සිරි පාදේ system change

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,760
    113
    කලකින් පසු නිවාඩුවක් ලැබුනු නිසා ශ්‍රී පාදය වැඳීමට යාමට සිත් විය . යන්න පැය කිහිපයක් තබා හදිසියේම දැනගන්නට ලැබුණේ ඒ සඳහා අවසර පතක් අවශ්‍ය බවය . සොයා බලද්දි දැනගන්නට ලැබුණේ ඒ සඳහා අලුත් රටකට යෑමට visa ගැනීමට ටිකක් සමාන procedure එකක් ඇති බවය .
    තවත් ටිකක් හොයා බලන විට ශ්‍රීපාද වන්දනා කිරීම සඳහා 'අහසේ තරු ත් මුහුදෙ මඩත්' හා සමාන දේවල් මේ දිනවල අවශ්‍ය බව දැනගන්නට ලැබුණි . ඒක නැති අය හරවා එවූ බවත් දැනගන්නට ලැබුණි.( IGP help desk කියා නම්බරේකින් ඇසූවිට ඒ පොලිසියේ මහතා නම් කීවේ එහෙම දෙයක් අවශ්‍ය නැති බවය . නමුත් නැවතත් නල්ලතන්නිය පොලිසියෙන් ඇසූ විට එය අවශ්‍ය බව කියන ලදී . )පළමුවෙන් ඒ සඳහා අයදුම්පතක් ඇති අතර එය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගිහින්ම ලබා ගත යුතුය. (Internet එකෙන් ඩවුන්ලෝඩ් කිරීම හෝ ග්‍රාමසේවක ගෙන් ලබා ගැනීම වැනි ලේසියෙන් කරගත හැකි දෙයක් නොවේ )
    ඉන්පසු ග්‍රාමසේවක සහ PHI මහත්වරුන් විසින් අපේ හත්මුතු පරම්පරාවේ වත් ගෑවුනු කෙනෙකුටවත් COVID 19 නැති බව කියා සහතිකයක් දිය යුතුය . එය රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට නැවත ගොස් අපිව කවදාවත් දැක නැති ප්‍රාදේශීය ලේකම්තුමාට කියා අත්සන් කරගත යුතුය .
    ගමන දවසක් කල් දමා අමාරුවෙන් හොයාගත් form එකක් අත්සන් කර ගැනීමට ග්‍රාමසේවක සහ PHI තුමන් සොයා ගෙන නිවාඩු නැති අපේ කතාව කියා ගිය විට මේ Form එක ගැන අපි නොදැන සිටීම රාජ අපරාධයක් බව දැනගතිමු.
    .......
    රටේ තොටේ සමහර දේවල් මම නොදැන සිටීම ලැජ්ජාවට කාරණයක් වුවත් , එතුමාත් නොදන්න රටේ තොටේ දේවල් ඇති බවත් එතුමා මේක දන්නේ බොහෝවිට ඒ form එකේ ඔහුට අත්සන් කරන්න තැනක් ඇති නිසා විය හැකි බව ත් ශ්‍රී පාදේ යාමට මගේ තුන් හිතකවත් ඔය නිවුස් අයිටම් එක ගිය දවස්වල තිබුනේ නැත
    ...
    හොඳම එක ඒක නොවේය . අහසෙ තරුත් මුහුදෙ මඩත් අමාරුවෙන් සොයාගෙන අන්තිමේ පිටපත් තුනක් සහිත ඒ අයදුම්පත්‍රය පරිස්සමෙන් රැගෙන මුදුනට කරුණා කළත් ඒක කවුරුවත් බැලුවේ නැතිය . ඇහුවේ වත් නැතිය . ඒ ඇවිත් සිටි වෙන කවුරුවත් එහෙම එකක් ගෙනල්ලා තිබුනේත් නැතිය .
    😃
    😃
    😃
    ඊටත් හපන් social distancing, masks. Hand washing මොනවාවත් පැත්ත පළාතකවත් තිබුනේ නැතිය . (අහස් ගව්ව හරියේදී මළුව පැය එකහමාරක් දෙකක් පමණ වසා සියල්ලෝම සෙන්ටිමීටරයක පරතරයෙන් පැය දෙකක් සිරවී සිටීමට නම් සලස්වන ලදී) .

    fb එකෙන් ඉස්සුවේ



    කොහෙද මෙයාලා හරියට tools පාවිච්චි කරන්නේ නෑ නේ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තනි ෂිංහල ආණ්ඩුව එහෙම තමයි, හොය හොයා ආතල් දෙන්නේ නීති ගරුකව දෙයක් කරන මිනිස්සුන්ට 🤷‍♂️
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Issara kisimaa awulak nathuwa yanna puluwan, corona nisa neethi damma eka dapu system eka balapan, nikan hari corona ekek form eka ganna ප්‍රාදේශීය ලේකම් office ekata yanawa ita passe gramasewaka ( Sirisena newei harida) lagata yanawa, ita passe sripade yanawa. ithin aru corona ekka wate gihin anthimata sripade yanne.

    ita passe ethanadi aruta corona kiyala ganja dilith ge hotel ekata danawa, ona okai system eka, Issara ohoma ne.

    main tool eka thamai api serama ekathu wela dilithwa salli karaya karana eka dammika pererata wada ( dilith ge salli kageda kiyana tool eka ubala hoyanna mahansi wenna epa)