88/89 එ් භීෂණකාරි ම්ලේච්ඡ යුගයයි.

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    We ar waiting for u experiences Mr.
    මතක හැටියට ඒ 1985 හෝ 86 විය යුතුයි. අපේ ගෙවල් ළඟම ගෙදරක තමයි මේ පන්ති පැවත් වුනේ.

    මේ පංතියට අපි පස් දෙනෙක් සහභාගී උනා. එතරම් ඉහලට ඉගෙන ගත්තේ නැතිව ගමේම කම්හලක වැඩ කරන, මම හොඳින් දන්නා යාළු කොල්ලෝ තුන් දෙනෙකුත්, අපි නොදන්නා තවත් අයෙකුත්, මමත් එක්ක පස් දෙනයි. මේ කියන යාළුවන් තුන් දෙනාට වඩා මම වයසින් අඩු උනත්, ඔවුන් මා කියන දෙයක් පිළිපදින තරමේ ගෞරවයක්, සැලකීමක් මට තිබුනා. ඒක කිව්වේ මට ලොකු කමක් ගන්න නොවෙයි, මේ කතාවට එය වැදගත් නිසයි.

    මේ නොදන්නා කොල්ලා ඕනෑවටත් වඩා විප්ලවකාරී එකෙක්. හඳුන්වා දීමේ දේශනයේදී වලදී පවා බොහොම ආවේගශීලී වෙන, එහි කියැවෙන දේවල් කිසිම තර්කයකින් තොරව පිළිගන්නා අන්දමේ කෙනෙක්. ඒ නිසා, මම, මගේ ගමේ යාළුවන් තුන්දෙනාට කිව්වේ, මේකා JVP එකෙන්ම අපි ගැන හොයන්න දාපු mole එකක් වෙන්න පුළුවන්. ඒ නිසා එයා ප්‍රශ්න අහපුවාවේ, අපි අපේ පාඩුවේ වැඩි කතාවක් නැතිව දේශන වලට සවන් දෙමු කියලයි.

    හඳුන්වා දීමේ දේශනය කලේත්, ඉතුරු පන්ති වලට දේශකයන් එක්කගෙන ආවෙත් අපේ ගමට අල්ලපු ගමේ 71 ජවිපෙ කරපු කෙනෙක්. මම එයාව අඳුරන්නේ නැති උනාට දවසක් එයා පාරේ යනකොට අම්මට එයාව පෙන්නුවාම අම්මා මට විහිලු කලේ 'අපොයි ඔය xxx (එයාගේ කුලය)ගේ කතා අහන්නද ඔයා යන්නේ' කියලා. ජවිපෙ කියලා දෙයක් ඇති වෙන්නත්, එහි පැවැත්මටත් හේතු වන සාධක අතර "කුළ පීඩනය" , ඒ කියන්නේ කුලයෙන් පහත් නිසා නිසා සමාජ අසාධාරණයට ලක් වීමත් එකක්.

    මොන කුල පීඩනය තිබුනත්, මේගොල්ලන්ගේ කථා පුදුමාකාර විදියට ආකර්ශනීයයි. අදටත්, කාල් මාක්ස්, ෆ්‍රෙඩ්රිච් එංගල්ස්, ව්ලැඩිමීර් ලෙනින්, වගේ පුද්ගලයන්ගේ තොරතුරු, බොල්ෂෙවික් වාදය, මෙන්ෂෙවික් වාදය, සමාජ වාදය කියන්නේ මොනවාද කියලා කෙනෙකුට පැහැදිලි කර දෙන්න තරම් දැනුමක් ඒ දේශනා වලින් ලැබුනා.

    සමාජ අසාධාරණය වැලැක්වීම , ධනය නිසි සේ බෙදී නොයාම වැලැක්වීම, දුප්පත්කම නැති කිරීම, කුල පීඩනය නැති කිරීම වැනි පරමාර්ථ ඉෂ්ඨ කර ගන්න ඒ ගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන දේවල් සහ එය කිසිසේත්ම 1971 වගේ එකක් නොවන බවත් ඒ දේශන වලදී කිව්වා. 87-89 ජවිපෙ නැගී සිටීමට ජේ ආර්, රජීව් ගාන්ධි සමග අත්සන් කල ගිවිසුමත් එක හේතුවක් උනා කිව්වාට, ඒ ගොල්ලෝ මේවා පටන් ගත්තේ ඊට බොහෝ කාලයකට පෙරයි. ඒ ගිවිසුම, අඬන්න ඉන්න කෙනෙකුට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ උනා කීම නම් නිවැරදියි.

    පන්ති පහ අවසානයේ, අපි මේ දැනගත් දේවල් ගැන අපේ අදහස් ඒ ගොල්ලන්ට දන්වන්න කියලා කිව්වා. ඒ සඳහා අපිට යම් කාලයක් (දින කිහිපයක් විය හැකියි) ලබා දුන්නා.

    තව ටිකක් පස්සේ ටයිප් කරන්නම්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    Bump
     
    • Like
    Reactions: NRTG

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    @1sam අනිවා ඉතුරු ටිකක් දාන්න🤩..වයස බැලුවොත් මට අංකල් කෙනෙක් වෙන්නෙ😄
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    තාම තියෙන්නේ ඔය තැටිය විතරද බන්? 😂 ඒ කියන්නේ 88/89 පහු උනාට පස්සේ කියන්න දෙයක් නැද්ද?😁
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තාම තියෙන්නේ ඔය තැටිය විතරද බන්? 😂 ඒ කියන්නේ 88/89 පහු උනාට පස්සේ කියන්න දෙයක් නැද්ද?😁
    චන්ද ලන් වෙනකොට ඔය තැටි කොහොමත් එලියට එනවා.
    බොරැනම් බලපන් චන්දෙ dates දුන්න ගමන් අර නික්ජෝශ් විනාඩි 5න් 5ට ත්‍රෙඩ්ස් දාන හැටි.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    චන්ද ලන් වෙනකොට ඔය තැටි කොහොමත් එලියට එනවා.
    බොරැනම් බලපන් චන්දෙ dates දුන්න ගමන් අර නික්ජෝශ් විනාඩි 5න් 5ට ත්‍රෙඩ්ස් දාන හැටි.
    පොරට නම් ඉතින් ගෙවනවානේ බන්.😁 ගෙවන මිලට සදරනයක් ඉෂ්ට කරන්න ඕනනේ. පොර මේ දවස්වල පොටෝසොප් කරනවා ඇති චන්දෙ ලං උනාම දාන්න 😂
     
    • Haha
    Reactions: u_make_me_sick_

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මෙන්න මේක එකක්. තව එකක් තිබ්බා වෙසක් පෙරහැර දවසේ රෑ. සුද්දෙක්ගේ පරණ කැම් එකකින් රෙකෝඩ් කරලා තිබ්බේ.
    උගේ කතාවෙන් තේරෙනවා මොන තරම් මෝඩයෙක්ද කියලා.
    ගම උදාවේ මූලික අරමුණත් මිනිස්සුන්ට ගෙවල් හදපු එක නෙමේ දාස මුදලාලිව පෝසත් කරන්න ගස් කප්පවලා දැව ගන්න එක.
    දාස මුදලාලි කියන්නෙ සිරිමාවොගෙ පැත්තෙ කෙනෙක් නෙ ?
    මන් හිතන්නෙ නවලොක උන්නැහෙ වෙන්න ඔනි.
    සමහරක් කට කතා තියෙනව ප්‍රෙමදාස නවලොක උන්නැහෙගෙ ගැණිටත් ඇන්නා කියලා (අනෙ මන්දා ඇත්ත නැත්ත )
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    😂😂
    අම්බේ ඔව් හිතලවත් නෑ ... ඊට කලින් කැරැල්ලක් තිබ්බ කියල දන්නවද?

    1971 ජවිපෙ පලවෙනි කැරැල්ල ගැන අහල නැද්ද මේ දරුව :baffled:
    මෙතන කතා කරන්නේ 88/89 ගැනනේ

    ඔබ වැනි රතු කන්නාඩි දාපු අය එක්ක කතා කරල වැඩක් නැහැ. හැත්තැ ගනන් වල ඉදන්ම JVP එක වැඩිපුර කරේ අයුධත් එක්ක අරගල.

    ඔබ වනි අය නිසා මෙකෙ ඉන්න පොඩි අය නොමග යෑම ගැන තමයි කනගාටුව....

    අනෙක, 9 වසරෙදි දෙශපාලනය ගැන වැඩිපුර දැනුමක් නොතිබුනාට ඔබට වඩා දැනුමක් තියෙනවා ...
    ඔබතුමත් මොකක් හරි පාට කණ්නාඩියක් දාගෙනනෙ ඉන්නේ.ඒකනෙ කාගෙන් හරි අහගත්ත දේවල් බලන් හිටිය වගේ කියවන්නේ.හරි හරි මට වඩා දැනුමක් තියෙනව නම් 84ට කලින් ජේවීපී එකෙන් කරපු ඝාතන ගැන විස්තර කරන්නකෝ.එකක් කීව නම් ඇති.හැබැයි 71 ඇදල ගන්න බෑ.මොකද 71 කැරලි කරුවන්ව 78 දි නිදහස් කරා.එතන ඉඳන් ජේවීපී එක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක තමයි හිටියේ.
    ------ Post added on Apr 10, 2021 at 2:25 PM
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන කතා කරන්නේ 88/89 ගැනනේ
    71 හිටපු විජේවීර මැරිල ආයෙත් ඉපදිලා අම්මගෙන් කිරි බීල ඉස්කෝලේ ගිහින් අකුරු කරල දහම් පාසල් ගිහින් සිල් අරගෙන ගුණයහපත් දරුවෙක් විදිහට හැදීගෙන එනකොට නපුරු ආණ්ඩුව උන්දව මර්දනය කරාපු හින්දද ආයෙත් 88 ආයුද ගත්තය කියන්නෙ :baffled:

    එහෙම කෑලි කෑලි කපල හලලා ඉතිහාසේ කියවන්න පුළුවන් නං මොනව කරන්න බැරිද.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    @1sam අනිවා ඉතුරු ටිකක් දාන්න🤩..වයස බැලුවොත් මට අංකල් කෙනෙක් වෙන්නෙ😄
    ඔව්, මේ එළකිරි එකේ ඉන්න බොහොම දෙනෙකුට මම අංකල් කෙනෙක් විය හැකියි. මම 1962 උපන් කෙනෙක්.

    කතාව තව ටිකක් ලියන්නම්.

    පංති පහ අවසානයේ අපේ අදහස මොකක්ද කියලා ඇහුවට, අපිව උගුලකට අහු උනා වගේ හැඟීමක් එන විදියට තමයි එතන කටයුතු සිද්ද උනේ. රහස්‍ය භාවය ගැන, ඒ ගොල්ලන්ගේ කටයුතු වලට විරුද්ධ වීම, පාවාදීම වැනි වචනත් කියවුනා විය හැකියි. අර අපි නොදන්නා එක්කෙනා නම් පන්ති පහ ඉවර වෙන්නත් කලින්ම එයා මේකට එකතු වෙලා වැඩ කරන්න කැමති බව අඟවලා තිබුනා. මාත් එක්ක හිටපු යාළුවො තුන්දෙනාත් මේ කතා වලට වශී වෙලා හිටියාට, ඒගොල්ලෝ මම කියන දෙයකට පිටින් යන්නේ නැති තරමේ හිතවත් කමක් අපි අතර තිබුනා.

    අපේ අදහස අහලා, දින කිහිපයකට පස්සේ අපේ උත්තරය මොකක්ද කියන එක දිනකට දෙකකට වරක් ඇවිත් අපෙන් අහන්න ගත්තා. අපි උත්තරයක් දුන්නේ නැහැ. මගේ අදහස උනේ, මේකට අකමැතියි කියන එක කොහොමවත්ම ඒ තැනැත්තාට කියන්නේ නැතිව, පුළුවන් හැටියකට මග ඇරලා ඉන්න එකයි.

    මම මේ තුන්දෙනාටම අපි වැටුන වල ගැන පැහැදිලි කළා. අපි මේකට එකතු නොවිය යුතු බව මම,හේතු සහිතව ඒ තුන්දෙනාට පැහැදිලි කරලා දුන්නා. ඒගොල්ලෝ මගේ අදහස පිළිගත්තා. ඒ උනාට, "අපි මේකට අකමැතියි, ඒ නිසා අපේ අදහස මේ ව්‍යාපාරයට එකතු නොවී ඉන්නයි" කියා මෙහි සංවිධායකට කීම තවත් කරදර ගොඩකට අත වැනීමක් වෙන්න පුළුවන් කියන එකත් මම ඒගොල්ලන්ට කිව්වා.

    මේකට පිලියමක් හැටියට අපි කලේ මේ පන්ති පවත්වපු පුද්ගලයාව මග හරින එකයි. ඒක මෙහෙම එක වචනෙකින් කිව්වාට එයාට සැක නොහිතෙන විදියට අපි හතර දෙනාම කොහොම හරි ටික කාලයක් වහන් වෙලා හිටියා. මිනිහාටම එපා වෙලා අපි පස්සේ එලවන එක නවත්තන්න ඇති.

    මට කියන්න තියන අවාසනාවන්තම සිද්ධිය මේ කාලයෙන් වසර ගණනාවකට පසුව 1989 පමණ කාලයේ මම දැන ගත් එකක්. අපේ පංති වලට සහභාගී උන, අපි නොහඳුනන සාමාජිකයා වූ "සරත්" ගැන අපි කිසිම තොරතුරක් දැන හිටියේ නැහැ. නමුත්, 89 දී පමණ මා සමග සේවය කල කෙනෙකුගේ ගෙදරකදී සරත් ගේ පින්තුරයක් දැක්කා. ඒ ගැන විමසූ විට, ඒ ඔවුන්ගේ ඥාති සොහොයුරෙකු බවත්, එයා jvp එකට වැඩ කළා කියලා හමුදාවෙන් අරන් ගිය බවත්, මිනිය කොට්ටාවේ තැනක තිබී හමු උන බවත්, එයා අහිංසකයෙකු මිස ජවිපෙ ට කිසිම සම්බන්ධයක් නැති කෙනෙකු බවත් කිව්වා. මම මෙයා ගැන දන්නා දේවල් කිසිවක් කිව්වේ නැහැ. මෙයා ගෙදරට හොරෙන් තමයි හැම දෙයක්ම කරලා තියෙන්නේ.

    මේ භීෂණය ආරම්භ කලේ ජවිපෙ මිසක් ආණ්ඩුව නොවෙයි. ආණ්ඩුව හරියි කියන එක මම එයින් අදහස් කරන්නේ නැහැ. ඊළඟට, හොඳින් හෝ නරකින් භීෂණය අවසාන කලේ මේ මුල් පෝස්ට් එකේ කියැවෙන ප්‍රේමදාස උඩුගම්පොල වාගේ සිල්ලර ඝාතකයෝ නොවෙයි. මේ පෝස්ට් එකේ හෝ රිප්ලයි එකකවත් නම සඳහන් වෙලා තියනවා දැක්කේ නැති, රංජන් විජේරත්න තමයි මේ සියලු ඝාතකයන්ට ආරක්ෂාවත්, අවි ආයුධත්, අනිකුත් පහසුකම් සියල්ලමත් ලබා දීලා ජවිපෙ භීෂණයට ඊටත් දරුණු භීෂණයකින් පිළිතුරු දීලා මේ ප්‍රශ්නය අවසාන කලේ.

    ඒ විතරක් නොවෙයි, "හමුදාවෙන් හා පොලිසියෙන් ඉල්ලා අස් නොවන, හමුදා/පොලිස් නිලධාරීන්ගේ ගේ පවුල් වල සාමාජිකයන් ඝාතනය කිරීම" කියන ක්‍රියාදාමය ජවිපෙ මගින් ආරම්භ කළා යැයි ප්‍රසිද්ධ උනත්, ඒ ඝාතන බොහොමයක් පිටුපස හිටියෙත් රංජන් විජේරත්නයි. ඒ සිද්ධි දාමය මගින් සාමාන්‍ය ජනතාව ජවිපෙට වෛර කරන තත්වයකට පත් කරන්න රන්ජන් විජේරත්න සමත් උනා. (උඩුගම්පොලගේ පවුලේ අයගේ ඝාතන ජවිපෙ මගින් කලත්, සාමාන්‍ය ජනතාව ඒ සම්බන්ධයෙන් හිත යටින් සතුටු උන බව තමයි මම දන්නේ.) නමුත්, ජවිපෙ මර්ධනයට කොහෙත්ම සම්බන්ධයක් නැති හමුදා/පොලිස් නිලධාරීන්ගේ පවුල් ඝාතනය කරන්න ජවිපෙට උවමනාවක් නොතිබුනා වාගේම එයින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඔවුන් නොදැන හිටියා යැයි මම හිතන්නේ නැහැ. මෙයින් ඉතා සුක්ෂම ලෙස ඌරාගෙ මාළු ඌරාගෙ පිටේම තියලා කපන්න රන්ජන් විජේරත්න සමත් උනා. ඒ තමයි ජවිපෙ භීෂණයේ අවසානය.

    මේ වාගේ හිත නරක් වෙන කතා අවසානයේ ටිකක් හිනා යන සිද්ධියක් කියන්නම්.

    කලබල බොහොම උත්සන්න කාලයේ, කඩ සාප්පු වලට පොඩි ලියුම් කෑල්ලක් දීලා, කඩ වහන්න කියලා අණ කරන එක එදිනෙදා සිදුවීමක් තරමට සාමාන්‍ය වෙලා තිබුනා. පන්නිපිටියේ කඩයකට මෙහෙම ලියුමක් දෙන්න ආපු ජේ වී පී කොල්ලෙක්, කඩේ හොය හොයා යනකොට පොලිසියෙන් අල්ලාගෙන තිබුනා. මේ කොල්ලා ටිකක් විතර පිස්සු පොරක්. කන් විදලා, කරාබු දාලා, මාල දාලා, හමුදාවේ පතරොම් මල්ලක් වගේ හචා බෑග් එකකුත් එල්ලාගෙන, පන්නිපිටියේ ඒ මේ අත ඇවිදිනකොට සැක හිතපු පොලිස් කාරයෝ දෙන්නෙක් මේකාව අල්ලා ගෙන ප්‍රශ්න කරලා. "මෙන්න මේ ලියුම කඩේකට දෙන්න යනවා" කියලා කියපු ගමන් මුලින්ම මේකාට තුන හතරක් නෙලලා, ලියුම අරං බලලා.

    ඒ ලියුමේ තිබුනේ එක වාක්‍යයයි. //ආවුද අරං සෙනසුරාදා එනවා, ගෑස් ගෙනැත් තියන්න. -ගුණපාල. // මේක දැකපු ගමන් මේ කොල්ලාට වචනයක් වත් කතා කරන්න නොදී හොඳටම ගහලා. වාසනාවට, මේ සිද්ධිය බලා හිටපු එතන කඩේ මුදලාලිත් මෙතෙන්ට ඔලුව දාලා. කොහොම හරි ඒ මුදලාලි ලියුම දැක්ක ගමන් සිද්ධිය තේරුම් අරං මේ කොල්ලාව බේරාගෙන අපේ ගෙදරට අරන් ආවා.

    සිද්ද වෙලා තියෙන්නේ මේකයි. අපේ වාහනේ ටින්කර් කරපු බාස් ගේ වැඩ හොඳයි කියලා දැකපු මේ මුදලාලි(එයා අපේ තාත්තාගේ යාලුවෙක්), ඒ බාස් ලවා එයාගේ වාහනේ ටින්කර් වැඩ ටික කරවා ගන්න පොරොන්දු කරවාගෙන. ඒකට දිනයක් යොදාගෙන, ගෑස් බෝතල් මුදලාලිගේ ගෙදරට ගෙනත් තියන්න, එදාට බාස් අවශ්‍ය ආවුද අරං වැඩේට එනවා කියන එක තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ඒක පොඩි කොළ කෑල්ලක ලියලා, එයාගේ ගෝලයෙක් අතේ එවලා. බාස් කෙනෙකුගේ ලිපියක් හින්දා වැඩිය ව්‍යාකරණානුකුලව ලියැවිලා නැතිව ඇති. කොහොම උනත්, මේ මුදලාලි, බාස්ට ඇඳුනුම් කම හදාගත්තේ මගෙන් නිසා මේකාව අපේ ගෙදරට අරගෙන ආවා. ඊට පස්සේ අඳුනන දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගිහිල්ලා එකාට ප්‍රතිකාර කරලා ගෙදර ගිහිං බැස්සුවා.

    බැරි වෙලාවත්, ඒ මොහොතේ මුදලාලි ඉදිරිපත් නොවුනා නම්, පහුවෙනිදා පත්තරේ මුල් පිටුවෙම 'දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ ත්‍රස්තවාදියෙකු පන්නිපිටියෙන් අල්ලයි" කියන හෙඩ් ලයින් එකයි, ටයර් එකකට දාලා පුච්චපු මිනියකුයි තමයි ඉතුරු වෙන්නේ!
     
    Oya kaalen passe thamath jepponta wituddawa wancha dushana chodanawakwath ella karaganna naduwak daaganna wage deyak karaganna thama bari une mokak nisa wenna athida?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Oya kaalen passe thamath jepponta wituddawa wancha dushana chodanawakwath ella karaganna naduwak daaganna wage deyak karaganna thama bari une mokak nisa wenna athida?
    ජවිපෙ වංචා දුෂණ කිසිවක් කලේ නැති නිසා!
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    88/89 වගේද රතුපස්වල කොටියන්ට දීපු දිවිල්ල ;-)

    qft0t5w.jpg

    FtaOQrr.jpg

    kOMs1dX.jpg

    pACXHTd.jpg
     
    • Sad
    Reactions: Sasindu Nimsara

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    71 හිටපු විජේවීර මැරිල ආයෙත් ඉපදිලා අම්මගෙන් කිරි බීල ඉස්කෝලේ ගිහින් අකුරු කරල දහම් පාසල් ගිහින් සිල් අරගෙන ගුණයහපත් දරුවෙක් විදිහට හැදීගෙන එනකොට නපුරු ආණ්ඩුව උන්දව මර්දනය කරාපු හින්දද ආයෙත් 88 ආයුද ගත්තය කියන්නෙ :baffled:

    එහෙම කෑලි කෑලි කපල හලලා ඉතිහාසේ කියවන්න පුළුවන් නං මොනව කරන්න බැරිද.
    71 අරගලය කරපු අයව 78 දි නිදහස් කරා ඔයාට වඩා හොඳට ඒ ගැන අධ්‍යයනය කරපු කොමිෂන් සභාවකින්.මිනීමැරුව නම් එහෙම නිදහස් වෙන්නෙ නෑනෙ.71 කැරැල්ල පටන් ගන්න කලින්ම වගේ නැවැත්තුවා.78 ඉඳන් 87 වෙනකම් ජේවීපී එක ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙයි තමන්ගෙ දේශපාලනය කරේ.84 ඉඳන් තමයි පක්ෂය තහනම් කරලා ජේවීපී එකේ අයව මර්දනය පටන් ගත්තෙ.පක්ෂයත් තහනම් කරලා සාමාජිකයො මරන්න ගත්තම විසඳුම් දෙකයි ඉතුරු වෙන්නෙ.එක්කො පක්ෂය විසුරවන්න ඕන.එක්කො මර්දනයට විරුද්ධව සටන් කරන්න ඕන.උන් දෙවනි එක තෝරගත්තා.ඊට පස්සෙ රටේ සිවිල් යුද්ධයක් ඇති උනා.යුද්ධයකදි ලස්සන දේවල් වෙන්නෙ නෑ.දෙගොල්ලො අතින්ම වෙන්න ඕන නැති දේවල් උනා.ඒත් ඒකට හේතුව තමයි ආණ්ඩුව කිසිම හේතුවක් නැතුව පක්ෂය මර්දනය කරපු එක
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මට තාම 21 ..පුදුම හිතෙනව මේ වගේ යුගයක් අපේ රටේ තිබ්බ එක ගැන..දැන් ඉන්න තරුන පරම්පරාව එ කියන්නෙ මගෙ සමවයසෙ වගේ එවුන් ඒ කාලේ ඉදියනම්? ඒ කාලේ කොල්ලො කෙල්ලොන්ට තිබ්බ ගට අපිට ගෑවිලවත් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Oya kaalen passe thamath jepponta wituddawa wancha dushana chodanawakwath ella karaganna naduwak daaganna wage deyak karaganna thama bari une mokak nisa wenna athida?

    ඒක මෙහෙමයි වෙන්නේ බන් ...පිනට දෙන සල්ලි කව්රුත් හොයන්නේ නෑනේ .... මෙහෙම හිතපන්කෝ ....

    රනිල් ස ට විශ්වාසබන්ගයක් ගේනකොට හාමු කියනවා ලපයට, මතකනේ මම බැංකු කඩපු සල්ලි පක්ෂෙට දුන්න ඒ වෙනුවට මොනා හරි කරන්න කියල ... ඉතින් ලපය කල්පනා කරලා තව විශ්වාස බන්ගයක් ගේනවා හාමුව බේරෙන්න ...

    ඒ වැඩ කලේ වංචා කරපු සල්ලි .... 🖖
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    71 දී උනත් 88/89 දී උනත් උතුරේ උනත්, රතුපස්වල උනත් වැඩිම ඝාතන කරේ හමුදාව සහ ආරක්ෂක අංශ තමයි. ඕක නොතේරෙන්නේ ඇයි?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    71 දී උනත් 88/89 දී උනත් උතුරේ උනත්, රතුපස්වල උනත් වැඩිම ඝාතන කරේ හමුදාව සහ ආරක්ෂක අංශ තමයි. ඕක නොතේරෙන්නේ ඇයි?

    රෙන්න තියන පුක දෙන්න එපා කොටියෝ .... ඔහොම ඉන්දින්කෝ ජෙප්පෝන්ගේ අතීතේ ගැන thread ටිකක් දාන්න
     
    • Haha
    Reactions: weer 11

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රෙන්න තියන පුක දෙන්න එපා කොටියෝ .... ඔහොම ඉන්දින්කෝ ජෙප්පෝන්ගේ අතීතේ ගැන thread ටිකක් දාන්න
    'එළියකන්ද වධ කඳවුර' කියන පොතවත් කියවලා වරෙන් අඩු කුලේ පරයා. ත්‍රෙඩ් ටික රෝල් කරලා උබේ අම්මගේ අහච්වල් එකේ ගහගනින්. මට පාන්ද