තවත් මට ඉන්න බෑ.. මා බේරා ගන්න.. ජනාධිපති එක්ක සාකච්චා කරන්න..- රන්ජන් හිරේ සිට හඬා වැටේ…
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම ඉටු කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් ජනාධිපති සමග ඒ ගැන සාකච්චා කරන ලද බව ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.
මෙම ක්‍රියාමාර්ගය ගැනීම සඳහා ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුදෙනා එකග වූ බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත් ඒ සඳහා රංජන් රාමනායක ගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
පසුගියදා විපක්ෂනායකවරයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමාව සිර දඬුවමින් මුදා ගැනීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නයි රංජන් රාමනායක ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
@kasun_kbp kbp මෙන්න වීරයා නාහයෙන් අඩනවා