සිත්තරෙකුගේ කලකිරීම

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    @caltonhp දාලා තිබ්බ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න ගිහින් ඒක දිගට ලියවුනා. ඉතින් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.
    @caltonhp ගෙ ත්‍රෙඩ් එකත් මෙතනින් කියවලම එන්න.

    කැලණි විහාරයේ බුදු මැදුර ප්‍රතිසංස්කරණයට ඒ කාලෙ අනුග්‍රහය දුන්නෙ හෙලේනා විජේවර්ධන මූලිකව විජේවර්ධන පවුල. උපාලි විජේවර්ධන (අර ජෙට් එකේ යද්දි අතුරුදහන් උනේ), රුවන් විජේවර්ධන, රේවත විජේවර්ධන සේරම ඒ පවුලෙ අය (ගොඩක් අය දන්නවනෙ).

    ඒ දවස් වල බුදු මැදුර හදලා ඉවර උනාට පස්සෙ චිත්‍ර අඳින්න කෙනෙක් හොය හොය ඉඳලා තියෙන්නෙ ඩී. සී විජේවර්ධන. මෙයාලා විදේශීය චිත්‍ර ශිල්පියෙක්ට මේ වැඩේ බාර දෙන්න ඉඳලා තියෙන්නෙ (දන්නවනෙ ඉතින් ඒ කාලෙ posh අය ;)). ඔහොම ඉන්නකොට මෙයාට හම්බවෙලා තියෙනවා ඉන්දියාවෙ ශාන්ති නිකේතනයේ හිටපු ආසියාවෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වුනු නන්දලාල් බෝස්ව. එතුමා මලවානෙ පන්සලේ මෙන්ඩිස් මහත්තයා කරපු චිත්‍ර කලින් දැකලා තිබ්බා. ඒ නිසා සෝලියස් මෙන්ඩිස් තමයි මේ වැඩේට සුදුසුම කියලා නන්දලාල් බෝස් විජේවර්ධනලට රෙකමදාරු කලා.

    චිත්‍ර අඳින්න පටන් ගන්න කලින් විජේවර්ධන පවුලෙ අනුග්‍රහයෙන් මෙන්ඩිස් මහත්තයව ඉන්දියාවට යැව්වා අජන්තා, එල්ලෝරා චිත්‍ර ගැන ඉගෙනගෙන එන්න. එහෙම ගිහින් ඇවිත් මෙන්ඩිස් මහත්තයා 1929 කැලණි විහාර ගෙයි චිත්‍ර අඳින්න පටන් ගත්තා. 1947 වෙනකන්ම මෙන්ඩිස් මහත්තයා තනියම චිත්‍ර ඇන්දා. ඒ වෙනකොට වැඩ ඉවර වෙන්න ඔන්න මෙන්න තිබුනෙ. ඒ අතරෙදි තමා හදිස්සියෙම චිත්‍ර අඳින ආම්පන්නත් අරන් සුද්දෙක් කැලණි පන්සලට එන්නෙ.

    ඒ තමයි මේ කියන හිම කඳු පසුබිම ඇඳපු විදේශීය චිත්‍ර ශිල්පියා කාල් කස්මාන් (Karl Kasmann). කස්මාන් එස්තෝනියන් ජාතිකයෙක්. ලංකාවට ආපු විදියක් ගැන සඳහනක් නෑ. කස්මාන් ලංකාවෙදි Dorris Karlenberg කියලා බර්ගර් ජාතික පියානෝ ගුරුවරියක් විවාහ කරගෙන නුවර බින්න බැහැලා හිටියෙ. ඒ දවස් වල නුවර රදළ පවුල් අතර කස්මාන් හරි ජනප්‍රියයිලු කුමාරිහාමිලාගෙ portrait ඇඳපු නිසා.

    කොහොම හරි විජේවර්ධනලා තීරණේ කරලා තිබුණා බුදු පිලිමයට පිටිපස්සෙන් තියෙන පසුබිම් දර්ශනේ අඳින්න කස්මාන්ට බාර දෙන්න. ඉතින් ඒ විදියට මේ එස්තෝනියන් සිත්තරා හිම කඳු සහිත පසුබිම් දර්ශනයක් ඇන්දා. 1929 ඉඳන් 1947 වෙනකන් දහ අට අවුරුද්දක් තිස්සෙ තමුන්ගෙ පින්සල් මිටියෙනුයි, දාඩිය මහන්සියෙනුයි කැලණි විහාරගේ හැඩ කරපු මෙන්ඩිස් මහත්තයා ආම්පන්න ටික කැලණි ගඟට විසි කරලා ආපහු නොඑන්න හිතාගෙන යන්න ගියා.

    කස්මාන් පස්සෙ තවත් ප්‍රසිද්ධ සිත්තරෙක් වෙච්ච ජෝජ් කීට් එක්ක 1950 මහනුවරදි joint exhibition එකක් තියනවා. ඊට කාලෙකට පස්සෙ ජෝජ් කීට් කිව්වලු කස්මාන් වැඩිපුර දක්ශ වුනේ එයා portrait ඇඳපු කුමාරිහාමිලා එක්ක යහන්ගත වෙන්න කියලා. එහෙම තමා ජෝජ් කීට් කස්මාන්ව 'අගය' කරලා තියෙන්නෙ :rolleyes:

    පස්සෙ කාලෙක ජෝන් කොතලාවලගෙ කාලෙ කස්මාන් කියන්නෙ KGB ඔත්තු කාරයෙක් කියලා මාට්ටු වුනු නිසා කස්මාන් ලංකාවෙන් පැනලා ගියාලු.

    IMG-20210513-015305.jpg

    මේ ටික ලිව්වෙ alchemist එකට අජිත් ෆ'නැන්ඩො මහත්මයා ලිව්ව ලිපියක් ඇසුරෙන්.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93

    Bumper
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    We do not know the truth. There are lot of conspiracies, added hence it is not clear what is correct. Like the story of Demordar Arches which was given wide publicity , but the story was wrongly stated in Sinhalese News paper to suit the readers with nationalistic feelings.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,819
    1
    56,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1929 ඉඳන් 1947 වෙනකන් දහ අට අවුරුද්දක් තිස්සෙ තමුන්ගෙ පින්සල් මිටියෙනුයි, දාඩිය මහන්සියෙනුයි කැලණි විහාරගේ හැඩ කරපු මෙන්ඩිස් මහත්තයා ආම්පන්න ටික කැලණි ගඟට විසි කරලා ආපහු නොඑන්න හිතාගෙන යන්න ගියා.
    ඊට පස්සෙ එයාට මොකද උනේ? වෙන කොහෙවත් චිත්‍ර ඇන්දද? නැත්නම් ආගිය අතක් නැති උනාද?
     
    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    @caltonhp දාලා තිබ්බ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න ගිහින් ඒක දිගට ලියවුනා. ඉතින් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.
    @caltonhp ගෙ ත්‍රෙඩ් එකත් මෙතනින් කියවලම එන්න.

    කැලණි විහාරයේ බුදු මැදුර ප්‍රතිසංස්කරණයට ඒ කාලෙ අනුග්‍රහය දුන්නෙ හෙලේනා විජේවර්ධන මූලිකව විජේවර්ධන පවුල. උපාලි විජේවර්ධන (අර ජෙට් එකේ යද්දි අතුරුදහන් උනේ), රුවන් විජේවර්ධන, රේවත විජේවර්ධන සේරම ඒ පවුලෙ අය (ගොඩක් අය දන්නවනෙ).

    ඒ දවස් වල බුදු මැදුර හදලා ඉවර උනාට පස්සෙ චිත්‍ර අඳින්න කෙනෙක් හොය හොය ඉඳලා තියෙන්නෙ ඩී. සී විජේවර්ධන. මෙයාලා විදේශීය චිත්‍ර ශිල්පියෙක්ට මේ වැඩේ බාර දෙන්න ඉඳලා තියෙන්නෙ (දන්නවනෙ ඉතින් ඒ කාලෙ posh අය ;)). ඔහොම ඉන්නකොට මෙයාට හම්බවෙලා තියෙනවා ඉන්දියාවෙ ශාන්ති නිකේතනයේ හිටපු ආසියාවෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වුනු නන්දලාල් බෝස්ව. එතුමා මලවානෙ පන්සලේ මෙන්ඩිස් මහත්තයා කරපු චිත්‍ර කලින් දැකලා තිබ්බා. ඒ නිසා සෝලියස් මෙන්ඩිස් තමයි මේ වැඩේට සුදුසුම කියලා නන්දලාල් බෝස් විජේවර්ධනලට රෙකමදාරු කලා.

    චිත්‍ර අඳින්න පටන් ගන්න කලින් විජේවර්ධන පවුලෙ අනුග්‍රහයෙන් මෙන්ඩිස් මහත්තයව ඉන්දියාවට යැව්වා අජන්තා, එල්ලෝරා චිත්‍ර ගැන ඉගෙනගෙන එන්න. එහෙම ගිහින් ඇවිත් මෙන්ඩිස් මහත්තයා 1929 කැලණි විහාර ගෙයි චිත්‍ර අඳින්න පටන් ගත්තා. 1947 වෙනකන්ම මෙන්ඩිස් මහත්තයා තනියම චිත්‍ර ඇන්දා. ඒ වෙනකොට වැඩ ඉවර වෙන්න ඔන්න මෙන්න තිබුනෙ. ඒ අතරෙදි තමා හදිස්සියෙම චිත්‍ර අඳින ආම්පන්නත් අරන් සුද්දෙක් කැලණි පන්සලට එන්නෙ.

    ඒ තමයි මේ කියන හිම කඳු පසුබිම ඇඳපු විදේශීය චිත්‍ර ශිල්පියා කාල් කස්මාන් (Karl Kasmann). කස්මාන් එස්තෝනියන් ජාතිකයෙක්. ලංකාවට ආපු විදියක් ගැන සඳහනක් නෑ. කස්මාන් ලංකාවෙදි Dorris Karlenberg කියලා බර්ගර් ජාතික පියානෝ ගුරුවරියක් විවාහ කරගෙන නුවර බින්න බැහැලා හිටියෙ. ඒ දවස් වල නුවර රදළ පවුල් අතර කස්මාන් හරි ජනප්‍රියයිලු කුමාරිහාමිලාගෙ portrait ඇඳපු නිසා.

    කොහොම හරි විජේවර්ධනලා තීරණේ කරලා තිබුණා බුදු පිලිමයට පිටිපස්සෙන් තියෙන පසුබිම් දර්ශනේ අඳින්න කස්මාන්ට බාර දෙන්න. ඉතින් ඒ විදියට මේ එස්තෝනියන් සිත්තරා හිම කඳු සහිත පසුබිම් දර්ශනයක් ඇන්දා. 1929 ඉඳන් 1947 වෙනකන් දහ අට අවුරුද්දක් තිස්සෙ තමුන්ගෙ පින්සල් මිටියෙනුයි, දාඩිය මහන්සියෙනුයි කැලණි විහාරගේ හැඩ කරපු මෙන්ඩිස් මහත්තයා ආම්පන්න ටික කැලණි ගඟට විසි කරලා ආපහු නොඑන්න හිතාගෙන යන්න ගියා.

    කස්මාන් පස්සෙ තවත් ප්‍රසිද්ධ සිත්තරෙක් වෙච්ච ජෝජ් කීට් එක්ක 1950 මහනුවරදි joint exhibition එකක් තියනවා. ඊට කාලෙකට පස්සෙ ජෝජ් කීට් කිව්වලු කස්මාන් වැඩිපුර දක්ශ වුනේ එයා portrait ඇඳපු කුමාරිහාමිලා එක්ක යහන්ගත වෙන්න කියලා. එහෙම තමා ජෝජ් කීට් කස්මාන්ව 'අගය' කරලා තියෙන්නෙ :rolleyes:

    පස්සෙ කාලෙක ජෝන් කොතලාවලගෙ කාලෙ කස්මාන් කියන්නෙ KGB ඔත්තු කාරයෙක් කියලා මාට්ටු වුනු නිසා කස්මාන් ලංකාවෙන් පැනලා ගියාලු.

    IMG-20210513-015305.jpg

    මේ ටික ලිව්වෙ alchemist එකට අජිත් ෆ'නැන්ඩො මහත්මයා ලිව්ව ලිපියක් ඇසුරෙන්.
    වටිනව බ්‍රෝ
    Bump
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඊට පස්සෙ එයාට මොකද උනේ? වෙන කොහෙවත් චිත්‍ර ඇන්දද? නැත්නම් ආගිය අතක් නැති උනාද?
    එතුමා එතුමගෙ ගමට ගිහින් ජීවත් උනා. caltonhp ගෙ ත්‍රෙඩ් එකේ ඒ විස්තරේ තියෙනවා. මං උඩ ලින්ක් එකත් දාලා ඇති ඒකත් බලන්න.

    කතාවක් අහලා තියෙනවා මේ සිදුවීමට පස්සෙ මෙන්ඩිස් මහත්තයා එකම එක පොඩි පන්සලක චිත්‍ර ඇන්දා කියලා. ඒත් හරියට confirmed විස්තරයක් දන්නෙ නෑ මේකට කලින් ඇන්දද පස්සෙ ඇන්දද කියලා. තව ටිකක් හොයලා බලන්න ඕනෙ ඒ ගැන.
     
    Last edited: