අධික උණුසුම සති දෙකක්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අධික උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි සති 02 ක පමණ කාලයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ දිවයිනට බලපාන අන්තර් මෝසම් සමයන් තුළ මෙවැනි උණුසුම් කාලගුණ තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.

    පොළෛාන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    meheth hena rasnei. workout parak daaddi dadiya sata sata gala wakkerenawa

    hot james mcavoy GIF


    රස්නෙ නම් කමක් නෑ මේක පිච්චෙනවා
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    පොළෛාන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.
    එම්ක තමයි @Emios රම්සෙයි රම්සෙයි කිම්වේ
     
    • Haha
    Reactions: Los pollos hermanos

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    789
    1,234
    93
    කියලා වැඩක් නෑ බන් පුදුම රස්නයක්නේ තියෙන්නේ.. ෆෑන් එකක් දාගත්තත් වැඩක් නෑ එකෙන් හුලං වදින්නෙත් රස්නෙට
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,220
    10,882
    113
    NWP
    මේ දිනවල පවතින අධික උණුසුමට මුහුණ දීමට නම් .......
    නිතර නිතර ජලය පානය කරන්න. වෛද්‍යවරුන් පවසන ආකාරයට විනාඩි 15කට 20කට වරක්වත් වතුර උගුරු දහයක් පමණ පානය කළ යුතුයි.
    තවද සීනි අධික බීම වර්ග පානය කිරීම මේ දිනවල සිරුරට බෙහෙවින් අහිතකර වේ. තවද එළිමහනේ සිටින විට හිස වැසෙන සේ තොප්පි පැලඳීම ද කළ යුතුයි. තවද එළිමහනේ යන විට කුඩයක් භාවිතා කළ යුතු අතර හැකි පමණ එළිමහනේ ගැවසීම ද අවම කර ගැනීමට හැකියාවක් පවතී නම් මේ දිනවල පවතින අධික උණුසුමට ඔබට මුහුණදීමට හැකි වේවි.
    ගමන් බිමන් යාමේදී සහ එළිමහනට යාමේදී ළා පැහැති ඇඳුම් ඇඳිය යුතු අතර අධික රස්නය ඇතිවිට මුහුණේ සහ අත්වල වතුර ගා ගන්නට ද අමතක නොකළ යුතුයි.
    දවසේ වඩාත්ම උෂ්ණත්වය වැඩිවන කාලය වශයෙන් හඳුනාගෙන ඇත්තේ පෙරවරු 11. 00 ත් පස්වරු 3. 30 ත් අතර කාලයයි. එළිමහනේ අදික දහඩිය දමන ව්‍යායාම වල සහ කය වෙහෙසා කරන ක්‍රීඩා වල යෙදීම හැකිතාක් දුරට අඩුකර ගත යුතුයි.
    නිවසේ නිදන කාමර ඇතුළු සියලුම තැන්වලට හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට සැලැස්විය යුතු අතර ඒ සඳහා දොර ජනෙල් නිතරම විවෘතව තබන්න. විදුලි පංකා භාවිතා කරනවානම් පිරිසිදු වාතාශ්‍රය ලැබීම සඳහා ජනෙල් අනිවාර්යෙන්ම විවෘතව තැබිය යුතුයි.