ඇයි බන් පාඩුවට දුන්නට මුන් ලඟ ඕන වෙලාවක බඩු ගන්න දීපු එවුන්ගෙ සල්ලි තියනවානේ, ඕනම දවසක් ගත්තොතින් එදා දවසෙ ඉඳන් ඉස්සරහට සති 3කින් ඩිලිවර් කරන්න ඕන බඩු වලට සල්ලි අතේ තියනවා, ඒවයෙන් තමන්ගෙ වියදම වැඩ කරන අය කඩවල කුලී සේරම ගෙවන්න පුලුවන්, බඩු ඩිලිවර් කරන්න ඕන දවස ආවම, ඒ දවසෙ ආපු සල්ලි අරගෙන අර බඩු අරගෙන ඩිලිවර් කරනවා
දිගින් දිගට ඕඩර් එනවා නම් දිගටම කරන් යන්න පුලුවන්නේ මේක.
මුන්ට අතින් පාඩුවක් නැහැ කිසිම වෙලාවක, මට 30000ක ෆෝන් එකක් 25000ට දුන්නා කියලා හිතමු, ඒ පාඩුව පියවගන්නෙ වෙන එකෙක්ගෙ ඕඩරේකින් එන සල්ලිවලින්, උගෙ පාඩුව පියවගන්නෙ ඊටත් පස්සෙ ඕඩරේ දාන එකෙක්ගෙ සල්ලි වලින්. ඕඩර් එන තාක් කල් ඕක කරන්න පුලුවන්නේ. ඔය ඩිලිවර් කරන්න සති තුනක් ගන්නෙ තියන ඕඩර් ටිකේ පාඩුව පියවන්න ඕන කරන ගාන එහෙම එකතු කරගන්න ඕන නිසා
ඔය අර ඇඩ් බලන අයට සල්ලි දෙන එක, දඬුවම් මුදලාලිලා කරපු එක, එකම බිස්නස් මොඩල් එක යන්නෙ.
ඕක මාස 5-6ක් ඇදගෙන යනවා, ඊට පස්සෙ මොනවා හරි හොඳට විකිනෙන බඩු කීපයක් බලලා ගොඩක්ම අඩුවට ලිස්ට් කරනවා, එතකොට පට්ටම ලොකු ඕඩර් ගානක් මුන්ට එනවා, ලොකු සල්ලියකුත් එනවා (උදාහරනෙකට දැන් තියන 2.50ක විතර ෆෝන් එකක් 1.75ට 2ට වගේ දෙනවා කියනවා) ඕඩර්ස් 1000ක් ආවත් කීයක්ද, සල්ලි ටික අරන් රට පනින්න තියෙන්නෙ, අයිතිකාරය පැන්නට පස්සෙ ඕකෙ වැඩ කරන එවුන් තමයි අනතා වෙන්නෙ මිනිස්සු බඩු ඉල්ලගෙන එනකොට ,අඩුම මාසයක් යනවා මිනිස්සුන්ට අහු උනා කියලා තේරෙන්නත්, මුන් කියලාම තියනවා සති 3-4ක් ඕන කියලා, ඕන එකෙක් තව සතියක් දෙකක් බලනවානේ තව හොයලා බලන්න කලින්
ඇත්තටම ඕකුන්ට ලස්සනට මුල් ටිකේ ඕක කරලා පස්සෙ හරි ගානට විකුන්නත් බිස්නස් එක කරන්න යන්න තිබ්බා,නෝමල් බිස්නස් එකක් යන විදියට, මුන්ව හොඳට ප්‍රොමෝට් වෙලා තිබ්බා