මම එතකොට 9 වසරේ... නුවර ....2015 අවුරුද්ද වෙනකොට රාජපක්ෂ පවුලෙ තාත්තල, පුත්තු එකතු වෙලා කෙලපු පිස්සු දිහා බලල,,
මම අපේ අම්මටයි තාත්තටයි කිවුව මේ පාර චන්දෙ මෛත්‍රීට දෙමු කියල.
තාත්ත ගත් කටටම කිවුවෙ.
"කාට දුන්නත් ඔය බල්ලන්ට දෙන්නෙ නෑ. ඕකුන් ආවොත් උඹලවත් උස්සගෙන ගිහින් ටයර් දායි, ඊටපස්සෙ රටේ ඉතුරු ටික කොටියට විකුණයි"
කියල.
කවුරු මොනව කිවුවත්, ඔය අත්දැකීම ගැන දන්නෙ මූනදීපු මිනිස්සුම තමයි.
මාස 6කට වඩා ලයිට් තිබ්බේ නැහැ... දාන දාන ට්රාන්ස්ෆොර්මරේ තෙල් ඇරලා පුච්චනවා... ලයිට් තිබ්බත් වැඩක් නැහැ... රෑට දාන්න තහනම්. දැම්මොත් දඬුවම මරණය.... එයාලගේ පෙළපාලියට ගියේ නැත්තං මරණය....
උදේ මිඉදුම අතරින් ඉස්ස්කොලේට පයින් යද්දී මිනිස්සු පාර දිගේ බල්ලෝ බළල්ලු වගේ නිර්වස්තරව ඕනේ තරම් මරලා දාල තියෙනවා දැකල තියෙනවා.. ඒවා දැකල දැකලම සාමාන්‍ය දේවල් වුනා... දැන් වෙන දේවල් ඒ කලේ එක්ක බලද්දී මොනවද.....
මෙහෙම කියද්දී උඹලට නම් හිතෙයි හොරර් ෆිල්ම් එකක් කියලා...