මේ ඉස්කෝලේ වහලා නම් මේ ඉඩමෙන් වෙනත් ප්රයෝජනයක් ගත්තාම මොකද වෙන්නේ. ඉස්කෝල් තාමත් වහලා නැත්නම් ඉස්කෝලේ වහන්න වෙන හේතු හොයලා බලලා ඒකට උත්තරයක් හොයනවා වෙනුවට වෙන මොනවද කරන්නේ. ඉඩම වටිනවා නම් ඒකෙන් ජාතික ආර්ථිකයට මොනවා හරි දෙයක් වෙනවා නම් ඒක කරනවාට උඹලා විරුද්ද වෙන්නේ මොකද බන්. මොකක් හරි කරන්න ගියොත් බාල්දි පෙරලන්න දහස් ගානක් ඉන්නවා. ඒකෙක් නෑ ඉස්සරහ ගැන හිතලා වැඩ කරන. රාජ්ය දේපලක් නිසා රාජ්ය ආයතනයකට දීලා හරි එහෙම දෙන්න බැරි නම් ඒක කරන්න පුළුවන් එකෙකුට දෙනවා මිසක් සතපහක වැඩක් නැති විදියට කැලේට යන්න අතෑරලා කැලෑ කපනවා කියලා උදේ හවස බෙරිහන් දෙනවා. 

අද රටේ ජාතික ආර්තිකය කිය කිය වෙන්නේ අදූරදර්ශී වැඩ පිලිවෙලවල්.. පහුගිය රජයත් ඊට කලින් රජයවල්වලත් මේ දේ සිද්ධ වුනා.. මේ රජය වෙනකොට ඒ ප්රවනතාව වැඩී
හේතුව මොකක්ද? රටේ පිරිහුනු මිනිස්සු එන්න එන්නම වැඩිවෙනවා.. ඔවුන් දිහා බලා හැදෙන කුඩා පරපුරත් ඒ ඔස්සේම යනවා හැබැයි පිරිහුන බව ඔවුන්ගේ වැඩිහිටි පරපුරට වඩා ඉතා වැඩී..
ඒක නිසා මේ පාසල් වැහෙන්න යනව නම් පුලුවන් තරම් උත්සාහ කරලා මේවා රැක ගත යුතුයි.. අද රටේ පාසල් අතිරික්තයක් නෑ.. වෙන්නේ ළමයි පාසල් යන්නේ නැතුව සමාජගතවීම නිසා ඒක රටට ව්යසනයක් වීමයි..
පාසල්වලට ළමයි ඇතුලත් කරන කොට දුර සීමාව පිලිබඳ ප්රශ්නයක් තියෙනවා ඒක නිසා ප්රදේශ අනුව පාසල් සංවර්ධනය කරන්න ඕනේ.. පහුගිය ආන්ඩුවත් මේ ආන්ඩුවත් පාසල් සංවරිධනය කිරිම නමින් කරන්නේ එතරම් සර්ථක දේවල් නෙවෙයි..
ඒ ක්රම හොඳයි ටිකක් උසස් පවුල් ජීවිත ගෙවන අයගේ ලමයින්ට.. නමුත් ගැටලුව, රටේ ප්රධාන ප්රශ්නය නම් උසස් පවුල්ජීවිත නොගෙවන පවුල්වල ලමයින්ගේ අනාගතය කොයිබටද යන්නයි.. මිනිස්සුන්ගේ සංවර්ධනයක් තිබ්බොත් ඒක රටේ පැවැත්මට හොඳයි..
මතකනේ මහා ව්යාපාරිකයො දැක්මක් තියෙන මිනිස්සු කියන අය කුනු කන්ටේනර් ගෙනවා.. දැන් තව කවුදෝ එකෙක් පිළිකා කාරක තියෙන තෙල් ගෙනල්ලා.. මෙහෙම වෙන්නේ මානව සංවර්ධනයක් තියෙන නිසා ද?
ඒක නිසා හැමතිස්සෙම ආර්ථිකේ ආර්ථිකේ කියන්නේ නැතුව රටට හරි හමන් මිනිස්සු ටිකක් දායාද කරන්න වැඩපිලිවෙලක් තියෙන ඕනේ..
අද රටේ ගොඩක් මිනිස්සු පදිංචියට විදේශගතවෙලා තියෙන්නේ සල්ලි හොයන්නම නෙවෙයි මේ රටේ පැවැත්මක් නැති නිසා