මෙයා කවුද charitha attalage

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙහෙමයි මාත් ඇහැව්වා උගෙ සින්දු .
    අතලගෙ එක්ක මගෙ පෞද්ගලික අමනාපයක් නැහැ .
    ඌ මට වඩා සංගීතෙ ගැන දන්න එකෙක්.

    කුවෙනි මන් ඇහැව්වා ආසාවෙන්.
    ආයෙ මොටද බොරු කියන්නෙ.
    ඒත් දැන් මට ඒක සෙට් වෙන්නෙ නැහැ .
    කුවෙනි ආපුම කාලෙ තමා මන් එහෙම ඇහැවෙ.
    එත් සවුන්ඩ්ස් වල කෘතිම ගතිය තෙරෙනවා බන් .

    පස්සෙ මන් ඇහැව්වා නාඩගම් ගීතය.
    ඔව් එකෙ බීට් එකට වඩා මන් පැහැදුනෙ ලිරික්ස් වලට සහ එහි තෙරුමට .
    එත් ටික කාලයයි .

    අතලගෙ කියන්නෙ 2000 න් පස්සෙ උන්ගෙ ඉරාජ් කියලා කිව්වොත් මන් නිවැරදි එක අතකට.

    (ඔව් 2000 ට කලින් ඉඳිය උඹලා අපි වගෙ උනුත් උගෙ සින්දු ඇහැව්වා තමා )

    ඉරාජ් ගෙ සමහරක් සින්දුත් අපෙ අම්මලාගෙ වයසෙ අයත් ඇහැව්වා.
    අම්මලාට ඒක සින්දුවක් විතරයි එත් අපිට ඒක කල්ට් එකක් උනා.
    මතක ඇතිනෙ ඉරාජ් ගැන අපෙ කාලෙ උන්ට තිබ්බ පිස්සුව?
    ඒත් වයසත් එක්ක පරිණත් වෙද්දි තෙරෙනවා ඉරාජ්ගෙ සමහරක් සින්දු හෙනම බොලඳයි .
    සමහරක් එව්වයෙ බීට් එක කෘතිමය් ගතිය තෙරෙනවා.
    අතීතකාමී මානසිකත්වයක් තියෙන වෙලාවට ඔන්න් අහනවා ඒ කාලෙ මතක් වෙන්න .
    ඒත් ඒක නෙමෙ නෙ රසවිඳිනවා කියන්නෙ .

    එදා දුක්ගන්නාරාළ -ඉරාජ් සංකලනය
    අද තලංගම-අතලගෙ.

    රැල්ල ටික කාලයයි.

    සමහරක් විට මේ දේ මට වයසෙ හැටියට කලින් තෙරුම් ගියා වෙන්න පුළුවන් සමහරක් අයට සාපෙක්ෂව.
    එක රාමුවකට කොටු වෙන්න එපා බන්.....මමනන් ග්‍රැමෆෝන්වල ඉඳන් දැන් වෙනකන් තියෙන ගොඩක් සින්දු රසවිඳිනවා :yes:
    උඹ සරල ගී වලට කැමතියි කියලා අනිත් ඒවා පහත් කරලා කතා කරන්න එපා :no:
    කසුන් කල්හාර තමයි ඒ කාලේ ඉඳන්ම මගේ හිතට තදින්ම වැදුනු සංගීතවේදියා අදටත් එහෙමයි :love2:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    කසුන් කල්හාර තමයි ඒ කාලේ ඉඳන්ම මගේ හිතට තදින්ම වැදුනු සංගීතවේදියා අදටත් එහෙමයි

    ඒකට නම් අවිවාදයෙන් මාත් එකඟයි!!
     
    • Love
    Reactions: ncpasan

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මන් කියන්න හදන්න වික්ටර් ,නන්දා ,සුනිල් පොරවල්ය ,ඉරාජ් අතලගෙ චොරය කියන එක නෙමෙ.
    ලොකු කරලා තියෙන කොටසට දෙයක් එක්කහු කරන්නම් .
    ඔව් ඒක ඇත්ත.
    ඒ ඒ වෙලාවෙ මූඩ් එක අනුව ෆීලින්ං එක අනුව තමා අපි ගීත අහන්නෙ.
    අපි හිතමු ජිම් එකක වර්ක් අවුට් කරනවා කියලා .
    එතකොට "අමරදේවගෙ නිම් හිම් සෙව්වා මා සසරෙ අහලා කිසි කික් එකක් නැහැ නේ?

    අපි හිතමු හොඳ ජවය තියෙන රොක් සිංදුවක් අහන ගමන් වර්ක් අවුට් කරනවා කියලා .
    අන්න එතකොට ඒ වෙලාවෙ හැටියට සෙට් වෙනවා.

    අපි හිතමු උඹ බොන්න සෙට් වෙනවා කියලා යාළුවො එක්ක .
    අන්න ඒ වෙලාවට රැප් සිංදු සෙට් වෙන්නෙ නැහැ නේ වැඩිය.
    එක්කො සික්ස් එයිය්ට් බීට් එකට නටන එක තමා හොඳම .

    උඹ තනියම ඩ්‍රින්ක් එකක් දාලා ඉන්නවා කියමු ?
    අන්න එතකොට මනො පාරකට හරියන සිංදු තමා සෙට් වෙන්නෙ .

    එව්වා මචං හැඟීම සහ අවස්ථාව මත පදනම් වෙලා අහන සිංදු .


    ඒත් ගීතයක රසය කියන්න වෙනම කතාවක් .
    රසය කියන දේත් පුද්ගල සාපේක්ෂයි... එක එක අයට ඒක දැනෙන විදිය අනුව වෙනස් වෙනවා. උඹට රස දෙයක් තව කෙනෙක්ට ඇඹුල් වෙන්න පුළුවන්. සමහර විට උඹට අද රස දේ හෙට රස නොවෙන්නත් පුළුවන්. මේ සිංදු වුණත් එහෙමයි. ටෙලිනාට්‍ය, චිත්‍රපට, නැටුම්, ගැයුම්, වැයුම්, කෑම බීම, හැමදේම එහෙමයි බං.
     
    • Like
    Reactions: meeka and ncpasan

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Music වල කෘතිම electronic ගතියක් නැද්ද කියපන් අවංකවම? මටනම් සෙට් නෑ ඔක්කොම එකම style.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mamath asai porage song ahanna. illumination podcast ekatat porawa genaala program 1 kara matakai
     
    • Like
    Reactions: meeka

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සොයා ආවා තමා පීක් එක දැනට. අනිත් ඒව එහෙම ලොකුවට ඇහෙන්නෙ නෑ.

    සොයා ආවා මියුසික්, සින්දුව කියන එකා, මියුසික් වීඩියො එක ඔක්කොම මාරයි.
     
    • Love
    Reactions: ncpasan