තුරැණු ශක්ති එකේ අන්තිම සින්දුව කියන එක පොඩි කාලේ මන් බැලුවා තාමත් මතකයි 99 මන්දා
3/4 වසරේ ද කොහෙද මම එතකොට
තුරුණු ශක්ති වලින් පටන් අරන් අද වෙනකොට ක්ලැසිකල් මියුසික් පැතෙන් ගොඩක් ඉස්සරහින් ඉන්න දක්ශ නිහතමානී ගායිකවක් ශශිකා කියන්නේ. The Voice Sri Lanka තරඟාවලියේ කෝච් කෙනෙක් විදිහට තෝරාගෙන තිබ්බම ගොඩාක් අය ඒක ගැන විවිධ අදහස් ඉදිරිපත් කරා. ඒ සේරටම ශශිකා තමන් සතුව තියේන දැනුම බෙදාගැනීමෙන් සහ Battle rounds එකේදී ශශිකාගේ මග පෙන්වීමෙන් කණ්ඩායමේ කට්ටිය පෙන්නපු දක්ශතා වලින් පිලිතුරු දුන්නා.
watch onwards 4.14
මේක Voice Globle එකටත් ගියා
මම නම් ඉතාම කැමති සංයෝගයක් තමයි කසුන් සහ ශශිකා කියන්නේ. දෙදෙනාම එකම වයසේ.
කසුන් විසින් ශශිකට තනු නිර්මාණය කරල දුන්න මේ සින්දු දෙකත් මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු දෙකක්.
කසුන් සංගීතවත් කරපු මෙම ගීතය යමුනා මාලිනියන් විසින් ලියල තියෙන්නේ අගනුවර බාලිකා විද්‍යාලයක සිසුවියක් කියපු සත්‍ය සිදුවීමක් ඇසුරෙන්.
KASUN KALHARA THE MAN UPTO NOW
කසුන් කල්හාර කියන්නේ අපේ කාලයේ සංගීතඥයා. ඒ තරම් ගායන තාක්ශණය අතින් ඉහල සහ singing and pitching perfect කෙනෙක් මම දැකලා නෑ. ගායනය වගේම ඔහු අතින් නිර්මාණය වෙච්ච තනු නිර්මාණද ඉතාමත් ලස්සනයි. ඒවගේ අමුතුම මිහිරක් තියේන්නේ. මාලිනි බුලත්සිංහයන්ගේ සහ H.M. ජයවර්ධනයන්ගේම දක්ශතා එකතුවක්.