ලෝකයටම බලාපොරොත්තුවක්… 99.9%ක් කොරෝනා නසන ඔසුවක් සොයාගනී…

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63

    ලෝකයටම බලාපොරොත්තුවක්… 99.9%ක් කොරෝනා නසන ඔසුවක් සොයාගනී…

    May 20, 2021 at 10:40 am | lanka C news

    ලොවපුරා සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබන කොරෝනා වෛරසයයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන් ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සීයයට 99.9ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

    දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන බව ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවයි එම විද්‍යාඥයින් විශ්වාසය පළකර සිටින්නේ.

    එන්නතක් මගින් සිරුරට ඇතුලත් කරනු ලබන ප්‍රතිවෛරසය “තාපය පසු පස හඹා යන මිසයිලයක්” ලෙස පෙනහළු වල තැන්පතත්ව ඇති කොරෝනා වෛරස් අංශු සොයා ගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

    ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි Griffith සරසවියේ මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවෛරසය නිපදවා තිබෙනවා. එන්නතක් මගින් ලබා දෙන මෙම ප්‍රතිවෛරසය ක්‍රියාත්මක වන්නේ 1990 දශකයේදී ඕස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද gene-silencing නම් වෛද්‍ය තාක්‍ෂණය ඔස්සේ.

    පෙනහළු තුළ ඇති කොවිඩ් වෛරසය සොයා ගෙන ගොස් එය අඩපණ කිරීමේ හැකියාවක් ඇති RNA අණු (Ribonucleic_Acid) මෙම ප්‍රතිවෛරසය සඳහා යොදා ගනු ලැබේ.

    කොවිඩ් වෛරසය ආසාදනය වී දැඩිසේ අසාධ්‍ය වන පුද්ගලයින් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කිරිමට බලාපොරොත්තු වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

    නව ප්‍රතිකාර ක්‍රමවේදය 2023 වර්ෂය වන විට රෝගීන් සඳහා දියත් කිරිමට බලාපොරොත්තුවන බව පවසන මහාචාර්ය නයිජල් මැකලමින් කොවිඩ් වෛරසයෙන් සිදුවන මරණ අනුපාතය අඩු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවට විශ්වසය පලකර සිටිනවා.
     
    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43

    2023 වෙනකොට ඉතුරු වෙලා ඉඳීද?