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දිය හැකිය.
වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති - 0718 591 557
පොලිස් හදිසි ඇමතුම් ඒකකය - 0112 433 333
ඔන්න ඉතිං හිතාගනිල්ලකො බෝම්බයක් ලගේජ් ඵකක දාගෙන ගෙනල්ල තිබ්බත් ඔච්චරයි.